Monday, March 12, 2012

මහ සෙවලයා ඌ හදන්නේ අපේ සම්බන්දය නතර කරලා. ඔයාව මගෙන් උදුර ගන්න.

ආදරනීය සුදු නoගී වෙත ඉතාම ආදරයෙන් ලියමි. ඉතින් සුදු පැටියෝ සැප සනීප කොහොමද? මම නම් ඔයා ගැන සිතමින් කාලය ගත කරනවා. නoගි ඇයි ඔයා ඊයේ ස්කෝලේ ආවේ නැත්තෙ මම හරි පාලුවෙන් හිටියේ ඔයා නැති පාලුව නිසා මම ඊයේ දවල්ට කෑවෙත් නෑ රෑට කෑවෙත් නෑ. වතුර බිව්වෙත් නෑ.. මට ඔයා දකින් නැතුව එක මොහොතක් වත් මේ ලෝකේ ඉන්න බෑ. මට හිතෙන්නේ මේ ලෝකේ මවපු කෙනා ඔයාව මවලා තියෙන්නේ මටමයි කියලා. මට ඔයාව දකින් නැතුව එක මොහොතක් වත් ඉන්න බෑ... ඒකයි මේ වෙදනාව මට දරා ගන්න බැරි.. නoගී මට අට වසරේ අර සුපුන් කියන ප්‍රිපෙට් කාරයා කියනවා මේ සම්බන්දය නතර කලේ නැත්නම් ඌ මේක ප්‍රින්සිපල්ට කියනවා කියලා. ඌ මහ සෙවලයා ඌ හදන්නේ අපේ සම්බන්දය නතර කරලා. ඔයාව මගෙන් උදුර ගන්න. ඔයා උගේ ගැට වලට අහු වෙන්න එපා ඌ මහ නරක කෙනෙක් කියලා මට ආරන්චියි. මට ඒ ගැන හිතත්දිත් බය හිතෙනවා. අපේ ආදරය ඇත්ත නම් කාටවත් අපිව පරාද කරන්න බෑ..
නoගී මට ආසයි ඔයාව අතින් අල්ලගෙන ස්කෝලේ පිච්ච මල් ගහ වටේ කැරකි කැරකි හින්දි සින්දුවක් කිය කිය නටන්න. එතකොට අපි දෙන්න ප්‍රියන්කා නැන්දා රිතික් මාමාත් එක්ක නටනවා වගේ ෂෝක් එකට තියෙයි නේද? මම අපේ අම්මිටත් වැඩියේ ගොඩක් ඔයාට ආදරෙයි..මම ඔයාට දුන්න ලේන්සුව ඔයා අරන් ස්කෝලේ එනකොට මට පුදුම සතුටක් දැනෙනවා. ඔයා හතර වසරෙන් පහ වසරට පාස් උනාම මම හරියට සතුටු උනා. දැන් ඉතින් ශිෂ්‍යත්වෙට ලෑස්ති වෙන්න ඔයා ශිෂ්‍යත්වෙ පාස් උනොත් මම ඔයාට පෑනක් අරන් දෙන්නම් දැන් හොද බබා වගේ පාඩම් කරන්න. අපේ අම්මිත් දැන් ගෙදර එන වෙලාව. මම නවතිමි
මම ඔයාව ගොඩක් ආදරය කරන




........................
නිපුන් අය්යා

සැ. ‍යු:-යාලුවනේ පහත තියන වෙබ් ලින්ක් එකත් මගේ තවම ඒක ජනප්‍රිය නෑ. නමුත් මේකෙන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ලෙටර්ස් කොපි කර ගන්න පුලුවන් මේකටත් ගොඩවෙලා ඇඩ් එකක් ක්ලික් කරලා මටත් උදව්වක් දීලා යන්න කියලා ඉල්ලා සිටිනවා... ඇඩිස් මයි ඇඩිස් කියන තැනට යටින් ඇති..

