Friday, March 2, 2012

කනට ජිල් බෝල තොල් වලට පැලැටික්නම්



අද  කතාව ටිකක් කටකාර බුවෙක් ගැනය. මේ බුවාගේ සැබෑ නම පුබුදු උවත් පෙලපත් නාමය පුබ්බා ලෙස අපගේ බාවිතාව අනුව වෙනස් විය. ඉතින් පුබ්බා යනු අහක යන ඕනෑම සමාජ රෝග‍යකට උවද පස්චාත්බාගය දමා දිලීර වෙරස් සාදා ගන්න ඉතා අවන්ක ලැටි බාල්දියකට උපමා කිරීමට තරම් කාරුනික වීම ගැන මම අනුකම්පා කරමි.
ඔන්න ඉතින් පුබ්බාගේ කතාව අහමුකෝ දවසක් පුබ්බත් ඔපිස් එකට වෙලා ඉන්නවා ඊලග ඔඩිට් එකට ඇලොකේට් කරනකම්. ඔහොම ටිකක් වෙලා ඉන්න කොට මෙන්න එනවා කෝලමී වගේ කෑල්ලක් කනට ජිල් බෝල දෙකක් දාගෙන තොල් වලට පැලැටික්නම් ගාගෙන ඒ මදිවට බුරියට ඝාන්ටාරෙකුත් එල්ලගෙන තව ටිකක් බලනකොට සායේ කොටට නිමිත්තත් පේනවද මන්දා. කියලා වැඩක් නෑ ගමේ කොස් දෙල් කාපු පොශ් බඩුවක්ද කොහෙද?.... මේක දැකපු පුබ්බගෙත් මීටරය අමීටරය වෙලා කට පැත්තකට ගිහින් සොටු සෙම සෙවල දෙතිස්මහා කුනූප කොටස් වලින්ම ගලන්න පටන් ගත්තා..
කොහොම කොහොම හරි සිහි එලවා ගත්තු පුබ්බත් හායි නOගි කියලා ගුඩ් මෝනිO කිව්වේ නිකමට වගේ කට තියාගෙන ඉන්න බැරි කමට. කෙල්ලත් අත ඇරියේ නෑ සට පටස් සුරු බුරුස් කියලා කියලා කෙලියේ නෑ සුද්ද ඉOගිරිස් වලින් කෙලියේ නැතෑ පුබ්බගේ ඇට මිදුලු දියවෙන්න. අපේ බුවාටත් තේරුනේ නැති උනාට යර්ස් නෝ කිය කිය ජාමේ බේර ගත්තා..මේ වැඩසටහන දැක්ක ඔඩිට් මැනේජරුත් මේ දෙන්නව ඇලොකේට් කලා එකම ඔඩිට් එකට පුබ්බත් මරන්න ගෙනියන කලු වුෂබයා වගේ ඔඩිට් එකට මේ මේ හුතරල් කෑල්ලත් එක්කන් ගියා...  
දැන් තමා හොදම හරිය මේ සුරතල් කෑල්ල ලන්සි සිOහල බිදුවක්වත් බෑ..අපේ පුබ්බා අමු හිOගල ඌට ඉOගිරිස් බින්දුවක් බෑ.. කෙල්ල අහන ප්‍රෂ්න වලත පුබ්බට උත්තර නෑ.. පුබ්බා දෙන ආන්සර්ස් වලට කෙල්ලට නෝ ඇඩ්‍රස් කොහොම කොහොම හරි පලවෙනි දවස ගැට ගහ ගත්තු පුබ්බා 4.55 ටම ස්ටේෂන් එකට දිව්වා මේ මරාලයෙන් බේරෙන්න. හා හා ...ඒ මරාලයෙනුත් බේරුනා කියලා සුසුම් කීපයක් පිට කලා විතරයි. මෙන්න ගෑනු හස්තයක් පුබ්බගේ පිටට තට්ටුවක් දැම්මා. පිටි පස්ස හැරිලා බැලින්නම් මෙන්න අර කෑල්ල ස්ටේශමටත් ඇවිත් පුබ්බට හීන් දාඩිය ඉහින් කනින් දාන්න පටන් ගත්තා. දැන් මොකෑ කොරන්නේ තමුන්ගේ ආත්ම ගවුරවය ගැන හිතපු පුබ්බා අයි ඈම් වෙරි සොරි මයි ට්‍රේන් කියලා දුවලා ගිහිල්ලා නැග්ගා ලගම තියන ට්‍රේන් එකකට ට්‍රේන් එකක් පුබ්බව මාතර දක්වා ගෙන යන්න අමතක කලේ නෑ බැලින්නම් මේ යෝදයා නැගලා තියෙන්නේ එක්ස්ප්‍රස් ට්‍රේන් එකකටනේ අල්ලපු හෝල්ට් එකෙන් බහින පුබ්බා මාතර ගියේ ඔහොමයි..

