Sunday, January 15, 2012

ශක්‍ර දෙවියෝ චන්දෙට වැඩ...





එක් දවසකැ ගුනේ අය්ය රාත්‍රි කාලයේ සීමහල් කවුලුවෙහි හුදකලාව හැසිරෙන්නේ‍යැ. සලකුනු නොදැන යන පොරවල් දෙකක් දැක...
තොපි කවරෙහිද????!!!! හුදකලාව මේ මැදියම් රැයෙහි කොහි යෙහිදැයි ගුනේ අය්යා ඇසීය. ඉක්බිතිව රාත්‍රියෙහි සන්චාරය කරන මුන් ඩබල තුස්නිම්බූතව ගොස් එම්බා නර පනුව අපි ගුනේ සොයා දෙව්ලොව සිත ආවෙමු යයි තෙපලීය. තවද මා මාතලී වන්නෙමි. මේ දෙදෙව්ලොවට අදිපති ශක්‍ර දේවෝත්තමයා යයි ගාම්ඹීර ලීලාවෙන් පැවසීය.
තොප සොයන ගුනේ නම් මම වෙමි කවර අබිප්ප්‍රයක් සදහා මා කරා ආවුද? ගුනේ අය්යාද දේව භාෂවෙන්ම දෙවි ඩබලට ටෝකක් දුන්නා ඈ
කාරනය නම් මෙය වෙයි තාගේ ගුනේ අය්යාගේ සාටරය දෙව්ලොව අනෙක් නාලිකා අභිබවා ජනප්‍රියවී ඇත්තේයැ.. සුදොවුම් සබාවේ බොහෝ බිනුම් ඇත්තේයැ..මාගේ ශක්‍ර පැටියාගේ සිට ..සතර වරම් දෙවිවරු දක්වා තොපගේ සාටරයෙන් කුල්මත්වී ඇති අතර මාද ඉදහිට තොපගේ සාටරය හොරෙන් බලමි.
එබැවින් කාරනය නම් මෙයැ වේ මා ඉදිරී සයවසර සදහාද ශක්‍ර පදවිය සදහා නාම යෝජනා බාර දුනිමි. එබැවින් ඉදිරි චන්ද ව්‍යපාරය සදහා ඇඩ් එකක් දමා ගැනීමට ආමී....ශක්‍ර තොමේ පැවසීය.
මම ඔය දේෂපාලන ඇඩ් දාන්නේ නැහැ..ගුනේ අය්යා තදින් කීවේය...
ශක්‍ර තොමෝද ගුනේ අය්යාට දන්ඩ නමස්කාරය කරමින් හඩමින් වලප්පමින් පෙරැත්ත කල නිසා ඇඩ් එක දැමීමට තීරනය කලේය.
ඉතින් ඔන්න ඇඩ් එක ක්ලික් කරලා ශක්‍ර දෙය්යන්ටත් සපෝට් එකක් දෙන්න හොදද.....(පවු අහින්සකයා පින් ඉවර වෙලාද කොහෙද?)
මෙන්න ඇඩ් එක
…………………………………………………………………………………………….
සියලු දෙනාගේම දැන ගැනීම පිනිසයි
ගරු සතර වරම් දෙවිවරුනි, මහේශක්‍ය දෙවිවරුනි, දෙවිවරුනි, නරපනුවනි....
දෙදෙව් ලොවට අදිපති ශක්‍ර දේවෙන්ද්‍රයානන් වහන්සේ ඉදිරී මැතිවරනය සදහා ශක්‍ර පදවිය සදහා නාම යෝජනා භාරදී ඇති අතර පසුගිය සය වසර පුරා ඔහු තවුතිසා බවන බ්‍රහ්ම ලෝකයක තත්වයට පත් කිරීමට කටයුතු කර ඇත.
ඔහුගේ  පාලන කලය තුල කල කී කටයුතු සැකෙවින් මෙසේය
01. දෙවිවරුන්ගේ යහපත වෙනුවෙන් කිරි මුහුද දෙවරක් කැලඹවීම
02. සුර අසුර යුද්දයේදී අසුරයන් පරාජයකොට දෙවුලොවට සාමය උදාකර දීම.
03. කල්ප වෘක්ෂ 1000ක් දෙවුලොව පුරා රෝපනය කිරීම.
04. සුරබිදෙන ජාන තාක්ෂනය තුලින් දෙමුහුන් කිරීම.
05. Etc ........
මෙම නිසා ඉදිරි මැතිවරනයේදී සුරබි දෙන ඉදිරියේ කතිරය ගසා ශක්‍රයාට සපෝට් එකක් දෙන්න.
ස්තුතියි...
මෙයට ශක්‍ර දෙවියෝ (LLB, ACA, MAAT, දේව බන්දු, දේව ශක්ති )
…………………………………………………………………………………………….
සැ.යු:- 


