Wednesday, September 21, 2011

පල් පාට් BUT කේස් ක්ලෝස්



පල් පාට්  BUT  කේස් ක්ලෝස්
මේ කතාව අපේ ලෝය අoකල් කෙනෙකුට වුන වැඩක් මේ ලෝය මාමා රටක් වටින පොරක් පැමිනිලි කාරයා විත්තිකාරයා කරන එක මෙයාගේ විනෝදාoෂයක් විතරක් නෙමෙ මොනවා හරි බොරුවක් පටලවලා සාක්කිකාරයා කාරයා බොරු කාරයා කරවලා විත්තිකාරයව දිනවන්නත් දක්ෂයි. පොර නිසා වැරදී කාරයෝ කීප දෙනෙක්ම නිදහස් උනා විතරක් නෙමේ. විත්තිකාරයවත් සුද්ද උනා මොකද මෙතුමාගේ ගාන සැර නිසා. කොහොම කොහොම හරි ඉතින් මේ ලෝය ගැන දන්න අපේ අප්පුහාමි අය්යත් අනේ පහර දීලා කන හපා කාපු නඩු වකට සාක්කි දෙන්න ඉදිරිපත් උනා. විත්තිකාරයා වෙනුවෙන් අපේ කතා නායක අබ්බගාත් තුමාත් ඉදිරිපත් උනා. දැන් පැමිනිල්ලේ සාක්කි විමසන වෙලාව නඩු කාර තුමා නඩුව විභාග කරනවා. පැමිනිල්ල වෙනුවන් අප්පුහාමි මාමා උත්තර බදින්න බලාපොරොත්තු වෙනවා

ලෝය: තමුන් මේ සිද්දිය දැක්කද?
අප්පුහාමි: ඔව් මහත්තයා.
ලෝය: හරි එහෙනම් කියන්න බලන්න මේ සිද්දිය වෙනකොට තමුන් කොහෙද හිටියේ
අප්පුහාමි: මම පාරේ එනකොට මේ විත්තිකාරයා පැමිනිලි කාරයට බැන බැන හිටියා
ලෝය: තමුන් මොකද කලේ ?

අප්පුහාමි: ස්වාමිනී මම ලග පාත ගහකට මුවා වෙලා හිටියා
ලෝය: හරි තමුන් දැක්කද මේ පැමිනිලි කාරයා විත්තිකාරයට පහර දෙනවා සහ කන හපා කනවා. (පැමිනිලි කාරයා හරිය )

අප්පුහාමි: නැහැ ස්වාමිනි. මම දැක්කේ නෑ
ලෝය: එහෙනම් විත්තිකාරයාට පැමිනිලි කාරයා ගහලා කන හපා කනවා දැක්කාද?

අප්පුහාමි: නැහැ ස්වාමිනි දැක්කේ නෑ
ලෝය: එහෙනම් තමුන් බොරු කියන්නේ තමුන් දැක්කද ගහනවා (ආයෙත් ඇහුවා )

අප්පුහාමි: නෑ ස්වාමිනි මම ගහනවා දැක්කේ නෑ.( අනේ ඉතින් අප්පුහාමි මාමා වරද්ද ගත්තා ගහනවා දැක්කට දැක්කේ නෑ කියලා මොකද ඇත්තටම සිද්ධ උනේ... ඔකේ අනිත් පැත්තනේ)
ලෝය: ඉතින් ලොය මහත්තයත් ඉතා සතුතින් කිව්වලු සිවාමිනී මේ පැමිනිල්ල බොරු එකක් මෙතන ගැටුමක් සිද්ද වෙලා නෑ කියලා පැමිනිල්ලේ සාක්කිකරු කියනවා කියාලා. මෙතන පහරදීමක්වත් කන සපා කෑමක්වත් සිද්ධ වෙලා නෑ. මේ අහින්සක මනුස්සයාව බොරු නඩුවකට පටලවලා බොරු පැමිනිල්ලක් දාලා කියලා තමන්ගේ කතාව අවසන් කලේ බොහොම උජාරුවෙන් නඩුව දින්නා කියලා හොද හිනාවකුත් එහෙම දාලා. කේස් ක්ලෝස් කියලා හරි ආඩම්බරයෙන් වීරයා වගේ පල් පාට් හිනාවකින් අප්පු හාමි අය්යා දිහා බැලූවලු.

මේ වෙලාවේ තමයි අප්පුහාමි මාමාට කතාව තේරුනේ. සෝ සොරි.... දැන් අප්පු හාමි මාමට දවල් තරු පෙනුනලු වැඩේ ජෝන් බාස්ට ගියා කියලා. ඉතින් නඩු කාරයත් තමින්ට තව මොනවා හරි කියන්න තියනවද කියලා අප්පිහාමි මාමා ගෙන් ඇහුවේ නඩු කාරයටත් වැඩේ තේරුන නිසා කරන්න දෙයක් නැති කමට...