සැ. ‍යු:-
යාලුවනේ පහත තියන වෙබ් ලින්ක් එකත් මගේ තවම ඒක ජනප්‍රිය නෑ. නමුත් මේකෙන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ලෙටර්ස් කොපි කර ගන්න පුලුවන් මේකටත් ගොඩවෙලා ඇඩ් එකක් ක්ලික් කරලා මටත් උදව්වක් දීලා යන්න කියලා ඉල්ලා සිටිනවා... 


මෙන්න ලින්ක් එක

ලින්ක් එකට යන්න මෙතන කොටන්න


බොහෙම ස්තුතියි
ගුනේ අය්යා  


Tuesday, February 28, 2012

පුතා දැන් රී ගන්න හරි එහෙනම් ගා ගන්න...

 
එදා ලoකා නුවර රාජපක්ෂ නම් රජෙක් රාජ්‍ය පාලනය කරන කල්හි කටුනායක නම් නියම් ගමෙහි ඇන්ටන් නම් බ්‍රාහ්මන වන්ශික කෙලෙඹි පුත්‍රයෙකුට සුජාතව ජාතකව සුවර්න නම් පුත් රුවනක් වාසය කලේය ඌ තුමූ කාලවර්නය මනා රූ සපුවෙන් ආඩ්‍ය වූවේයෑ හේ ඉහෙන් කනින් වැඩෙත්ම ශිල්ප පිපාසය සන්සිදුවා ගැනීම සදහා මෙකල පරසිදුවූ මහා ආස්චර්‍ය ඇති මහා ගාන්දර්ව පoචසිකයා වෙත යැවීමට ඇන්ටන් කෙලෙබියා තීරනය කලේයෑ...මේ සමග නා නා විද පඩුරු පාක්කුඩම්ද මල් මාලා ගන්ද විලේපනදියද, ශිල්ප හැදෑරීමට අවශ්‍ය නොයෙක් නොයෙක් ඩරම්ස්, ගිටර්ස්, බොන්ගෝ, වීනා, සැක්සපෝන් ද රැගෙන පන්චසික වෙත ගියේයෑ...
සුවර්න පුත්‍රයාද පන්චසිකයාගේද දෙපා නැමැද තමා ආ කාරනාව නොවලහා දැන්වීය...

පoචසිකයාද තම වීනාව අතට ගෙන  සිසුවාගේ දැනුම පරික්ෂා කරනු වස් කැමති වාද්‍ය බාන්ඩයක් ගෙන රී... ගනු යැයි කීවේය...
කීකරු සුවර්න පුත්‍ර තෙමෙද ගුරු ගවුරවය නිසාම රී... ගත්තේය..
හරි එහෙම නම් දැන් ගා ගනු යැයි පැවසීය... ගුරු ගවුරවය නිසාම හේ ගාද ගත්තේය...
අවට මනා සුවදක් වහනය වෙනු දැන පන්චසිකයා මදක් සැලී ගියේය ... සුවර්නයා කහ පාට යමක් ගාගෙන සිටිනු දක්නට ලැබින... (බලන්නකෝ මේ යකා ඇග පුරාම කක්කා ගාගෙනනේ...)
සුවර්න පුත්‍රයාගේ සහකම්පන ගුනය ගැන සැලකූ පoචසිකයා හේ නොවලහා කටුනායක බලා පිටත් කලේලු...


ස, රි, ග, ම, ප, ද, නි.....

