Friday, December 30, 2011

ගැහැනියට කියන තවත් නම්.....

අද ගැහැනිය ගැන තිකක් කතා කරන්න අදහස් කලා මොකද ගැහැනිය කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි ජාතියක් නිසා. මුලින්ම මෙහෙම පටන් ගමුකෝ ...
මාර දූතිකාව කියන නම ගෑනු උදවියට දාලා තියෙන්නේ මාරයාට පිරීමියා ලoකරන්න දෙන දායකත්වය ගැන හිතලා වෙන්න ඇති තරමක සැර ගෑනු උදවියට තමයි ඔය ඉතින් හොද  මාර දුවනියක් තමයි කියලා කියන්නේ. ගෑනු උදවියට කියන තවත් නමක් තමයි නියගලා මල මොකද කලා රසේ උපරිමයට නියගලා මලේ තිබුනත් මලා නේද කෑවොත් නියගලා අලේ. එතකොට ගැහැනිය කොච්චර සුන්දර උනත් වහ කෑමක් හා සමානයි ගැහැනියක සමග දීග කෑම කියලා තමයි අපේ පැරැන්නෝ කියන්නේ. සමහරු කියනවා වැටෙන් එහා මල් පදුර කියලා ගෑනුන්ට, හැබැයි වැටෙන් එහා මල් කඩන්න බැරුව දගලන කොල්ලෝ ඕන තරම් ඉන්නවා. නාරිලතා කියන්නේ ගෑනු අයගේ හැඩේ තියන මලක් ඉතින් අපේ මුතුන් මිත්තෝ කොල්ලා කාලේ ගැහැනියට නාරිලතා මල කියන්නත් අමතක කලේ නෑ ... පස්සෙන් පහුවටනේ ඉතින් නාරිලතාලා ලෙන්චිනා උනේ. ගෑහැනුන්ට කියන තවත් නමත් තමයි මෝහිනී කියන්නේ දකින්න අකමැති අයට තමයි ඉතින් මෝහිනී කියන්නේ , අර මෝහිනී අදත් ඇවිල්ලනේ වගේ... ඒ ගැහැනිය මෝහිනීගෙන් පෝෂනයවූ හැටියි.
.නාස් ලනුව කියන නමත් ගෑනුන්ට දාන්න අපේ අය අමතක කරලා නෑ ඒ ඉතින් අහින්සක කොල්ලෙක්ව දැලේ දා ගත්තහමනේ.. පවු අනේ අර කොල්ලට අරකි නාස් ලනුව දාගෙන කියලා තමයි ඉතින් ඒ වෙලාවට අපේ අය්යලා කියන්නේ මේ ඒ වගේ තව නම් කීපයක්
ගෙඩිය
වෙලබ
කෑල්ල
ගිනි කිකිලී
පුරුෂ නාෂකය
නාස් ලනුව
ටැප් එක
විනීත කෝමලී
ජාතක රත්නය
සුරබි දෙන
ලාලනී
කදුලු විජිතය
ටියුබ් ලයිටි ,යට වැසියා
සොදුරු මරන්නී
සOසලා
මරුවා සමග වාසේ
ගින්දරී
සුන්දරී
අම්බරේ රම්බරී
සුන්දර ගින්දරී
මේවා වැඩිය විස්තර කරන්න ගියොත් ගුනේ අය්යට ගමේ ඉන්න වෙන්නේ නෑ ගෑනුන්ගෙන්..... 
ලබන්නාවූ වසර සැමට සුබ වසරක්...

ගුනේ අය්යා

ප්‍රතිරෝදය..යාන්ත්‍රනය ...ප්‍රජාතන්ත්‍රවාදී රාමුව...


රජය කියන ඒකකය සමන්විත වෙලා තියෙන්නේ පුද්ගලයන් සමූහයකින්නේ, ඉතින් බහුතරයගේ මනස ක්‍රියාත්මක වෙන ආකාරයට තීන්දු තීරන ගන්න මේ පිරිස කටයුතු කරනවා සරලව කිව්වොත් රජයේ ක්‍රියාමාර්ග කියන්නේ එක දේෂපාලන අරමුනක් ක්‍රියාත්මක කරන්න බැදී සිටින පිරිසකගේ එකමුතුවක්, මෙතනදි අදාල දේෂපාලන අරමුන ක්‍රියාන්මක කරද්දි ඒක රටට හොදද නරකද? කියන කාරනය තීරනය කරන්නේ ඒකට බලපෑම කරන්නේ විපක්ෂය කියන යාන්ත්‍රනය. මේක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල අත්තනෝමතික වීම වැලැක් වීමට යොදාගන්නා සOවරන හා තුලන (CHECK & BALANCE) කිරීමේ එක්තරා ක්‍රමයක් ඉතින් අපි අවබෝද කරගත යුතු කාරනය තමයි ප්‍රබල විපක්ෂයක් කියන්නේ රාජ්‍ය යාන්ත්‍රනය අත්තනෝමතික වීමට තියන ප්‍රබල ප්‍රතිරෝදයක් එම නිසා ප්‍රභල විපක්ෂයක පැවැත්ම රටක සOවර්දනයේ සාධනීය ලක්ෂනයක්....

Friday, December 23, 2011

අපි ලොකු පන්තියක ටිකට් අරගෙන පොඩි පන්තියක ගියාම අය්යලාට කහනවද?


