Tuesday, August 9, 2011

පියානනි ඔබට නිවන් සුව.....

ඔබ සෙවනේ ආදරය විදිමින් සදාකාලිකවම අපට ජීවත් වෙන්නට බැරී යථාර්තය අපට පසක් කරමින් ඔබතුමා අපෙන් වෙන් උනා (ඒ 01.08.2011 දින ). මේ සOසාරය නැමැති කතරේ ඔබ අපට සෙවනැල්ලක් මෙන් පසුපසම සිටිමින්  ලෝකය විවරනය කරන්නට අපට මහා අත්වැලක් උනා. මිනිසුන් විදියට ලෝකේ හැමෝම අත වැරදි ඇති බවත් වැරදි අඩුපාඩු සකස් කරගෙන එක්ව ප්‍රෂ්න වලට මුහුන දියයුතු බව අපට ඔබ හැමදාම පසක් කරලා දුන්නා. හරිම සැහැල්ලුවෙන් වගේම ධෙර‍යයෙන් ජීවිතයට මුහුන දිය යුතු බව අපට වටහා දුන්න ඔබතුමා එයා ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුවා. ඒවගේම ඔබගේ සාමාජ සම්බන්දකම් ගැන සාක්කි කිවුවේ අවමගුලට සහභාගී උන පිරිස ඒ අයගේ මුවින් පිටවුනේ ජයේ අය්යා හරිම නිවිච්ච මනුස්සය කියන වචන ටික. ඉතින් පියානනි අපට නැවත හමු වෙන්න බැරි විදියට කුරිරු දයිවය අපිව වෙන්කරලා ඉවරයි. මේ ලෝකේ මායාවක්, රැවටීමක්, බොරුවක් කියන කාරනය අපට අන්තිම වතාවට පැහැදිලි කරලා දුන්න ඔබතුමාගේ වැඩ කටයුතු ඉදිරියට සාර්ථකව කරගෙන යන්න හිතනවා. පියානනි ඔබතුමා අප වෙනුවෙන් පැතූ ලෝකය තව තවත් සුන්දර කලා ලස්සන කලා. අපිට ඔබ ආඩම්බරයක් මගේ බුදු තාත්තේ...

ඉතින් ඔබට නිවන් සුව පතමි......


Sunday, July 31, 2011

ගූ කොල්ලාගේ බ්ලොග් නෙරෙන්චි සහ මේනුකයගේ ලැට් බාල්දිය

බ්ලොග් ලොවට පිවිසෙන නවක උදවියට ඇතිවන මුල්ම ප්‍රෂ්නය වන්නේ තමුන්ගේ බ්ලොග් එකට නමක් දමා ගැනීමයි. එබැවින් ඔබේ බ්ලොගයට නමක් ගුනේ අයියා මේ පොස්ට් එකෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ බ්ලොගය විනෝදාස්වාද බ්ලොග් එකක් නම්....
බ්ලොග් හෑල්ල, බ්ලොග් පිනා, බ්ලොග් ගොය්යා, බ්ලොග් මාලුව, සමීරගේ ජිල් බෝලේ, සැනී මාමාගේ බ්ලොග් රෙද්ද, මාතරයගේ සාර විට, සුනක් පෝතකයා, මාතර බ්ලොග් ආච්චි, චිOචි මානවිකාව, නොOචි අක්කා, ගූ කොල්ලාගේ බ්ලොග් නෙරෙන්චි, බොලොග් ජවුසොO, බ්ලොග් කක්කුස්සිය, මේනුකයගේ ලැට් බාල්දිය.

