Wednesday, August 17, 2011

මේ අනේ මහෙ භාර්යාව වෙන්නකෝ

භාර්යා තනතුර සදහා ඉල්ලුම් පත් කැදවීමේ නිවේදනයයි..
ගුනේ අය්යා තමුන්ගේ භර්යා තනතුර සදහා  කාන්තාවන්ට ඇරයුම් කරයි

මූලික සුදුසුකම්
01. 2011.08.17 දිනට පිරුනු වයස අවුරුදු 14 ට් වැඩිවිය යුතුය.
02. වාර 2කට නොඅඩු වාර ගනනකදී අ.පො.ස (උ/පෙල ) හෝ පහත් පෙල සමත් විය යුතුය.
03. අඩුම වශයෙන් තනතුර භාර ගැනීමට පෙර එක් කොල්ලකු හෝ සමග යාලු වී සිටිය යුතුය.
04. ඉහත සුදුසුකම් සපුරන අය අවිවාහක නම් තමන්ගේ කොල්ලා මාර්ගයෙන්ද, විවාහක නම් හොර සැමියකුගේ මාර්ගයෙන්ද ඉල්ලුම් කල යුතුය.

රැකියා කොන්දේසි...

01. දිනපතා උදැසන පාන්දර 5.00 නැගිටිය යුතු අතර මාවද ඒ වෙලාවට ඇහැර විය යුතුය.
02. සියලු රෙදි සේදීම ඇදුම් මැදීම වේලීම කල යුතු අතර මගේ ආහාර රසවත් ලෙස පිලියල කර දිය යුතුය.
03. සෑම දෙනා සමගම හිනා වීම. කොල්ලන් සමග ඇගැලුම් පෑම නොකල යුතුය

දීමනා..
01. මාගේ වැටුප අන්තිම සතය දක්වා සූරා කෑමට ඉඩ දෙනු ලැබේ.
02. අනියම් නිවාඩු ප්‍රසූත නිවාඩු හිමි වන අතර අවශ්‍ය නම් මට හොරෙන්ද නිවාඩු ගත හැක.
03. ජීවන වියදම් දීමනාව, කොන්ඩෙ ටින්ට් කිරිමේ දීමනාව ඇතුලු මෙකී නොකී සියලු දීමනා හිමිවේ

ඉහත තොරතුරු චරිත සහතික දෙකක් සමග අදම ඉදිරි පත් කරන්න මුල් 10 දෙනාට විශේෂ වට්තම් හිමිවේ.

Tuesday, August 16, 2011

මේ මාවවත් බැදපන්කෝ මටත් ලොකු දෑවැද්දක් තියනවා...



H.W. පොඩිහාමිනේ
නො:672/72
"මැණිකක්"
ලුනු මිදෙල්ල ගහ පාර
කටුනායක.

....සදරේනු පත්‍රයේ31.05.2012 දිනැති මOගල යෝජනාව සම්බන්ධවයි.....

අප බස්නාහිර පලාතේ බොදු ගොවි වැඩිහිටි කෙල්ලන් දෙදෙනෙකු සහ මදාවි කොල්ලකුගෙන් සමන්විත පවුලකි.

පියා                 : වසර 30 ට අධික කාලයක් රා මදින්නන්ගේ ස0ගමයේ පයිලට් තනතුරක් දරන අතර  හවසට හැලිවලන් බිදීම පිලිබදව මනා හැකියාව ඇත්තෙක්.

මව                       : හැකර කටීලගේ සOගමයේ පුර්න කාලීන ක්‍රියාකාරි සාමජිකවකි. ගෘහනියකි. 

වැඩිමහල් දියනිය: කැලනිය විශ්ව විද්‍යාලයේ අගර  දගර පිලිබද උපාධිදාරිනියකි. දැනට ව්‍යාපාරිකයකු සමග විවාහවී වෙන්ව සිටී ටිකක් කටකරය.

බාල දියනිය         : කැලනිය විශ්ව විද්‍යාලයේ උපාධිදාරිනියකි එහි විවහය ස්ම්බන්ධ මනෝ වෙය්ද්ය වරියක ලෙස කතයුතු කරයි. රජයේ ගුරුවරයෙකු හා විවාහවී වෙන්ව සිටී.

යෝජිත පුතු      : පවුලේ එකම පිරිමි දරුවාය. නම MR. K.R.N. PACHA GUNE. අයතා සම්බන්ධතා කීපයක්ම ගෙදරට මාට්ටු ඌවත්  තවම පලමු වරට විවහවී නොමැත.  වරලත් ගනන් කරයන්ගේ  සOගමයේ   අවසන් අධියර සමත්ව අගනුවර පිලිගත් ආයතනයක ගණOකාරයකු ලෙස සේවය කරයි. සුරා සූදුවෙන් තොර නිහතමානී කාරුණික දරුවකුවන ඔහු සිගරට් අරක්කු හොරෙන්වත් නොබොන්නෙකි. හරී විනීත දරුවකු වන අතර හොරයින්, ගන්ජා, අබින් පිලිබද ඉහල දැනුමක් ඇත්තෙකි. නවීන මෝටර් රථයක් ආදායම් ලබන ව්‍යාපාරික තේක්ක ඉඩමක්ද ඔහුට දෑවැදි වශයෙන් දීමට අදහස් කර ඇත,  වයඹ, දකුන යන පලාත් වල දේපල ඔහුට හිමි නැතත් ඇත.
 
