Wednesday, January 11, 2012

හිරේ හිටපු ගල් ටික් පොරකට ගෙදරින් ලියුමක් ආවා...


හිරේ හිටපු ගල් ටික් ගුනේට ගෙදරින් ලියුමක් ආවා...
----------------------------------
පුතේ අපිට දැන් වැලේ වැල් නෑ ගෙදර අක්කර දෙකක ඉඩමක් තිබුනට පොලොව එක්ක දැන් අපිට ඔට්ටු වෙන්න බෑ. මටත් දැන් හරි‍යට වලන්ගු නෑ. උබ හිටියනO පොලොව කොටලා අල ටිකක් හරි වවා ගන්න තිබුනා..

මීට තාත්තා..
----------------------------------


තාත්තට හැරෙන තැපෑලෙන් ලියුමක් ලැබුනා
----------------------------------
තාත්තේ දෙයියන්ගේ නාමෙට ඔය වත්තට විතරක් අත තියන්න එපා. ඔකේ මම බෝම්බ තුවක්කු , ඩප්පි, විතරක් නෙමේ කුඩුත් වලලලා තියනවා. මගේ වැඩ කිඩ ආපුහාම බලමු.

මීට සුරතල් පුතා
ගුනේ
----------------------------------

මෙන්න එදා රෑ

අපි CID එකෙන් යකෝ ඇරපියව් දොරවල් මේ ගෙදර උන් සේරම හොරු කියාලා CID මහත්වරුත් පොලව කොටලා හාරලා වත්ත උඩු යටිකුරු කරලා, කුඩු, ඩප්පි, මල්ටි බැරල් හෙව්වා අනේ මොකුත්ම නෑනේ. CID එකෙනුත් හොයලා හොයලා බැරිම තැන යන්න ගියා



තාත්තා ආය ලිව්වා ගුනයට මෙහෙම
----------------------------------
අනේ පුතේ Cඓඩ් එකෙන් ඇවිත් මුලු වත්තම හාරලා උඩු යටිකුරු කරලා යන්න ගියා. හැබැයි මුකුත් අහු උනේ නෑ. අපි දැන් මොකද කරන්නේ පුතේ...

මීට තාත්තා

 ----------------------------------

ගුනෙත් ලිව්වා පිලිතුරු ලිපිය මෙහෙම
-----------------------------------
තාත්තේ මට කරන්න පුලුවන්දේ මම කලා තාත්තා ඔය වලවල් වල දැන් අල ටික හිටවා ගන්න.

මීට ගුනේ

-----------------------------------

ප. ලි :- උපුටා ගැනීමකි

2 comments:

Amila Chathuranga said...

ආදර්ශමත් කතාවකි....

Anonymous said...

බොහොම පරණ කතාවක්නේ මලේ, ඊළඟ කොටසේදී වුනේ හිරකාරයාගේ දෙමවුපියෝ හිර ගෙදරට ලියුමක් එවනවා, ඇයි අපේ පුතාගෙන් රෑ තිස්සේත් බර වැඩ ගන්නේ කියලා අහලා. හිරගෙදර ලොක්ක දෙමවුපියන් හම්බ වෙන්න ගිහින් අහනවා කවුද කිව්වේ ඔහෙලගෙ පුතාගෙන් අපි රෑටත් වැඩ ගන්නවා කියලා? එතකොට දෙමවුපියෝ කියනවා ඇයි මහත්තයෝ, පුතාමනේ කියලා එව්වේ, මේ දවස්වල රෑ තිස්සේ මැරීගෙන උමගක් හාරනවා කියලා.