Friday, November 4, 2011

තමුන්ගෙ රියල් කවි සිත ඔකේෂනලි ඇප්ලයි කරලා තියනවා


මේක කතාව අපේ ජනකවියෙන්ගේ සීන් කෝන් එකක් ජනකවියා ජනකවිය ප්‍රායෝගිකව ඇප්ලයි කරපු විදිය මේ පොයම්ස් වලින් මොනවට පැහැදිලි වෙනවා. ඒ කාලේ හිටපු අපේ රියල් ජනකවියෝ තමාට දැනෙන දුක වේදනාව තරහා විතරක් නෙමේ කාන්සිය මහන්සිය දිහාත් බලල තමුන්ගෙ රියල් කවි සිත ඔකේෂනලි ඇප්ලයි කරලා තියනවා..

මේ අපේ ගමේ ගොඩෙ කිරින්දේ අප්පුහාමි මාමා කරපු රියල් ගේම් එකක් තමයි අද කතාකරන ස්ටෝරි එකට හේතු බූත වෙලා තියෙන්නේ. දැනට වසර 50 කට ඉතර එහා පැත්තේ ආදායම් පාලක කියලා පොසිෂන් එකක් තිබිලා තීයනවා. මේ පොසිෂන් එකේ ඩියුටි එකක් තමයි. හාල් පොත අප්ඩේට් කරන එක.

ඉතින් දන්නවා ඇතිනේ කූප්‍රකට කවියෙක් හිටිය විමල රත්න කුමාරගේ කියලා මෙතුමගේ ජොබ් එකත් රජයේ ආදායම් පාලක නිලධාරි, කවිය අවිය කරගෙන ජීවත් වුන මෙතුමා රියල් වින්දනීය ජීවිතයක් ගත කලා කියලා තමයි. තතු දත්තෝ කියන ඉන්පොමේෂන් වලින් ගුනේ අය්යට හිතෙන්නේ.

ඉතින් මෙතුමා රජරට පලාතේ ඩියුටි කර කර ඉන්න කොට කිරින්දේ අප්පුහාමි කියන අපේ අoකල්ට ඕන උනා මේ හාල් පෙත හදා  ගන්න අප්පුහාමි මාමාත් ලිවුවා ලෙටර් එකක් දන්න ගරු ගාම්බීර වරුනා ඔක්කොම දාල මගේ හාල් පොත හදලා දෙන්ඩෝ කියාලා... අනේ කෝ ඉතින් විමල රත්න කුමාර ගම්ගේ මහත්තයානම් දුන්නේ නෑ රිප්ලයි එකක් මොකෝ කරන්නේ තරහ කරගන්න යෑ.... ආදායම් පාලක නිලධාරි තුමාව අප්පුහාමි මාමා ලිවුවා කවියෙන් මෙහෙම

 දහතුන හත පනස් අට දින දරන මගේ

ලිපියට නියම යුතුකම් කල නිසා හිගේ

මැතිනියනි තවත් කරදර මට නොකර දිගේ

බැතියෙනි හාල්පොත එව්වොත් බොහොම අගේ

 

වැරදීමක් වීම මිනිසා සතු සිරිත

ඉවසීමක් කෙරුම දෙවි ගතියකි නියත

වැරදීමක් වුනොත් කීමෙන් පලක් නැත

තෙරපීමක් නොකර එව්වොත් හොදයි පොත

 

අOගොඩ ගොසින් මනසට වෙදකම් ගන්ඩ

ඉන් සුව වෙලා ආවත් නැත සැනසෙන්ඩ

පිO අඩි වලට මනි හිග වී පොත ගන්ඩ

ඉන් මට උනේ කුසගින්නේ කොදුරන්ඩ

 

පතරා මැතිදු උබ මගෙ ලිපි නිසරු කොට

එතරා කරනවද උබේ කුනු කූඩයට

කුමරා උනත් වෙරි මත පිට නොකර රට

පමා කොකර පොත එව්වොත් හොදයි මට


කොහොම කොහොම හරි අප්පුහාමි මාමා හාල් පොත හදාගෙන තියනවා කවිකමට පින්සිද්ද වෙන්න

මහ චපල ජාතියක් චායා..............සමහරු සමහරුන්ගේ වන්දි බට්ටයෝ වෙනවා අවස්ථාව බලලා...