අපේ ලපා පහුගිය දවසක එනවා නේද අපේ ගෙදර මූට යන්න ඔනෑ කියලා ක්‍රිස්මස් බලන්න කියලා ඉතින් බලන්නකෝ ඒකෙත් හැටි වෙන උන් ජොඩු දාලා කෙල්ලත් එක්ක ක්‍රිස්මස් බලනවා අපිට මේ රැවුල වවා ගත්ත ගෝන තඩියෙක් එක්ක ක්‍රිස්මස් බලන්න යන්න වෙලා ඉතින් අපි ජනතාවගේ වාහනය වන කෝච්චියට නැග්ගා හරිම සාධාරන අපි ටිකටුත් ගන්න අමතක කලේ නෑ නැග්ගා කෝච්චියට අප්පා හරිම සීතලයි ඒසී වල හිටපු අපිට මේ සීතල දරන්න බෑ නේද? ගුනේ අය්යා ලපා දිහා බලලා කිව්වේ නෑ හිතුවා දැන් දාඩිය බේරෙනවා ඒ මදිවට කෙල්ලෝ ඇවිත් ජැක් ගහනවා චී ලැජ්ජයි මුන්ගේ අහවල් එක කපන්න ඕනේ ටිකකින් තවත් සෙට් එකක් නැග්ගා කෝච්චියට දැන් ඉතින් සැමන් අනේ අය්යා මගේ අත කෝ මගේ කලිසම, කෝ මගේ දිය රෙද්ද, මගේ සපත්තු දෙක අරූ දා ගෙන, වගේ කතා ගොඩක් ඇහුනා  ගුනේ අය්යගෙත් අත වෙන එකෙක් අරන් වගේ තේරුනා. ඉතින් මේ කරදරෙනුත් බේරෙන්න එපැයි එහා පෙටිටියේ හිස් දෙතුන් දෙනයි ඉන්නේ ඉතින් ලපයි ගුනේ ගියා එහා පෙට්ටියට අනේ සීටුත් තියනවා ඉදගෙන පොඩි මනෝ පාරකුත් ගහගෙන යනවා. ටිකට්..ටිකට් කියාගෙන බාප්පලා දෙතුන් දෙනෙක් පැන්නා නේද අපේ පෙට්ටියට අපිත් ඉතින් සුපුරුදු විදියට බය නොවී වැඩ්ඩෝ වගේ දුන්නා ටිකට් දෙක මල්ලි මේ පලවෙනි පන්තිය ඔයගොල්ලෝ අරන් තියෙන්නේ තුන්වෙනි පන්තියේ ටිකට්නේ දඩය 750/= කරුනිකව බාප්පලා කිව්වා ... .අය්යා අපිට බලපෑම් කරන්න එපා අපි ටිකට් අරගෙන තියෙන්නේ. ඉතින් අපි තුන්වෙනි පන්තියේනේ අපි ලොකු පන්තියක ටිකට් අරගෙන පොඩි පන්තියක ගියාම අය්යලාට කහනවද? ගුනේ අය්යා කිව්වා නෙමේ කියවුනා (ඇත්තනේ කතාව මොකාට බය වෙන්නද ). පිස්සු කෙලින් නැතිව දඩේ ගෙවනවා අනේ රු 750/= හේ දෙකක් බාප්පලා කට්ටියට හැපි ක්‍රිස්මස් කියලා ලපයි ගුනේයි ගෙදර ගියා ................හැමෝටම හැපි ක්‍රිස්මස් ඈ.................

Wednesday, December 21, 2011

ආදරය කරන ඔබට විශේෂ කරුනු නවයක්.............

කෙල්ලෙක් කියන්නේ උපතින්ම තමන් ගැන විතරක් හිතන සන්තෝස කරන්න බැරි ජාතියක්නේ ඉතින් එයලට ආදරය කිරීමත් හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් ඉතින් අද අපි කෙල්ලෙකුට ආදරය කිරීමේදී සැලකිය යුතු විශේෂ කරුනු කීපයක් අපි සලකා බලමු..

01. ආදරය කියන්නේ දෙදෙනෙකු අතර ඇතිවන බැදීම. මේ බැදීමට එක එක ජාතියේ හෙනහුරෝ ඉන්නවා. එකෙක් තමයි හොදම යාලුවා තමුන්ගේ හොදම යාලුවා තමයි ආදරයේ පලමු වැනිම හෙනහුරා වෙන්නේ මෙකද ආදර වන්තයන්ගේ නිදහසට වැඩියෙන්ම බාදා කරන්නේ හොදම යහලුවා හා යෙහෙලිය නිසා එමනිසා ආදරයෙදි මේ මල යක්කු ඈත් කරන්න අමතක කරන්න එපා.

02. සමහරු පුරුදු වෙලා ඉන්නවා තමන්ගේ ආදරය ලොවට සගවන්න නියෝජිතයකු පත් කර ගන්න. සමහර වෙලාවට ඒ කෙල්ලගේ මල්ලි, අල්ලපු ගෙදර අක්කා වුනත් වෙන්න පුලුවන් ඉතින් ආදර සම්බන්දයක් ඇති කර දීමේදී මේ කපුකම කරන ඈයන් වැදගත් වෙනවා. නමුත් මේ කපුකම කරන මල්ලි නOගි අක්කම පස්සේ ආදර‍යට ලොකු බාදාවක් වෙන්න පුලුවන් එමනිසා ඔවුන්ව හලන්න අමතක කරන්න එපා..

03. ඔබට ඔබේ ආදරය රැක ගැනීමට අවෂ්‍ය නම් මුලින්ම පෙම්වතියගේ අය්යව අල්ල ගන්න පෙම්වතියගේ විවාහ වී නොමැති අක්කලා සිටීනම්  හිතවත් කර ගැනීම ඔබගේ ඇගට ඉතාමත් ගුනදායක බව සලකන්න.

04. පෙම්වතා හෝ පෙම්වතියගේ දෙමවුපියන් සමග කටයුතු කලයුතු ආකාරය ආදරයේදී ඉතාම වැදගත් මොකද ඔබේ දෙවන දෙමව්පියෝ වෙන්නේ එයාලා ඒක හින්දා පොඩි මොත්තයක් දාගෙන වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. නැත්තම් ලොකුම ලොකු බෝල එන්නේ ඒගොල්ලන්ගෙන්ම තම්යි.

05. අනික් වැදගත්ම කාරනය තම්යි තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය ඇය හෝ ඔහු තමයි වැඩියෙන්ම තමුන්ගේ ජීවිතයට බලපෑම් කල හැකි කෙනා ඉතින් එයාව සතුටු කරන්න සැදී පැහැදී සිටීම අවශ්‍යයි.. හැමදාම තමුන් කෑවත් නැතත් තම පෙම්වතියට හෝ පෙම්වතාට කෑවද කියලා අහන එක හොද මානසික බැදීමකට කෑම වැදගත්. 

06. හොද්දක රස වැඩි වෙන්න ලුනු ඇබුල් පදමට වැටෙන්න ඕන ඒවගේම ආදරය වැඩි වෙන්න ටිකක රන්ඩු වෙන්නත් ඕනේ ඉතින් මාසෙකට වතාවක්වත් දෙන්න හොදට ලුනු ඇබුල් ඇතුව බැන ගන්න.. කෙහෙවලු පටල ගැනීමත් ආදරය වැඩි වෙන්න ඉතාම වැදගත් කාරනයක් එම නිසා පෙම්වතාව සැක කරන්න ඔහුට බනින්න පෙම්වතාට මල පැන්නේ නැත්තම් තවත් ඔබට ආදරය කරාවි...  

07. මේ කාරනය වැදගත් වැස්සේ ආදරය කරද්දි, මොකද ඇක්ටි ඔප් ගෝඩි විදියට නාකපන, මොර සූරන, සිහින් පොද වැසි වැටෙන්න පුලුවන් මේක ආදර‍යට ආශිර්වාදයක් ඉතින් ඒදවස් වලට කුඩ පාවිච්චි කරලා ඒ සොමිය නැති කර ගන්න හදන්න එපා. එදාට දෙන්නටම එක කුඩයක් තිබුනාම හොදටෝම ඇති. තෙමෙන් නැතුව යන්න
08. මේක පෙම්වතියගේ අම්මා ගැන ප්‍රේමයකදී ඉතාම සීරුමාරුවට කටයුතු කල කෙනෙක් තමයි පෙම්වතියගේ අම්මා. එම නිසා මවුතුමිය ප්‍රවේෂමෙන් කටයුතු කල යුතු බව සලකන්න මක්නිසාදයත් පෙම්වතිය සහකාරිය කිරීමට මවගේ දායකත්වය උපරිමයෙන්ම තිබෙන නිසා...

