Friday, June 10, 2011

ස්තුති පුර්වක පුන්යානුමෝදනවයි....

ගුනේ අය්යා වෙබ් එක පටන් ගත්තා කියලා අරන්චි වෙලා දස දෙසින් ප්‍රතිචාර, ආචාර,උපහාර, අනුමොදනා, ආවර්ජනා වගෙම පොල් ගෙඩි සයිස් ගල් ගෙඩි විතරක් නෙමේ කුඩ, ඉලපත්,පොලු පාරවලුත් එවන්න ගොඩක් දෙනෙක් අමතක කලේ නැහැ. ඉතින් ගුනේ අය්යා එවලට උපේක්ෂාවෙන් මුහුන දෙන්න කියලා තීරනය කලා. ඒ වගේම එයාලාට ස්තුති පූර්වක පුන්යානුමොදනාව පුද කරන්නයි මේ කල්පනාව.
01. ගුනේ අය්යාට ආහාර පහසුකම්, නේවාසික පහසුකම්, දුරකතන පහසුකම්, විදුලිය සැපයීම් වලින් දායක වු ගුනේ අය්යාගේ ටිකක් සැර  ආදරනීය මෑනියන් වහන්සේට හා මුවින් නොබැන ඒවාට දරදිය සැපයු පියනන් වහන්සේට
02. එපා එකටයි ඕන එකටයි හැම එකකටම හොට දමා වැඩ අවුල් කර සOස්කරනයෙන් සහය වු ගුනෙ අය්යාගෙ දයාබර අක්කාටද...
03. කී බෝඩ් එක චූ වලින් සෝදා පවිත්‍ර කිරීමට සහාය දැක්වු ගුනේ අය්යාගේ නැගනියගේ දුවවූ නීනී බබාටද..
04. වරින් වර ගුනේ අය්යාගේ වැඩ වලට බාදා පමුනුවමින් ප්‍රතිචාර ලබාදුන් අතිජාත, සුජාත, සකල ජාතින් ගේම පසු පස සිට ගුනේ අය්යාගේ ඕනැම අහින්සක අලුගුත්තේරු වැඩකට සහය දක්වන යකඩයාටද (නිලාන්)...
05. සිOහල යුනිකොඩ් එක සොයා ගැනීමට බැරුව ගුනෙ අය්යාව කඩේ යැවු රවින්දි නOගීටද, රට තොට නව තොරතුරු අපහාස උපහාස සොයාදී ගුනේ අය්යාගේ මාද්ය දැනුම අප්ඩේට් කල ශාලිකා නOගීටද...
06. තාක්ශනික සහාය සැපයූ බොලොග් කින්ග් මදුක විරාජිත් සොයුරාටද..
07. සර්හාන්, සුක්‍රන්, සුමුදු පස මිතුරන්ටද, දිලීප, විජිත, සුමිත්, ජයම්පතී, චාමර, ආටිගල ඇතුලු ඇවරිවත්ත සෙට් එකකටද..
ගුනේ අය්යාගෙ හද පිරි ස්තූති පුර්වක පුන්යානුමෝදනව පුද කර සිතිනවා. මෙපින් අනුමෝදන්ව නොබෝ කලකින්ම කාලක්ක්‍රිය කොත චතුර්මහ රජිකාවෙ ඉපිද බොහෝ දිවය සම්පත් ලබා කෙලවර  නිවන් සුව ලබා ගනිත්වා.


සැ.‍යු:-
ගල් මුල් එල්ලකල උන්ව කොටියම කාපිය...

Wednesday, June 8, 2011

අල්ලපු ගෙදර වොෂින් මැෂින් එක......

පහුගිය දවස්වල අල්ලපු ගෙදර හෝදනවා,.... ගුනෙ අය්යත් ට්කක් ඔලුව දැම්මා. 
ආ............ නදීර මල්ලි කාට හරි බඩ ගිහිල්ලාද??!!!
නදීර මල්ලිත් කීචෝක් හිනාවක් දැම්මා....
අනේ ඌ ඇබරෙනවා. නෑ අය්යෙ මම වොෂින් මැෂින් එකක් ගේන්න යන්නෙ...
අර කන්ග්‍රජුලේෂන්ද මොකක්ද කියන්නෙ ගුනේ අය්යත් තමුන්ගේ උපරිම ඉන්ග්‍රිසි දැනුම පවිච්චි කරල නදීර මල්ලිට සුබ පැතුවා. විතරක් නෙමෙ ගේ හෝදන්න, පොලිෂ් කරන්න පොඩි සහයෝගයකුත් දුන්නා.
මෙහෙම කියන ගමන්



"තනිකඩO ජීවිතO බයන්කාරO
  ඩබලO ජීවිතO අලන්කාරO"


ඉතින් නදීර මල්ලිගේ දවසත් උදාඋනා. ගෙදර මකර තොරනක් ගහලා. තැන් තැන් වල කූඩරම් ගහලා. අඩියෙන් අඩියට මල් වඩම්  දාලා සරසලා. හරියට දිව‍ය ලෝකෙට හෙන ගහලා වගේ බලන්න බැ සිරියාව.
බෙර කාරයෝ,. නැට්ටුවෝ,. හේවිසිකරයෝ,. නලා කාරයෝ මෙකී නොකී සබ්බ සකල වරිගයෙන්ම පිරිවරා ගත්ත නදීර මල්ලිත් වේරම්බ වාතයක් හබාගෙන යනවා වගේ තමුන්ගේ පාද පරිචරිකාවත් සමග මාර දූවරුත් පිරිවරා ගෙන (ආ..... Sorry .....කියන්න බැරි උනානේ මල් වඩමකුත් අතේ තිබුනා  ) ගෙදරට ගොඩ උනා.
සාදු..සාදු..සාදු..
ඉතින් එකත් ජයසිරි මOගලම් කිව්වලු...

