Wednesday, July 6, 2011

කෙයිලා ගාව කොස්මෝලොජි


ගුනේ අය්යා පාරට බැස්සේ අපත සOගමය  රැස් වෙන කචල් බෝක්කුව ගාවට යන්න කටුනායක, ඇවරිවත්ත අපතයෝ, අපතියෝ. ඔක්කෝම සෙට් වෙන්නේ එතනටනේ. එලියට බැස්සා විතරයි. හානේ ... ෂානී නOගියා පාර පුරාම කැට් වෝක් එක දාගෙන වැඩිහිටියන්ට පමනයි. සායක් ඇදගෙන එනවා නේද? කබය කඩා ගත්ත එල වැස්සියෙක් වගේ (සමාවෙන්න විශකාව වගේ ) වගේ වගක් නෑ හෑබැයි බාගයක්ම එලියේ.ගුනේ අය්යටත් මේක දැකලා හෙන ගහපු රට ඌරෙකුට වගේ Mannan උනා ගුනේ අය්යත් හිමීට ෂානි ගාවට කිට්ටු කලා.
ෂානි: හානේ මේ ගුනේ අය්යානේ...ෂනිගේ සුවීටි වොයිස් එක කනට මීකිරි දානවා වගේ සොරි ටෙන්ෂන් එකට ඔහොම වෙනවා කනට මී පැනී දානවා වගේ 
ගුනේ: ආ... නOගි එදා කතා කරන්නත් බැරි උනානේ (අර බයික් එකේ ආපු හිවල් මොටා නිසා) 
ෂානි:දැන් අය්යා මෙකද කරන්නේ 
ගුනේ: මොනවද ඉතින් වෙනදා වගේම එකවුන්ට්ස් කරනව, උගන්නනවා, වෙබ් එකට ලියනවා, කඩේ ඉන්නවා ගුනේ අය්යත් ලකුනු 100ම එක පාර දාගත්තා. 
ෂානි: අනේ හරී ස්වීට් කියලා ගුනේ අය්යගේ නිකට මිරිකුවා ගුනේ අය්යට උර්ධවපතනය වෙන්න ආවා ඔය කෙල්ලෙක් ගුනේ අය්යාගේ නිකටෙන් ඇල්ලුවාමයි (බොරු නෙමේ ශක්‍ර දෙයියන් පල්ලා). ෂානී නOගිත් ටිකක් ඇබරුනා අත් දෙක පද්ද පද්ද .... ගුනේ අය්යාත් ටිකක් ඇබරුනා... 
ගුනේ: ගුනේත් ඇරියේ නෑහෑ නOගි ඔයා දැන් මොකද කරන්නේ . 
ෂානී: මම දැන් කෙයිලා මිස් ගාව කොස්මෝලොජි කරනවනේ. 
ගුනේ: ආනේ බර ගානක් යනවා ඇති නේද? ලොජික් කරන්න ගුනේ අය්යත් කොස්මොලොජී ස්පැෂලිස්ට් කෙනෙක් වගේ කියලා දැම්මා තේරුනේ නැති උනාට 
ෂානි: අනේ විහිලුවට ගන්න එපා ලොජික් නෙමේ කොස්මොලොජී ඒ කියන්නේ හෙයා ඩිසයිනර් කියන එක. 
ගුනේ: හානේ හරී ස්වීටි කියලා ගුනේ අය්යත් ෂානිගේ නිකට මිරිකුවා විතරයි. කොහෙද යන හාල් පාරුවෙක් ඇවිල්ලා ගුනේ අය්යට දුන්නා නේද කනේපාරක් චටාස් පටාස් ඩෝO පටෝO ගුනේ අය්යා පෙරේතයා පොලේ ගැහුවා වගේ ඇදෙන් බිම එතනින් ඉවර නම් සෝක්...සෝක්..
මවුතුමිය ආවා මාරවේෂයෙන් මෙහෙම කියාගෙන 
ඊයේ රෑ ඔබ හීනෙන් දෙඩවූ ඒ ෂානී කවුදෙඔ... 
දැන් ඉතින් බැදපන්කෝ උත්තර? නිදහසේ හීනයක් වත් දකින්න බැරි හැටි....... චික් විතරක්..