09. අන්තිම උපදේෂය තමයි මේක කොටින්ම කියනවා නම් ආදරය කියන්නේ ජOජාලයක් ඒක නිසා මේ ජOජාලයට පැටලෙන්නේ නැතුව ශේප් එකේ ඉන්න බලන එක තමයි වැදගත්ම කාරනය මොකද මේ කිසිම බැදීමක් නෑ ඔය බැදීම නැත්නම්..........තූ......විතරක්

Thursday, December 15, 2011

පරමාධිප්‍ය බලය...බවුමික අකන්ඩතාව හා ජිල් බෝල...


දේෂපාලනය කියන්නේ දේෂය ගලා යායුතු ආකාරය පිලිබද තීන්දු තීරන ගන්න ක්‍රමවේදය කිව්වොත් මම නිවැරදියි. ඉතින් මේ ක්‍රමවේදය අත්තනෝමතික නොවන්න ජනතාවගේ ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරන යන ජනතාවගේ පරමාධිප්‍ය බලය පාවිච්චි කල යුතු ආකාරය පිලිබදව කටු සටහනක් සකස් කරන්නෙත් දේෂපාලකයෝමයි. මේකට කියන්නේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා. ඉතින් මේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පොඩි හිඩසක් අල්ලගෙන දේෂපාලකයෝ තමුන්ගේ අරමුන ඉටුකර ගන්න එකයි සාමාන්‍ය සම්ප්‍රධාය. පිල්මාරුවත් මේ දේෂපාලනයේ තියන එක්තරා ජුගුප්සාජනක සිදුවීමක් මෙතනදි තමුන්ගේ දේෂපාලන දර්ෂනය කුමක්ද කියන කරුන තමයි වැදගත් විය යුත්තේ වරදාන වරප්‍රසාද බලාගෙන පිල්මාරුව කවුරු හරි දේෂපාලකයෙක් කරනවා නම් එතන ප්‍රෂ්නයක් තියනවා. අනිත් කාරනය තමයි තමුන්ගේ දේෂපාලනය කියන්නේ තමුන්ගේ රට වෙනුවෙන් කලයුතු යහපත් කාර් ය භාරය කියන කාරනය යන්න දේෂපාලකයින් අවබෝද කර ගත යුතුයි. ඉතින් මහජනයා විදියට මේ කාරනයෙදි අපේ වගකීමක් තියනවා. ඒ තමයි වඩා හොද කාර් ය ශුර යහපත් දේෂපාලකයන් පත්කර ගැනීම. යහපත්වූ දේෂයක් සදහා තීරනය ඔබට බාරයි.

පලල වියත් දිග දෙවියත් නැකති මලේ හොදට වියත්...


ඔන්න අලුත්ම කතාවක් අපේ රටේ කුරුනෑගල පැත්තේ බුවෙක් ගැන දැනට අවුරුදු 50-60 විතර ඉස්සර ගම්බාර දෙයියන්ට බාර දෙකක්ම තියපු පොරක් ගැන තමයි කතාව. මේ බුවා මහත්තයක් හෙනම කුකුලා කුකුලා කියන්නේ ඉතින් කුකුලාටනේ මෙයාට ගෑනු ලමයෙක් තියා වැලක වනලා තියන අබුඩ ලේන්සුවක් පේන්න බෑ. ඒ තරම්ම දරුනුයි කුපාඩිකම සියලු අOගයන්ගෙන්ම බේරෙනවා. මේක හොද හැටි වටහා ගත්ත මේ බුවාගේ මෑනියෝ අහල පහල ගෑනූ උදවිය බේර ගන්නත් එක්ක මෙයාට ගෙනාවා හිරයක් හිරයක් කිව්වේ ලස්සන කෙල්ලෙක් හරිය. ගෙදර වැඩපල කිසිම දෙයක් දන්නේ නැති බූරු දෙනකට මේකත් කර ගැහුවා ගොO අලියා වගේ ඉතින් ටික කලක් ගියා ලමයි නෑ. මේ බුවාට ලම්යිත් හදන්න ඕනේ. ඉතින් ගෙනාවා තව බිරියක් මවගේ විරෝදය නොතකා මේ ගෑනු එක්කෙනා ලස්සන නෑ හැබැයි වැඩකරු හැම වැඩේම තිතට උයන පිහින ගෙවල් දොරවල් වල වැඩ සියලු වැඩ කිඩ දාලා කරනවා විතරක් නෙමේ අවුරුදු පහට ලම්යි පහකුත් හැදුවා. පේනවා නේද දක්ෂකම හැබැයි ගෙදර නිතර දෙවේලේ රන්ඩු මොකද මොන ගෑනු දෙන්නද ඉතින් එකට තියන්න පුලුවන් නේද? මොකක් හරි කෙහෙ වල්ලක් පටලවා ගෙන රන්ඩු.... අපේ බුවාට මේක ඉවසන්න බැරුව කල්පනා කලා කොරන්ට ඕන උපා‍ය.. බුවා ගමනක් යනවා කියලා ගෑනු දෙන්නටම වැඩ පැවරුවා මේ අතර හේන් කෙටීම, දර පැලීම, ගෙදර දොර වැඩ හා රෙදි විවීම පවා ඇතුලත්  ඇතුලත් ඉතින් ගෑනු දෙන්න වැඩ බාර ගත්තා පලමු වෙනි ගෑනු එක්කෙනා කුබුරට යනවා වැඩ බෙදාගෙන ( අද මෙතන කරනවා, හෙට මෙතන කරනවා, අනිද්දා මෙතන කියලා) නමුත් වැඩ කරන්නේ නෑ. නමුත් දෙවෙනි ගෑනු කෙනා උදේ නැගිටලා ලමයින්ට කවලා පොවලා කුබුරට යනවා. හැම දේම පිලිවලට කරලා රැට රෙදි වියනවා කොහොම හරි අපේ කතා නායකයත් මාසෙකට විතර පස්සේ ගෙදර ආවා දැන් තමයි ගේම ගෑනු දෙන්නාගේ වැඩ බැලුවා අපේ පුරුශ බුවා ලකුනු දානවා. පලමු බිරිය මුකුත්ම කරලා නෑ. දෙවන බිරිය හොදට වැඩ කරලා. දැන් ඇදුම් මහන වෙලාව නැකති කියන්නේ ඇදුම් මහන කෙනාට මෙයා ගෙදරට ආවා පලමු බිරිය දැන් වියපු රෙදි දෙනවා ලොකු බබාට මේක මහන්න, මද්දුමයට මේක මහන්න, පොඩි බබාට මේක මහන්න කියලා මහත්තයට මේක මහන්න කියලා නැකති මලයත් හොදට ඇදුම් බර ගත්තා.. දැන් මාර වැඩේ පලමු ගෑනු එක්කෙනාට දෙන්න වියපු රෙද්දක් නෑ පටස් ගාලා පොඩි රෙදි කෑල්ලක් වියලා දුන්නා මෙහෙම කියලා

පලල වියත් දිග දෙවියත් නැකති මලේ හොදට වියත්...

