Thursday, January 26, 2012

මාව ජරා මිනිහෙක් කලේ ඔයා....


 

මාව ජරා මිනිහෙක් කලේ ඔයා....

පච ගුනේ
නො: 15/18
මෝල් පාර
කටුනායක

හිස ගිනි ගත් රැයේදී

දයාබර ෂානි නOගී වෙත

ඔයාට මම කොච්චර ආදරේ කලාද කියනවා නම් මම ඔයාගේ ඇගේ මැක්කෙකුට තියා මදුරුවෙකුටවත් වහන්න දුන්නේ නෑ. ආදරය අන්දයි කියන්නේ ඔකට තමා මම ඔයාට වහන මදුරුවෝ මරලා පලවෙනි සිල්පදේ කඩා ගත්තා. ඔයා මට මුකුත් කිව්වේ නෑ.. මම ඔයාට කොච්චර ආදරේ කලාද කියනවා නම් මම තාත්තගෙන් සල්ලි හොරකම් කරලා ඔයාට චේන් මුදු මාල කරාබු විතරක් නෙමේ ආමාශේ සීරෙන්න කෑම අරන් දුන්නා ඔයා මාව සූරගෙන කාලා මගේ දෙවෙනි සිල් පදෙත් බින්දා.. එදා තමයි දවස මමත් එක්ක ෆිල්ම් එකක් බලන්න ඕනේ කියලා මම එපා කියද්දි මාව හෝල් එකකට ඇදගෙන ගිහිල්ලා මට මොනවද කරලා මගේ තුන් වෙනි සිල්පදෙත් බින්දා. මම කටක් හෙල්ලුවේ නෑ.. ඒත් මදි කොට ඔයා මගේ දෙමව්පියන්ට මO ලවා බොරු ගෙඩක් කියෙව්වා. මම ඔයාව බදිනවා, අද අම්මේ ඔපිස් එකේ වැඩ, අද යාලුවෙක්ගේ ගෙදර යන්න තියනවා කියලා මගේ හතර වෙනි සිල්පදෙත් බින්දා. ඔය ඔක්කොම මට කරලා ඔයා මාව දාලා වෙන කොල්ලෙක් එක්ක පැනලා ගිය දවසේ තමයි. මට සිද්ද උනේ පස්වෙනි සිල්පදේ කඩන්න. මම එදා ඉදලා ඔයාව මතක් කර කර බොනවා. ඔයා සිල් බින්ද ගැහැනියක්.. මම සීල් ගහලා පාරේ යනකොට එහෙම පාරේ යන්න ලෑස්ති වෙන්න එපා. මට දැන් උලත් එකයි පිලත් එකයි. ආය පාරෙදි උබව මට හම්බ උනොත් මම පිහියක් අරගෙන ආය පලවෙනි සිල් පදේ කඩනවා

මීට උබේ
වයිරක්කාර පෙම්වතා

-----------------------
ගුනේ

සැ.යු:-
යාලුවනේ මගේ ෆේස් ඇක්ට් කීයන බ්ලොග් එකට ඇඩ්සෙන්ස් ලැබුනා. ඉතින් මම මෙතන ලින්ක් එක දාන්නම් ඔයගොල්ලෝ මේ පහත තියන ලින්ක් එක ක්ලික් කරලා මගේ වෙබ් එකට ගිහිල්ලා මයි ඇඩ්ස් වලට යටින් තියන ඇඩි එකක් ක්ලික් කරලා සහයෝගයක් දෙන්න
 
ෆේස් ඇක්ට්

ස්තුතියි
ගුනේ අය්යා

Wednesday, January 25, 2012

මේ උත්තරමද ඔයාලා හිතුවේ....(18 +)



එක වසරේ ජිල් පිට් කොලු ගැටයකුගෙන් පන්ති භාර ගුරු තුමියට පට්ට කරදරේලු පොරව 3 වසරට දාන්න කියලා. මේ නිසා ගුරුතුමිය ගුරුතුමිය මේ මැරෑටි කොල්ලව විදුහල් පති ගාවට අරන් ගිහින් තියනවා මේ පොබ්ලම් එක සෝල්ව් කරන්න..