අධ්‍යපනික ගනයට වැටේ නම්....
MOUshදයා, නිෂ්චායකය, අක්ෂර වින්‍යසය, අවුසද හාමි, බ්ලොග් පන්තිය, බ්ලොග් අකුරු, බ්ලොග් පොත, අයින්ස්ටයින්ගේ බ්ලොග් සයන්ස්, බ්ලොකාගේ මොන්ටිසොරිය, හුනු කැල්ල,

තොරතුරු තාක්ෂනයට අදාල නම්...
අයිටී ගැජමැටික්ස්, ගින්දර බ්ලොග් අයිටි, බ්ලොග් සයිටි, විනිවිදයගේ ගැජට් කෑල්ල, සයිට් ගාඩි, බ්ලොග් ඔරිජින්

Friday, July 29, 2011

අනේ මලේ මම එක එක ජාතියේ මේකවල් නම් දැකලා තියනවා හැබැයි ඔය රාමු කරපු එකක් දැක්කමයි.


අපේ ගමේ ටිකක් විතර වයසක බුවෙක් හිටියා. ජාතක කතාවම පොතක ලියලා තියන ඉතාම වටිනා කියන සුනක පෝතක රාජයෙක් ඇති කලා. ඉතින් ගමේ මහ උජාරුවට මේ බුවා බල්ලවත් අරගෙන උදේට හවහට ජොගින් එහෙම කලා. මේ බලු නාම්බගේ නම තමයි. මේකර් (Meker) ඉතින් දවසක් මේ බ්ල්ලෝ දෙන්නා ගියා ගගට නාන්ට කියලා. මේකර්ව නාවපු අපේ බුවා එයාව වේලෙන්න පැත්තකින් තියලා. ඔක්කොම ඉවත් කරලා පැන්නා (පැකින් කඩලා උපන් ඇදුම පිටින්) ජබොo ගාලා පැන්නේ නැතෑ ගගට මේ වැඩෙන් කුලප්පු වෙච්ච මේකරුත් පන එපා කියලා. දිව්වේ නැතෑ ආතක් පාතක් නොබලා ගම හතර වටේම. දැන් ඉතින් ස්වාමියට මල බලු නාම්බා දුවනවා. ස්වාමි බුවත් දඩින් බිඩින් ගාලා තුවාය පටය පටලෝ ගෙන බල්ලා පස්සේ පන්නනවා. අනේ ඉතින් ටික දුරක් යනකොට මේ අoකල් බුවගේ තුවාය පටය ලිහුනා මේක නොදන්න බුවත් මේක මේක කියකිය දුවනවා බල්ලා පස්සේ ඔහොම දුවන කොට කෙල්ලෝ සෙට් එකකට මැදි උන බුවා අoකල් අනේ දුවාලා මගේ මේක දැක්කද? කියලා ඇහුවලු. කෙල්ලේ සෙටි එක අoකල්ට කුඩ, ඉලපත්, මල්ටි බැරල්, පාරවල් කීපයක් දීලා සලකලා තියෙනවා අපිට මේකා මේක පෙන්නන්න ආවා කියලා. මුසලය, හිවලා, ඇට ගෙම්බා, ගොලු බෙල්ලා, තිලාපියා, හකු දිග රිලා මොටා කියලා කියන ගමන්..) කාරනය වටහා ගත්තු අoකල් බුවා කාරනය තෙරුම් අරගෙන ලග පාත තිබුන බේසමකින් වටිනා කියන දේවල් කවර් කරගෙන ආය දිව්වා මේකර්ව හොය හොය.(වටිනා බල්ලනේ ඉතින්) ඔහොම යනකොට මෙන්න ඉස්සර හට එනවා වයසක පහේ ගෑනු කෙනෙක් හතිදාගෙන ආපු බුවත් මේ ගෑනු කෙනා දිහා බලලා අනේ සිරිපිනා අක්කේ ඔබතුමියවත් දැක්කද මගේ මේක කියලා ඇහුවලු. උඩ ඉදලා පහලට දෙතුන් විඩක් මේ විජ්ජුම්බරය බලපු සිරිපිනා හාමිත් අනේ මලේ මම එක එක ජාතියේ මේකවල් නම් දැකලා තියනවා හැබැයි ඔය රාමු කරපු එකක් දැක්කමයි.
බැලින්නම් බේසමේ රවුම විතරයි මැද තිබිලා නෑ. මේ බුවට ගුනේ අය්යලා තවම කියන්නේ රාමු කරපු මේක කියලා