Monday, October 24, 2011

මේකිට දැම්මම බබෙකුත් හම්බ වෙලාද?


පහුගිය සතියේ ග්‍රීස් යක්කු පිස්සු යක්කු කරදර නොකරපු නිසා මෙලෝ රහක් නෑ මව් තුමිය ගෙදරින් එලියට බහින්න දෙන්නෙත් නෑ අම්මපා ගුනේ අය්යව ගෙදර තියාගෙන ගෙදරට නාකි කොරන්නද කොහෙද උන්දැගේ කල්පනාව. ඔහොම හපන් කම් මෝඩ කම් එක්ක මනෝ පාරක් ගහ ගහ ඉන්න කොට අල්ලපු ගෙදර අක්කා එනවා බීඩියක් ගහගෙන සමාවෙන්න ලොකු පාර්සලයක් ඔතාගෙන අම්මපා ඒක බරයි. වගේ ඇයි අක්කේ බරටම උස්සගෙන නOගිවත් කොටහලු උනාද? ගුනේ අය්යා ඇහුවා නෙමේ ඇහුනා. අනේ නෑ මල්ලි මේ ලකී බබාට උන හැදිලා අනේ මේකිට දැම්මම බබෙකුත් හම්බ වෙලාද? අපි දන්නෙත් නෑනේ එහෙම හිතලා ලකී බබාගේ ජාතෙ ජාතකේ හොයන්නේ නැතුව ඉතින් මම මොකද කරන්නේ කියලා ඇහුවා.. අනේ මල්ලි බබාට බේත් ටිකක් ගේන්න යන්ද? බලහල්ලකෝ අපිට වෙන වැඩ අල්ලපු ගෙදර වැඩ වලට අපි වග කියන්න... අනේ අම්මපා මුන්ට ලැජ්ජා නැති හැටි ලැජ්ජා නැති වැඩ කරලා තව මගේ කන්‍යාබාවයත් නැති කරන්න එනවා. ගුනේ අය්යා කිව්වා නෙමේ හිතුවා... ඈ. කොහොම කොහොම හරි ගුනේ අය්යත් ඉතින් ලෑස්ති උනා.. අනේ මල්ලි ලකී බබාට සහ ලෝලා උන මෙයාව පොඩ්ඩක් වඩා ගන්නෙ කියලා අතේ තිබුන පාර්සලය අතට දුන්නා. හානේ හරී හුරතල් කියලා ගුනේ අය්යත් ලකී බබාගේ නහය මිරිකුවා විතරයි. ලකී බබා බුහ් බුහ් කියලා බුරන්න පටන් ගත්තා... ඉදකින් මේ ගෑනි ලකී බබා කියලා වඩාගෙන පාර්සල් කරගෙන අරගෙන ඇවිත් තියෙන්නේ ගෙදර ඉන්න වල්ටේෂන් වලට ඉමිටේෂන් දාලා හදපු පර බල්ලාව...තූ නොදකින් මටත් ගෙරි බල්ලෝ වඩාගෙන පාරේ චාටර් කන්න තරම් පවක් කරලා කරවපු මේ ගෑනිව කොටියම කාපිය කියලා හිතාගෙන ගුනේ අය්යා ගියා මග දිගට හැමෝම අහන්නේ ගුනේ උබ බැන්දද කියලා කීචෝක් එකට, අනේ උබේ බබාද ඔය කියලා උබේ කපාපු පලුව කියලා ඒ වෙලාවට තමයි හිතෙන්නේ මේ ගෑනිගේ පලුවක් කපලා හිරේට යන්න.. මොන නවනින්ගිරාවක්ද ගුනේ අය්යා එහෙම තැන තැන පච වෙලා තියනවද? ඔහොම ටික දුරක් යන කොට හීනියට බටේකින් වතුර විදිනවා වගේ තේරුනා ටිකක් සුවදායකයි. මේ පෙරේත බල්ලා මෙන්න ඇගේ චූකරලා. මුගේ අහවල් එක කපන්න එපැයි. යකෝ මO වැඩිමල් කියලවත් හිතුවද? මූ නම් අසීලාචාර තුච්ච, පෙරේත හිවල් මොටක්... කොහොම කොහොම හරී අපි ගියා පශු වෙද මහාතා ගාවට ගිහින් ලෙඩේ කිව්වා ලකියාත් ඩොකා ගාවට ගියාම බබා වෙන්න යනවා ඊට දෙවෙනි නැ අක්කා ඒකී හරියට බබාගේ බබා වගේ අනේ අම්මපා මේ ලකියවා හදා ගන්න වෙන්නේ නෑ ඒ කෝලO වලට කොහොම හරී පසු පාද‍ය උස්සලා ලොකු ඉන්ජක්ෂන් එකක් විදපු ඩොකා අOකලුත් ඔතලා දුන්නේ නැතැ මේ හිවල් මොටාව මගේ අතට හරියට මම උගේ මහ එකා වගේ... අම්මපා මුගේ හත්මුතු පරම්පරාවටම මේවා පල දෙන්න ඔන මට කියලා බල්ලෝ වඩා ගත්තට. ඒ කත් ඉවරයි කියමුකෝ දැන් අපි ගෙදර එනවා පාරේ බල්ලෝ බුරනවා මේ මල කෝලO දැකලා ( ඒක බල්ලෙක් ගුනේ අය්යට කියනවත් ඇහුනා අර බල්ලව වඩාගෙන යන යෝදයට නම් පිස්සු කියලා බලහල්ලකෝ බල්ලO ගෙනුත් පදිරි වෙන්න වෙලා ) කොහොම හරි ටික දුරක් යන කොට පාරේ බල්ලෙක් ඉදලා බුරාගෙන පැන්නේ නැතෑ ලකියගේ ඇගට ලකියත් නැට්ට පස්චාත්බාගයේ ගහගෙන ආරක්ෂාකාරී පියවරක් අරගෙන දිව්වා නේද? හතර අතේ අනේ ගුනේ ඉවරෝයි.. බල්ලා ගුනේ අය්යව පතුරු ගහලා මෙන්න මෙහෙම කිව්වා අහක යන බල්ලෝ රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්න එපා කියල.. අම්මෝ තාම දනවෝ

