Friday, July 22, 2011
සීරීයස්ම සීරියස් කතාවක්.
ජිල් එක සහ බුම් එක රැගෙන ඒමට කරුනික වන්න
තවද ආතල් නැත්තවුන්ගේ ආතල් වඩනට නිසිවු
තවත් බහුබූත කතාවක් දක්වන්නමෝ යම් සේ ගුනේ අය්යා අපත සOගමයේ
සභාපතිව වෙසෙන කල්හි චාටර් නැමැති විෂම මග නොදැන, ආතල් නැමැති ඉදුරා මග දැන පිස්සු පීකුදු
විකාර වීම අරඹයා මේ විනෝද චාරිකා වස්තුව දක්වම්හ.
සියලු දෙනාගේම දැන ගැනීම පිනිසයි
සියලූ අපත සOගමයේ
ක්‍රියා කාරී වාසීන්ගේ වාර්ෂික විනෝද චාරිකාව මෙම මස එනම් 2011.07.31 ඉරිදා දින උදා
පැය 10.30 ට ලබන්නවු අවතුදුස්වක තිතියෙන්ද, බාලව කරනයෙන්ද, අපේ
පොට් එක වන පබ්ලික් බෝක්කුව අසලින් ගමන් ආරම්බ
කිරීමට සියලු කටයුතු හිරිකිතයකින් තොරව සූදානම් කර ඇති බව චාරිකාවට සහභාගී වන බුවාලා
බුවීලාට මේයින් දැනුම් දෙනු ලැබේ..
තවද මේ සදහා සහභාගි වන්නන් නිර්වස්ත්‍ර
වස්ත්‍රය හැර ඕනෑම නා නා විද වස්ත්‍රයන්ගෙන්ද නෙක නෙක පැහැයන්ගෙන්ද සැරසී පැමිනීම අනිවාර්ය
බව කාරුනිකව සලකන්න.
තවද ජාතක කතා, රස
කතා, අබ්ලික් කතා, සාටර් කතා, (මල
පනින කතා හැර ) මෙකී නොකී සියලු කතා බතා වලින් සන්නද්ධව පැම්නෙන ලෙස සකල බුවී බුවීලාගෙන්
ගුනේ අය්යා ඉල්ලා සිටි.
චාරිකාව රසවත් හරවත් කිරීම සදහා තබ්ලා, ඩොල්කි, උඩැක්කි, සර්පිනා, බටනලා, සැක්සපෝන්
යනාදී අනේක විද මදුර්ය ඕනෑම වාද්‍ය බාන්ඩයක් රැගෙන ආ හැකී අතර ( ජිල් එක සහ බුම් එක රැගෙන ඒමට කරුනික වන්න )
තවද බවලත් බුවා බුවීලාට සමාවෙන්න බුවීලාට
දිවා අහාර කිස පිලියල කිරීමට සිදුවන බැවින් හට්ටි, මුට්ටි, මූඩි ඇතිලි, කලගෙඩි, ගුරුලේත්තු, බෙලෙන්ඩර්, අවන්
ඇතුලු සියලු මුලුතැන්ගේ උපකරන රැගෙන එන ලෙස
ගුනේ අය්යා බෑගෑපත්ව ඉල්ලා සිටියි. තවද හිරමන තලය ගුනේ අය්යා සෑපයීමට කටයුතු කරන බැවින්
පොල් ගා ගැනීම ප්‍රෂ්නයක් කර නොගන්නා ලෙස ඉල්ලා සිටිමු.
පරන අවුරුද්ද සදහා ස්නානය කිරීම චාරිකාව
අතරතුර යෙදෙන සුබ නැකතින් කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බැවින් බවලත් සියලු දෙනාම
චීත්තය බැගින් රැගෙන ඒමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි. පිරිමි පාර්ෂවය චීත්ත රැගෙන
ඒම අවශ්‍ය නොවන අතර ඔබගේ ජොකා පටය රැගෙන එන ලෙස කරුනිකව ඉල්ලා සිටිමි. තවද චීත්ත නැති
අයට ගුනේ අය්යාගේ චීත්තය සමාවෙන්න ජොකා පරිහරනය
කල හැකි අතර බවලත් පාර්ශවය සදහා ජොකියෙක් ගුනේ අය්යාට නැති බව කරුනාවෙන් සලකන්න.
(ඔනම නම් ජොකා දෙන්නම් හරිය..)
තවද දුම් දැමීම, මල්
ගැසීම, අබින් කෑම, හෑන්ස් දැමීම, සහ
සෑර සුවදයන් මුවින් වහනය කිරීම සපුරා තහනම් බවද, විස්වස වන්ත එක් අයකු පමනක් සහභාගි කරවා
ගැනීමට හැකි බව සOවේගයෙන් උවද දැනුම් දීමට සිදුවන බව කාරුනිකව සලකන්න.
ස්තුතියි
මීට සභාපති
අපත සOගමය
....................
ගුනේ අය්යා.
සැ.යු:- චාරිකාව අතර තුර සිදුවන සියලු
අපබ්බ්‍රOශ වාර්තාකර ගැනීමට ඔබගේ කෑමරාව රැගෙන එන ලෙසද Oන්
එකේ තබා ගන්නා ලෙසද ඉල්ලා සිටිමි...
