Tuesday, December 13, 2011

කෙල්ලන් ගැන කොල්ලන් දැන ගත යුතු කරුනු 18 ක්....

 
1. ගමනක් යන්න ලෑස්ති වෙනකොට කෙල්ලන්ට අඳින්න හරියන ඇඳුමක් නෑ. රැක් පිටින්, අල්මාරි පිටින් ගොඩගහලා තියෙන ඇඳුම් ගැන අහන්න එපා කෙල්ලගෙන්. එහෙම ඇහුවොත් කියාවි ඔයාට ඕව තේරෙන්නේ නෑ කියලා 

2. කෙල්ලෝ අඬන්න හරිම දක්ෂයි, ඒ වුණාට එයාල අඬන්නෙ කවුරුහරි එයාල අඬන බව අහගෙන ඉන්නවා නම් විතරයි, තනියම ඉන්නවා නම් කෙල්ලෝ අඬන්නේ නෑ 

3. කෙල්ලෝ කෘමියන්ට බයයි, චණ්ඩිම කෙල්ලෙක්ට වුනත් මකුළුවෙක් හරි කැරපොත්තෙක් හරි ආවාහම කොල්ලෙක්ව ඕනේ වෙනවා ඌව පන්නාගන්න

4. කෙල්ලෝ toilet යන්නෙත් කණ්ඩායම් විදියට. එහෙම කරන්නේ ඒක ඇතුලෙදිත් එයාලට කයිවාරු ගහන්න පුළුවන් නිසා. කොල්ලෝ කවදාවත් කියන්නේ නෑනෙ "මචං අපි දෙන්නා toilet ගිහින් එන්න යමුද ?" කියලා

5. ජීවිතේට දැකලාවත් නැති කෙල්ලෝ දෙන්නෙක් toilet එකට ගියාම ඒ දෙන්නෙ ජීවිත කාලෙම දන්න යාලුවෝ දෙන්නෙක් වගේ එළියට එන්න ඉඩ තියෙනවා. ඒ කෙල්ලන්ගේ හැටි 

6. කෙල්ලන්ට තේරෙන්නේ නෑ කොල්ලෝ සෙල්ලම් බඩුවලට කැමති ඇයි කියලා, ඒ වුණත් කෙල්ලෝ දන්නේ නෑ කෙල්ලන්ට on/off ස්විච් එකක් තිබ්බනම් කොල්ලන්ට සෙල්ලම් බඩු ඕනේ නෑ කියලා

7. කෙල්ලෝ ෂැම්පූ ජාති තුනක්වත් සහ කන්ඩිෂනර් ජාති 2ක් විතර නාන්න ගියහම පාවිච්චි කරනවා, කෙල්ලෙක් නාල ඉවර වුනාට පස්සෙ බාත් රූම් එක පුරාම ඝර්ම කලාපීය වැසි වනාන්තරයක් වගේ සුවඳ ගහනවා, ඇයි ඉතින් ගාන ඔක්කොම දේවල් හර්බල් නේ

8. සාමාන්‍යයෙන් කෙල්ලන්ට පඩි ගෙවන්නේ කොල්ලන්ට වඩා අඩුවෙන්, ඒ වුණත් ඒක් තැනකදී ඒක වෙනස් වෙනවා, ඒකට තමයි මොඩ්ලින්ග් කියන්නේ

9. කෙල්ලෝ පූසන්ට ආදරෙයි, කොල්ලොත් ඉතින් කෙල්ලෝ ඉන්න තැන්වල කියනවා එයාලත් පූසන්ට ආදරෙයි කියලා, ඒ වුණාට කෙල්ලෝ නැති වෙලාවට කොල්ලෝ පූසන්ට ගහන්නේ පයින් 

10. කෙල්ලෝ ෆෝන් එකෙන් කතාකරන්න මාර ආසයි, ඇත්තටම ඒක එයාලගෙ සහජ හැකියාවක්. යාළුවෙක්ගෙ ගෙදර සති දෙකක් නැවතිලා ඉඳලා ගෙදර ආවගමන් වුනත් ඒ යාලුවා එක්ක ෆෝන් එකෙන් පැය තුනක් කතාකරන්න දේවල් කෙල්ලෙක්ට තියෙනවා

11. කෙල්ලෙක්ට කඩේ යන්න, ගස් වලට වතුර දාන්න, ගේ අතුගාන්න, ෆෝන් එකට ආන්සර් කරන්න, පොතක් කියවන්න, ඊ මේල් බලන්න කලින් ඒ ඒ වැඩේ සඳහා සුදුසු ඇඳුමක් ඇඳගන්න ඕනා. කොල්ලන්ට නම් ඔය ඕන එකක් කරන්න ඇඳුමක් විතරයි ඕනා

12. කෙටි පාරක ගිහින් අතරමං වෙයි කියන බයට කෙල්ලෙක් හැතැම්ම ගාණක රවුමක් ගහන්න වුනත් සූදානම්