Thursday, October 20, 2011

රොටියමැද්දෙ තියනවා කොටියෙක්ගේ දතක්.

අනේ ඉතින් පහුගිය දවස් වල කිසිම සාටර් එකක් නැතුව ගුනේ අය්යත් සාටර් වෙවී ඉන්න කොට මෙන්න ගුනේ අය්යාගේ අම්මා ගුනේ අය්යට රොටියක් ගෙනත් දුන්නා රොටියක් කිව්වට රොටියක්ම නෙමේ ඒක එලවලු දාලා හදපු එලවලු රොටියක්..ඉතින් ඔහොම රොටිය කකා ඉන්න කොට රොටිය මැද්දෙ තියනවා කොටියෙක්ගේ දතක්. ඉතින් කල්පනා කලා මේ දත ගැන හොයන්න....

අද ඉතින් අපි දත ගැන කතා කරමු... දත වනාහී නොයෙක් නොයෙක් ආහාර වර්ග කපා කොටා මිරිකා කුඩු කර ගැනීමට මිනිසාට ස්වභාව දර්මයා විසින් ලබා දී ඇති මහාර්ඝ වස්තුවකි. ඒ මිනිස් දත ගැනය..
ඇපෙ සීයාට හොදට කතන්දර කීමට හැකිය අපි ඒ දවස් වල  දත කට මැදගෙන බලා සිටින්නේ දත් නැති කටේ මත පෙන්නාලා කරන සීයාගේ කතාව කීමට ඇසීමටය
"කෝට්ටේ කළාලේ කිසිල්ලේ දත මැද ගන් රාලේ" ඓතිහාසික නවකතාවක තිබුනා වගේ ගුනේ අය්යට මතකයක් ඇත කෙසේ වෙතත් දත් මැදීම හොද පුරුද්දක් බව නොකිය මනාය
සි0හයට ඇත්තේ උල් දත්ය,. බල්ලාට ඇත්තේ බලු දත්ය. බබාට ඇත්තේ කිරි දත්ය. ඒ අතර සමහරුන්ට කිරි කිරි දත්ද ඇත. 
පහුගිය දවසක මාරම කෙනෙක් ගුනේ අය්යා දැක්කේය එ ස0ජය දත්ය. සමහරු කියන්නේ මම උබේ දත් ටික බ
ඩට යන්න දෙන්න පුලුවන් කියාය. එතකොට නම් අපේ දත කට පූට්ටු වෙනවාය.සමහරු දත කවති. සමහරු දත නියවති. සමහරු දත් බැද ගනිති. සමහරු දත් සුද්ද කර ගති. සමහරුන්ගෙ දත් වලට් අලියන් පඩිති ඒ දත් වල හැටිය.
අපි පොඩි කාලෙ මෙ වගේ කතාවක අසා ඇත. ඒ දත කට පූට්ටු වෙනවා කියාය. සමහරු කියන්නේ දත් ටික බඩට යවනවා කියාය. සමහරු මූදටද දත නියවති.
අපෙ ගමෙ දත් බදින පොර දන්ත කාර්මිකයාය. ඔහු දත් දොස්තර ලෙසද හැදින්වෙ. ඔහු නිසා කීප දෙනෙකුගේම දත් ගැලවී ඇති බව වාර්තා වී ඇත.. ඒ ඔවුන් සියල්ල දත් නිසාය...

