Thursday, June 23, 2011

ඉටි කිරි කෑල්ල.......

ගුනේ අය්යා පාරට බැස්සේ කොලඹ යන්න හිතාගෙන අනේ මේ බස් නැවතුම ගුනේ අය්යගේ පරන සීන් කියක් කියයිද? පන නැති හින්දම හොදයි. ඔහොම ඉන්නකොට දුකේ බැරි අහින්සක, හුතරල්, කිරිකෝඩු, සුවීට්, ටූටි නoගි කෙනෙක් බස් හොල්ට් එකේ එහා පැත්තෙ ඉදලා හරි හීනී මනමාල හිනාවක් දැම්මා ගුනේ අය්යා දිහා බලලා ඇබරි ඇබරි . ගුනේ අය්යාට සබකෝලෙ බැරුව ගියා. සර්වාන්ගයම සීතල වෙලා ඇගේ උෂ්න බිබිලිත් මතු වුනා. මේන් මෙකිත් ගුනේ අය්යා ගාවටම එනවා. ගුනේ අය්යාට හීන් දාඩිය දැම්මා. ගුනේ අය්යාගේ ආදර හැගුම් මෝදු උනා. කොහොමද ගුනේ අය්යේ. මල කෙලියයි මේකි මගේ නමත් හොයාගෙන ඒ ටිකට. ගුනේ අය්යාත් ටිකක් ඇබරුනේ නoගි දැකලා පුරුදුයි වගේ නිසා කෝකටත්කියලා ගුනේ අයියා මෙහෙම ටෝකක් දැම්මෙ විචිකිච්චවට වගේ.
ගුනේ අයියා : නoගිව දැකලා පුරුදුයි වගේ
නoගි           : අනේ ගුනේ අයියා.. ඔයාට මාව මතක නැද්ද?
මල කෙලියයි ගුනේ අය්යාට මතක නැහැ පරන කෑල්ලක් වද්ද?!!!!! ඉදකින් විතරක් මේ මොලේ බේරෙ ඇලට දාලා හෝදලා ගත්තත් හරියන පාටක් නැහැ Memory එක පුල් අවුල්...
ගුනේ අයියා : අනේ Sorry නoගි.. මට ඔයාව  මතක නැහැනේ?
නoගි           : මම ඔයාගෙ නoගිගේ යාලුවා ශානිනේ.
කිව්වා ව්තරයි කවුද උන හපුලුවෙක් ඇවිත් බයික් එකක් නැවත්තුවා නැතැ. ඉතින් මේ චූටි සුදු නoගිත් බයික් එකේ නැගලා ගියේ නැතැ ටටා කියලා. එදා තමයි ගුනේ අය්යාට තෙරුනේ ගුනේ අය්යාගේ නOගි එයත් එක්ක කොච්චර ඉරිසියද කියලා. නැත්තන් ඉතින් ගුනේ අය්යා බැදලා ලමයි කි දෙනෙක්ගෙ තාත්තෙක්ද?!!! නේද? නිකමට වත් කියන්න
එපැයි අය්යෙ තමුසෙ ශානිට කැමති නැද්ද කියලා.........අපි ඉතින් වලකට බැස්සොත් ඒකේ කුකුලෙක් නැත්තම් කකුලුවෙක්. තූඌඌඋ........විතරක්.

Wednesday, June 22, 2011

ගුනේ අය්යාගේ පියා මාධ්‍ය වාර්ථාකරනයට.....