Tuesday, July 5, 2011

උබෙන් කාට හරි කෙල්ලෙකුට වැරැද්දක් උනාද


සOදේෂය
දියවි දියවි අපට දියවි....
දියවි දියවි අපට දියවි....
පාර මැද්දේ මහා කාල ගෝටිටියක් සිප්පියලෑ අම්මා මුලින්ම  ඊට පස්සේ පැනි මූනගේ නැන්දා මේ වගේ ගමේ හැමෝම බලවත් (සොරී බවලත්) උදවිය සෙත්වෙලා බෝඩ් කෑලී උස්සගෙන එකම කාල ගෝට්ටියයි. මුලු මහිලා සOගමය, ලිද ලග සOගමය, බියුටි කචල් සOගමය. සහ මෙකී නොකී සOගම් සියල්ල රැස් වෙලා උද්ඝෝශනයකට...
ගුනේ අයියත් කිට්ටු කලා සිප්පියලැ තාත්තා මාටින් මාමා ගාවට
ගුනේ: ඈ බොල මාටින් මාමෙ මොකෝ මේ සද්දේ ගෙදර උයන්න බෑ කියලද?
මාටින්: නෑ
ගුනේ: එහෙනම් ගෑස් මිල පොල් මිල ඉහල ගිහින්ද?
මාටින්:නෑ ‍යකෝ
ගුනේ: එහෙනම් පුරුෂධිපත්‍යට විරුද්ධව වෙන්න ඇති නේද?
මාටින්:තමුසෙට පිස්සුද? දැන් කොහෙද? පුරුෂධිපත්‍යක් දැන් ඉතින් ගෙදර පුරාම තියෙන්නේ උන්ගේ ආධිපත්‍යනේ
ගුනේ: එහෙනම් මොන රෙද්දකටද ඕයි උද්ගෝෂනය. ටිකක් උර්ධවපතනය පැන්න ගුනේ අය්යා ඇහුවා.
මාටින්:නෑ ඕයි. ගෑනුන්ට සම තැන දෙන්න කියලා. තමුසෙට සන්දේෂයක් භාර දෙන්න.
ගුනේ: මට ... මම සමතැන දෙන්න මම කවුද? අනිත් එක ඔය එක එක එලිච්චියන්ට සම තැන මම දෙන්න ගියොත් අපේ මව් තුමිය මාව ගෙදරිනුත් එලවයි.


