Thursday, July 14, 2011

බෙබා අoකල්ගේ හොද වැඩේ....



මේ කතාව ගුනේ අය්යාගේ තාත්තාගේ යලුවෙක්ට වෙච්ච වැඩක්. මේ අoකල් ඉතාමත්ම බහුස්ශුත, ගුන ගරුක, මෙත් සිත් ඇති, කාරුනික, වැදගත් මහත්මයෙක්. (බීපු නැති වෙලාවට ඉහත සියලු දෑ අදාල බව පාටකයෝ කරුනාවන් සලකත්වා ). දවසක් හැබැයි මේ අoකල් පොඩි ෂොට් එකක් දාලා. පාරේ යනකොට පාර අයිනේ ඊතල තුනක් වැදුනු මනුස්සයෙක් ලේ පෙරාගෙන බොහොම අමාරුවෙන් ඉන්නවා දැක්කා. මොන සින්හලයා බවුද්දයාටද ඒක දැකලා අහක බලාගෙන යන්න පුලුවන්යැ අoකල් කෙලින්ම ගියා. මේ අසරනයා ගාවට ඊතල දෙකක් ගැලෙව්වෙ රිදෙනවද කිය කිය බොහොම අමාරුවෙන් වගේම පරිස්සමින්ලු, කොහොම නමුත් අoකල්ට ගමේ මිනිස්සු ටික මේ හොද වැඩේට ප්‍රත්යුපකාර විදියට හොදටම තඩිබාලා. බලන්න හොද වැඩක් කලත් මේ කුරිරු සමාජය හැසිරෙන විදිය බොහොම කැතයි නේද? චීයා හරී බලු....

ඒත්?!!....බලන්නකෝ වැඩේ, අoකල් ගලෝලා තියෙන්නෙ සෙබස්තියන් මුනින්ද්‍රයාගේ ඊතලනේ මදැ ඔහොම ගුටි කාලා බේරුනා..   



සැ.යු:-

සමාවෙන්න ආගම් වලට අපහාස කලා නෙමේ කතාව කිව්වා විතරයි. 

Wednesday, July 13, 2011

පැනි මූනා සමග පැනි සවුන්ඩ්ස්




මොකුන්ද අම්මේ සත්තු ජාතියක්
කොපි පොත් ටික ඔක්කොම කාලා
මොනුන්ද අම්මේ ඒවා කන්නේ
කොපි පොත් සේරම හිල් කරලා

පුතා දන්නේ නෑ වැඩ නැති කාලෙට
පුන්චි සත්තු හරි වැඩ කරතෙ
ලොකු ගුල්ලන් පෙම් කතා කියද්දී
පොඩි ගුල්ලන් කොපි පොත් ගිලිතී

එහේ බැලුවත් හිල් මෙහේ බැලුවත් හීල්
මට නැහැ මොකවත් තේරෙන්නේ
කාවෝ කෑවද ගුල්ලෝ ගැහුවද
කවුරුද ඒවට වින කෙරුවේ

පාසල් යනකොට ආපසු එනකොට
කෑලි කෑලි විසි වෙනවනෙ දරුවෝ
කාවොත් වැරදියි වේයොත් වැරදියි
කෝවා කෙරෙන්නෙත් හොර පාරේ

කාවෝ විතරද ගුල්ලෝ විතරද
මේ පොත් වල හිල් කර යන්නේ
පොත්වල ඇතුලේ මේවා කෙරෙන බව
උන්ගේ දෙමව්පියො නැතිවද දන්නේ

නෑ මගේ සූකිරි පුන්චි පුතේ නැහැ
ගුල්ලන් ඔහොමයි තරුන වියේ
මවි පිය වරු නිතරම සෙව්වත්
ඕවා කෙරෙන්නේ හොර රහසේ

පද රචනය : නන්ද එල්ලාවල ජින රතන හිමි
ගායනය    : ගුනේ අය්යා සමග ශාලිකා නදී සිරිතුoග
සoගීතය    : පැනි මූනා සමග පැනි සවුන්ඩ්ස් වාදක මන්ඩලය

1 comments:

sameera said...
පට්ටයි ඈ ........ , කොමෙන්ට් නොකර කොහොමද ?