යාලුවනේ මගේ වෙබ් එකටත් ගූගල් ඇඩ්සෙන්ස් ලැබුනා.. ඉතින් මම ගොඩක් කල් ට්‍රයි කරලා තමයි වෙබ් එකට ඇඩ්ස් දා ගත්තේ කොහොම හරි ඒකත් ගොඩ ගියා ඔය ගොල්ලන්ට ඔන්න මට දැන් උදවු කරන්න වෙනවා

පහත තියන ලින්ක් එක ක්ලික් කරලා මගේ වෙබ් එකට ගිහිල්ලා මයි ඇඩ්ස් කියන තැන තියන ඇඩ්වර්ටීස්මන්ට් එකක් ක්ලික් කරලා මටත් උදවු කරන්න


http://faceact.blogspot.com/


ස්තුතියි..
නුවන් සම්පත් කුමාර







 

Wednesday, January 11, 2012

හිරේ හිටපු ගල් ටික් පොරකට ගෙදරින් ලියුමක් ආවා...


හිරේ හිටපු ගල් ටික් ගුනේට ගෙදරින් ලියුමක් ආවා...
----------------------------------
පුතේ අපිට දැන් වැලේ වැල් නෑ ගෙදර අක්කර දෙකක ඉඩමක් තිබුනට පොලොව එක්ක දැන් අපිට ඔට්ටු වෙන්න බෑ. මටත් දැන් හරි‍යට වලන්ගු නෑ. උබ හිටියනO පොලොව කොටලා අල ටිකක් හරි වවා ගන්න තිබුනා..

මීට තාත්තා..
----------------------------------


තාත්තට හැරෙන තැපෑලෙන් ලියුමක් ලැබුනා
----------------------------------
තාත්තේ දෙයියන්ගේ නාමෙට ඔය වත්තට විතරක් අත තියන්න එපා. ඔකේ මම බෝම්බ තුවක්කු , ඩප්පි, විතරක් නෙමේ කුඩුත් වලලලා තියනවා. මගේ වැඩ කිඩ ආපුහාම බලමු.

මීට සුරතල් පුතා
ගුනේ
----------------------------------

මෙන්න එදා රෑ

අපි CID එකෙන් යකෝ ඇරපියව් දොරවල් මේ ගෙදර උන් සේරම හොරු කියාලා CID මහත්වරුත් පොලව කොටලා හාරලා වත්ත උඩු යටිකුරු කරලා, කුඩු, ඩප්පි, මල්ටි බැරල් හෙව්වා අනේ මොකුත්ම නෑනේ. CID එකෙනුත් හොයලා හොයලා බැරිම තැන යන්න ගියා



තාත්තා ආය ලිව්වා ගුනයට මෙහෙම
----------------------------------
අනේ පුතේ Cඓඩ් එකෙන් ඇවිත් මුලු වත්තම හාරලා උඩු යටිකුරු කරලා යන්න ගියා. හැබැයි මුකුත් අහු උනේ නෑ. අපි දැන් මොකද කරන්නේ පුතේ...

මීට තාත්තා

 ----------------------------------

ගුනෙත් ලිව්වා පිලිතුරු ලිපිය මෙහෙම
-----------------------------------
තාත්තේ මට කරන්න පුලුවන්දේ මම කලා තාත්තා ඔය වලවල් වල දැන් අල ටික හිටවා ගන්න.

මීට ගුනේ

-----------------------------------

ප. ලි :- උපුටා ගැනීමකි

Monday, January 9, 2012

ආතල්ද යකෝ ප්‍රශ්න දහයක්නේ.....


01. ලOකාවේ රන් සහ මිනි ලැබෙන එකම ස්ථානය ( තැන්න ) කුමක්ද?
රන්මිනි තැන්න.


02. වැඩියෙන්ම බෙලි තිබෙන ස්ථානය කුමන නමකින් හදුන්වයිද?
බෙලි ලෙන.


03. වැඩියෙන්ම රස අග්ගලා විශේෂය කුමක්ද?
කලු අග්ගල


04. රජයේ කේන්ද්‍රය බලා ගන්නා ස්ථානය කුමක්ද?
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය


05. මල් වලින් සාදා ගන්නා භයානකම වෙඩි වර්ගය කුමක්ද ?
මල් වෙඩි


06. වෙඩි තැබීමට බාවිතා කරන බෙහෙත් වර්ගය කුමක්ද?
වෙඩි බෙහෙත්


07. මල් යොදා ගෙන තරුන උදවිය කරනු ලබන ජනප්‍රිය ක්‍රීඩාව කුමක්ද?
මල් ගැහීම



08. කිසිම වැඩකට බාවිතා කල නොහැකි පිනි විශේෂයක් නම් කරන්න?
බොල් පිනි..


09. කිරි බත් වලට ප්‍රසිද්ද නගරය කුමක්ද?
කිරිබත් ගොඩ


10. දෙවියන් විමානය හැර යන විට ගායනා කරන ගීතය කුමක්ද?
හැරදා විමන්...