මාටින්: නෑ ඕයි. තමුසේ පහුගිය දවසක ශක්‍ර දෙය්යන්ට ඇඩ් එකක් දාලා දීලා චන්දෙට උදව් කලා නේද?
ගුනේ: ඔව් ඉතින් ඒකේ වැරැද්දක් නෑනේ. අසරනයකුට උදව් කරන එක වැරැද්දක්ද?
මාටින්: නැහැ...නැහැ... ඕයි ගෑනුන්ට සම තැන දෙන්න කියලා තමුසෙට කියලා ශක්‍ර දෙය්යන්ගෙන් සපෝට් එකක් ගන්න
තමයි ඔය දගලන්නේ... බෝඩ් උස්සගෙන.....
ඒක දැන ගත්තා විතරයි . ගුනේ අය්යා සරම පිට පට ගහගෙන සුරේකා සුරේකා කිය කිය ගෙදර දිව්වා.
ගෙදරට දොර වහගෙන ඇතුල් උනා විතරයි. අම්මෝ මවු තුමිය මොකද මොකද මේ.
කවුරු හරි මාව හම්බ වෙන්න ආවොත් මම නෑ කියන්න. ගුනෙ අය්යා කාමරේට ගිහින් දොර වහ ගත්තා.
මෙන්න බොලේ බවලත් සෙට් එක ගුනේ අය්යාගේ ගේ වට කරලා
අනේ ගුනේ පුතේ....
අනේ ගුනේ අය්යේ....
අනේ ගුනේ මල්ලියේ....
මේක බාර ගන්න. කිය කිය කෑ ගහනවා. මව් තුමිය කලබල වෙලා උබෙන් කාට හරි කෙල්ලෙකුට වැරැද්දක් උනාද ඇත්ත කියපන්. මම උබව හැදුවෙ එක එකාගෙන් (රටේ ලෝකයගෙන්) කතා අහන්නද. ගුනේ අය්යගේ මව්තුමිය වැලපෙනවා...
බලහන්කෝ අපිට හොද වැඩක් කරලත් සැනසිල්ලේ ඉන්න නැති හැටි කියල හිතපු ගුනේ අය්යා . මේ ඔන මගුලක් උන්ගෙන්ම අහගන්න. මට වද නොදී.. කියලා කිව්වා.
ගුනේ අය්යගේ අම්මත් ගියා උද්ඝෝෂනය පැත්තට මල කෙලියයි අම්මටත් ඔන නැති කජු ලෙල්ලක් නැහැ. දැන් ඉතින් උද්ඝෝෂනය දිනලා ඉවරයි. මව්තුමිය ඉල්ලා සිටියොත් නොකරත් බෑනේ.
ටිකකින් මවු තුමිය ඇවිත් අනේ පුතේ ඕක කරලා දීපන්
මොකක්ද?
සන්දේශය ශක්‍ර දෙය්යන්ට භාර දීපන්..
අනේ මේ මාව ඔවලට ගාව ගන්න එපා මම ඔය ගෑනුන්ගේ වැඩ වලට සම්බන්ධ වෙන්නේ නැහැ.
ආ..... එහෙමද එහෙනම් අද සිට කෑම බීම ඉදුම් හිටුම් ඔක්කොම නැති වෙයි..(ගුනේ අය්යාගේ අම්මා ඔලුව අතගා කීවාය )
බලහන්කෝ දැන් ඉතින් ගෑනුන්ගේ හැට්ටේ කට්ට ගහන්නත් ගුනේ අය්යට සිද්ධ වෙලා.
ගුනේ අය්යා වදෙන් පොරෙන් සOදේෂය භාර ගත්තා.
මෙන්න සOදේෂය
දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවිදුනි. 
නරලොව සමජය තුල ගැහැනියට ඉතාම තුච්ච, නින්දිත, අසභ්‍ය ජීවිතයක් ගත කිරීමට සිදුවී තිබේ. කෑම ඉවීමේ පිහීමේ සිට, දරුවන් හැදීම වැඩීම, රෙදි සේදීම නම් පමනක් නොවේ. ප්‍රසව වේදනාව පවා ගැහැනුන්ට පමනක් විද දරා ගැනීමට සිදුවී තිබේ. තවද රාත්‍රී කාලයේ කාලයේ බීමත්ව පැමිනෙන සැමියන්ගෙන් අප්‍රකට හිරිහැර විදීමටද සිදුවී ඇත්තේ අපගේ කරුමයටම නොවේ. එබැවින් මේ පිලිබදව සිතා බලා ඉහත කටයුතු ගැහැනියට හා පිරිමියාට සමානව බෙදා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිට්මූ.
                                        ස්තුතියි
                                        මෙයට විශ්වසී
                                        මහිලා සමිතියේ ගරු සභපතිනිය
                                        සිප්පිගෙ අම්මා 
                                        කෝකිල දේවී
ප. ලි:-
ඔන්න ඉතින් ප්‍රසව වෙදනාව එහෙම ගෑනු පිරිමි බෙදා ගනිද්දී අල්ලපු ගෙදර මිනිහට එහෙම ප්‍රසව වේදනාව ඇති උනෙත් එහෙම මට නම් මුකුත් කියන්න අපා.... මO පවු.............
මීට ගුනේ අය්යා
ත. ප.ලි:-
සියලු පුරුෂ වර්ගයා ගුනේ අය්යට අනුකම්පා කරත්වා. මේ සOදේෂය බාර දුන්නේ සකල ගෑහැනු වර්ගයා පිලිබද අනුකම්පාවෙන් නොවේ.මව් තුමියගේ බලවත් බල පෑම නිසා බව සලකන්න..  සොරි අනේ සෝ සොරී...