අප්පුහාමි: කල්පනා කරපු අප්පු හාමි අය්යට ගණදෙවි නුවන පහල උනානේ අප්පු හාමි අය්යත් මෙන්න මෙහෙම තමුන්ගේ වරද නිවැරදි කර ගත්තලු. අනේ ස්වාමිනී මම පහර දෙනවා දැක්කේ නෑ හැබැයි මේ පැමිනිලි කාරයගේ කන විත්තිකාරයගේ කටේ තියනවා දැක්කා ඒ වගේම ලේ පෙරාගෙන ඒක කට්න් එලියට දානවත් දැක්කා. ස්වාමීනී ඉතින් පැමිනිලි කාරයගේ කට කනේ තිබුනහමත් එහෙම දෙයක් සිදුවෙලා නෑ කියලද? කියන්නේ කියලා ඇහුවලු... අනේ ලෝය තුමා පලවෙනි වතාවට ඒ නඩුවක් පැරදුනා මයි. කොහොමද? අප්පුවගේ මොලේ.....

Tuesday, September 13, 2011

මේ නයෝ මාව උග්‍ර සමාජවාදියෙක් කරන්න එපා...


මේ නයෝ මාව උග්‍ර සමාජවාදියෙක් කරන්න එපා...

අනේ වැඩක් නෑ පහු ගිය සතියම මල බෝරිo මෙලෝ හිවලෙක් ගෙදර එන්නෙත් නෑ මවුතුමිය ගෙදරින් එලියට බහින්න දෙන්නෙත් නෑ මීට වැඩිය හොදයි හිරයක් ගත්තා නම් ගුනේ අයියා ඔහොම චූටි ටීචගේ චූටි චෝට් එක කිය කිය ඉන්න කොට අනේ දාර සයිස් නයෙක් එනවා නේද? කඩේ පැත්තට හිතන්න ඇතිනේ ගුනේ අය්යා කකුල් දෙක දෙපරන්දේ අස්සේ ගහගෙන දුවයි කියලා.. හහ් ඒවා කොහෙද? ගුනේ අය්යා හෙල්ලුනේ වත් නෑ අඩුම තරමේ උර්දව පතනය උනෙත් නෑ විස්වාස කරන්න අප්පා මටත් විස්වාස නෑ වෙන වෙලාවක් නම් එහෙම වෙන්න තිබුනා. නමුත් ෂානි නOගි ඉන්න කොට ගුනේ අය්යාගේ පුරුශ දහිරිය, පුරුස මදය, පුරුස ශක්තිය හැම එකම වැඩි වෙනවනේ නැත්තම් ඉතින් වැටවල් කීපයක්ම පහු කොරලා නයාගෙ කෑලිත් නෑ. ගුනේ අය්යගේ කෑලිත් නෑ කොහොම කොහොම හරි නයාව ෂේප් කර ගන්න කියට තඩි මන්නයක් සමාවෙන්න ටෙන්ශන් එකට තඩි පොල්ලක් අරගෙන යන කොට මෙහෙම උනානේ

එක් පසකින් දිව දෙක එලියට දමා ගත් නාගයාය
අනෙක් පසින් යුහුසුලු ගමනින් යුතු ගුනේ අය්යායා
නැවත පොලු අමෝරා ගෙන සැලෙන හදින් යුතු ගුනේ අය්යා
මෙහෙන් විස මුවෙහි පුරවා ගත් නා රජිදාය
එහෙන් හිස පුප්පා සිටින නාග රාජයාය
මෙහෙන් කටේ කෙල සිදී ඇති ගුනේ අය්යාය

ඉතින් ගුනේ අය්යත් තමුන්ගෙ සියලු පුරුෂ ශක්තිය පොල්ලට දාලා දුන්නා නේද නයි හපුය්යාට නන්නත්තාර් වෙලා ඔස්තාර් වෙන්න කරුමේ නයාගේ කියලා හිතාගෙන මේ නයෝ මාව උග්‍ර සමජ වාදියෙක් කරන්න එපා කියලා ෂානි ඉස්සරහා අනේ ඒ පහර නයාගේ ඇගේ වැදී නොවැදී න‍යාට ගහල පොල්ල වරද්ද ගත්තනේ. බෑ කියලා බෑනේ ගැහුවා තව පහරක් එකත් පුස්සක් අනේ බෑ අනේ නයා එහෙ පයිනවා ගුනේ මෙහෙ පය්නවා අනේ සිරිපාල මාමා මේ වෙලාවේ කඩේට ගොඩ උනා කෙල්ලේ ඔය බූමිතෙල් ටිකක් අරන් දියන් කියලා සිරිපාල මාමා ෂානිට කියලා අහන්නකෝ අනේ නයාව මෙල්ල කලානේ නයා දුන්නා රනක් පන එපා කියලා බලන්න.... චී හරි නරකයි මගේ ලකුනු ඔක්කොම ඉවරයි.. සිරිපාලයා ෂානි ඉස්සරහා ලකුනු සීයම දාගත්තා ඌ නයෙක් නෙමේ දාර පිබුරෙක් කියලා.