මොකද ලමයා මිස්ට කරදර කරනවා කියන්නේ
පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ ඒ වුනාට මට ෂුවර් එයාට වැඩියේ මගේ මොලේ වැඩියි කියලා
විදුහල්පති : හරි මම දැන් ඔය ලමයගෙන් ප්‍රෂ්න ටිකක් අහනවා ඒ හැම එකටම හරි උත්තරේ දුන්නොත් 3 වසරට මාරු කරනවා. කැමතිද?
පොඩිඩා : හරි මම කැමතියි.
විදුහල්පති: 3 X 3 කීයද?
පොඩිඩා : 9 ‍යි
විදුහල්පති: 6 X 6 කීයද?
පොඩිඩා : 36 ‍යි
විදුහල්පති: මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගනුම ලබන්න දැනුම ඇති මිස් අපි මෙයාව 3 ට මාරු කරමු...
ගුරුතුමිය: හ්ම්.. ඒත් සර් අවසර දෙනවා නම් මම කැමතියි තව ප්‍රෂ්න කීපයක් මේ ලමයගෙන් අහන්න. කමක් නෑ නේද?
විදුහල්පති: කමක් නෑ අහන්න අහන්න...
ගුරුතුමී: එල දෙනෙකුට හතරක් තියන මට දෙකක් තියන දෙය මොකක්ද?
පොඩ්ඩා: කකුල්
ගුරුතුමී: ඔයාගේ කලිසම ඇතුලේ තියන මගේ සාරිය ඇතුලේ නැති දේ මොකක්ද?
පොඩ්ඩා: සාක්කු
ගුරුතුමී: පිරිමි අය හිටගෙන කරන, ගෑනු අය වාඩි වෙලා කරන බල්ලෝ කකුල් තුනෙන් කරන වැඩේ මෙකක්ද?
විදුහල්පතිතුමා දෑස් ලොකු කරගෙන බලා සිටියි.
පොඩ්ඩා: අතට අත දීම
ගුරුතුමී: හරි මම දැන් තේරවිලී කීපයක් අහනවා ලෑස්තිද?
පොඩ්ඩා: හරි
ගුරුතුමී: ඔයා ඇගිල්ලක් මා තුලට යවනවා. හැබැයි ඔයාට මාව ඇති උනාම ඔයා මාව ඇගිල්ලෙන් ඉවත් කර ගන්නවා, මම කවුද?
පොඩ්ඩා:කසාද මුද්ද
ගුරුතුමී: මම එක එක ප්‍රමාන වලින් තියනවා මම ලෙඩ උනාම මගෙන් දියරයක් ස්‍රාවය වෙනවා, මම කවුද ?
පොඩ්ඩා: නහය
ගුරුතුමී: F අකුරෙන් පටන් අරගෙන K අකුරින් අවසන් වන ගොඩක් උනුසුම අන්තර්ගතදේ කුමක්ද?
පොඩ්ඩා: FIREWORK
ගුරුතුමී: F අකුරින් පටන් ගන්න K අකුරින් ඉවර වෙන මේ දේ නොලැබුනොත් ඔබට අත පාවිච්චි කරන්න වෙනවා
පොඩ්ඩා:FORK
ගුරුතුමී: ඔබටත් එකක් තියනවා, විදුහල්පති තුමාටත් එකක් දියනවා, පාප් වහන්සේ තමුන්ගේ එක පාවිච්චි කරන්නේ නෑලු. විවාහ වෙන කාන්තාවන්ට එකක් ලැබෙනවලු. ඒ මොකක්ද?
පොඩ්ඩා: වාසගම
ගුරුතුමී: මිනිසා සතු මෙහි කිසිම අස්තියක් නෑ. නමුත් විශාල ප්‍රමානයක් නහර තියනවා. ආදරය කරන අයට මේක නැතුවම බෑ..ඒ මොකක්ද
පොඩ්ඩා: හදවත
ගුරුතුමී: හරි සර් මමත් ප්‍රෂ්න අහලා ඉවරයි.
විදුහල්පති: අම්මෝ ඇති අන්තිම ප්‍රෂ්න 10 මම හිතපු උත්තරත් වැරදියි. මේ ලමයව 3 වසරට නෙමේ විශ්ව විද්‍යාලෙට දාන්න ඕනේ...
 සැ. යු:- උපුටා ගැනීමකි...


