Saturday, October 15, 2011

මාරයා යනු මාර බඩුවක්ද.... එහෙනම් මරේ මරු...

අද මාරයා ගැන ටිකක් කතා කරන්නට ගුනේ අය්යට සිතුනාය. ඒ ඉතින් මාරයා යනු මාර බඩුවක් නිසාය. සමහරු තරහා ගිය වෙලාවට කියන්නේ මගේ මාරයා අවුස්සගන්ට ඒපා කියායා. ඒ ඉතින් තරහා ගිය වෙලාවටනේ. ඉතින් අප දන්නා පරිඩි මාරයා යනු කිසිම හිතක් පපුවක් නැති පොරක්ය. ඒ ඉතින් මාරයගේ හැටිනේ.
කාලයකට අපේ ගමට එන මාරයෙක් ඇත ඌ ඩෙoගු මාරයාය. ගෙවල් දොරවල් පිලිවෙලට තබා නොගත හොත් මේ මාරයාගෙන් බේරෙනවා බොරුය. ඇනෙක් මාරයා සිගරට් මාරයාය. දස බිම්බර මාර සෙනගටවත් බය නැති අපේ උන්ට නම් සිගරට් මාරයා ගැන කිසිම ගානක් නැත.
ඡන්ද කාලයට අපේ ගමට තවත් මාරයෙක් ගොඩ බසියි ඒ පොස්ටර් මාරයාය. පොස්ටර් මාරයා මේ හැම මාරයෙකුටම වඩා බයානක බව ගුනේ අය්යාට නම් සිතෙ. තවත් ලැග්ජා නැති මාරයෙක් ඇත ඒ ඒඩ්ස් මාරයා සභයත්වය,සංවරකම,සංස්කෘතිය අගයන අපේ මේ දේශයේ දිනෙන් දින,වසරින් වසර ඒඩ්ස් මාරයන් වැඩිවන බවට ගුනේ අය්යාට නම් හැගෙන්නේ. එකත් මාරයි ඇ
අපේ තාත්තා දවසක් මාර වැඩක් කලේය. ඒ අල්ලපු ගෙදර අoකල්ට මාරයා කියා බැන වැදීමයි... එවිට අල්ලපු ගෙදර මාර  දුවනි‍ය ඉදලත් අරන් ආවාය. ඒ ඉතින් මරු ඇවිස්සිලාය. දැන් ඉතින් මාරයාගේ හෝරාව අලබී ඇත.. මරේ මරු දැන් අපට මරු ගේමක් බලාගත හැකිය. අනේ මොන මරුද.... තාත්තා කියු මරු කතාවක් නිසා මාර දුවනිය ආපසු දිව්වාය... ඒ ඉතින් මගේ මාරයා අවුස්ස ගන්න එපා කියාය...
බුදු දහමේද මාර දිව‍ය පුත්‍රයා ගැන සදහන්වේ. දුසී නම් මාරයෙක් ගැනය  කෙසේ වෙතත් බුදු හිමි නම් මාර පරාජය කලබව අපට පැහැදිලිය හැබැයි කාමලෝකයටම අධිපති වන්නේ මාරයා බව අමතක නොකළ යුත්තකි. නමුත් නිර්වාණය අවබෝධ කර ගැනීමේ මාර්ගයේ යන අපිට බාධා කරන එක්තරා පුද්ගලයෙක් තමයි පාපී මාරයා”.
මාරයි නේද........

Friday, October 14, 2011

තෝ දන්න කෙහෙල් ගෙඩියක් නෑ .... කට වහගෙන හිටු....


