Friday, June 24, 2011

වනින් ලෙටර් එක....

මෙක ගුනෙ අය්යටම වෙච්ව දෙයක් එයගෙ වැඩපොලෙ කතාවක් ගුනේ කියන්නෙ ඉතින් වැඩ හරියට (අ.)වන්කව කරපු දේව කාරිය රජකාරියට වඩා උතුම් විදියට සලකපු එලකිරි කොල්ලෙක්නෙ. ඉතින් බලන්ඩකො එයටත් එන අබ්යොග. වාද බයිලා නැතුව විස්තරේ කියන්නම්කො. හොදට අහගන්න හොදේ.

එදා හරිම මුසල දවසක්. ගුනේ අය්යාගේ බොස්ලාදෙන්නම හිට්යේ නැහැ. ඉතින් දන්නවා අතිනේ එදා බොස් කවුද කියලා. ට්කකින් කතා කලා call  එකක් අවා.
එහා කොනින් : හෙල්ලො මම තල්වත්ත කතා කරන්නෙ.(ගුනේ අය්යා හිතුවෙ මොකෙක් හරි අලුගුත්තේරුවෙක් කියල)
ගුනේ අය්යා   : අනේ පල යන්න කියලා කොල් එක කට් කලා 
තප්පරයක් වත් ගියේ නැහැ තව කොල් එකක්
එහා කොනින් : හෙල්ලො අය් ඇම්. තල්වත්ත ස්පිකින්ග් 
මෙන්න මෙ යකා කඩ්ඩෙනුත් කොටනවා. (වස ලැජ්ජාව.) දන්න උපරිම සින්හල දාලා තල්වත්ත කුඩුවෙන්නම මල්ට් බැරල් පාරවල් කිහිපයක් එල්ල කරපු ගුනේ අය්යා. පෝන් එක කට් කරලා සැනසුම් සුසුමක් හෙලුවා විතරයි.මෙන්න ආය පෝන් එක වදිනවා.
එදවස් වල ගුනෙ අය්යාගෙ ඇසිස්ටන්ට් විදියට කටයුතු කරපු ලක්මාලිට පෝන් එක ආන්සර් කරන්න කිව්වා. ලකිත් ඉතින් ගුනෙ අය්යා වගෙම පොඩි ගොන් පාට් එකක් දාලා පෝන් එක කට් කලා විතරයි. කර්යාල කර්ය සහයක කෙනෙක් ඇවිත් අපිව එක්කගෙන ගියෙ නැතැ හතරවන තට්ටුවට
(එ අපේ තල්වත්ත සර්නෙ කතාකරලා තියෙන්නෙ අපේ ලොකුම ලොක්කා) ඉතින් මොනා කරන්නද ලකිටයි ගුනෙටයි වර්නින් ලෙටර් දෙකකින් සැහිමකට පත්වෙන්න වුනානෙ.

ප්‍රියා...... මෙරේ ප්‍රියා

පහුගිය සති අන්තය ගුනෙ අය්යාට නිවාඩු නමුත් වැඩ ඉවර වෙන්න නම් වලකජ්ජ ගහන්නම වෙනවා. උදේ පාන්දර 10.00 විතර කුකුලවත් අරන් ඇග මැලි කඩල නැගිට්ටෙ නිලානයාව හම්බෙන්න හිතගෙන මොනා කරන්නද.... අම්මෝ මව්තුමිය උදේ පන්දරම දෝස් මුරයක් ...මට පොල් ටිකක් ගාලාදෙනවා බලන්න ඉතින් ගුනේ අය්යා ගෙන් ගන්න වැඩද මේවා.. බලන්නකො ස්ත්‍රින් විසින් පුරුෂ අය්ති වාසිකම් උල්ලන්ගනය කරන හැටි අම්මත් එක්ක අය්ති වාසිකම් කතා කලොත් කොපි පොතක් පිරෙන්න බැනුම් විතරක් නෙමෙයි. පොල් බැවෙනුත් කාලා පොල් බැ මූනෙක් වෙන්න වෙනවනෙ. ඉතින් හිතින් පිරිත් කිය කිය පොල් ටික ගැවා කියමුකො...හා ඉවරද? එහෙනම් ඕක මිරිකලත් දෙනවා. මේක මල Wedding එකක්නෙ අම්මා නිදිය ගන්න මම උයලා ඉවරකරලා කතා කරන්නම් එහෙම කිව්වා නෙමේ හිතුව ගුනේ අය්යා, හිමීට ලිස්සලා කඩේ පැත්තට ගියා..........
ගුනේ අය්යෙ මගෙ බඩු දෙන්නකො චුටි නOගි කෙනෙක්....
පොල් ගෙඩියයි.......
සීනි 100.......... 
අනේ අම්මපා කඩේට අවෙ සැනසීමෙ ඉන්න මුන්ට දියවැඩියවම හැදෙන්න ඔන මට දෙන වද වලට  නOගිගේ සීනිත් කිරපු ගුනෙ අය්යා.
එච්චරද?
කියලා අහුවෙ බඩු අරන් ඉවරද බලන්න. හීනි හිනාවක් දැම්ම නoගියත් ටිකක් ඇබරුනා. අනේ ඉතින් කඩේ ඉන්න එකත් නරකම නැහැ ....නoගිලා කී දෙනෙක් නම් එනවද? සුදු පාට, කලු පාට, රතු පාට, පාට පාට, කොන්ඩෙ දිග, කොන්ඩෙ කොට, පෝනි ටේල්, රීබොයින්ඩින්ග්, රීවයින්ඩින්, රී කන්ඩිෂන් නOගිලා කී දෙනෙක් එනවද කඩේට.... අනේ අම්මපා මුන්ට තියන දේවල් තනිකරම ප්ලාස්ට්ක් ගොඩක් කපලා පොටි දාලා තෙම්පරදු කරලා තමයි හදලා තියෙන්නෙ.... වැස්සොත් සොරි තමයි..