මේකත් කොටලා ඇඩ් එකක් කොටලා සප් එකක් දෙන්න..


Friday, January 20, 2012

කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...අත්දුටු ක්‍රම 10 ක්


කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...
කෙල්ලෝ කීවහම හිතේ ඇදෙන්නේ ලාමක සූකිරි ලද බොලද, මනෝහර ලාමක ටින් ටින් එකකටනේ හැබැයි ඒ අසූව දශකයේ බුල්ටෝ එකක් ගැන කරපු ලාමක නිර්වචනයක් කියලා හිතෙන්නේ, අලුත් පරම්පරාවේ රියල් ගල් ටික් කෑලි දිහා බලනකොටනේ. දැන් කෙල්ලෝ ඔය ඕන ජිල් බෝලෙකට ඔට්ටුයි.. මෑත අතීතයේ සOක්‍යාලේකන පරිශීලනය කරද්දි වැඩිපුරම බූට් දීලා දිරාමාර්  වෙලා තියෙන්නේ කෙල්ලෝ. ඉතින් අද හිතුවා කොහොමද කෙල්ලෙක්ගේ හිත දිනා ගන්නේ කියලා කියලා දෙන්න. මෙය අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි වැර දුනොත් මුදල් ආපසු...

(01) උපතින්ම කෙල්ලෝ බයයි. ඒගොල්ලන්ට හැම තිස්සෙම රැකවරනය කියන එක අවශ්‍යයි. ඒ නිසා ඔබ හොද  රැකවලෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබේ පෙම්වතියට ඔබ හොද රැකවලෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබේ පෙම්වතියට ඔබ හොද රැකවරනයක් දෙන්න උත්සාහ කලොත් ඈ ඔබව විස්වාස කරාවී..
(02) කෙල්ලෙකුට ආදරය කරද්දි හැම තිස්සෙම බලන්න ඇය ගැන උනන්දු වෙනවා කියලා පෙන්නන්න, විශේෂයෙන්ම ඔබේ පෙම්වතිය හෝ ඔබ ඇයගෙන් වෙන්ව පිට පලාතක වාසය කරනවා නම් ඒක ගෑනු ලමයට තදින්ම බලපානවා. එම නිසා හැම විටම උත්සාහ කරන්න වචනයෙන් සOග්‍රහ කරන්න. ඔයා කෑවද, ඔයාට පාලුද, අද සතුටින්ද කියන වචන කීපයකි පුලුවන් ඇයට ඔබේ ආදරය ප්‍රකාෂ කරන්න.
(03) ඔබ වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න අද ඔයා විනාඩි 5 ක් පරක්කුයි, කියන කාරනය උනත් ඇති ඔබේ සබදතාව පලුදු කරන්න, හැබැයි මේ කාරනය කෙල්ලන්ට නම් වලන්ගු නෑ මොකද කෙල්ලෝ කරන හැම සුකුරුත්තමකටම කාලය ගත වෙන නිසා.
(04) කෙල්ලෙක් සමග සාප්පු සවාරි යනවා කියන එක ඇත්තටම කොල්ලෙකුට ලොකු හිසරදයක්. ඒ මුදල් නිසාම නෙමේ කෙල්ලෝ උපතින්ම තෝරනවා කියන එක කරන නිස. ඒ ගොල්ලන්ට රු 250/= ඇදුමක් ගන්න ගියත් පැය 4ක් 5ක් ගතවෙන නිසා ඒ කෙල්ලන්ගේ හැටි ඔබට මේ අත්දැකීම ඉවසිය නොහැකි නම් ඇය සමග සාප්පු සවාරි යාම කාරුනිකව ප්‍රතිෂේප කරන්න...