අද කතා කරන්න යන්නේ කෙහෙල්  ගැනය කෙසෙල් ගස අපට බොහො ප්‍රයොජනවත් ගසකි. කෙහෙල් ගසේ මල් කොල පොතු යනාදී ප්න්ච වර්ගයම ප්‍රයොජනවත්ය බව අපේ ආතා කියයි. ඒත් ඔයාලා  ඇටි කෙහෙල් දන්නවද ඇටි කෙහෙල් කාපු උගුඩුවගෙ කතාවවත් අහල තියනවද?? ඒ ඇටි කෙහෙල් කතාය. තවත් කෙහෙල් කතා ගොඩක් තියනවාය. ඔය කතා කිය කිය ඉන්න කොට මට අය්යා කීවේ තො දන්න කෙහෙල් මලක් නෑ කියාය. එවිට ගුනේ අය්යාට සිතුනේ අනේ උබ දන්න කෙහෙල් අලයක් නෑ කියාය. ගුනේ අය්යා  අද උදේ මදි නොකියන්න ඇඹුල් කෙහෙල් ගෙඩි හයකටම වග කියපු හින්දා වැඩිය අමාරුවක් නැත ... අනිත් එක කෙහෙල් අපේ ජීවිත වලට ගොඩක් සම්බන්ධ බව මට හැගුනේ දවසක්  අපේ මිස් කිවු කතාවක් නිසාය… එදා විෂය බාහිර වැඩේට මිස් කියාපි අන් බදරබල් ( බදන්න බැරි ) ඇම්බුං කෙහෙ කනක්  ගලවන්න කියාය  නමුත් ඒකේ අති කෙහෙල් ගෙඩියක් නැත.  ඇපේ සීයා ගාව තියෙන රත්නමාලු (රත් කෙහෙල්) දැකලා අල්ලපු ගෙදර කෙල්ලගෙ ඇස් උඩ ගියෙය, ඒ කවදවත් ඒ වගේ කෙසෙල් දැකල  නැතිය කියාලු. නමුත් අය්යා නම් කියන්නේ කාපු-කෙහෙල්-ගෙඩියකුත් නෑ කලිසමේ පලුවකුත් නෑ කියාය ඒ ඉතින්  කෙහෙල් කිරි වැටිලාය. ගමේ ගොඩේ කතාවක් ඇත ඒ නම් කෙහෙල් කැන ඉස්සෙල්ල වැට පැන්නා කියාය. සමහරු නම් කියන්නේ මට හැමදාම කෙහෙල් කන්න වෙයි කියාය. කෙහෙල් ජාති ගොඩක් ඇත ආ…ඒ. අතර ඇම්බුම් ආන මාලු, කොලි කුට්ටු විසෙෂය. දවසක් මාමා කීවෙ හැබැය් පුතො ඔය කෙහෙල් ගස් අස්සෙ රිඔගලා  කොහෙල් ගහට කොටලා වැඩ වැරද්ද ගන්න එපාය
දවසක් තාත්තා කීවෙ තො හැදුවත වඩා හොදයි අලු කෙහෙල් පැලයක්වත් ඉන්දුවා නම් මෙලහකට ගෙඩි හැදිලා උයලා කන්නත් තිබ්බා. සම හරක් කෙහෙල් කොට ටික එකතු කරලා එකට බැඳලා පාරු හදනව හිවල් හූවෙන් ජවය දාලා කොල්ලො ටික ඇළ දිගේ කෙසෙල් කොටේ පදිනවාය ...කෙහෙල් මල ලස්සනය ඒ කෙහෙල් මුව නිසාය සමහරු මල් කඩන අතරේ මොකක් හරි එකක් නිසා මල් නිකන්ම කෙහෙල් මල් වෙලා යනවා...ඉතින් දැන් මොකෝ කරන්නේ කෙල්ලෙ. ... කොට්ටෝරුවා කෙටුවවත්ද කෙහෙල් ගහට?


යම් ජීවිතයක් සැප සම්පත් ම ඉල්ලයි නම් එය අරටුවක් නැති  කෙහෙල් බඩයක් සේ පල රහිත යයි අපේ හාමුදුරුවො දවසක් කීවේය…..

