Tuesday, September 6, 2011

ඔබේ කේන්දරයේ ගුරු කිච වෙලා ඩෝO වෙලාද?...


මේෂ
මේෂ ලග්න හිමියන්ගේ ලග්නයේ ගුරු කිච වීම සුබයි. සිතුම් පැතුම් ඉටු වෙයි. ප්‍රබල මංගල යෝගයක් උදා කර ඇතත් නොමනා සම්බන්දතා නිසා විවාහය පසුවේ. විවාහ අපේක්ෂිතයන්ගේ පැතුම් ඉටු වීමට බොහෝ මහන්සි වීමට සිදුවේ. අධ්‍යාපන කටයුතු චාටර් වෙනු ඇත. විදේශ ගත වීමට අදහස් කළ මේෂ ලග්න හිමියන්ට විදේශ ගත වීමේ අවස්ථාව 2012 මැයි 08 වෙනිදාට පසු උදා කරයි. දුර බැහැර ගමන් බිමන් කොටු පැනීම වලින් වැලකීම ඇගට ගුන දායකය.
ජය වර්නය : ඉන්ඩිගෝ
ජය අOකය: 1123

වෘෂභ
වෘෂභ ලග්න හිමියන්ගේ දොළොස්වැන්න වු වැය ස්ථානයට ගුරු පැමිණීම එතරම් සුබදායක නැත. පාඩු / ලාභ ඇති කරයි. විදෙස් ගමන් අසාර්ථක වෙයි. කොල්ලකු නිසා රැවිටිලි වංචා වලට හසු වෙයි. බොරු චෝදනා අපවාද අසන්නට ලැබේ. කරන කියන කටයුතු සාර්ථක නොවේ. රැකියා/ව්‍යාපාර වලින් පාඩු අලාභ ඇති කරයි. බලාපොරොත්තු රහිත අවුල් වියවුල් ඇති කරයි. ලගම හිත මිතුරෙකුට  අපල කාලයකි.
ජය වර්නය : ලා කොල.
ජය අOකය: 1111

මිථුන
මිථුන ලග්න හිමියන්ගේ අයස්ථානය වු එකොළොස්වැන්නට ගුරු පැමිණීම ආදායම් තත්වය ඉහළ නංවන වකවානුවක් බව පෙන්වයි. නමුත් අව තුදුස්වක තිතිය දිනය පුරා බල පැවැත්වෙම බැවින් හරක් හොරකමේ යාමෙන් වලකින්න නැති වු හරකෙකු අයිතිකාරයට නැවත ලැබේ. දේපල ඉඩකඩම් වලින් ලාභ ලැබේ. ඔබට හිතවත් මිතුරු මිතුරියන් නිස MC යමට අවස්ථාව උදා කරයි අබැවින් පර්ස් එක ගැන සැලකිලිමත් වන්න. නිවසක් තැනීමට හෝ මිලදී ගැනීමට බලාපොරොත්තු වුයේ නම් එම බලාපොරොත්තු නොවෙයි. අතමිට මුදල් ගැවසුනත් කැදද නැති කාලයකි.
ජය වර්නය : බෙලි කහ.
ජය අOකය: 1@12

කටක
කටක ලග්න හිමියන්ගේ දහවැන්න වු රැකියා ස්ථානයට ගුරු පැමිණිම අසුබයි. රැකියා බලාපොරොත්තු වුවන්ගේ
රැකියා වලට කෙල වෙයි. රැකියා උසස් වීම්, කෙසේ වෙතත් ස්ථාන මාරුවීම් ලැබේ. නිවසක් තැනීමට අදහස් කළ කටක ලග්න හිමියන්ට නිවාස තැනීමට සුබ කාලයකි. සතුරු කරදර වැදි වෙයි සතුරන්ට පාට් දැමීමෙන් වලකින්න. අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. දියුණුව සඳහා ගන්නා උත්සාහයක් අසාර්ථක වෙයි. විවාහක කටක ලග්න හිමින්ට මංගල යෝජනා ඉදිරිපත් වන බැවින් බිරිදගෙන් ප්‍රවෙසම් වන්න.
ජය වර්නය : ලෙමනෙද් විතෙ.
ජය අOකය: 1..6

සිංහ
සිංහ ලග්න හිමියන්ගේ නම වැන්න වු භාග්‍ය ස්ථානයට ගුරු පැමිණීම සුබයි. උසස් අධ්‍යාපන වරම් හිමි වෙයි. විභාග වලින් ජය අත් වෙයි. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් ඇති කරයි. දුර බැහැර වන්දනා ගමන් විනෝද ගමන් යෙදෙන කාලයකි. විදේශ ගත වීමට බලාපොරොත්තු වුයේ නම් එම ගමන් ද සාර්ථක කර ගත හැකිය. දරු සම්පත් බලාපොරොත්තු වුවන්ගේ නම් එම පැතුම් ද අන් අයගෙ මාර්ගයෙන් ඉටු වෙයි. සිතට ප්‍රීතිය දනවන කරුණු නිතර යෙදෙයි ගෙදර බිරිය සමග වෙනදාට නැති ජොලියකින් ජීවත් වීමත හැකිවෙ. ගෙදර දොර වාසනාව ගෙන දෙන වකවානුවකි.
ජය වර්නය : lemaned Pink.
ජය අOකය: 1..8