Monday, July 11, 2011

මල පැන්නා (නහුතයයි දශම ස්තාන දෙකකට)

මේකත් ඉතින් අපේ කකුල් දෙකේ බලු නාබ්බෙක්ගේ කකුල් හතරෙ වැඩක්. අපේ උන්ගේ ගන දෙවි නුවන ගැන ඔයගොල්ලෝ දැනතමත් දන්නවා ඇතිනේ අපේ කතානායකයට තියන නුවනේ හැටියට ඌ විශ්ව විද්‍යාල කීපයක උනත් කුලපති කම් කරන්න සුදුසුකම් සපුරලා තියන ඇත්තෙක්. අපි ඌට අOජුවා කියලා කියමුකෝ මේ වගේ තැන් තැන් වල බල්ලන්ට ආතල් දුන්නට ඌ හරි ස්වීට් ඉනසන්ට් එලකිරි බුවෙක්. අපි කතාව අහමුකෝ....
අන්ජුවලෑ ගෙදර හිටියා දඩෝරියෙක් ඌත් ඉතින් අOජුවා වගේම තමයි වෙලාවට නාලා කාලා හරි ජොලී (ෆන්) ජීවිතයක් තමයි ගත කලේ. කොච්චර ෆන්ද කියනවනම් ලොම් හැලිලා, මැක්කෝ පිරිලා   හරියට අපායට ගහපු මල්ටි බැරල් එකකට අහුවෙලා වගේ එවිතරක් නම් බෑරියෑ. ඌ පාවිච්චි කරන සෑර සෙන්ට් එක මුලු පලාතම සුවදවත් කරනවා.
දවසක් අන්ජූ රෑ වෙලා ගෙදර ආවා චුට්ටක් විතර දාලා කාලකුත් ඉනේ ගහගෙන හීනියට සින්දුවකුත් කියකිය. ඉතින් ස්වීටියත් (දඩෝරියත්) තමුන්ගේ ස්වාමි පුරුසයා සමාවෙන්න ස්වාමියා ගැන සද්දා කම්පා වෙලා පෙර ගමන් පසු ගමන් එහෙම කලා. මේ අතර තමයි අOජුවට බලු පෝතකයගේ සෙන්ට් සුවද දැනෙන්න ගත්තේ බීලා කියලා නැහැ ඉතින් ඒ ගද ඉවසන්න බැහැ නොවෑ. අOජුවාට මල පැන්නා (නහුතයයි දශම ස්තාන දෙකකට ). ඉදපන්කෝ කියලා කන්න ගෙනාපු පාන් බාගෙයි. බොන්න ගෙනපු කසියා කාලයි කලවම් කරලා දුන්නා එල ඩිනර් එකක්. බලන්න කොච්චර හොද ස්වාමියෙක්ද නේද? කෑම මදිවට අරක්කුත් ස්වීටියත් මේ අමුතු කෑම කලා අමුතු බීම බීලා පොලව හෙලවෙනවා වගේ දැනිලා පොඩි කබරයි පැතියෙක් එහෙම එලියට දාලා එහෙම්මම ඇල උනා. (නුපුරුදු ජාති බීවහම බල්ලා කියල නෑ ඌත් ඉතින් වැනෙනවනේ හතර ගාතේ දාලා දොයි අල්ලපු ගෙදර බල්ලට බැන බැන )
ඊට පස්සේ තමයි ගේම බලු හාමිව පෝර උරයකට දාගත්තු අන්ජුවා නුහුරු නුපුරුදු ගමනක් යන්න ලෑස්ති උනා. කිලෝමීටර් 4ක් 5ක් ඈත නුහුරු නුපුරුදු ජීවිතයකට ස්වීටියව අතරමO කරපු අපේ අOජු මහතා ගෙදරට ගොද උනේ සැනසුම් සුසුමක් හෙලන ගමන් ඒ කරදරෙත් ඉවරා......යි කියලා හිතාගෙන.
බල්ලටත් ඉතින් හැමදාම වෙරි නෑනේ. දවස් දෙකයි කිලෝමීටර් පහයි බැරියර් 4යි පහුකරපු ස්වීටියා මෙන්න ගෙදර ඇවිත් තමුන්ගේ ආදරනීය ස්වාමියා දිහා බලලා මෙහෙම අහනවා අනේ අOජුවෝ උඹට මාව අමතක උනාද? මම බීලා ගෙදරින් පැනලා ගියා කියලා හිතුවද සොරී ඈ...... ඕවා ඉතින් කාපු බීපු වෙලාවට කරන වැඩනේ  වැඩියේ ගනන් ගන්න එපා මම උබව ආය දාලා යන්නේ නෑ කියලා උගේ සෑර සෙන්ට් එකෙන්ම උම්මා හතර පහක් දුන්නා උම්මා උම්මා උම්මා...... කියලා. අOජුවා බාර් සබන් කෑල්ලක් අරගෙන තවම නානවා ගද යන්න.

3 comments:

චාටර් කොල්ලා said...
ලොල් ය ...
..ChAnDiKa.. said...
සිරා සීන් එකක්දැ?