තේරුම
පලල වියතයි, දිග දෙවියතයි, ඇදුම් මහන මල්ලියේ හොදට මහපන් කියලා

කොහොම කොහොම හරි මෙ නැකති මලයත් රෙදි මහලා ගෙනාවා. දෙවන ගෑනු එක්කෙනට රෙදි මල්ලයි. පලමු ගෑනු එක්කෙනාට පොඩි රෙදි කෑල්ලක් ලෙන්සුවකින් බාගයක් විතර ඉතින් අපේ බුවත් මේ කතාව තේරුම් අරගෙන පලමු බිරිය එලෙව්වලු ගෙදරින් අර පොඩි රෙදි කෑල්ල අලවලා..... කොහොමද ටිකිරි මොලේ...  

Tuesday, December 13, 2011

කෙල්ලන් ගැන කොල්ලන් දැන ගත යුතු කරුනු 18 ක්....

 
1. ගමනක් යන්න ලෑස්ති වෙනකොට කෙල්ලන්ට අඳින්න හරියන ඇඳුමක් නෑ. රැක් පිටින්, අල්මාරි පිටින් ගොඩගහලා තියෙන ඇඳුම් ගැන අහන්න එපා කෙල්ලගෙන්. එහෙම ඇහුවොත් කියාවි ඔයාට ඕව තේරෙන්නේ නෑ කියලා 

2. කෙල්ලෝ අඬන්න හරිම දක්ෂයි, ඒ වුණාට එයාල අඬන්නෙ කවුරුහරි එයාල අඬන බව අහගෙන ඉන්නවා නම් විතරයි, තනියම ඉන්නවා නම් කෙල්ලෝ අඬන්නේ නෑ 

3. කෙල්ලෝ කෘමියන්ට බයයි, චණ්ඩිම කෙල්ලෙක්ට වුනත් මකුළුවෙක් හරි කැරපොත්තෙක් හරි ආවාහම කොල්ලෙක්ව ඕනේ වෙනවා ඌව පන්නාගන්න

4. කෙල්ලෝ toilet යන්නෙත් කණ්ඩායම් විදියට. එහෙම කරන්නේ ඒක ඇතුලෙදිත් එයාලට කයිවාරු ගහන්න පුළුවන් නිසා. කොල්ලෝ කවදාවත් කියන්නේ නෑනෙ "මචං අපි දෙන්නා toilet ගිහින් එන්න යමුද ?" කියලා

5. ජීවිතේට දැකලාවත් නැති කෙල්ලෝ දෙන්නෙක් toilet එකට ගියාම ඒ දෙන්නෙ ජීවිත කාලෙම දන්න යාලුවෝ දෙන්නෙක් වගේ එළියට එන්න ඉඩ තියෙනවා. ඒ කෙල්ලන්ගේ හැටි 

6. කෙල්ලන්ට තේරෙන්නේ නෑ කොල්ලෝ සෙල්ලම් බඩුවලට කැමති ඇයි කියලා, ඒ වුණත් කෙල්ලෝ දන්නේ නෑ කෙල්ලන්ට on/off ස්විච් එකක් තිබ්බනම් කොල්ලන්ට සෙල්ලම් බඩු ඕනේ නෑ කියලා

7. කෙල්ලෝ ෂැම්පූ ජාති තුනක්වත් සහ කන්ඩිෂනර් ජාති 2ක් විතර නාන්න ගියහම පාවිච්චි කරනවා, කෙල්ලෙක් නාල ඉවර වුනාට පස්සෙ බාත් රූම් එක පුරාම ඝර්ම කලාපීය වැසි වනාන්තරයක් වගේ සුවඳ ගහනවා, ඇයි ඉතින් ගාන ඔක්කොම දේවල් හර්බල් නේ

8. සාමාන්‍යයෙන් කෙල්ලන්ට පඩි ගෙවන්නේ කොල්ලන්ට වඩා අඩුවෙන්, ඒ වුණත් ඒක් තැනකදී ඒක වෙනස් වෙනවා, ඒකට තමයි මොඩ්ලින්ග් කියන්නේ

9. කෙල්ලෝ පූසන්ට ආදරෙයි, කොල්ලොත් ඉතින් කෙල්ලෝ ඉන්න තැන්වල කියනවා එයාලත් පූසන්ට ආදරෙයි කියලා, ඒ වුණාට කෙල්ලෝ නැති වෙලාවට කොල්ලෝ පූසන්ට ගහන්නේ පයින් 

10. කෙල්ලෝ ෆෝන් එකෙන් කතාකරන්න මාර ආසයි, ඇත්තටම ඒක එයාලගෙ සහජ හැකියාවක්. යාළුවෙක්ගෙ ගෙදර සති දෙකක් නැවතිලා ඉඳලා ගෙදර ආවගමන් වුනත් ඒ යාලුවා එක්ක ෆෝන් එකෙන් පැය තුනක් කතාකරන්න දේවල් කෙල්ලෙක්ට තියෙනවා

11. කෙල්ලෙක්ට කඩේ යන්න, ගස් වලට වතුර දාන්න, ගේ අතුගාන්න, ෆෝන් එකට ආන්සර් කරන්න, පොතක් කියවන්න, ඊ මේල් බලන්න කලින් ඒ ඒ වැඩේ සඳහා සුදුසු ඇඳුමක් ඇඳගන්න ඕනා. කොල්ලන්ට නම් ඔය ඕන එකක් කරන්න ඇඳුමක් විතරයි ඕනා

12. කෙටි පාරක ගිහින් අතරමං වෙයි කියන බයට කෙල්ලෙක් හැතැම්ම ගාණක රවුමක් ගහන්න වුනත් සූදානම්

13. කෙල්ලෙක්ට මැප් එකක් කියවන්න බැහැ මැප් එක තමන් මුහුණලා ඉන්න පැත්තට හරවගන්නේ නැතුව

14. කෙල්ලෝ හැමතිස්සෙම හිතන්නේ තමුන් හරිම මහතයි කියලා, කෙට්ටුම කෙල්ලෙක් වුනත් පුලුවන්නම් බර අඩුකරගන්න වේට්ස් කරාවි

15. කෙල්ලෝ කොල්ලෝ එක්ක සමතැන ගන්න කතා කරනවා, ඒවුණට පුදුම වැඩේ කියන්නේ අල්මාරියෙන් බාගයක් කොල්ලට දෙන්න, පාරට කුණුගෙනිහින් දාන්න, බුස් එකෙ ෆූට්බෝඩ් එකෙ යන්න වගේ අවස්ථාවලදි විතරක් එයාලට සමතැන එපාලුනේ.

