Wednesday, November 30, 2011

බිම්බරක් වගේ ...... බරක්......... පටවි, ආපෝ, තේජෝ,............ වායෝ

 
විෂ්වයේ මූල පදාර්ත විද්‍යානුකූල විවරනයක යෙදෙනවා නම් ඝන, ද්‍රව, වායු ලෙස බෙදා දැක්විය හැක. ඒවා මූල ද්‍රව්‍ය ලෙස හැදින්වෙන අතර විෂ්වයේ පැවැත්මක් ඇති නැති සියල්ලම මේ මූල ද්‍රව්‍ය නැතහොත් මූලික ද්‍රව්‍ය වලින් නිර්මාපක බව විද්‍යාක්නයන්ගේ මතයයි. එය හුදු ඇස, කන, නාසය, දිව, ශරීරය යන පOච ඉන්දිරියන්ට ගෝචර වන්නාවූ සීමාවේ සිට කරන ලද්දක් බව අපට පැහැදිලිය. නමුත් අප පරමාර්ථ සත්‍ය ලෙස සලකා බලන විට මේ සියලු දෑ පටවි, ආපෝ, තේජෝ, වායෝ යන පදාර්ථ සතර එක්වී නිර්මානය වී ඇති බව පැහැදිලිය.

පට්වි    - තද ගතිය
ආපෝ - ද්‍රව ගතිය
තේජෝ- උනුසුම් සීතල ගතිය
වායෝ  - වායුමය ස්වබාවය

මෙලෙස පදාර්ත සතර එකතුවී මේ සරුසාර මිනිසා හෝ නිස්සාර මිනිසා බිහිවී ඇත. වින්නානය( මහා අද්‍යාත්මය ) මේ මූල දර්මයන් හා ගැටීමෙන් මිනිසා ක්‍රියාශිලී වී ඇත. යම් දිනක මේවා නිරුද්ධ වීමෙන් මිනිසා මරනයට පත්වූ බව අපට හැගෙන අතර අප පුද්ගලයා මිය ගියා යන සත්‍ය පිලිගන්නා නමුත් මූල පදාර්ථයන් මූල පදාර්ථයන් හා එක්වීම එකවර හදුනා නොගනී. මේ අවිද්‍යාව නැතිනම් මුලාව කරන කොට ගෙන ඇති වන්නාවු තත්වයකි. එනම් ඇත්ත ඇති සැටියෙන් දැකීමට අප තුල පවත්නා නොකමැත්ත හෝ අවිද්‍යාව යන්න මාගේ හැගීමයි.


සරල ලෙස පවසනවා නම් මේ කය අපගේ ආත්මාථකාමී අවශ්‍යතාවයක් සදහා ස්වභාව දර්මයා ඇති කල දෙයක් නොවන බවත් එය සමාජයේ යහපත උදෙසා යෙදවිය යුතු යානාවක් බව අපට පැහැදිලි කර ගත යුතු බව මාගේ හැගීමයි. ඒ මේ මිනිසා මහා නිර්මානය ස්වභාව දර්මයා බිහිකල හේතුව ඉටු කිරීමට මිනිසා බැදී සීටී. ඒ ලොවම සුන්දර කරන සුන්දර මිනිසකු ලෙස ජීවත් වීමයි.


ප.ළි:- ජීවිතයේ ශුනයතාවය පාඨකයෝ වටහා ගනිත්වා. කුසලට නොපමා වෙත්වා... ඔබට තෙරුවන් සරන

Sunday, November 27, 2011

කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට...




ඔන්න දැන් තමයි වාදෙ..
 
 
 
කවියා:
දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
රතු කැටයක් වගෙයි හරියට කහවත්ත
කිවිඳිය:
උපමා කියයි දම දම බොරු හිනාව
මට තේරුණා අමරෙගෙ උවමනාව
වයසට ගියත් ඉස්තිරි වර්ණනාව
හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව

කවියා:
අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි
කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි
දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි
මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු නිසයි
කිවිඳිය:
රණ හංසයින් පෙන්නා ළැම මත පීනූ
අමරේ කවි ලියයි උපමා අඩු නූනූ
වරලස සිකි පිළලු හඳ වාගෙලු මූණූ
කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ ගෑණූ
කවියා:
කන් පෙති සිනිඳු අරලිය මල් පෙතිය ඇගේ
පස්සා පැත්ත හරියට පුන් කළස වගේ
සුව දෙන මෙට්ටෙකට දෙවෙනිද සිරුර ඇගේ
දුටුවා එවැනි එකියක මගෙ තරුණ යුගේ
කිවිඳිය:
කැත එකියකට බොරු උපමා හරි ගස්සා
ඔල්මාදයෙන් දොඩවයි මේ කවි පිස්සා
පුන් කළසකට සමවේ නම් පිටි පස්සා
පාරේ ගියේ කොහොමද ඇය අඩි උස්සා
කවියා:
කුඹුකේ ළිඳෙන් දිය නා ගෙන අසල වෙලේ
තාලෙට කළය රඳවාගෙන උකුලු තලේ
සුවඳට ඇගේ මල් පිපුණා අසල කැලේ
අප වැනියන්ට පමණකි එය දකින මොලේ
කිවිඳිය:
අමරේ ගැහැණු ගැන මෙහි බොරු සිහින දකී
කවි යයි කියා පවසන්නෙම බොළඳ වැකී
සතියක් යන්න පෙර මංගල නැකත මැකී
වෙන මිනිහෙකුට බහ දුන්නලු ගෙදර එකී

