Wednesday, August 31, 2011

කොල්ලන්ට පමනයි.. කෙල්ලොත් කියෙව්වාට වරදක් නැත...

අද කතාව ටිකක් විතර වෙනස් පිරිමි පාර්ශවය මුනුන දෙන ප්‍රෂ්නයකට පිලිතුරක් මේ පෝස්ට් එකෙන් එලි දක්වන්න හිතුවා. ඒක තමයි ජොකෙක් මිලදී ගැනීම.

ජොකෙක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුනු.....
01.ජොකාගේ මිල
02.ජොකාගේ වර්නය
03.ජොකාගේ වර්ගය
04.සයිස් එක
05.සුවපහසුව
06.අමතර ආරක්ෂාව
ඇත්තටම පිරිමියකුට තියන ඉතාම විස්වස වන්ත මිතුරෙකු විදියට ජොකාව සලකන්න පුලුවන්. මොකද ජොකා කියන්නේ පිරිමියාට ඉතාම සමීප දෙයක් නිසා එබැවි ජොකෙක් මිලදී ගැනීමට පෙර දෙවරක් සිතන්න වෙලා තියනවා. මොකද අද වෙලද පලේ නොයෙකුත් වර්ගයේ ජොක්කු තියනවා. හැබැයි ඉතින් මේ තීරනය වැරදුනොත් මුලු ජීවිතයම අනතුරට වැටෙන්නත් පුලුවන්. ඒක නිසා යාලුවනේ ජොකෙක් ගත්දී මුලින්ම මිල ගැන සැලකිලිමත් වෙන්න ඔන. මොකද ජොකා කොච්චර හොද උනත් පලක් නැ ගාන වැඩිනම් වැඩි ගානක ජොකෙක් කියලා අපි ගලවලා පෙන්නන්න යැයි නේද?
දෙවෙනි කාරනය තමයි ජොකාගේ වර්නය. සමහරු හිතන වැරදි අදහසක් තමයි මොනපාට උනාම මොකද එලියට පේනවද කියලා නමුත් මේක වැරදි අදහසක් ජොකාගේ පාට අනුව අපේ ආකල්ප වෙනස් වෙනවා ඒක නිසා හොද පාටක් තොරන්න අමතක කරන්න එපා (Ex:-  රතු පාට ඇන්දහම විරුද්ද පාර්ශව ආකර්ශනය පවා ලබන්න පුලුවන් කියලා පර්යේෂකයො හොයාගෙන තියනවා ) ඉතින් බලන්න පාට කොච්චර වැදගත්ද කියලා.
ඊලග කාරනාව තමයි. වර්ගය වෙලද පොලේ විවිද සන්නම් යටතේ විවිධ් ජාතියේ ජොක්කු ඉන්නවා. හැබැයි බාලයි ඉතින් ගුනේ අය්යා ඉල්ලා සිටිනවා හොද ජොකෙක් අරගන්න කියලා.
අනිත් කාරනාව තමයි සයිස් එක අලියෙකුට කූබියෙකුගේ එකක් හරි යන්නේ නෑනේ එක හින්දා කල්පනා කල යුතු වැදගත් තවත් දෙයක් තමයි සයිස් එක වැරදි සයිස් එකක් ගත්තොත් ඒක් අදින්න බෑනේ මොකෝ හුවමාරු කර ගන්න කියලයෑ නේද.
සැලකිය යුතු අනෙක් කාරනාව තමයි සුව පහසුව දන්නවා ඇතිනේ සුවපහසුව නැති උනොත් ඔක්කොම හුටස් කියලා ඒක නිසා හොද සුව පහසුවට තියන ජොකා තමයි අනර්ඝම ජොකා මොකද සමහර අත්දැකීම් වලදී මේ ජොකාගේ සුවපහසුව නැති උනොත් වස ලැජ්ජාවක් වෙනවනේ
අවසාන කාරනාව විදියට දක්වන්න පුලුවන් ආරක්ෂාව උපරිම ආරක්ෂාව ජොකොකුගේ ලැබිය යුතුයි. එ මොකද කියනවා නම් රක්ෂනයක් දාලාවත් හානි පූරනය කර ගත නොහැකි නිසයි.

ප.ළී:- සැලකිය යුතුයි
මිලදී ගන්න ගුනේ අය්යාගේ ඉස්තරම් වර්ගයේ රට ජොක්කු කැල්ලක් රු 20/= ගොඩම රු 100/=

Tuesday, August 30, 2011

අඩෝ.....තව ගනO කරයන්ගේ සOගම් තියනවද? අපේ එකට ගහන්න...