16. ගමනක් යන්න ලැහැස්ති වෙනකොට කෙල්ලො ලෑස්තිවෙන්න පැය ගාණක් ගන්නවා, කොහොම හරි අන්තිමට ලෑස්තිවෙලා අදාල තැනට ගියාට පස්සෙ කරන්නේ අනික් කෙල්ලන්ගෙ ඇදයක් හොයන්න පරීක්ෂාවෙන් බලන් ඉන්න එක.

17. කෙල්ලෝ කොච්චර වෙන කොල්ලෝ දිහා හොරෙන් බැලුවත් කොල්ලට මීටර් වෙන්නෙ නෑ, ඒ වුනාට බොහොම කලාතුරකින් හරි කොල්ලා වෙන කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා කෙල්ලට අහුවෙනවාමයි.

18. කෙල්ලෙක්ට තැනකට ගියාම වෙන්න පුලුවන් චාටර්ම වැඩේ තමුන් ඇඳන් ඉන්න ඇඳුමම තව කෙල්ලෙක් ඇඳන් ඉන්න එකයි, කොල්ලන්ට ඕකේ ගාණක් නෑ, ඔයාල කවදාවත් අහලා නෑනේ කොල්ලෙක් කියනවා, "අයියෝ අන්න අරූ මගෙ ජාතියෙම ඩෙනිමක් ඇඳලා, මට නම් බෑ තවත් මෙතන ඉන්න කියල කියනවා " 

මෙය ගුනේ අය්යාගේ නිර්මානයක් නොව උපුටා ගැනීමක් බව පාථකයෝ කරුනාවෙන් සලකත්වා....

Wednesday, November 30, 2011

බිම්බරක් වගේ ...... බරක්......... පටවි, ආපෝ, තේජෝ,............ වායෝ

 
විෂ්වයේ මූල පදාර්ත විද්‍යානුකූල විවරනයක යෙදෙනවා නම් ඝන, ද්‍රව, වායු ලෙස බෙදා දැක්විය හැක. ඒවා මූල ද්‍රව්‍ය ලෙස හැදින්වෙන අතර විෂ්වයේ පැවැත්මක් ඇති නැති සියල්ලම මේ මූල ද්‍රව්‍ය නැතහොත් මූලික ද්‍රව්‍ය වලින් නිර්මාපක බව විද්‍යාක්නයන්ගේ මතයයි. එය හුදු ඇස, කන, නාසය, දිව, ශරීරය යන පOච ඉන්දිරියන්ට ගෝචර වන්නාවූ සීමාවේ සිට කරන ලද්දක් බව අපට පැහැදිලිය. නමුත් අප පරමාර්ථ සත්‍ය ලෙස සලකා බලන විට මේ සියලු දෑ පටවි, ආපෝ, තේජෝ, වායෝ යන පදාර්ථ සතර එක්වී නිර්මානය වී ඇති බව පැහැදිලිය.

පට්වි    - තද ගතිය
ආපෝ - ද්‍රව ගතිය
තේජෝ- උනුසුම් සීතල ගතිය
වායෝ  - වායුමය ස්වබාවය

මෙලෙස පදාර්ත සතර එකතුවී මේ සරුසාර මිනිසා හෝ නිස්සාර මිනිසා බිහිවී ඇත. වින්නානය( මහා අද්‍යාත්මය ) මේ මූල දර්මයන් හා ගැටීමෙන් මිනිසා ක්‍රියාශිලී වී ඇත. යම් දිනක මේවා නිරුද්ධ වීමෙන් මිනිසා මරනයට පත්වූ බව අපට හැගෙන අතර අප පුද්ගලයා මිය ගියා යන සත්‍ය පිලිගන්නා නමුත් මූල පදාර්ථයන් මූල පදාර්ථයන් හා එක්වීම එකවර හදුනා නොගනී. මේ අවිද්‍යාව නැතිනම් මුලාව කරන කොට ගෙන ඇති වන්නාවු තත්වයකි. එනම් ඇත්ත ඇති සැටියෙන් දැකීමට අප තුල පවත්නා නොකමැත්ත හෝ අවිද්‍යාව යන්න මාගේ හැගීමයි.


සරල ලෙස පවසනවා නම් මේ කය අපගේ ආත්මාථකාමී අවශ්‍යතාවයක් සදහා ස්වභාව දර්මයා ඇති කල දෙයක් නොවන බවත් එය සමාජයේ යහපත උදෙසා යෙදවිය යුතු යානාවක් බව අපට පැහැදිලි කර ගත යුතු බව මාගේ හැගීමයි. ඒ මේ මිනිසා මහා නිර්මානය ස්වභාව දර්මයා බිහිකල හේතුව ඉටු කිරීමට මිනිසා බැදී සීටී. ඒ ලොවම සුන්දර කරන සුන්දර මිනිසකු ලෙස ජීවත් වීමයි.


ප.ළි:- ජීවිතයේ ශුනයතාවය පාඨකයෝ වටහා ගනිත්වා. කුසලට නොපමා වෙත්වා... ඔබට තෙරුවන් සරන

Sunday, November 27, 2011

කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට...




ඔන්න දැන් තමයි වාදෙ..
 
 
 
කවියා:
දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
රතු කැටයක් වගෙයි හරියට කහවත්ත
කිවිඳිය:
උපමා කියයි දම දම බොරු හිනාව
මට තේරුණා අමරෙගෙ උවමනාව
වයසට ගියත් ඉස්තිරි වර්ණනාව
හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව

කවියා:
අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි
කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි
දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි
මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු නිසයි
කිවිඳිය:
රණ හංසයින් පෙන්නා ළැම මත පීනූ
අමරේ කවි ලියයි උපමා අඩු නූනූ
වරලස සිකි පිළලු හඳ වාගෙලු මූණූ
කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ ගෑණූ
කවියා:
කන් පෙති සිනිඳු අරලිය මල් පෙතිය ඇගේ
පස්සා පැත්ත හරියට පුන් කළස වගේ
සුව දෙන මෙට්ටෙකට දෙවෙනිද සිරුර ඇගේ
දුටුවා එවැනි එකියක මගෙ තරුණ යුගේ
කිවිඳිය:
කැත එකියකට බොරු උපමා හරි ගස්සා
ඔල්මාදයෙන් දොඩවයි මේ කවි පිස්සා
පුන් කළසකට සමවේ නම් පිටි පස්සා
පාරේ ගියේ කොහොමද ඇය අඩි උස්සා
කවියා:
කුඹුකේ ළිඳෙන් දිය නා ගෙන අසල වෙලේ
තාලෙට කළය රඳවාගෙන උකුලු තලේ
සුවඳට ඇගේ මල් පිපුණා අසල කැලේ
අප වැනියන්ට පමණකි එය දකින මොලේ
කිවිඳිය:
අමරේ ගැහැණු ගැන මෙහි බොරු සිහින දකී
කවි යයි කියා පවසන්නෙම බොළඳ වැකී
සතියක් යන්න පෙර මංගල නැකත මැකී
වෙන මිනිහෙකුට බහ දුන්නලු ගෙදර එකී