කවියා:
කවි පද වලට කොතැනකවත් නෑ මෙල්ල
ඔබ හින්දයි ගියේ වෙනතක කෙල්ල
මට පෙම් පිපාසය - හරියට පෑවිල්ල
නංගියෙ, චූට්ටක් දෙනවද නා දල්ල?
කිවිඳිය:
අප වැනි ගැහැණු දුටු දුටු තැන කෙළ ගිල්ල
වැටහෙයි නාකි අමරෙගෙ බොරු දැඟලිල්ල
දැන්නම් මගෙත් නැතිවෙනවා ඉවසිල්ල
නා දළු නොවෙයි අරගන්නෙමි දොර පොල්ල
කවියා:
කවියට කොතැන මුත් ඇත්තේ බාදකය
බැලුවම ගැහැණු වන මල් මෙන් ළාමකය
දැමුවට පසු ඇයට උපමා රූපකය
ඔලුවට එන හැඩයි දොර පොලු මාරකය
කිවිඳිය:
උපමා උපමේය දම දම පුරාණේ
එන්නෙම ළඟට මුල'සුනටත් හොරානේ
ඉන්නෙත් තවම අකලට දිරවලානේ
මට මොනවටද මේ වයසක පරානේ
කවියා:
සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවද මොකක්
නෙත යොමු කරනු පරිසරයට අවට ටිකක්
සිහිනිඟ මිටින් අරගත හැක නැතුව සැකක්
කහවත්තෙදිත් දැකගත්තෙමි එහෙම එකක්
කිවිඳිය:
හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
සක්කරවට්ටමක් යනකොට නළවාලා
ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා
මුලාසනය:
හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!

ප.ලි:-
මෙම නිර්මානයේ අයිතිකරු ගුනේ අය්යා නොවන බව පාථකයෝ කරුනාවෙන් සලකත්වා උපුටා ගැනීමකි..

Monday, November 7, 2011

කපු මහතාගේ පැරිෂුට් තාක්ෂනය.....


මේක පැරිෂුටයෙන් බැස්ස කපු රාල කෙනෙක් පිලිබද ඉල ඇදෙන ආතල් කතාවක් වුර්තියෙන් කපු මහතෙක් උනාට කතාවෙන් විසිරී පැතිරී තියන මහා බුද්ධිමය ප්‍රභාව වෙලාවකට රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඒ තරමට උගත් පොර නොදන්න දෙයක් නෑ හරියට මහදැන මුත්තගේ ආච්චිගේ මල්ලිගේ මුනුබුරා වගේ..පොර ජීවිකාව විධියට කලේ කපුකම කාටහරි නූලක් මතුරලා, සුරයක් එහෙම ලියලා, පොඩි වෂියක්, චූටි ගුරුකමක් කරලා මෙතුමා හරි සාදාරන විධියට ජීවත් උනා, කාගෙන් හරි කොල්ලකාලා. අපේ ආගිය කතා තියලා මේ කපු පඩියගේ කතාව අහමුකෝ ....
ඒ දවස්වල කටුනායක ආශ්‍රිතව පැරිෂුට් අබ්‍යාසයක නිරත උනා අපේ පයිලට් ඈයන් ටිකක් ඒ දවස් වල පැරිෂුටි ලඔකාවට හදුන්වා දුන්න මුල් යුගය. පැරිෂුට් පුහුනු වන උදවියත් ඉතින් උඩ පිනුම්, යට පිනුම්, බඩ පිනුම්,බඩ යට පිනුම් ගහලා මේකේ උජාරුව පෙන්නුවා. ඉතින් මේ බඩ පිනුම් පරිශීලනය කරපු අපේ කපු උන්නැහෙත් දෙපාරක් හිතුවේ නෑ තීරනය කලා පැරිෂුට් එකක් හදන්න දන්න බුද්ධිමය ප්‍රභාව බාවිතා කරලා හැදුවා පැරිෂුට් එකක්. හැදුවට වැඩක් නෑනේ මේක වැඩ කරනවද කියලා බලන්නත් එපැයි පොර නැග්ගා කොස් ගහකට මේ පැරිෂුටයත් කෙස් ගහට වැඩද බලන්න දෙබලකට පය තියලා පැන්නා පහලට තමුන්ගේ පැරිෂුට් යන්තරෙත් ඉහලගෙන අත් හදා බැලීම සාර්ථකයි ගමේ උදවියට ඇහිලා තියනවා බුදු අම්මෝ මගේ කොන්ද..... කියනවා හනේ කපු උන්නැහේ පෙරේතයා පොලවෙ ගැහුවා වගේ මහී කාන්තාව සිපගෙන උර්දවපතනය වෙලාලු.
හොයලා බලනකොට මේ යකා පැනලා තියෙන්නේ ලොකු හාමුදුරුවන්ගේ කුඩේ ඉහලගෙන අනේ පවු පොරගේ ඉල ඇට සෙට් එක කුඩේ කුඩු. ඉතින් අපේ කපු මහතට මාස 6 ක් 7 ක් තෙල් සාත්තු කරන්න උනාලු. බැක් බොන්ඩි එක යතා තත්වයට පත් කර ගන්න...
මේ ගැන දැනුම් තේරුම් තියන අපේ අය්යලා මෙයාට කියන්නේ පැරිෂුට්........... කියලා තමයි. ඉතින් ඒ වෙලාවට කොල්ලන්ගේ ජාතක කථා නිදාන කථා  සියල්ල මතක් කරන්න පැරිෂුට් කපු උන්නැහෙත් අමතක කරන්නේ නෑ...............