ජෝතිෂ්‍ය කියන්නේ අවු: 4000 පමන පෙර අරාබි කරයේ බිහි වුන විද්‍යාවක් විදියට අපට වැදගත් වෙනවා ඉතින් අදට ඒක ඇප්ලයි වෙන විදිහ දිහා ගොඩක් ගෙනෙක් ඔලුව දාලා බලන්නේ ඒකට තියන ඉන්ටරස්ට් එක නිසානේ. ඉතින් විද්‍යාවක් විදියට මේ ජෝත්ෂ්‍යත් ලෝකෙට එන්ටර් උනේ අපේ ඉර්ෂි වරුන්ට පින්සිද්ද වෙන්න එදා ඉදලා අද දක්වාම ජෝතිෂ්‍ය විද්‍යාවත් කලස් පෙන්නගෙන වැජබෙන්න ඒ ගැන ඉතිරී පැතිරී තියන අන්ඩස්ටෑන්ඩ් එකක් තිබුන පොරවල් දායක උනා කිව්වොත් මම නිවැරදියි...
රවි, බුද, චන්ද්‍ර යනාදී ග්‍රහ තරු වල චලිතය ඉතරක් නොවේ රාහු, කේතු කියන චායා ග්‍රහයනුත් මේ  වැඩ සටහනට එන්ටර් වෙලා උදාවූ රාෂිය නැකත අනුව පලාපල වෙනස් වෙනවා..... ඒක තමයි සරලව පලාපල කියන ක්‍රමය අනිත් කාරනය තමයි ඔය ග්‍රහයෝ කියන්න්නේ මහ චපල ජාතියක් සමහරු එක එකත් එක්ක තරහයි සමහරු සමහරුන්ගේ වන්දි බට්ටයෝ වෙනවා අවස්ථාව බලලා...
මේ විද්යාව හදාරද්දී තවත් කතා කරනවා නම් ආකාෂ වස්තු වල චලනයක් පවතී වේගය අඩු වැඩි වේ එම නිසා නිස්චිත කාලයක් මැනිය නොහැක මා දන්නා පරිදි සෙනසුරු රවුමක් යන්න වසර 29 1/2 පමන ගතවේ නමුත් මෙය නියතයක් නොවේ. අප කොලබ සිට ගාල්ලට ගමන් කරනවා යයි සිතන්න.... එවිට එකම කාලයට දින කීපයක් ගමන් කල හැකිද? කාලය වෙනස්වේ. එබැවින් පලාපලද වෙනස් විය යුතුය මගේ මතය එයයි... මා දන්නා පරිදි ගනනය කල නොහැකි ප්‍රායෝගික තත්වයන් මේ විද්යාව තුල පවතී. ටවද ආකාෂයෙත් ටැරැපික් තියනවා... ග්‍රහයෝ වක්‍ර වෙනවා (ඒකියන්නේ සාමාන්‍ය ඉලිප්සාකාර මාර්ගයෙම යන්නේ නෑ පොඩ්ඩක් පිට පොට පනිනවා....පාරිසරික සාදක බලපානවා ග්‍රාහක වැටෙනවා.... සමහර වෙලාවට ග්‍රහ තරු විනාෂත් වෙනවා.. එතකොට...ඔවත් ජෝතිස්යේ තියනවා හොයාගෙන තියෙන්නේ ඉර්ෂි වරු නමුත් ඒගොල්ලෝ නොසලකා හැරපු දේවල් තියනවා. ඒවා ප්‍රබල උනොත් පලාපලේ වෙනස් වෙනවා සමහර ජොතිස්ස මුදලාලිලා මේවා නොදැන හදහන් විකුනනවා. කොහොමත් කොම්පි‍යුටර‍යට හොදට පලාපල කියන්න බෑ... එකට හොදට හිතන්න බැරි නිසා. ග්‍රාහක කඩා වැටිලා වෙන හානිය ගැන ග්‍රහ තරු වල පරිමිතිය විෂ්කම්බයේ වෙනස් වීමි සලකා බලලා නෑ කොටින්ම කියනවා නම් අපේ ක්ශීර පතයේ කොතනද කියන ස්ථානය බලලා නෑ සඔවට්ට විවට්ට කල්ප බලලා නෑ කොහොම හරි දිගු කාලයකට පස්සේ ජෝතිෂ්‍ය බොරු වෙන එක වලක් වන්න බෑ පරන ගනිත කර්මයන් වෙනස් නොවුනොත් කාලයෙ තාලයට...අනිත් එක තමයි මගේ අදහසට අනුව ගනිත කර්මත් අප්ඩේට් වෙන්න ඕන... මෙකද ග්‍රහ තරු අපෙන් එන්න එන්න ඈත් වෙනවා මොකද විස්වය එක තැනක හෙල්ලෙන් නැතුව තියෙන්නේ නෑ විස්තාරනය වෙනවා බැලුමක් පුම්බන කොට වගේ. කාලයක් පිම්බෙනවා කාලයක් හැකිලෙනවා මහා පිපුරුම කියන්නේ (ඕකට තමයි සoවට්ට විවට්ට කල්ප කියන්නේ) එතකොට සූර්යා අපිට ලග නම් පිච්චෙනවා ඈත නම් සිසිල් වෙනවා කියන සරල සිද්දාන්තය කියන්න ඕන නෑනේ.... ඕක තමයි පලාපලේ කියන්නේ අනෙක් ග්‍රහයනුත් පවතින ස්තානය අනුව වෙනස් වෙනවා...
කෙසේ වෙතත් නක්කත්ත යක්ක බූතානම්...... කියන කියන ගාතාවෙ හැටියට ඕවා නෑ කියන්න බෑ මගෙ අදහස යට වෙන්න ඕන නෑ... හොයලා බැලුවට කමක් නෑ තමුන්ගේ දැඩි අරමුනු සිත මගින් චර්ය්‍යා රටාවක් බිහිකරලා ඉටු කරලා දෙනවා ග්‍රහයෝ නීච උනත්.... එයයි මගේ හැගීම
බුදු දහමද අනුව......... මනෝ පුබ්බoග මා ධම්මා........ගාතාවේ හැටියට සිත සෑම දේටම මුල් වන බව සලකා බැලීම වටී.. ඔබට තෙරුවන් සරනයි