1 comments:

prasanna86k said...
තෝ​ මොකද්ද බොග මේ කරපු වැඩේ තේරුම්‍. යකෝ දැන් උඹද අපේ ඈඳුම් හෝදලා දෙන්නේ.. අපිට කෑම උයලා දෙන්නේ... උඹ කරපු වැඩේ වැරදියි මචං්‍. අපි උඹව පිරිමි කමෙන් නෙරපාහරිනවා මචං. මීට පස්සේ උඹ ගැහැණුන්ගේ වහලෙක්..... :P

Monday, July 4, 2011

අපේ උන්ගෙ හක්කේ බුදුරැස් බොක්කෙ දඩමස්....

   05.ඌරු මසුයි කේකුයි...
මේකත් ඉතින් අපේ කාලකන්නි අපත වල්බුරු හිවල් සෙට් එක කරපු වැදගත් වැඩක් තමයි. අපේ උන්ට කැම කිව්වොත් මැරෙනවා. කුබියාගෙ ඉදලා අලියා දක්වා ඔනම මසක් උන් ගිලින්නෙ උන්ගෙ ඇටකටුවත් අයින් නොකර. අපේ උන්ගෙ හක්කේ බුදුරැස් බොක්කෙ දඩමස් කතාව අහන්නකො ඉතින්, ට්‍රිප් ගිහාම අපේ උන් නාගන්නව ඇරෙන්ඩ වෙන වැඩක් නැහැ. කැම කන්න ඉස්සර පොඩි ෂොට් එකක් දාගත්තෙ ඇගේ හිරිගතිය යන්නත් එක්කලු. කොහොම කොහොම හරි කට්ටිය කඩෙකට ගොඩ උනේ බමන මතින් පොඩි පොඩි කබරයි පැටව්ත් එක්කලු. මෙහෙම ගිය කට්ටියගෙ නඩේ ගුරා මෙහෙම කිව්වලු
නඩේ ගුරා : මුදලාලීඊඊ.... අපිට කෑම ගේන්න.
මුදලාලි     : කෑම නැහැ මස් හොදි විතරයි තියෙන්නෙ
නඩේ ගුරා :ගේනවා.. ගේනවා.. 

මස් තිබුනට ඉතින් නිකන් කන්නයැ පානුත් ගේන්න එක කිව්වෙ විජිත අය්යා.
මුදලාලි     : පාන් නැහැ.....
කියලා කට ගන්න හම්බුනෙ නැ එහෙනම් කේක් ගේනවා එහෙම කිව්වෙ නඩේ ගුරාලු.

කොහොම කොහොම හරි මෙයාලා ඌරු මසුයි කේකුයි කෑවෙ සුර් පිටලු. කාලා එලියට ආවා විතරයි කක්කල් කැස්ස, ගල පටලය, උර්දවපතනය, ඔස්ටියෝ පොරොසිස්, මී උන වැනි මෙකි නොකි සර්වාන්ග ගත සියලු රෝග වලට නිට්ටාවටම සුවය ලැබුනා කියලා තමයි අරන්චි.නොමිලේ බාගත වන බහිස්‍රවිය ද්‍රවය බූගත කරගැනීමේ ප්‍රෂ්න පවා ඇති උනා කියලා තමයි තතු දත් ආරන්චි මාර්ග පවසන්නේ.       

2 comments:

..ChAnDiKa.. said...
:D :D :D :D
චාටර් කොල්ලා said...
ලොල්ය ලොලේ ලොල් ය :)))