අපත සOගමය (තුන් වන පියවර) (රැ මෙහෙයුම් කමිටු වාර්ථාව.)
------------------------------------------------------------
දිනය 20-08-2011
ස්ථානය පබ්ලික් බෝක්කුව, ඇවරිවත්ත
වේළාව පව. 5.20
------------------------------------------------------------
සහභාගී වූවන්
පච ගුනේ
පැනිමූනා ඇල්ලේවල
ඩප්පියා නිරන්ජන්
සිප්පියා නෝනිස්
වට පඩ ජයරත්න
ටොම් පච විජේවර්ධන
සුස්ති ජයෝබංඩාර

(රැඩිකල් කඩියා, හිමු ආරියවංශ, පි. ගුණවර්ධන සහ චින්ති ශිරන්ත පැමිණිමට නොහැකි බව දැන්වූ අතර මෙදින ගන්නා සියළු යෝජනා වලට සහයෝගය දක්වන බව දන්වා තිබිණි.)
------------------------------------------------------------
අපත පිළිගැනීම
රැස්වීම සදහා පැමිණි සියළු දෙනා ගුනේ සොයුරා විසින් පිළිගනිමින් එදින න්‍යාය පත්‍රය පිළිබද ද පැහැදිලි කිරීමක් කරන ලදි.
------------------------------------------------------------
අපත  රැ - අරමුණ
අපෙ ගමේ  විසිරුණු එකිනෙකාගේ හැකියාවන් සහ කුසලතාවයන් කැටිකො‍ට යහපත් දේ වෙනුවෙන් ඒකරාශි කරමින් කාලානූරූපිව සහ ප්‍රායෝගිකව සමාජ ප්‍රගමනය වෙනුවෙන් දායක වීම රැ හි අරමුණ වෙනුවෙන් විග්‍රහ විය. (රැට හොරපොල් කැඩිම, කොටු පැනීම ඇතුලත්ව )

රැ - මෙහෙවර
සහෘද අදහස් හා යෝජනා විමසා පොදු එකගතාවය මත බිහිවෙන වැඩ පිළිවෙල ඉහත අරමුණ කරා යොමුකරවීම මෙහෙවර වශයෙන් හදුනා ගැනිනි.
------------------------------------------------------------
රැ 3 - සහෘද සත්කාර
‍දැනට යොජනා වී ඇති සහෘද සත්කාර වැඩසටහන සදහා සාමුහික සහ ඒකමතික අනුමැතිය ලැබුණු අතර කටුනායක අම්බලම් නිවාසයේ හිගන්නන් 67 දෙනා වෙනම බස්රථ වල නංවා ගාළුමුවදොර පිටියත් ඉන් අනතුරුව කොළඔ විහාර මහාදේවී උද්‍යානයේ ළමා උද්‍යානයටත් ගෙන ගොස් දිවා ආහාරය ලබාදී ඔවුනට විනෝද වීමට අවස්ථාවක් ලබාදීම යන කර්තව්‍ය සම්බන්ධව සාකච්ඡා විය.
මේ සදහා අදාල හිගන්නන් පිරිස, සහ රැ සහෘදයන් සි‍යල්ල එකතුව 120 ක පමණ පිරිසක් සහබාගී වෙතැයි අපේක්ෂා කරනු ලබයි. එසේම දිවයිනේ ප්‍රසිද්ධ කළාකරුවන් රැසක්ද වැඩසටහන පටිගත කිරීම් සදහා සහබාගී වන බවද සදහන් කෙරි‍ණි.
දිනය වශයෙන් අ‍ගෝස්තු 31 යොදා ගන්නා ලදි. මේ සදහා අවශ්‍ය වියදම් සපුරා ගැනීම සදහා "සමරු පොතක්" සකස් කිරීමට තීරණය කෙරිනි. දැන්වීම් අධාර ලබා දීම සම්බන්‍ධව ලිපිය සකස් කිරීම ද සිදුවිය.
රැ කණ්ඩායමේ භාණ්ඩාගාරික වශයෙන් මුදල් පරිපාලනය සදහා එකමතිකව ඩප්පියා නිරන්ජන් සෙහොයුරා ව පත් කරන ලදි.
සමරු කලාපය සදහා සංවිධායක වශයෙන් සිප්පියා නෝනිස් සොහොයුරාව පත් කෙ‍රිනි.
------------------------------------------------------------
රැ 4 - කථා නිර්මාණ පොත් එළි දැක්වීම
රැ සහෘදයන්ගේ කථා නිර්මාණ ඉතා හොද මට්ටමක ඇති නිසා ඒ සම්බන්ධයෙන් පොතක් එළිදක්වන්න සුදුසු යැයි යෝජනා විය. එය සැප්තැම්බර් මාසයේදී කොළඔ BMICH හි පැවත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව කිරිමටත් ස්තිර විය.
මේ පොත පළකිරීම සදහා ප්‍රධාන සංස්කාරක වශයෙන් ටොම් පච විජේවර්ධන සොහොයුරා ව පත් කරන ලද අතර දිනය සහ තැන පිළිබද සංවිධානය කිරිමට සිප්පියා නෝනිස් සොහොයුරා ට පැවරිනි. මෙයට සොගමයේ සියලු සාමජිකයන්ගේ චාටර් කථ (stories) ඇතුලත් කිරීමට අදහස් කරයි
------------------------------------------------------------
රැ - ලේකම්
රැ කණ්ඩායමේ ලේකම් වශයෙන් සුස්ති ජයෝබංඩාර සොහොයුරා ව එකමතිකව පත් කරන ලදි.
------------------------------------------------------------
---------------------
ස්තූති කථාව
මීලග රූ සංවිධාන රැස්වීම කොළඹ දී පැවැත්වීමටත් එදින සංග්‍රහ කටයුතු සංවිධාන කල පච ගුනේ සහ පැනිමූනා ඇල්ලේවල ඇතුළු මිතුරන්ටත් රැ ලේකම් සුස්ති ජයෝබංඩාර විසින් ස්තූතී කරන ලදුව පසුව සබාව සතුටින් විසිර ගියහ.
------------------------------------------------------------
ස්තූතියි.
ගුනේ අය්යා.
President of the Association