13. කෙල්ලෙක්ට මැප් එකක් කියවන්න බැහැ මැප් එක තමන් මුහුණලා ඉන්න පැත්තට හරවගන්නේ නැතුව

14. කෙල්ලෝ හැමතිස්සෙම හිතන්නේ තමුන් හරිම මහතයි කියලා, කෙට්ටුම කෙල්ලෙක් වුනත් පුලුවන්නම් බර අඩුකරගන්න වේට්ස් කරාවි

15. කෙල්ලෝ කොල්ලෝ එක්ක සමතැන ගන්න කතා කරනවා, ඒවුණට පුදුම වැඩේ කියන්නේ අල්මාරියෙන් බාගයක් කොල්ලට දෙන්න, පාරට කුණුගෙනිහින් දාන්න, බුස් එකෙ ෆූට්බෝඩ් එකෙ යන්න වගේ අවස්ථාවලදි විතරක් එයාලට සමතැන එපාලුනේ.

16. ගමනක් යන්න ලැහැස්ති වෙනකොට කෙල්ලො ලෑස්තිවෙන්න පැය ගාණක් ගන්නවා, කොහොම හරි අන්තිමට ලෑස්තිවෙලා අදාල තැනට ගියාට පස්සෙ කරන්නේ අනික් කෙල්ලන්ගෙ ඇදයක් හොයන්න පරීක්ෂාවෙන් බලන් ඉන්න එක.

17. කෙල්ලෝ කොච්චර වෙන කොල්ලෝ දිහා හොරෙන් බැලුවත් කොල්ලට මීටර් වෙන්නෙ නෑ, ඒ වුනාට බොහොම කලාතුරකින් හරි කොල්ලා වෙන කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා කෙල්ලට අහුවෙනවාමයි.

18. කෙල්ලෙක්ට තැනකට ගියාම වෙන්න පුලුවන් චාටර්ම වැඩේ තමුන් ඇඳන් ඉන්න ඇඳුමම තව කෙල්ලෙක් ඇඳන් ඉන්න එකයි, කොල්ලන්ට ඕකේ ගාණක් නෑ, ඔයාල කවදාවත් අහලා නෑනේ කොල්ලෙක් කියනවා, "අයියෝ අන්න අරූ මගෙ ජාතියෙම ඩෙනිමක් ඇඳලා, මට නම් බෑ තවත් මෙතන ඉන්න කියල කියනවා " 

මෙය ගුනේ අය්යාගේ නිර්මානයක් නොව උපුටා ගැනීමක් බව පාථකයෝ කරුනාවෙන් සලකත්වා....

Wednesday, November 30, 2011

බිම්බරක් වගේ ...... බරක්......... පටවි, ආපෝ, තේජෝ,............ වායෝ

 
විෂ්වයේ මූල පදාර්ත විද්‍යානුකූල විවරනයක යෙදෙනවා නම් ඝන, ද්‍රව, වායු ලෙස බෙදා දැක්විය හැක. ඒවා මූල ද්‍රව්‍ය ලෙස හැදින්වෙන අතර විෂ්වයේ පැවැත්මක් ඇති නැති සියල්ලම මේ මූල ද්‍රව්‍ය නැතහොත් මූලික ද්‍රව්‍ය වලින් නිර්මාපක බව විද්‍යාක්නයන්ගේ මතයයි. එය හුදු ඇස, කන, නාසය, දිව, ශරීරය යන පOච ඉන්දිරියන්ට ගෝචර වන්නාවූ සීමාවේ සිට කරන ලද්දක් බව අපට පැහැදිලිය. නමුත් අප පරමාර්ථ සත්‍ය ලෙස සලකා බලන විට මේ සියලු දෑ පටවි, ආපෝ, තේජෝ, වායෝ යන පදාර්ථ සතර එක්වී නිර්මානය වී ඇති බව පැහැදිලිය.

පට්වි    - තද ගතිය
ආපෝ - ද්‍රව ගතිය
තේජෝ- උනුසුම් සීතල ගතිය
වායෝ  - වායුමය ස්වබාවය

මෙලෙස පදාර්ත සතර එකතුවී මේ සරුසාර මිනිසා හෝ නිස්සාර මිනිසා බිහිවී ඇත. වින්නානය( මහා අද්‍යාත්මය ) මේ මූල දර්මයන් හා ගැටීමෙන් මිනිසා ක්‍රියාශිලී වී ඇත. යම් දිනක මේවා නිරුද්ධ වීමෙන් මිනිසා මරනයට පත්වූ බව අපට හැගෙන අතර අප පුද්ගලයා මිය ගියා යන සත්‍ය පිලිගන්නා නමුත් මූල පදාර්ථයන් මූල පදාර්ථයන් හා එක්වීම එකවර හදුනා නොගනී. මේ අවිද්‍යාව නැතිනම් මුලාව කරන කොට ගෙන ඇති වන්නාවු තත්වයකි. එනම් ඇත්ත ඇති සැටියෙන් දැකීමට අප තුල පවත්නා නොකමැත්ත හෝ අවිද්‍යාව යන්න මාගේ හැගීමයි.