අතර අප සොයනුයේද ගුන යහපත්කම් වලින් පිරිපුන් යහපත් දියනියකි. කොල්ලෙක් අතින් අල්ලාවත් නැති නිකලැල් ස්වීට් චූටි කෑල්ලකි. වැන්දඹු වුවද කම් නැත. දරුවන් අවුරුදු 18 ට වැඩි නම් කලින් පුරුෂයාගේ චරිත සහතිකයක් සමග ඔබේ දුවගේ කේන්දර පිටපත සමග විමසන්න.  මේ පිලිබද ඔබ සෑහීමකට පත් වන්නේ නම් පිලිතුරු සැපයීම අගය කොට සලකමි.

මෙයට විශ්වසී


………………….
පුතුගේ මව
H.W. පොඩිහාමිනේ

දු.ක: 011-1111011
රාත්‍රි 7.32 පසු කතා කරන්න..

Sunday, August 14, 2011

නෑ තාත්තේ මේ මන්නේ මුවත් තියා ගන්න කියලා......

නෑ තාත්තේ මේ මන්නේ මුවත් තියා ගන්න කියලා......
මේ කතාව අපේම එකෙකුට වෙච්ච තවත් අපබ්‍රOශ ස්ටෝරි එකක් අපි මෙයාට මන්නයා කියලා කියමු. මොකද මන්න පාරවල් කීපයක්ම අසාර්තකව එල්ල කරපු පොරක් නිසා. මෙයා ටිකක් විතර වලියට බර, ධාරාන්පාත ඉදිකටු සයිස් මරුමූස් ඇගකින් සමන්විත උන හැම දේටම මන්නේ ඉස්සරහට දාලා හොම්බ රිවට් කර ගන්න ජාතියේ බඩුවක් හැබැයි ඒ ඉතින් ඌ මොනා උනත් හොද කොල්ලා අපි උගේ හොද පැත්තකින් තියලා කතාව අහමුකෝ මේ බුවගේ බාප්පා අල්ලපු වැටේ හැබයි ටිකක් විතර තරහයි. මොකක්ද ඉතින් වැටේ ප්‍රෂ්නෙකට මිසක්, කොහොම කොහොම හරි මේ ප්‍රෂ්නේ ටිකක් විතර උත්සන්න උනේ මේ බුවගේ පියා ගෙදර නැති වෙලාවක දන් නැද්ද ඉතින් ගෑනු ගෑනු එක්කෙකුට එකෙක් දෙවෙනි නෑනේ ඉතින් මේ නෑනලා දෙන්නත් කෙහෙවලු පටලව ගත්තා. තාත්තත් ගෙදර නෑ බාප්පයි නැන්දයි දෙන්නම පලු පැලෙන්න බනිනවා. මුගේ ඉවසීමේ සිමාව නූල් දෙකයි තුන්කාලට පැන්නා. දන්න දන්න කැත කතා, බලු කතා, විවාහය සම්බන්ද කතා ගොඩරියක් කිව්වත් බාප්පත් දෙවෙනි නෑ. බාප්පත් රජ කතා ගොඩාරියක් කියලා අනේ අපේ මන්නයගේ ඉවසීමේ සීමාව එහාට මෙහාට කලා. මන්නයා සැලුනේ නැහැ ගියා කුස්සියට ගත්තා මන්නේ අද තෝව බාවනවා කියලා ආදරයෙන් බාප්පගේ වත්තට පැන්නා බාප්පා දුවනවා පන එපා කියලා. මන්නයා දුවනවා මන්නය අමෝරාගෙන, බාප්පා දුවනවා සරම කඩාගෙන, කඩගෙන බිදගෙන පාර හරහා, පාරේ එන්නේ මන්නයගේ තාත්තා දැක්කා මේ ඔට්ටු සෙල්ලම, ඔහේ හිටු කියලා මන්න‍යාට කිව්වේ මෙකද මේ කියලා බලන්න මන්නයා නැවතුනා. මන්නයගේ පියා දුන්නා හොදවයින් පාරක් කන පුරෝලා මන්නයට චටාස්, පටාස්, ඩෝO පටොO, මන්නයා බිම. මොකද තෝ මන්නෙන් මල්ලිට කොටන්නඩද?! මන්නයගේ පියා ඇහුවේ හරිම සුරතල් බයානක විදියට. දනි පනි ගාල නැගිටපු මන්නයා මෙහෙම කිව්වා. මම මේ මන්නේ මුවත් තියන්න යන ගමන් බාප්පව හම්බ උනා. තාත්තට විහිලුවක් වත් තේරෙන්නේ නෑනේ කියලා. අසරන මන්නයා බැනුනුත් අහලා ගුටිත් කාලා. අදයින් පස්සේ මන්නයා මන්නේ කටවත් ආය පෙන්නන්න ගිහින් නෑ....