සැ. ‍යු:-
යාලුවනේ පහත තියන වෙබ් ලින්ක් එකත් මගේ තවම ඒක ජනප්‍රිය නෑ. නමුත් මේකෙන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ලෙටර්ස් කොපි කර ගන්න පුලුවන් මේකටත් ගොඩවෙලා ඇඩ් එකක් ක්ලික් කරලා මටත් උදව්වක් දීලා යන්න කියලා ඉල්ලා සිටිනවා... ඇඩිස් මයි ඇඩිස් කියන තැනට යටින් ඇති..

මෙන්න ලින්ක් එක

බොහෙම ස්තුතියි
ගුනේ අය්යා 




Saturday, February 25, 2012

රෙද්ද පල්ලෙන් සුලු දියත් පස්චාත් බාගයෙන් බොකත් චාජ් උනා


මේ කතාව අපේ ඔඩිට් ෆර්ම් එකේ වෙච්ච ආතල් ස්ටෝරි එකක් අපේ බුවාලා ගියා ඔඩිට් එකකට ඔය කැලනිය හරියේ ජනප්‍රිය කොම්පැනි එකක ඉතින් නිතර ඔපිස් එකෙන් පනිවිඩ එනවා ඔඩිට් පෝගරස් එක ගැන අහලා එන්නෙත් අපේ යාලුවෙක්ගෙන් ඌත් ඉතින් හැම තිස්සෙම අහනවා ඔඩිට් ප්‍රොග්‍රස් එක ගැන අහලා අපේ යාලුවව බයිටි කරනවා. මිනිහට බොස් වගේ කතා කරන්න පුලුවන් කටහඩ බොසාගේ වගෙමයි... ඉතින් දෙතුන් පාරක්ම බයිට් කරලා අන්තිමට අපේ ඔඩිට් මෑන් වත් කරටි ගැලව්න්න මල පන්නලා තිබුනේ. පොරටත් ඇගිල්ලෙන් අනින්න විතරයි ඔන වෙලා තිබුනේ
මෙන්න ආයෙත් කෝල් එකක් කොහොමද ඔඩිට් පෝග්‍රස් එක මල පැනලා හිටපු අපේ බුවත් දන්න සින්හල ඉoග්‍රීසි දෙමල ඔක්කොම පරුෂ වචන දාලා රියල් කුනුහරුප අච්චාරුවක් දුන්නේ නැතෑ තැන නොතැන බලන්නැතුව දැන් හරි අපේ බුවා හරී ආතල් මම ඌට දුන්නා කියලා. අනිත් පැත්ත හැරුනා විතරයි මෙන්න නැවත සරබනුව නාද වෙනවා ට්‍රිරීන් ට්‍රීරීන් කියලා... ගත්තා ආය පෝන් එක මූට තවත් ඇති වෙලා නෑනේ කියලා දුන්නා තවත් ඇඩිෂනල් කුනුහර්ප ගෝනියක්. දැන් හරියටම හරි ආය නෝ කතා නෝ ඔඩිට් පෝග්‍රස් කියලා ඔඩිට් එක ඉවර කරලා ඔෆිස් එකට ගියා විතරයි.. මේ කුනු හර්ප මාරයගේ නම කියලා බොස් කතා කලේ නැතෑ තමුසේ මොකද මට බැන්නේ කියලා.. අපේ බුවාගේ ඉහින් කනින් දාඩිය විතරක් නෙමේ රෙද්ද පල්ලෙන් සුලු දියත් පස්චාත් බාගයෙන් බොකත් චාජ් උනා කියලා තමා ආරන්චි. බලද්දි අන්තිම පාරවල් දෙකම කතා කථා කරලා තියෙන්නේ බොස්නේ......


සැ. ‍යු:-
යාලුවනේ පහත තියන වෙබ් එකත් මගේ එකක් ඉoග්‍රීසි එකක් නිසා ඒක වැඩිය ගෙඩක් දෙනෙක් අතර ජනප්‍රිය නෑ. නමුත් මේකෙන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ඉoග්‍රීසි ලෙටර්ස් කොපි කර ගන්න පුලුවන් මේකටත් ගොඩවෙලා ඇඩ් එකක් ක්ලික් කරලා මටත් ශක්තියක් වෙලා යන්න කියලා ඉල්ලා සිටිනවා.

මෙන්න ලින්ක් එක

ලින්ක් එකට යන්න මෙතන කොටන්න

ස්තුතියි

ගුනේ අය්යා