සැ.යු :-
රටෙ එවුන් කොච්චර බැන්දත් අපේ එවුන්ට ගානක් නැහැ...ගුනේ අය්යා ගෙදරට නාකි වෙනවා. එහෙම හිතපු ගුනේ අය්යා මෙහෙම හිතුවා......ප්‍රාර්ථනා පහක්....
              01. අපේ ගෙදරටත් වොෂින් මැෂින් එකක් ගේන්න මව්තුමියට ණෑනස පහල වෙත්වා
              02. අක්කාට සහ නoගීට  ගුනේ අය්යාගේ දුක දැනෙත්වා......
              03. මස්සිනාලාටත් උන්ගේ නoගිලාව බන්දවන්න හිතේවා.......
              04. අහල පහල අන්කල්ලා ඇන්ට්ලාටත් තමුන්ගේ දූවරු ගෙදරට නාකි නොකරත්වා....
              05. අඩුම තරමේ ෂානි නoගිට වත් ගුනේ අය්යා එක්ක පැනලා යන්න හිතේවා.... 

සාදු..සාදු..සාදු..

Thursday, May 26, 2011

ප්‍රියා.. මෙරෙ ප්‍රියා.....

පහුගිය සති අන්තය ගුනෙ අය්යාට නිවාඩු නමුත් වැඩ ඉවර වෙන්න නම් වලකජ්ජ ගහන්නම වෙනවා. උදේ පාන්දර 10.00 විතර කුකුලවත් අරන් ඇග මැලි කඩල නැගිට්ටෙ නිලානයාව හම්බෙන්න හිතගෙන මොනා කරන්නද.... අම්මෝ මව්තුමිය උදේ පන්දරම දෝස් මුරයක් ...මට පොල් ටිකක් ගාලාදෙනවා බලන්න ඉතින් ගුනේ අය්යා ගෙන් ගන්න වැඩද මේවා.. බලන්නකො ස්ත්‍රින් විසින් පුරුෂ අය්ති වාසිකම් උල්ලන්ගනය කරන හැටි අම්මත් එක්ක අය්ති වාසිකම් කතා කලොත් කොපි පොතක් පිරෙන්න බැනුම් විතරක් නෙමෙයි. පොල් බැවෙනුත් කාලා පොල් බැ මූනෙක් වෙන්න වෙනවනෙ. ඉතින් හිතින් පිරිත් කිය කිය පොල් ටික ගැවා කියමුකො...හා ඉවරද? එහෙනම් ඕක මිරිකලත් දෙනවා. මේක මල Wedding එකක්නෙ අම්මා නිදිය ගන්න මම උයලා ඉවරකරලා කතා කරන්නම් එහෙම කිව්වා නෙමේ හිතුව ගුනේ අය්යා, හිමීට ලිස්සලා කඩේ පැත්තට ගියා..........
ගුනේ අය්යෙ මගෙ බඩු දෙන්නකො චුටි නOගි කෙනෙක්....
පොල් ගෙඩියයි.......
සීනි 100.......... 
අනේ අම්මපා කඩේට අවෙ සැනසීමෙ ඉන්න මුන්ට දියවැඩියවම හැදෙන්න ඔන මට දෙන වද වලට  නOගිගේ සීනිත් කිරපු ගුනෙ අය්යා.
එච්චරද?
කියලා අහුවෙ බඩු අරන් ඉවරද බලන්න. හීනි හිනාවක් දැම්ම නoගියත් ටිකක් ඇබරුනා. අනේ ඉතින් කඩේ ඉන්න එකත් නරකම නැහැ ....නoගිලා කී දෙනෙක් නම් එනවද? සුදු පාට, කලු පාට, රතු පාට, පාට පාට, කොන්ඩෙ දිග, කොන්ඩෙ කොට, පෝනි ටේල්, රීබොයින්ඩින්ග්, රීවයින්ඩින්, රී කන්ඩිෂන් නOගිලා කී දෙනෙක් එනවද කඩේට.... අනේ අම්මපා මුන්ට තියන දේවල් තනිකරම ප්ලාස්ට්ක් ගොඩක් කපලා පොටි දාලා තෙම්පරදු කරලා තමයි හදලා තියෙන්නෙ.... වැස්සොත් සොරි තමයි..

මෙහෙම ඉන්න කොට තමයි නිලානයා ගෙදර ආවෙ හූවකුත් කියාගෙන. මොකද යකෝ හූ කියන්නෙ..  ගුනේ අය්යා ඒ මාරකෙනුත් පැන්නා (කඩෙනුත් එලියට )...
  මුජෙ ආබ්කේ කෙහෙතා හේ.....
  පයර් නහී හොතාහේ...
  ජානේ මන් ආබ්කේ සින්දගි...
  තප් තප් දරන්හේ....
  ප්‍රියා.... මෙරෙ ප්‍රියා...
මේ මොන මගුලක්ද?/// නිලානයට හින්දි UNICODE එකක් කැවිලා වත්ද?//
මම නම් කිව්වා ඔය ජරාව කනකොට තොට හොයා ගන්න බැරි ලෙඩක් හැදෙයි කියලා. මේ පෙරේතයා ඕවා අහන එකෙක්ද? මැටි රිලවා... ගුනේ අය්යා එහෙම කිව්වා නෙමෙ හිතුවා ...