සරල ලෙස පවසනවා නම් මේ කය අපගේ ආත්මාථකාමී අවශ්‍යතාවයක් සදහා ස්වභාව දර්මයා ඇති කල දෙයක් නොවන බවත් එය සමාජයේ යහපත උදෙසා යෙදවිය යුතු යානාවක් බව අපට පැහැදිලි කර ගත යුතු බව මාගේ හැගීමයි. ඒ මේ මිනිසා මහා නිර්මානය ස්වභාව දර්මයා බිහිකල හේතුව ඉටු කිරීමට මිනිසා බැදී සීටී. ඒ ලොවම සුන්දර කරන සුන්දර මිනිසකු ලෙස ජීවත් වීමයි.


ප.ළි:- ජීවිතයේ ශුනයතාවය පාඨකයෝ වටහා ගනිත්වා. කුසලට නොපමා වෙත්වා... ඔබට තෙරුවන් සරන

Sunday, November 27, 2011

කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට...




ඔන්න දැන් තමයි වාදෙ..
 
 
 
කවියා:
දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
රතු කැටයක් වගෙයි හරියට කහවත්ත
කිවිඳිය:
උපමා කියයි දම දම බොරු හිනාව
මට තේරුණා අමරෙගෙ උවමනාව
වයසට ගියත් ඉස්තිරි වර්ණනාව
හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව

කවියා:
අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි
කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි
දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි
මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු නිසයි
කිවිඳිය:
රණ හංසයින් පෙන්නා ළැම මත පීනූ
අමරේ කවි ලියයි උපමා අඩු නූනූ
වරලස සිකි පිළලු හඳ වාගෙලු මූණූ
කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ ගෑණූ
කවියා:
කන් පෙති සිනිඳු අරලිය මල් පෙතිය ඇගේ
පස්සා පැත්ත හරියට පුන් කළස වගේ
සුව දෙන මෙට්ටෙකට දෙවෙනිද සිරුර ඇගේ
දුටුවා එවැනි එකියක මගෙ තරුණ යුගේ
කිවිඳිය:
කැත එකියකට බොරු උපමා හරි ගස්සා
ඔල්මාදයෙන් දොඩවයි මේ කවි පිස්සා
පුන් කළසකට සමවේ නම් පිටි පස්සා
පාරේ ගියේ කොහොමද ඇය අඩි උස්සා
කවියා:
කුඹුකේ ළිඳෙන් දිය නා ගෙන අසල වෙලේ
තාලෙට කළය රඳවාගෙන උකුලු තලේ
සුවඳට ඇගේ මල් පිපුණා අසල කැලේ
අප වැනියන්ට පමණකි එය දකින මොලේ
කිවිඳිය:
අමරේ ගැහැණු ගැන මෙහි බොරු සිහින දකී
කවි යයි කියා පවසන්නෙම බොළඳ වැකී
සතියක් යන්න පෙර මංගල නැකත මැකී
වෙන මිනිහෙකුට බහ දුන්නලු ගෙදර එකී

කවියා:
කවි පද වලට කොතැනකවත් නෑ මෙල්ල
ඔබ හින්දයි ගියේ වෙනතක කෙල්ල
මට පෙම් පිපාසය - හරියට පෑවිල්ල
නංගියෙ, චූට්ටක් දෙනවද නා දල්ල?
කිවිඳිය:
අප වැනි ගැහැණු දුටු දුටු තැන කෙළ ගිල්ල
වැටහෙයි නාකි අමරෙගෙ බොරු දැඟලිල්ල
දැන්නම් මගෙත් නැතිවෙනවා ඉවසිල්ල
නා දළු නොවෙයි අරගන්නෙමි දොර පොල්ල
කවියා:
කවියට කොතැන මුත් ඇත්තේ බාදකය
බැලුවම ගැහැණු වන මල් මෙන් ළාමකය
දැමුවට පසු ඇයට උපමා රූපකය
ඔලුවට එන හැඩයි දොර පොලු මාරකය
කිවිඳිය:
උපමා උපමේය දම දම පුරාණේ
එන්නෙම ළඟට මුල'සුනටත් හොරානේ
ඉන්නෙත් තවම අකලට දිරවලානේ
මට මොනවටද මේ වයසක පරානේ
කවියා:
සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවද මොකක්
නෙත යොමු කරනු පරිසරයට අවට ටිකක්
සිහිනිඟ මිටින් අරගත හැක නැතුව සැකක්
කහවත්තෙදිත් දැකගත්තෙමි එහෙම එකක්
කිවිඳිය:
හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
සක්කරවට්ටමක් යනකොට නළවාලා
ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා
මුලාසනය:
හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!

ප.ලි:-
මෙම නිර්මානයේ අයිතිකරු ගුනේ අය්යා නොවන බව පාථකයෝ කරුනාවෙන් සලකත්වා උපුටා ගැනීමකි..