කවියා:
කවි පද වලට කොතැනකවත් නෑ මෙල්ල
ඔබ හින්දයි ගියේ වෙනතක කෙල්ල
මට පෙම් පිපාසය - හරියට පෑවිල්ල
නංගියෙ, චූට්ටක් දෙනවද නා දල්ල?
කිවිඳිය:
අප වැනි ගැහැණු දුටු දුටු තැන කෙළ ගිල්ල
වැටහෙයි නාකි අමරෙගෙ බොරු දැඟලිල්ල
දැන්නම් මගෙත් නැතිවෙනවා ඉවසිල්ල
නා දළු නොවෙයි අරගන්නෙමි දොර පොල්ල
කවියා:
කවියට කොතැන මුත් ඇත්තේ බාදකය
බැලුවම ගැහැණු වන මල් මෙන් ළාමකය
දැමුවට පසු ඇයට උපමා රූපකය
ඔලුවට එන හැඩයි දොර පොලු මාරකය
කිවිඳිය:
උපමා උපමේය දම දම පුරාණේ
එන්නෙම ළඟට මුල'සුනටත් හොරානේ
ඉන්නෙත් තවම අකලට දිරවලානේ
මට මොනවටද මේ වයසක පරානේ
කවියා:
සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවද මොකක්
නෙත යොමු කරනු පරිසරයට අවට ටිකක්
සිහිනිඟ මිටින් අරගත හැක නැතුව සැකක්
කහවත්තෙදිත් දැකගත්තෙමි එහෙම එකක්
කිවිඳිය:
හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
සක්කරවට්ටමක් යනකොට නළවාලා
ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා
මුලාසනය:
හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!

ප.ලි:-
මෙම නිර්මානයේ අයිතිකරු ගුනේ අය්යා නොවන බව පාථකයෝ කරුනාවෙන් සලකත්වා උපුටා ගැනීමකි..

Monday, November 7, 2011

කපු මහතාගේ පැරිෂුට් තාක්ෂනය.....


මේක පැරිෂුටයෙන් බැස්ස කපු රාල කෙනෙක් පිලිබද ඉල ඇදෙන ආතල් කතාවක් වුර්තියෙන් කපු මහතෙක් උනාට කතාවෙන් විසිරී පැතිරී තියන මහා බුද්ධිමය ප්‍රභාව වෙලාවකට රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඒ තරමට උගත් පොර නොදන්න දෙයක් නෑ හරියට මහදැන මුත්තගේ ආච්චිගේ මල්ලිගේ මුනුබුරා වගේ..පොර ජීවිකාව විධියට කලේ කපුකම කාටහරි නූලක් මතුරලා, සුරයක් එහෙම ලියලා, පොඩි වෂියක්, චූටි ගුරුකමක් කරලා මෙතුමා හරි සාදාරන විධියට ජීවත් උනා, කාගෙන් හරි කොල්ලකාලා. අපේ ආගිය කතා තියලා මේ කපු පඩියගේ කතාව අහමුකෝ ....
ඒ දවස්වල කටුනායක ආශ්‍රිතව පැරිෂුට් අබ්‍යාසයක නිරත උනා අපේ පයිලට් ඈයන් ටිකක් ඒ දවස් වල පැරිෂුටි ලඔකාවට හදුන්වා දුන්න මුල් යුගය. පැරිෂුට් පුහුනු වන උදවියත් ඉතින් උඩ පිනුම්, යට පිනුම්, බඩ පිනුම්,බඩ යට පිනුම් ගහලා මේකේ උජාරුව පෙන්නුවා. ඉතින් මේ බඩ පිනුම් පරිශීලනය කරපු අපේ කපු උන්නැහෙත් දෙපාරක් හිතුවේ නෑ තීරනය කලා පැරිෂුට් එකක් හදන්න දන්න බුද්ධිමය ප්‍රභාව බාවිතා කරලා හැදුවා පැරිෂුට් එකක්. හැදුවට වැඩක් නෑනේ මේක වැඩ කරනවද කියලා බලන්නත් එපැයි පොර නැග්ගා කොස් ගහකට මේ පැරිෂුටයත් කෙස් ගහට වැඩද බලන්න දෙබලකට පය තියලා පැන්නා පහලට තමුන්ගේ පැරිෂුට් යන්තරෙත් ඉහලගෙන අත් හදා බැලීම සාර්ථකයි ගමේ උදවියට ඇහිලා තියනවා බුදු අම්මෝ මගේ කොන්ද..... කියනවා හනේ කපු උන්නැහේ පෙරේතයා පොලවෙ ගැහුවා වගේ මහී කාන්තාව සිපගෙන උර්දවපතනය වෙලාලු.
හොයලා බලනකොට මේ යකා පැනලා තියෙන්නේ ලොකු හාමුදුරුවන්ගේ කුඩේ ඉහලගෙන අනේ පවු පොරගේ ඉල ඇට සෙට් එක කුඩේ කුඩු. ඉතින් අපේ කපු මහතට මාස 6 ක් 7 ක් තෙල් සාත්තු කරන්න උනාලු. බැක් බොන්ඩි එක යතා තත්වයට පත් කර ගන්න...
මේ ගැන දැනුම් තේරුම් තියන අපේ අය්යලා මෙයාට කියන්නේ පැරිෂුට්........... කියලා තමයි. ඉතින් ඒ වෙලාවට කොල්ලන්ගේ ජාතක කථා නිදාන කථා  සියල්ල මතක් කරන්න පැරිෂුට් කපු උන්නැහෙත් අමතක කරන්නේ නෑ............... 

Friday, November 4, 2011

තමුන්ගෙ රියල් කවි සිත ඔකේෂනලි ඇප්ලයි කරලා තියනවා


මේක කතාව අපේ ජනකවියෙන්ගේ සීන් කෝන් එකක් ජනකවියා ජනකවිය ප්‍රායෝගිකව ඇප්ලයි කරපු විදිය මේ පොයම්ස් වලින් මොනවට පැහැදිලි වෙනවා. ඒ කාලේ හිටපු අපේ රියල් ජනකවියෝ තමාට දැනෙන දුක වේදනාව තරහා විතරක් නෙමේ කාන්සිය මහන්සිය දිහාත් බලල තමුන්ගෙ රියල් කවි සිත ඔකේෂනලි ඇප්ලයි කරලා තියනවා..