ඉතිරි කොටස ලබන සතියට ....( නයා මට කියපු දේ..... අහන්නකෝ....)

Monday, September 12, 2011

අප දෙදෙනා නයාට අදු කොල සේද, නයා හා මුගටියා සේද, නයා සහ රෝස් පාන් සේද. නොගැලපෙයි.

12.09.2011

බත් නැති රැයේදී..

නො: 152/12

නයා ගීය වත්ත

කටුනායක.

දයාබර ෂානි නoගී වෙත.

 

2011.09.12 දින සිට ඔබ මාගේ පෙම්වතිය තනතුරෙන් ඉවත් කල බව සතුටින් දන්වා සිටිමි


2011.08.30 දින ඔබගේ ලිපි‍යට ප්‍රකාරව මම මෝඩයාවී ඔබ මාගේ පෙම්වතිය තනතුරට පත් කල බව දෑනුම් දුන්නෙමි. නමුදු ඔබගේ කල්කිරියාව සති දෙකක් ඇතුලතදී නරක අතට පැමිනීම මාගේ අමන්දානන්දයට හේතුවී ඇත එ මක් නිසාද යත් මගේ එක් පෙම්වතියකගේ හෝ පවුල් බර මා වෙත අඩු වීම නිසාය. තවද අප දෙදෙනා නයාට අදු කොල සේද, නයා හා මුගටියා සේද, නයා සහ රෝස් පාන් සේද. නොගැලපෙයි. මා ඔබ මාගේ පෙම්වතිය තනතුරින් ඉවත් කිරීමට පහත කරුනු බලපා ඇති බව කරුනාවෙන් සලකන්න. තවද දින 3 ක් ඇතුලත ඔබ මෙම චෝදනා පත්‍රයට පිලිතුරු සැපයීමට අපොහොසත් උවහොත් සොරිම සොරි බව කාරුනිකව සලකන්න. තවද දින 3 පසු පෙර දැනුම් දීමකින් තොරව ඔබට මා සැපයූ සියලු දීමනා අත් හිටු වන බවද සලකන්න.

 

චෝදනා පහත පරිධි ගොනු කරනු කැමැත්තෙමි

01.  2011.09.01 දින උග්‍ර සමාජවාදියකු වන මා හට ඔලුව ඉදිමුනු ධනවාදියා යැයි ආමන්ත්‍රනය කිරීම සහ මාගේ ප්‍රතිපත්ති විරෝධි ප්‍රකාශ වලින් මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා එලදෙන, සුනක දෙන, රට හරකී යනාදී මහා අසබ්‍ය වචන පිට කරන තත්වයට මා පත් කිරීම.

02.  2011.09.03 දින මාගේ මෝටර්  රථය මාගේ අනුදැනුමින් තොරව රැදී සිටීම සහ එහි කොන්ඩ කට්ට්ක් වට්ටා මාගේ නිවසේ උදවිය මා හා උරන කිරීමට ව්‍යOග දායකත්වයක් ලබා දීම.

03.  2002 අOක 17 දරන පෙම්වතුන්ගේ පනතට අනුකූලව ද්වේශ සහගතව පලා යෑම හා තෝ මරන බවට මා හට මරන තර්ජනය කිරීම සහ මන්නය මා වෙත අමෝරා ඒ වචනය ස්තිර කිරීම.

04.  මාගේ කිසිදු අවසරයකින් තොරව මව සමග කුලුපග වීමට උත්සාහ කිරීම. (තවද මාගේ ම්ව්තුමිය හොදම මීටරයක් බව දැන දැන ඇය සමග කුලුපග වීමට යෑම කොහෙත්ම අනුමත කල නොහැකි අතර එය මාගේ පවුල් ජීවිත‍යට අනවශ්‍ය ලෙස ඇගිලි ගැසීමකි.)

05.  මාගේ නිදහස අහුරන පරිධි ඔබගේ තොල් අලේපන වලින් මාගේ කමිසය සැරසීමට යෑම හා එය මාගේ මවට හසු වන පරිධි මා චුම්බනය කිරීම. (මෙය සම්බ්න්දය නැවැත්වීමට ආසන්නම හේතුව බව කරුනිකව සලක්න්න.

මේ කාරනා සලකා බලන විට ඔබහා මා ප්‍රේම සම්බන්දයක් පවත්වාගෙන යෑම අතින් පාඩුය. ඉතා කුජීතය, ශෝකාකූලය, අවක්නා සහගතය, ඉතා පිලිකුල්ය. එබැවින් මා ඔබ හැර දමා වන ගත වීමට තීරනය කෙලෙමි. මාගේ දුරකතන අOකය විසන්දි කරන අතර වනයේදී පාවිච්චි කිරීමට නොහැකි බවද කාරුනිකව සලකන්න. තවද ඔබට ඉතා සුරතල්, කොල්ලකු ලැබේවායි පතමි

මීට ශෝක‍යට හා සOතෝස‍යට පත්

ඔබේ කීකරු ආදරවන්තයා

 

.....................

ගුනේ අය්යා.