Monday, August 29, 2011

කුනු ගෝනි ලාබයි

කුනු ගෝනි ලාබයි
මේ කතාව අපේ බුවාලා දෙන්නෙක් තවත් අපේ බුවෙකුට කරපු වැඩක්. ඉතින් දන්නවනේ කොල්ලෝ වෙච්චහම කරන හුරතල් වැඩ හරී හුරතල් හරී ස්වීට් වැඩ කරලා නොදන්නවා වගේ ඉන්නවා. ඉතින් අපේ බුවාලා දෙන්නෙක් ගෙදර තියන කුනු ටික එකතු කරලා ගෝනියකට දැම්මේ රාත්‍රි කාලයේ කාගේ හරි ගෙදරකට ගිහින් දාන්නනේ, දන්නවා ඇතිනේ කොලු කාලෙට කරන වැඩ. ඉතින් මේ බුවා තව යාලු බුවෙකුත් එක්ක ගිහින් හිමින් සීරුවේ මේ කුනු ගෝනිය දැම්මා ප්‍රදීප් ලෑ ගෙදර. පස්ස නොබලා දුවපු මෙයාලා හිමින් සීරුවේ ගෙදරට ගොහින් මේලෝ හසරක් දන්නේ නැති රට හාවෝ දෙන්නෙක් වගේ දොය්ය ගත්තේ වගේ වගක් නැතුව. ප්‍රදීපයත් සර සර ගාන සද්දයක් ඇහිලා ඒලියට ඇවිත් බලන කොට අනේ කුනු ගද ගහන තෑගි පාර්සලයක් ගේ දොරකඩ. ගෙනාපු ඈයන්ගේ අම්මලා තාත්තලා විතරක් නෙමේ කිරි අප්පලා කිරි මවුන්ලා මතක් කරපු ප්‍රදීපයත් මේකට මොකද කරන්නේ කියලා කල්පනා කලා. ඌටත් ඉතින් යාලුවෝ ඉන්නවනේ. ටිකක් වෙලා කල්පනා කරපු මෙයත් තීරනයක් ගත්තා මේක සුරක්ෂිතව තැම්පත් කරන්න ඕන තැන මෙහෙම හිතලා. කුනු ගෝනියත් අරගෙන ගියා යාලුවෙකුගේ ගෙදර හිමීට ඒක තැම්පත් කරලා බලු කරදරේ මැද්දෙ හීන් සීරුවේ ගෙදර ඇවිත් සැපසේ දොය්ය ගත්තා.
ඉතින් අනිත් දවසේ උදේ ඇහැරලා නිදි ගැට එහෙම හැරලා ගෙදර ඉස්සරහට ආපු පලවෙනි බුවා ගේ දොරකඩ ගහලා තියන කුනු ගොඩ දැකලා හරියට සතුටු උනාලු තමුන් දැම්ම කුනු එක තමුන්ව ආය හොයාගෙන ආවම කාටද සතුටු නැත්තේ නේද? කොහොම හරි අපේ බුවාට කුනා කියලා නමකුත් වැටුනා යාලුවා නිසා.