මේ අපේ ගමේ ගොඩෙ කිරින්දේ අප්පුහාමි මාමා කරපු රියල් ගේම් එකක් තමයි අද කතාකරන ස්ටෝරි එකට හේතු බූත වෙලා තියෙන්නේ. දැනට වසර 50 කට ඉතර එහා පැත්තේ ආදායම් පාලක කියලා පොසිෂන් එකක් තිබිලා තීයනවා. මේ පොසිෂන් එකේ ඩියුටි එකක් තමයි. හාල් පොත අප්ඩේට් කරන එක.

ඉතින් දන්නවා ඇතිනේ කූප්‍රකට කවියෙක් හිටිය විමල රත්න කුමාරගේ කියලා මෙතුමගේ ජොබ් එකත් රජයේ ආදායම් පාලක නිලධාරි, කවිය අවිය කරගෙන ජීවත් වුන මෙතුමා රියල් වින්දනීය ජීවිතයක් ගත කලා කියලා තමයි. තතු දත්තෝ කියන ඉන්පොමේෂන් වලින් ගුනේ අය්යට හිතෙන්නේ.

ඉතින් මෙතුමා රජරට පලාතේ ඩියුටි කර කර ඉන්න කොට කිරින්දේ අප්පුහාමි කියන අපේ අoකල්ට ඕන උනා මේ හාල් පෙත හදා  ගන්න අප්පුහාමි මාමාත් ලිවුවා ලෙටර් එකක් දන්න ගරු ගාම්බීර වරුනා ඔක්කොම දාල මගේ හාල් පොත හදලා දෙන්ඩෝ කියාලා... අනේ කෝ ඉතින් විමල රත්න කුමාර ගම්ගේ මහත්තයානම් දුන්නේ නෑ රිප්ලයි එකක් මොකෝ කරන්නේ තරහ කරගන්න යෑ.... ආදායම් පාලක නිලධාරි තුමාව අප්පුහාමි මාමා ලිවුවා කවියෙන් මෙහෙම

 දහතුන හත පනස් අට දින දරන මගේ

ලිපියට නියම යුතුකම් කල නිසා හිගේ

මැතිනියනි තවත් කරදර මට නොකර දිගේ

බැතියෙනි හාල්පොත එව්වොත් බොහොම අගේ

 

වැරදීමක් වීම මිනිසා සතු සිරිත

ඉවසීමක් කෙරුම දෙවි ගතියකි නියත

වැරදීමක් වුනොත් කීමෙන් පලක් නැත

තෙරපීමක් නොකර එව්වොත් හොදයි පොත

 

Oගොඩ ගොසින් මනසට වෙදකම් ගන්ඩ

ඉන් සුව වෙලා ආවත් නැත සැනසෙන්ඩ

පිO අඩි වලට මනි හිග වී පොත ගන්ඩ

ඉන් මට උනේ කුසගින්නේ කොදුරන්ඩ

 

පතරා මැතිදු උබ මගෙ ලිපි නිසරු කොට

එතරා කරනවද උබේ කුනු කූඩයට

කුමරා උනත් වෙරි මත පිට නොකර රට

පමා කොකර පොත එව්වොත් හොදයි මට


කොහොම කොහොම හරි අප්පුහාමි මාමා හාල් පොත හදාගෙන තියනවා කවිකමට පින්සිද්ද වෙන්න

මහ චපල ජාතියක් චායා..............සමහරු සමහරුන්ගේ වන්දි බට්ටයෝ වෙනවා අවස්ථාව බලලා...

ජෝතිෂ්‍ය කියන්නේ අවු: 4000 පමන පෙර අරාබි කරයේ බිහි වුන විද්‍යාවක් විදියට අපට වැදගත් වෙනවා ඉතින් අදට ඒක ඇප්ලයි වෙන විදිහ දිහා ගොඩක් ගෙනෙක් ඔලුව දාලා බලන්නේ ඒකට තියන ඉන්ටරස්ට් එක නිසානේ. ඉතින් විද්‍යාවක් විදියට මේ ජෝත්ෂ්‍යත් ලෝකෙට එන්ටර් උනේ අපේ ඉර්ෂි වරුන්ට පින්සිද්ද වෙන්න එදා ඉදලා අද දක්වාම ජෝතිෂ්‍ය විද්‍යාවත් කලස් පෙන්නගෙන වැජබෙන්න ඒ ගැන ඉතිරී පැතිරී තියන අන්ඩස්ටෑන්ඩ් එකක් තිබුන පොරවල් දායක උනා කිව්වොත් මම නිවැරදියි...
රවි, බුද, චන්ද්‍ර යනාදී ග්‍රහ තරු වල චලිතය ඉතරක් නොවේ රාහු, කේතු කියන චායා ග්‍රහයනුත් මේ  වැඩ සටහනට එන්ටර් වෙලා උදාවූ රාෂිය නැකත අනුව පලාපල වෙනස් වෙනවා..... ඒක තමයි සරලව පලාපල කියන ක්‍රමය අනිත් කාරනය තමයි ඔය ග්‍රහයෝ කියන්න්නේ මහ චපල ජාතියක් සමහරු එක එකත් එක්ක තරහයි සමහරු සමහරුන්ගේ වන්දි බට්ටයෝ වෙනවා අවස්ථාව බලලා...
මේ විද්යාව හදාරද්දී තවත් කතා කරනවා නම් ආකාෂ වස්තු වල චලනයක් පවතී වේගය අඩු වැඩි වේ එම නිසා නිස්චිත කාලයක් මැනිය නොහැක මා දන්නා පරිදි සෙනසුරු රවුමක් යන්න වසර 29 1/2 පමන ගතවේ නමුත් මෙය නියතයක් නොවේ. අප කොලබ සිට ගාල්ලට ගමන් කරනවා යයි සිතන්න.... එවිට එකම කාලයට දින කීපයක් ගමන් කල හැකිද? කාලය වෙනස්වේ. එබැවින් පලාපලද වෙනස් විය යුතුය මගේ මතය එයයි... මා දන්නා පරිදි ගනනය කල නොහැකි ප්‍රායෝගික තත්වයන් මේ විද්යාව තුල පවතී. ටවද ආකාෂයෙත් ටැරැපික් තියනවා... ග්‍රහයෝ වක්‍ර වෙනවා (ඒකියන්නේ සාමාන්‍ය ඉලිප්සාකාර මාර්ගයෙම යන්නේ නෑ පොඩ්ඩක් පිට පොට පනිනවා....පාරිසරික සාදක බලපානවා ග්‍රාහක වැටෙනවා.... සමහර වෙලාවට ග්‍රහ තරු විනාෂත් වෙනවා.. එතකොට...ඔවත් ජෝතිස්යේ තියනවා හොයාගෙන තියෙන්නේ ඉර්ෂි වරු නමුත් ඒගොල්ලෝ නොසලකා හැරපු දේවල් තියනවා. ඒවා ප්‍රබල උනොත් පලාපලේ වෙනස් වෙනවා සමහර ජොතිස්ස මුදලාලිලා මේවා නොදැන හදහන් විකුනනවා. කොහොමත් කොම්පි‍යුටර‍යට හොදට පලාපල කියන්න බෑ... එකට හොදට හිතන්න බැරි නිසා. ග්‍රාහක කඩා වැටිලා වෙන හානිය ගැන ග්‍රහ තරු වල පරිමිතිය විෂ්කම්බයේ වෙනස් වීමි සලකා බලලා නෑ කොටින්ම කියනවා නම් අපේ ක්ශීර පතයේ කොතනද කියන ස්ථානය බලලා නෑ සඔවට්ට විවට්ට කල්ප බලලා නෑ කොහොම හරි දිගු කාලයකට පස්සේ ජෝතිෂ්‍ය බොරු වෙන එක වලක් වන්න බෑ පරන ගනිත කර්මයන් වෙනස් නොවුනොත් කාලයෙ තාලයට...අනිත් එක තමයි මගේ අදහසට අනුව ගනිත කර්මත් අප්ඩේට් වෙන්න ඕන... මෙකද ග්‍රහ තරු අපෙන් එන්න එන්න ඈත් වෙනවා මොකද විස්වය එක තැනක හෙල්ලෙන් නැතුව තියෙන්නේ නෑ විස්තාරනය වෙනවා බැලුමක් පුම්බන කොට වගේ. කාලයක් පිම්බෙනවා කාලයක් හැකිලෙනවා මහා පිපුරුම කියන්නේ (ඕකට තමයි සoවට්ට විවට්ට කල්ප කියන්නේ) එතකොට සූර්යා අපිට ලග නම් පිච්චෙනවා ඈත නම් සිසිල් වෙනවා කියන සරල සිද්දාන්තය කියන්න ඕන නෑනේ.... ඕක තමයි පලාපලේ කියන්නේ අනෙක් ග්‍රහයනුත් පවතින ස්තානය අනුව වෙනස් වෙනවා...
කෙසේ වෙතත් නක්කත්ත යක්ක බූතානම්...... කියන කියන ගාතාවෙ හැටියට ඕවා නෑ කියන්න බෑ මගෙ අදහස යට වෙන්න ඕන නෑ... හොයලා බැලුවට කමක් නෑ තමුන්ගේ දැඩි අරමුනු සිත මගින් චර්ය්‍යා රටාවක් බිහිකරලා ඉටු කරලා දෙනවා ග්‍රහයෝ නීච උනත්.... එයයි මගේ හැගීම
බුදු දහමද අනුව......... මනෝ පුබ්බoග මා ධම්මා........ගාතාවේ හැටියට සිත සෑම දේටම මුල් වන බව සලකා බැලීම වටී.. ඔබට තෙරුවන් සරනයි