මෙන්න ලින්ක් එක

බොහෙම ස්තුතියි
ගුනේ අය්යා 

Friday, March 9, 2012

කාන්තාවන්ට සැමියෙක්, බබාට පියෙක්, තාරුන්‍යට නොනිදන රැයක්, වැඩිහිටියන්ට සුරා ජයක්



ගරු සOගයා වහන්ස, පිය තුමනි, දරුවනි, දැරියනි, මා හිතැති රට වැසියනි..
2012.04.01 දින පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරනය සදහා නාම යෝජනා බාර දීමට මමද තීරනය කලෙමි..ජාතික නායකයකු ලෙසද ජාතිමාමකු ලෙසද විටක වෙඩි කෑ ඌරකු ලෙසද ජනතා හදවත් තුල සදා ලැගුම් ගන්නට සමත්වීම මම ලද බාග්‍යක් ලෙස සලකනවා.. තවද දගම් පාසල් ශිෂ්‍ය නායකයකු ලෙසද, ගමේ සුපතල චන්ඩියකු ලෙසද නායකත්ව කුසලතා මනාව ඔප් නOවා ගෙන තිබෙන මා දේෂපාලනයට පිවිසෙන්නේ බඩ වඩා ගැනීමට නොවන බව ඔබ හොදාකාරවම දන්නවා ඇති තවද කටුනායකට නව ජවයක් නිවහල් එලියක් ලබා දීමට බලා පොරොත්තු වෙනවා.. ගමේ සුරා පොල වැට්ලීමේ කාර්යයට උර දීම. සහ හොර සුරා ව්‍යප්ත වීම වැලැක්වීම සදහා ඒ සියල්ල මා නිවසේ සුරක්ෂිතව තැම්පත් කිරීම හා මාගේ පරිහරනයට ගැනීමෙන් ගෘහ ආශ්‍රිත ප්‍රෂ්න ගනනාවක් විසදීමට මට හැකි විය..
තවද මා පහත දෑ ඔබගේ අවදානය සදහා යොමු කිරීමට කැමැත්තෙමි
01. වසර 2 ක් ඇතුල තුල කුඩා ලමුන් 1221 ක් වඩා ගත්තෙමි..
02. වසර 5 ක් ඇතුල තුල වෙහෙර විහාර 84000 ගෙඩ නැගූ අතර ඒ අවස්තාවලදී මල් වට්ටි 840 පූජා කෙලෙමි...
03. වරින් වර පැවති දේෂපාලන රැස්වීම් වලදී ප්‍රතිවාදී දේෂපාලකයන්ට කරටි කැඩීමට පහර දුනිමි..
04. පාලම් බෝක්කු බඩවැටි බෝවිටි සහ නිවාස 100 ව්‍යාපෘතිය සදහා ඉහල නායකත්වයේ දෑත ශක්තිමත් කලෙමි..
05. වසර 30 ක් තිස්සේ පැවති දේෂපාලන යුද්දය තුරන් කොට ප්‍රතිවාදී අපේක්ෂකයා මෙලොවින් තුරන් කෙලෙමි..
06. ක්‍රියාශීලී අනාගත පරපුරක් දායක කිරීමට සක්‍රියව දායක උනෙමු.. කොටින්ම ජාතියේ ජාතක පියා වීමට හැකිවුනෙමි..
07. තාරුන්‍යට නොනිදන රැයක්, වැඩිහිටියන්ට සුරා ජයක්, කාන්තාවන්ට සැමියෙක්, බබාට පියෙක් යන වැඩ සටහන් තුලින් ග්‍රාමීය ජනතාවගේ සමාජීය තත්වය උසස් කිරීම තුලින් සමාජය තුල නොනැසෙන නමක් තබා ගතිමි

එබැවින් ඉහත කටයුතු සලකා බලා මාගේ ජනතාව සේවය අකන්ඩව පාරිශුද්දව පවත්වා ගෙන යාම සදහා ඉදිරි සය වසර සදහාද මා පලාත්සබාවට පත්කර සිටිමි. තවද මාගේ අවOක නිකැලැල් සේව‍යට ඔබගේ නිහතමානී ආචාරය හරකා ඉදිරියේ අOක 9 ඉදිරියේ ඔබේ බයානක කතිරය ගසා මා නැවත පත් කරන ලෙස ඉල්ලා සිටිමි..

මීට
ඔබේ අවOක සේවක


..........................
ගුණේ පුතා
(කටුනායකට යෝද ශක්තියක්)


ප.ලි ‍:- 
යාලුවනේ පහත තියන වෙබ් ලින්ක් එකත් මගේ නමුත් මේකෙන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ලෙටර්ස් කොපි කර ගන්න පුලුවන් මේකටත් ගොඩවෙලා ඇඩ් එකක් ක්ලික් කරලා මටත් උදව්වක් දීලා යන්න කියලා ඉල්ලා සිටිනවා... ඇඩිස් මයි ඇඩිස් කියන තැනට යටින් ඇති..