සියලු දෙනගේම දැන ගැනීම පිනිසයි.
ගුනේ අය්යාගේ මාධ්‍ය ජාලය දිනෙන් දින ජනප්‍රිය වන බැවින්ද ඒ පිලිබදව සියලු තීන්දු තීරන ඔහු විසින්ම ගනු ලැබීමත් මධ්‍ය ජාලයේ සියලු බරපැන මවු තුමිය විසින් දැරීමත් මාධ්‍ය ජාලයේ විනිවිද භාවය සම්බන්දයෙන් රහස්‍ය තොරතුරු සැපයීමට විශේෂ කමිටුවක් මවු තුමිය විසින් පත් කර ඇත.  එහි සභපති හා මවුතුමියගේ රහස්‍ය ලේකම් ලෙස නව පත්කිරීමක් ලෙස පියතුමාව පත් කොට ඇති අතර මධ්‍ය ජාලය සම්භන්ද සියලුම ලිපි ලේකන මාධ්‍ය ඔස්තාර් කෙනෙකු වන පියතුමා විසින් නැවත කියවා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඔහුට පවරා ඇත. පියාගේ සහයට අතිරේක ලේකම් කෙනෙකු ලෙස හොද හැකර් කෙනෙකු වන කුමාරි (අක්කා) යෝජනාවී ඇති අතර ඇය කම්පියුටරය හැක් කිරීමෙන්ද ඉOග්‍රීසි මධ්‍ය ලිපි කියවීමෙන්ද විධායක කමිටුවේ නිල නොවන තොරතුරු මවට ස්ජුවම සැලකිරීමටද (012-3124511 දුරකතන අOකය ඔස්සේ ) පවරා ඇති අතර ඇයට ඉවෙන් සහාය දැක්වීමට ගුනමකු ටොමි‍යාද (බලු කුක්කාද )යොදා ගෙන ඇති බව ඉතාම  රහසිගත මාර්ගයකින් ගුනේ අයියාට දැන ගැනීමට ලැබී ඇත
තවද ඒකපාර්ෂික ත්‍රිපුද්ගල විනය පරීක්ෂනය අනුව ගුනේ අයියා චෝදනා වලට වැරදි කරු වුවහොත් පහත සදහන් දන්ඩනයන්ට අනුකම්පා විරහිතව යටත් කරනු ලැබේ
01. ගුනේ අය්යාගේ මාධ්‍ය ජාලය 6 මසක වාරනයකට යටත් කිරීමටද...
02. ගුනේ අය්ය වැඩට යාමට පෙර මව්තුමියට පොල් ගෙඩියක් ගාදී ඉවුම් පිහුම් වලට උදව් කිරීමටද...
03. සති අන්තයේ කාල නියමයකින් තොරව කඩේ බඩු කිරීමටද..
04. ගුනේ අයියාගේ පෙට්‍රල් වියදම් කපාහැරීමටද.. කටයුතු යොදන බව....

සැ.යු:-
ස්වාධීන මධ්‍යවේදියකු වන ගුනේ අය්යාද මේ අධිරාජ්‍යවාදී බලල් හස්තයන්ට එරෙහිව පහත පියවර ගැනීමට අදහස් කරයි
01. ඔහුගේ පරිඝනකයට නව මුර පදයක් (.......) භාවිතා කිරීමටද.
02. ඔහුගේ සම්බන්දීකරන ලේඛම් දූරයෙන් යකඩය (නිලානයා) ඉවත් කිරීමටද...
03. මධ්‍ය මර්දනයට එරෙහිව කැම්බල් පිටියේ දැවන්ත උද්ඝෝෂනයක් සOවිදානය කිරීමටද .... ගුනේ අය්යා අදහස් කරයි..
ඒ කටයුතු වලට මධ්‍ය නිදහසට ලැදි ඔබගේ කරුනික සහය ලබා දෙන්න

ස්තුතියි
මීට අසරනවු ගුනේ අයියා

ප/ලි:
මේ කුමන පියවර අනුගමනය කලද මවගේ තීරනය අවසන් තීරනය බව පාඨකයෝ කරුනාවෙන් සලකත්වා................ 