Wednesday, November 2, 2011

වෙහෙර ගිලපු එකාත් එක්ක අග්ගලා කමුද?....


8 වෙනි වාර්ෂික මහ සභා  රැස්වීම

සභාපති තුමාගේ වාර්ථාව

ශ්රී oකා අපත oගමය කටුනායක.

 

මා ඉතාමත්ම සන්තෝස වෙනවා ඔබතුමන්ලාව අපත oගමයේ සභාපති ලෙස පිලි ගැනීමට ලැබීම පිලිබදව මෙයට වැඩිමනක් වශයෙන් පසුගිය දොලොස් මසක කාලය සදහා එනම් 31.03.2011 අවසන් මූල් වර්ෂය සදහා අපගේ මූල් වාර්තාව ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

අප අපත oගමයේ ක්රියාකාරී වාසීන්ගේ යහපත උදෙසාද, මාගේ යහපත උදෙසාද වෙන් වෙන් වෂයෙන් විවිධ ව්යාපෘති ගනනාවක් පසුගිය වසර තුල සිදු කල බව ඉතා සතුටින් මෙන්ම රහසින්ද ප්රකාශ කරන්න කැමතියි. ඒවාට අන්චි නොඇද මාව තවදුරටත් අපත oගමයේ සභාපති ලෙස තබා ගැනීම පිලිබදව ඔබ බූරු  රැලට මාගේ හර්දයාන්ගම ආචාරය පුද කර සිටිනවා.

විවිධ අබියෝගතා හමුවේ පසු ගිය වර්ෂය තුල මා හට වාර්ථාගත ආදායමක් ලබා ගත හැකි උනි. ඒකාරනා මෙසේ කැටි කොට දක්වන්නට කැමැත්තෙමි.

(01) 31.07.2011 දින වාර්ශික විනේද චාරිකාව Oවිධානය කල අතර සදහා රු 125,000/= වැය කිරීමට සිදුවිය. මේ මුදල් ඉතාම Oයමයෙන් පාවිච්චි කලද  රු 25,000/= අධික මුදලක් මාගේ පරිහරනය සදහා වෙන් කර ගැනීමට හැකිවිය.

(02) අපත ක්රියා කාරී වාසීන්ගේ වාර්ෂික මහා දන්සැල් රාජයා පැවැත්වූයේ ප්රදේශ වාසී කොයි කාගෙත් සුලු කොටස් හිමියන්ගේත් අනුග්රහයෙනි. මෙහිදී අවස්ථා කීපයකදීම භාද එල්ල වුවත් සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගැනීමට ලැබීම ගැන ස්තුති පූර්වක පුන්යානු මෝදනාව ඔබවෙත පුද කරමි.

(03) අපත මාසික සමිතිවාර වලදී මහට ගසා කෑමට සහයෝගය දැක්වූ මාගේ හිතාදර සේවක මන්ඩලයටද ඒවා ඉත සිතින් ඉවසා සිටි අද්යක්ශක මන්ඩලයටද මාගේ ස්තුතිය පුද කරමි.

තවද මේ සමග අපත oගමයේ වාර්ශික වාර්තාවද ඉදිරි වසර සදහා අයවැය වාර්තාවඩ මේ සමග ඉදිරි පත්කිරීමට බලාපොරොත්තු වෙමි. තවද ඉදිරි වසර තුල තවතවත් වාර්තාගත ගසා කෑම් කරමින් අපත oගමය වල පල්ලටම යැවීමට කටයුතු කරන බව ඔබට දිවුරා පොරොන්දු වෙමි..

තවද තිස් වසරක යුද්දයෙන් පසු ඇතිවූ සාමකාමී වාතාවරනය හේතු කොටගෙන බිදී තිබූ හදවත් එකතු කොට  අපත oගමය ආසියාවේ ආස්චර්ය කිරීමට සහයෝගය දැක්වූ ඔබට ස්තුතියි.

සභාපතිතුමා

ශ්රී oකා අපත oගමය

 

.....................................

ගුනේ අයියා