Wednesday, November 2, 2011

වෙහෙර ගිලපු එකාත් එක්ක අග්ගලා කමුද?....


8 වෙනි වාර්ෂික මහ සභා  රැස්වීම

සභාපති තුමාගේ වාර්ථාව

ශ්‍රී ලoකා අපත සoගමය කටුනායක.

 

මා ඉතාමත්ම සන්තෝස වෙනවා ඔබතුමන්ලාව අපත සoගමයේ සභාපති ලෙස පිලි ගැනීමට ලැබීම පිලිබදව මෙයට වැඩිමනක් වශයෙන් පසුගිය දොලොස් මසක කාලය සදහා එනම් 31.03.2011 අවසන් මූල්‍ය වර්ෂය සදහා අපගේ මූල්‍ය වාර්තාව ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

අප අපත සoගමයේ ක්‍රියාකාරී වාසීන්ගේ යහපත උදෙසාද, මාගේ යහපත උදෙසාද වෙන් වෙන් වෂයෙන් විවිධ ව්‍යාපෘති ගනනාවක් පසුගිය වසර තුල සිදු කල බව ඉතා සතුටින් මෙන්ම රහසින්ද ප්‍රකාශ කරන්න කැමතියි. ඒවාට අන්චි නොඇද මාව තවදුරටත් අපත සoගමයේ සභාපති ලෙස තබා ගැනීම පිලිබදව ඔබ බූරු  රැලට මාගේ හර්දයාන්ගම ආචාරය පුද කර සිටිනවා.

විවිධ අබියෝගතා හමුවේ පසු ගිය වර්ෂය තුල මා හට වාර්ථාගත ආදායමක් ලබා ගත හැකි උනි. ඒකාරනා මෙසේ කැටි කොට දක්වන්නට කැමැත්තෙමි.

(01) 31.07.2011 දින වාර්ශික විනේද චාරිකාව සOවිධානය කල අතර ඒ සදහා රු 125,000/= වැය කිරීමට සිදුවිය. මේ මුදල් ඉතාම සOයමයෙන් පාවිච්චි කලද  රු 25,000/= අධික මුදලක් මාගේ පරිහරනය සදහා වෙන් කර ගැනීමට හැකිවිය.

(02) අපත ක්‍රියා කාරී වාසීන්ගේ වාර්ෂික මහා දන්සැල් රාජයා පැවැත්වූයේ ප්‍රදේශ වාසී කොයි කාගෙත් සුලු කොටස් හිමියන්ගේත් අනුග්‍රහයෙනි. මෙහිදී අවස්ථා කීපයකදීම භාද එල්ල වුවත් සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගැනීමට ලැබීම ගැන ස්තුති පූර්වක පුන්යානු මෝදනාව ඔබවෙත පුද කරමි.

(03) අපත මාසික සමිතිවාර වලදී මහට ගසා කෑමට සහයෝගය දැක්වූ මාගේ හිතාදර සේවක මන්ඩලයටද ඒවා ඉත සිතින් ඉවසා සිටි අද්‍යක්ශක මන්ඩලයටද මාගේ ස්තුතිය පුද කරමි.

තවද මේ සමග අපත සoගමයේ වාර්ශික වාර්තාවද ඉදිරි වසර සදහා අයවැය වාර්තාවඩ මේ සමග ඉදිරි පත්කිරීමට බලාපොරොත්තු වෙමි. තවද ඉදිරි වසර තුල තවතවත් වාර්තාගත ගසා කෑම් කරමින් අපත සoගමය වල පල්ලටම යැවීමට කටයුතු කරන බව ඔබට දිවුරා පොරොන්දු වෙමි..

තවද තිස් වසරක යුද්දයෙන් පසු ඇතිවූ සාමකාමී වාතාවරනය හේතු කොටගෙන බිදී තිබූ හදවත් එකතු කොට  අපත සoගමය ආසියාවේ ආස්චර්ය කිරීමට සහයෝගය දැක්වූ ඔබට ස්තුතියි.

සභාපතිතුමා

ශ්‍රී ලoකා අපත සoගමය

 

.....................................

ගුනේ අයියා