Tuesday, October 18, 2011

”රෙද්ද පල්ලෙන් වැටේ 'අයිබං' කටේ නරිවන්දම්..”

අද අපි ටිකක් රෙද්ද ගැන කතා කරමු …….

රෙද්ද කියන්නේ අපේ විලි වසා ගැනීමට බාවිතා කරන විෂේෂ ඇදුම් විසේසයකි. අපේ තාත්තා නම් කියන්නේ අපි ගමේ රෙද්ද බැනිය ඇන්ද මිනිස්සු කියාය. හැබැයි සම හරක් බීපු වෙලාවට රෙද්දද නැතුව යන එන බවද ගුනේ අය්යා දනී. සමහරු නම් කියන්නේ වි කෙයා ඔල්වෙය්ස් කියාය ඒවිට. අපේ අය්යා නම් කියන්නේ ආච්චිගේ රෙද්ද තමයි අපේ සල්ලි ඉවරයි කියාය.
අපෙ ගමේ චන්ඩියා සිරිපාලයාය ඌට අහක යන රෙද්දක් උවද කම් නැත. දවසක් උගේ තරහා කාරයකුට සිරිපාලයා නෙලුවේ සුලු දිය පහර රෙද්ද පල්ලෙන් බෙරෙන්නටය හැබැයි ඒ වෙලාවට රෙද්ද උස්සා බැලීම ගද ගහන ටොයිලට් ඒකකට අත දැමීම හා සමානය.. නමුත් ඉතින් සිරිපාලයගෙ  කෙරුවාව රෙද්ද පල්ලට ! ගියෙ ගමට බට අලුත් චන්ඩියා නිසාය. සිරිපාල ඒවිට රෙදි නැතුව මුලු ගම වටා දිවු බව තමයි ආරන්චි. ඔන්න ඉතින් කල පවු පල දෙන විට කගේ කාගෙත් රෙදි ගැලවෙනවාය.
දවසක් අපේ නැන්දා සමූපකාරයට ගියෙ  රෙද්දක් ගැනීමටය. අනේ නැන්දගේ කරුම‍යට රෙදි ඉවර වී ඇත නැන්දා අපට කීවේ සමූපකාරෙ අහක්වෙලා රෙද්ද අහක්වෙලා කියාය…
ඇපේ සීයා කියන්නේ ”රෙද්ද පල්ලෙන් වැටේ 'අයිබං' කටේ නරිවන්දම්..” කියාය. ඒ ඉතින් සීයට තරහා ගිහාම නොවැ. ආච්චීටද රෙද්දක් ඇත ඒ ආච්චිගේ රෙද්දය නැතුව ඉතින් සාරිය ඔසරිය රෙද්ද හැට්ටය ආච්චි අදින්න ඇයි………
විහිලුවටවත් නොකල යුතු දෙයක් ඇත එ අහක යන නයි රෙද්ද අස්සේ දමා ගැනීමය..
මේ ඉතින් රෙද්ද සම්බන්ද කවියකි...

රෙද්ද ඇඳගෙන යන්නෙ හරියට.
බද්ද ගැහුවා කලක මෙන්.
උස්ස උස්සා බැන්ද යුරු දෙක.
ඉද්ද ගැහුවා විලසකින් ...