මෙහෙම ඉන්න කොට තමයි නිලානයා ගෙදර ආවෙ හූවකුත් කියාගෙන. මොකද යකෝ හූ කියන්නෙ..  ගුනේ අය්යා ඒ මාරකෙනුත් පැන්නා (කඩෙනුත් එලියට )...
  මුජෙ ආබ්කේ කෙහෙතා හේ.....
  පයර් නහී හොතාහේ...
  ජානේ මන් ආබ්කේ සින්දගි...
  තප් තප් දරන්හේ....
  ප්‍රියා.... මෙරෙ ප්‍රියා...
මේ මොන මගුලක්ද?/// නිලානයට හින්දි UNICODE එකක් කැවිලා වත්ද?//
මම නම් කිව්වා ඔය ජරාව කනකොට තොට හොයා ගන්න බැරි ලෙඩක් හැදෙයි කියලා. මේ පෙරේතයා ඕවා අහන එකෙක්ද? මැටි රිලවා... ගුනේ අය්යා එහෙම කිව්වා නෙමෙ හිතුවා ...

මදුරුවා... සහ පාපතරයා


මදුරුවා වනාහී අපට ඉතාමත් ප්‍රයෝජන සහිත සත්වයෙකි. ඌ තම සියුම් හොටෙන් අපට අනවශ්‍ය රුධිරය ඔහුට පාරවිලනය කර ගන්නේ පුද්ගල සමාජ තත්වය, කුනු ලේ, වයිරස්, ලෙඩරෝග, සමාජ රෝග කිසිදෙයක් තඹ පයිසෙකටවත් මායිම් නොකරමිනි. තවද උගේ තුඩේ ඇති ආතලේ නොදන්න ජගතෙකු මේ ලෝකය තුල නැති තරම්ය. ඇත්ත වසයෙන්ම මදුරුවා ලෝකයේ සමානාත්ම තාවයට ලැදි මානවහිතවාදියෙකි. ඌ අපිට ලේ දන්දී පින්සිදු කර ගැනීමටද අවකාශ සපයා දෙයි.
නමුත් අපගේ රාත්‍රී කාලය කාලකන්නි කරන පාපතර ලේ පිපාසිතයකුගේ තත්වයට මදුරුවාව අප පත් කර ඇත. ඒ ගුනෙ අය්යාගේ හැගීමට අනුව නම් මිනිසුන් වන අපතයන් මදුරුවාගේ රාත්‍රි කන්කලු නාදයට ඉතාමත්ම ප්‍රිය කරන බැවිනි. තවද, රාත්‍රි මුර සන්චාරය සදහා ඔවුන් අප අසලට පැමිනි විට ඔවුනට චටාස් පටාස් යන දැඩි ප්‍රහාර එල්ල කිරීමටද ප්‍රියකරන නිසාය. තවද මේ අපතයන් කරන ඉතාමත් විලිලැජ්ජා සහගත අපරාදය වන්නේ මදුරුවන් බිහිකිරීමට අවෂ්‍ය ගර්භාෂයන් තම බාල්දිය, කෝම්බය, පොල්කට්ට, ටයරය...... තුල බිහිකර දීමයි. ඒ අතර මදුරු දගර මුදලාලිට කඩේ යන පිරිසක් නැත්තේද නොවේ. එසේ මෙසේ කෙසේ කතා කලද මදුරුවා මදුරුවාය ඇනෝපිලස්, ඩෙන්ගු, යනාදී මෙකී නොකී නම් වලින් අප මදුරුවාවද හොල්මන් කර ඇත. එ වයිද්‍යචාරීන් මදුරුවාට සමජයේ ඉහල පිලිගැනීමක් ලබාදී ඇති නිසාය....
ඉතින් අපි මදුරුවාට අත උස්සලා සපොට් එකක් දෙමුද? මල්ලියේ නOගියේ... තව ජීවිත බිලි ගැනීමට පෙර මෙන්න මේ විදියට චටස්, පටස්, ...ඩෝO පටෝO, දඩින් බිඩින් දොඩO..


සැ.‍යු :-
ගුනේ අය්යාගේ සOවේගය මදුරුවා විසින් මරාදැමු ජීවිත වෙනුවෙන් නොවේ. ඒ තත්වයට අහින්සක මදුරුවා පත් කල අසමජ්ජාති කාලකන්නි සමාජයටය.