(05) කොල්ලෝ කැමතියි තෑගි දෙනවට වඩා තෑගි ලබන්න ඒක නිසා මාසකට වරක් වත් පොඩි තෑග්ගක් දෙන්න අමතක කරන්න එපා. ඒක පොඩි චොක්ලට් එකක් මලක්, හෝ වෙනත් කුඩා දෙයක් වෙන්න පුලුවන් හැබැයි ඒ පොඩි දේ ඔබ ගැන ඇයට ලොකු ආදරයක් ඇති කරාවි
(06) හැම විටම ඔබ හොද අසන්නෙක් වෙන්න උත්සාහ කරන්න. මේ කාරනයෙදි ඔබට හොද ඉවසීමක් අවශ්‍ය වෙනවා මොකද ගෑනු ලමයින්ට තියන ප්‍රශ්න පිරිමි ලමයින්ට වගේ නෙමේ සමහර වෙලාවට ඒක ඇගේ යෙහෙලියගේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ඔබ එයට පිලිතුරු දී විසදන්න උත්සාහ කරන්න එය ඔබේ පෙම්වතිය සතුටට පත් කරාවි
(07) ඔබේ පෙම්වතිය ඉදිරියේදි හෝ පිටතදී වෙනත් ගෑනු කෙනෙකු දෙස බැලීම පෙම්වතියට පිහියෙන් අනිනවා වගේ වැඩක්. ඒම කිසිම විටක වැරදිලාවත් එහෙම කරන්න එපා මොකද ගෑනු කොහොමත් ඉරිසියයිනේ..
(08) ඔබ ප්‍රිය සම්භාශනයකට හරි වෙනත් විශේෂ අවස්ථාවකට පෙම්වතිය සමග සහභාගි වෙනවා නම් එතනදි ඇයට ගොඩක් ගරු කරන්න වෙනවා මොකද පිරිසක් ඉදිරියේ ගරු සම්මාන ලබන්න ගෑනු උදවිය හරි කැමතියි..හැමවිටම ඇයගේ කැමත්ත අකමැත්ත විමසන්න අමතක කරන්න එපා
(09) ඔබගේ පෙම්වතිය ඉදිරියේ ඔබ වෙන අගනුන්ගේ ගුන දොස් දක්වන්න එපා ඇයගේ ගුන දොස් උනත් කාරුනිකව පැහැදිලි කිරීම හොද සම්බන්දතාවකට හේතු වේවී
(10) අද ඔයා ලස්සනයි, මේ ඇදුමට ඔයා හැඩයි වගේ විතරක් නෙමෙ ආදර බර වචන කීපයකට පුලුවන් ඔබේ සබද තාව තව අලුත් කරන්න. හැම විටම උත්සාහ කරන්න ආදර බර වදනයකින් ඇයව කුල්මත් කරන්න ඇය ඔබට සදහටම ආදරය කරාවි කොන්දේසි රහිතව.
මේ ටික කරලත් ඔබට ඇයව සතුටු කල නොහැකි නම් ඔබ වෙන අතක් බලා ගන්න ඇය හා විවාවවීම වදක භාර්‍යාවක් හා පවුල් කෑම හා සමානයි. එසේ නොවන ඔබට තෙරුවන් සරනයි


සැ.යු:-
යාලුවනේ මගේ වෙබ් එකටත් ගූගල් ඇඩ්සෙන්ස් ලැබුනා.. ඉතින් මම ගොඩක් කල් ට්‍රයි කරලා තමයි වෙබ් එකට ඇඩ්ස් දා ගත්තේ කොහොම හරි ඒකත් ගොඩ ගියා ඔය ගොල්ලන්ට ඔන්න මට දැන් උදවු කරන්න වෙනවා

පහත තියන ලින්ක් එක ක්ලික් කරලා මගේ වෙබ් එකට ගිහිල්ලා මයි ඇඩ්ස් කියන තැන තියන ඇඩ්වර්ටීස්මන්ට් එකක් ක්ලික් කරලා මටත් උදවු කරන්න


http://faceact.blogspot.com/


ස්තුතියි..
නුවන් සම්පත් කුමාර