මෙන්න ලින්ක් එක

බොහෙම ස්තුතියි
ගුනේ අය්යා 

Wednesday, March 7, 2012

පස්චාත් බාගය ඉරා ගැනීම නොහොත් XXX ඉරා ගැනීම.



පස්චාත් බාගය ඉරා ගැනීම නොහොත් XXX ඉරා ගැනීම.
මේ කතාවත් අපේ ඔඩිට් කතාවක් දැනටමත් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ පුබ්බා ගැන මේ පුබ්බා ඉරා ගත්ත තවත් අවස්ථාවක් මේ හිවල් මොටත් නා ගන්නවා කියන එකේ සීමාවක් නෑ.. මේත් ඉතින් පුබ්බා ෂැම්පු ගාලා නාගත්ත තවත් රසබර ස්ටෝරි එකක්. ඔන්න අපේ ඔඩිට් ෆර්ම් එක ලොක්කා තමා රත්නපාල මහත්තයා හරි හොද මනුස්සයා උනාට ලිවු ගැනිලි නම් බොරු මොකද නිවාඩු දානවට මෙයා වැඩියේ කැමති නෑ.. ලමයි මේ රත්නපාල මහත්තයව හදුන්වපු කෙටි නම තමා රැට් නැත්නම් රැටා ඉතින් මේ නම ලමයි අතර හරි ජනප්‍රියයි.. අද මම රැට්ව හම්බ වෙන්න යනවා. මට රැටාට කියලා ලිවු එකක් ගන්න ඕනේ.. වගේ කතා ලමයින්ගේ කටවල් වලින් පිට වෙනවා..
ඉතින් පුබ්බටත් ලිවු එකක් ගන්න ඕන වෙලා පුබ්බා ඔපිස් එකෙන් පිට ඔඩිට් එකක මෙයාට ඕන උනා මිස්ට රත්නපාලගේ මූඩ් එක ලිවු එකක් ගැනීම සදහා සුදුසුද කියලා දැන ගන්න. පුබ්බා ගත්තා කෝල් එකක් ඔපිස් එකට ඇහිල්ලක් බැලිල්ලක් නෑ ඇහුවා මචO රැට්ගේ මූඩ් එක කොහොමද කියලා. අනිත් පැත්තෙනුත් හිනා වෙලා නෑ කිසිම ප්‍රෂ්නයක් නෑ මූඩ් එක හොදයි කියලා කිව්වලු..
කිසි ප්‍රෂ්නයක් නෑ පුබ්බා ගියා ඔපිස් එකට ලිවු චිට් එකත් ලියාගෙන ගියා රත්නපාල මහත්තයව හබ්බ වෙන්න ලිවු චිට් එක අතට ගත්තු රත්නපාල මහත්තයා ඇහුවලු පුබුදු රැට් කියන්නේ කාටද කියලා.. පුබ්බට හීන් දාඩිය, හීනියට දැම්මලු.  නෑ මේ කෙනෙක් මගෙන් ඇහුවා රැට්ගේ මූඩ් හොදද කියලා මම කිව්වා ඔවු කියලා කියලා රත්නපාල මහත්තයා කිව්වලු..
කලබල වෙච්ච පුබ්බා ඇහුවලු ඒ අප්පට හුඩු ඒ මිස්ට රත්නපාලද කියලා... ඔන්න ඔහොම තමා පුබ්බා පස්චාත් බාගය ඉරා ගත්තේ පැනලා දීලා..    


සැ. ‍යු:-යාලුවනේ පහත තියන වෙබ් ලින්ක් එකත් මගේ තවම ඒක ජනප්‍රිය නෑ. නමුත් මේකෙන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ලෙටර්ස් කොපි කර ගන්න පුලුවන් මේකටත් ගොඩවෙලා ඇඩ් එකක් ක්ලික් කරලා මටත් උදව්වක් දීලා යන්න කියලා ඉල්ලා සිටිනවා... ඇඩිස් මයි ඇඩිස් කියන තැනට යටින් ඇති..

මෙන්න ලින්ක් එක


බොහෙම ස්තුතියි
ගුනේ අය්යා