Sunday, June 19, 2011

ගුනෙ අය්යාගෙ කතාව

ගුනෙ අය්යාගෙ කියන්නෙ තවත් අය්යා කෙනෙක් නෙමෙයි. ගුනෙ අය්යා  O/L කලා A/L කලා   පස්සෙ CHARTERDUTH කලා. ජොබ් ඵ්කකුත් කලා. ඉතින් ඔහොම කොම්බුත්තො අල්ල අල්ල ඉන්න වෙලාවෙ තමයි වෙබ් ඵ්කකට් අත ගහන්න හිතුනෙ.
මේකට ඉතින් නමක් දාන්නත් එපැයි???? අනේ ගුනේ ඉතින් හැමදේම අම්මගෙන් අහල  කරන හැදිච්ච සිලාචර ගුනගරුක හැමදාම බෝ පැලවල පන්චාන්ගයම කොටල බොන විනීත කොල්ලෙක් නිසා ගියා අම්මා ගාවට බ්ලොග් එකට නමක් අහගන්ඩ.   ගිහිල්ලා අදහස දැම්මා විතරයි.
අම්මා කියාපි "පල යකෝ යන්න කියලා"?????!!!!!!බැ බැ ඒ නම දාන්න බැහැ සැර වැඩියි ගුනේ අය්යට හිතුනා. මේක හරි වැඩක්නෙ ගියා පියානන් වහන්සේ ගාවට. තාත්තේ මගෙ බ්ලොග් එකට නමක් කියන්නකෝ හිO අඩියකින් සප්පායන් වෙලා හිටපු  පියානන් වහන්සේ ගත් කටටම කියාපි ලෝකයේ "උතුම්ම මිහිර බෝතලේ" කියලා. ඔවා දැම්මොත් බ්ලොග් එක වැඩිහිටියන්ට පමනයි වෙනවානේ ගුනේ අය්යාට සැටිස් නැහැ.  අනිත් එක අමද්යප වියාපාරෙ තදබල පොරක් වුන ගුනේ අය්යාට පුලුවන්ද ඔය වගෙ අලුගුත්තෙරු නමක් බ්ලොග් එකට දාන්න. ගියා අක්කා ගාවට අක්කෙ කියනවකො බ්ලොග් එකට නමක්,.... දානවා ඕකට කුමරි කියලා. ච්කේය්යා ගුනේ අය්යාට සබකෝලෙ බැරුව ගියා. ගැනු ලමයෙක්ගෙ නමක් දාන්න පුලුවනැයි මේ ආදරනීය බ්ලොග් එකට. ඔහොම චාටර් වෙවී ඉන්න කොට තමයි. ගුනේ අය්යා බීඩීයකුත් උර උර අපේ ගේ පැත්තට ආවෙ ගුනේ අය්යෙ මගේ බ්ලොග් එකට නමක් කියනවකෝ,....  ඉතින් මල්ලියෙ දාපන්කො මගේ නම. පිස්සු හැදෙනවා. මාර ත්‍රිල්!!!!!!!! ඊටත් පස්සෙ තම‍යි සම්පත් අය්යා ගුනෙ අය්යා උනේ. එකත් එසේ මෙසේ නමක් නෙමේ සම්පුර්න නම කිව්වොත් කම්පන රාලගේ නිවිච්ච පච ගුනේ .....( K.R.N.P. Gune)


වෙබ් එකේ තියන ගොඩක් කතා සත්ය සිදුවීම් අහලින් පහලින් අහුලගෙන සන්ස්කරනය කරපු හා නොකරපු හැම කතාවක්ම මේකේ තියනවා. හැබැයි මඩගහන අදහසින් නෙමෙ ලියලා තියෙන්නෙ. ඒකත් මතක තියාගෙන වෙබ් එක බලන්න කියල ඉල්ලා සිටිනවා. ඵ්දා ඉදලම ගුනෙ අයියට් තිබුනෙ මාරම මාර අදහස් වගෙම ආගම දහමට් ලොකු බක්තියකුත් තිබුන. ඉතින් දෙය්යන් බුදුන් සිහිකරලා වෙබ් අඩ්විය නරබන්න කියලා ඔය නන්ගිලා මල්ලිලා අය්යලා අක්කලා  ගෙන් කාරුනිකව ඉල්ලනවා.