Thursday, July 21, 2011
බම්බු දල සැලැස්ම!!!??? තමුසේ ඇද ගන්නවා සරමකුයි කමිසෙකුයි, 11 කොටස
පෙරදා පෝස්ට් එක හා සබෑදේ. ඒක බලන්න ඕන නම් යට පෝස්ට් එක බලන්න...
ඒ රාත්‍රියෙහි ගුනේ අය්යාද චාරිකාවට අඩුම
කුඩුමද, කුදු මහත් කර්තව්යන්
පසෙකලා මාර චාරිකාව සදහා දල සෑලැස්මක් පිලියල කල අතර මාර චාරිකාව සදහා සුදුසු ස්ථාන
ලෙස පින්නවිල, සීගිරිය,
අනුරාධපුරය, පොලොන්නරුව, බොධිරතනාරාමය, හා
මෙකී නොකී ස්ථාන ලැයිස්තුවක් පිලියෙල කලේය.
ගුනේ අය්යාද යමයා කීද්දුවේ ගමන පාන්දරම
යාමට ඇති උනන්දුව හා නොනිමි ආසාව නිසාමය. මට තවම ඔලුව කකියනවා තමුසේ මට දුන්නෙ මාර ලෝදිය පාරක්නේ තමුසෙලෑ රටේ බඩු වලින් පාර්සලයක් ලෑස්ති
කරනවා මට ගෙනියන්න. යම පල්ලොත් ඒවලට කැමති වෙයි.
ගුනේ අය්යාද රාත්‍රිය පුරා වෙහෙසී පිලියල
කරනු ලැබුවාවූ චාරිකාවේ දල සැලැස්ම යම රාජෝත්තමයා හට පෙන්නුවේය.
බම්බු දල සැලැස්ම!!!??? තමුසේ
ඇද ගන්නවා සරමකුයි කමිසෙකුයි,
මටත් දෙනවා තමුසෙගේ ගද නැති සරමකුයි කමිසෙකුයි නැත්නම් මේ
නිරුවස්තරේ හැටියට තමුසේගේ රටේ පොරවල් හිතයි මම දැන් ඉපදුන සුර දූතයෙක් කියලා.
රත්‍රිය පහන් වීමට පෙර අප නගරයට ලගා ඌයේ
යාචකයන්ගේ නිද්‍රා සුවය නැතිවේදෝයි යන කම්පනයෙනි. ඔවුන්ගේ සුවපහසුව දුටු මාරයා ගමන
අඩල කරමින් තම කැමරාව මෑනුවේ සලු පිලි එහේ මෙහේ වීමෙන් නලගනන්ගේ විප්‍රකාර ඡායාරූප
ගත කලේ තම FACE BOOK එකට FROFILE Akak lesa දා ගැනීමට බව මා හා සමග පවසමිනි. මේ දියුනු
සිශ්ථාචාරය මනු ලොව තුල නොනැසී පවත්වා ගැනීම පිලිබදව ඔහු මට කෘතක්නතාව පල කලේය.
ප්‍රයිවට් බස් රථයක කිටි කිටියේ තද වී
ගමනක් යෑමට ඔහු බලවත් ආසවක් දැක්වූ නිසා ඔහුව ප්‍රයිවට් බස් රථයක නැන්ගූ ගුනේ අය්යා
ඔහුට සුර ලොව සැප සාදා දී පින් සිදු කර ගත්තේය. යමයාද තමාගේ නෝට් පොතේ සටහනක් දමා අපාය
තුල මෙවන් බස් සේවාවක් ආරම්භ කිරීමට මූලික අඩිතාලම දමන බව ගුනේ අය්යා සමග පැවසීය. තවද
බස් එකේ ත්‍රිල් එකෙන් කුල්මත්වූ යම රජු බිමට බැසීමට සැලැස්වූ ගුනේ අය්යා යමයාගේ පස්චාත්භාගයෙහි
කහපාට පැල්ලමක් සමග මනා සුවදක් වහනය වනු දැක
සරම සෝදා දීමටද කටයුතු සම්පාදනය කලේ මහත් අපහසුවෙනි.
තවද කටු ඉබුල හා අසූචි වල වැඩිදියුනු
කිරීමට අදාල යෝජනා රැසක් පබ්ලික් ටොයිලට් එකක් තුලදී ජනයාගෙන් ලබා ගන්නා ලදී.
තවද බයානක අපරාධ කරුවන් අපායට ඒමට විරුද්දව
නීති සම්පාදනය කරන බවත් ඔවුන් ශ්‍රී ලoකාවට කෙලින්ම එවීමට අදාල නීති කෙටුම්පතක්
කඩිනමින් නිර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු ප්‍රකෂ කල අතර ඔහුගේ නිෂේද බලය
යොදා ගුනේ අය්යා නිර පාර්ලිමේන්තුවේ සාමජිකයකු කර ගැනීමටද, නිරය
සoවර්ධනය කිරීමේ කමිටුවේ ප්‍රධානියා බවට ගුනේ අය්යා පත් කරන
බව ඔහු ප්‍රකාෂ කලේය.
යමයා තම රට බලා පිටත් වීමට එයාර්පෝට් සමාවෙන්න
පාරේ රියල් කානුවකට බට යමයා ගුනේ අය්යාට සැලුට් එකක් ද දමා පැවසූවේ ලoකාවේ
කටයුතු අධ්‍යනය කිරීමට යම පල්ලන් සෙට් එකක් එවන බවට පොරොන්දු වෙමිනි.....
Subscribe to:
Posts (Atom)