රුවක් නැතුවට බඹරුන් කැන්දු
පලක් නොවුනිද මන්ජරි රැන්දු

පෙති නැතුවට මුදු සිත් බැන්දු
මති නොවුනිද මීයට මන කැන්දු

පලක් නැතුවට කෙහෙම් මල තෙපලු
මලක් නොවුනිද කෙහෙල් මල පලලු

Wednesday, October 12, 2011

බම්බුව යනු රවුම් හැඩයෙන් යුක්ත හැඩැති පොලු විශේෂයකි.

අද කතා කරන්න ලෑස්තිය බම්බුව ගැනය. බම්බුව යනු රවුම් හැඩයෙන් යුක්ත හැඩැති පොලු විශේෂයකි. බම්බුව අපිට විවිද අයුරින් අපේ ජීවිතය පවත්වාගෙන යාමට සපෝට් කරයි. ක්‍රීඩා පිටියේදි උන බම්බුවද වැදගත් වෙයි, එ ක්‍රිඩා කිරීමටය.  රාජකාරි කරන උදවියට පිස්සු බම්බුව වාතයකි  . ඒ නිසාම ගෙදර ඉන්නා පිස්සු බම්බු  වැඩට පිටත් කිරීමට සැමියො උත්සුක වෙති සමහරුනම් කියන්නේ උන් නොදන්න බම්මුවක් නැත කියාය එ ගැන කියා ඇනගන්නට ගුනේ අය්යාට උවමනා නැත . දවසක් අපේ අය්යාට නෑනා එවූ ලිපියක මෙසේ සදහන් වුනි ...''ආදරේ මොන තරම් පිවිතුරුද කියාය ...'' අය්යා නම් කීවේ බම්බුව තමයි කියාය..... හද්ද පිටිසර ... ගම්වල තවත් බම්බුවක් ඇත ඒ තමයි අපේ පැරැණි පිට්ටු බම්බුවය. ඇත්තටම හද්දා පිටිසර.... ජීවිතේ ගැන අපි දන්න බම්බුවක් නැත• අප ඒදා සිට අද දක්වා කලේ බම්බු ගසාගෙන බලා සිතීමය ..!හැබැයි බම්බුව කියන්නේ හිස් දෙයක්... හිස් දෙයක් කියන්නේ මොකුත්ම නෑ කියන එකනේ. සමහර් දේෂපාලකයන් වෙදිකාවල බම්බු ගහන්න පටන් ගන්නේ මෙලෙසය
...බම්බුව පටන් ගත්තේ එතැන් සිටය එතුමා කතා කලේ රාජ්යතන්ත්රය නැමති ලබ්බේ යුනිකෝඩ් පිරවීම සම්බන්ධවය. ...බම්බුව තමයි ”. නව අපේක්ෂකයාට සහාය පතා පැවැත්වෙන ප්රචාරක රැළිවල මෙසේ එතුමා බම්බුව ගැන කතා කලේ ඔහෙලා දන්න බම්බුව කියාය.
ඒ අතර තවත් රසවත් බම්බුවකක් ඇත ඒ පිට්ටු බම්බුවය, වංගෙඩියේ දමා හාල් පිටි පොල් හා ලුණු සමග මිශ්ර කර පිට්ටු, බම්බුව ආධාරයෙන් ජල වාෂ්පවලින් තම්බා ගනී. ...
මෙ අනේ අමතක වූ තවත් බම්බුවකි එ,.......මතක ද...? පොඩි කාලේ අපි බම්බුවට බීමිතෙල් දාලා හදන උන වෙඩිල්ල. ඒ කාල ඒ තරන් වටින තවත් බම්බුවක් අපිට නැත. බම්බුව සම්බන්ද කවිද අපේ සාහිතයට එකතු වී ඇත....මෙ ආදරේට කියු බම්බූ කවියකි

ඇය වීය මා කොම්බුව.
ලඟට ගිය විට නම් හෙණ්ඩුව...
අනේ ඇගෙ බම්බුව...
තබා ගමි මම මගේ නම්බුව..........................................කියාය