කන්‍යා
කන්‍යා ලග්න හිමියන්ගේ අටවැන්න වු බාධක ස්ථානයට ගුරු පැමිණිම දේපල පිලිබඳ ආරාවුල් මතු කරන බව පෙනෙයි. තමාට ලැබීමට තිබු උරුම හිමිකම් පිලිබඳ  අඇස ගසාගෙන පුද්ගක්ලයකු නිසා ගැටලූ ඇති කරයි. හවුල් කරුවන් හා ගැහැනුන් සමග ගණුදෙනු කිරීමේදී ඉතාම කල්පනාකාරි විය යුතුය. ණයට මුදල් දීමෙන් මිදලත් මිතුරාත් නැති වෙයි. විවාහයෙන් දායාද හිමි විය හැකි නමුත් එයටද බාධක ගෙන දෙන බව පෙනෙයි. හිත මිතුරන්ගේ හෝ ඥාතින්ගේ විරුද්ධකම් ඇති කරයි.
ජය වර්නය : රතු රොස
ජය අOකය: 2501000

තුලා
තුලා ලග්න හිමියන්ගේ හත් වැන්න වු විවාහ ස්ථානයට ගුරු පැමිණීම ඔබට ප්‍රබල අවමංගල යෝගයක් උදා කිරීමකි. ප්‍රේම සබඳතා සඳහා වැඩිහිටි කැමැත්ත ලැබීමෙන් අවමඔගල්ලය තවත් ඉක්මන් වේ. ඥාතීන් හිතවතුන් විසින් ගෙන එන මංගල යෝජනාවක් සාර්ථක වෙයි. සතුරු කරදර මරනය නිසා නිමාවට පත් වෙයි. නඩුහබ වලින් නිදහස් වන කාලයකි. කෙටි ගමන් බිමන් යෙදෙයි. ගෙදර දොර අනෙක් අයටැ ප්‍රීතිය ඇති කරයි. ශරීර සෞඛ්‍ය කොහොමත් යහපත් වෙයි.
ජය වර්නය : කුනු ලේ පාට
ජය අOකය: 146461

වෘශ්චික
වෘශ්චික ලග්න හිමියන්ට හයවැන්න වු රෝග සහ සතුරු ස්ථානයට ගුරු පැමිනීම මධ්‍යස්ථව සුබ ඵල ලැබේ සතුරන් සමග සෙල්ලම් ලෙල්ලම් වීමට ඉද ඇත. ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කළ යුතු කාලයකි ෂරීර අවයව කලින් ඔදර් කර තිබුනත් කම් නැත. ලෙඩ දුක් වලට භාජනය විය හැකිය. මෙතෙක් පැවති සතුරු කරදරයක් නිමාවන ලකුණු පෙනෙයි. සිත් අමනාපව සිටි ඥාති මිත්‍රාදීන් නැවත ඔබ සමග මිතුරු වෙයි මෙයම ඔබට සිත් වේදන ගෙන දීමටැ  හේතු වේ . රැකියා ස්ථානයේ තිබු කරදර නිමාවට පත්වෙයි. නොසිතු මොහොතක ඔබට ලාභයක් ලැබේ.
ජය වර්නය : කෙහෙල් දල්ලෙ පාට
ජය අOකය: 1321534

ධනු
ධනු ලග්න හිමියන්ගේ පස්වැන්නට ගුරු පැමිනීම ඉතාමත්ම ඇසුබයි. බලාපොරොත්තු රැසක් ඉටු වන විත තව බලපොරොත්තු රැසක් ඇති වෙයි. විවාහ අපේක‍ෂයන්ගේ පැතුම් ඉටු වුනත් නැන්දම්ම නිසා කොකු වලට මූන දීමට සිදු වෙයි. අධ්‍යාපන ජයග්‍රහණ අත්වෙයි. විභාග, තුරග තරග හා අදාල විභාග, සම්මුඛ පරීක‍ෂණ ආදියෙන් ජය හිමි වෙයි. හවසට ෂොත් එකක් දා ගැනීමෙන් වලකින්න. දියුණුවට කරුණු යෙදෙයි. සිතේ ප්‍රිතිය වැඩි කරයි. සාර්ථක ප්‍රේම සබඳතාද ඇති වන බැවින් බිරිද නැන්දම්මයගේ නිවසත යවන්න සිදු වෙයි. සෑම දෙනාගෙන්ම ඔබට උදව් උපකාර ලැඛෙන කාලයකි.
ජය වර්නය : තැබිලි පාට
ජය අOකය: 1321534

මකර
මකර ලග්න හිමියන්ගේ හතරවැන්නට ගුරු පැමිණීම සුබයි. යාන වාහන, ගෙවල් දොරවල් පිලිබඳ මෙතෙක් සිතේ තිබු ප්‍රාර්ථනා ඉටුකර ගත හැකි කාලයකි. උරුම දේපල හිමි වෙයි. ගොවිතැන් කටයුතු වල නියුතු අයට ව්යාපාරික කටයුතු වලට බැසීමටැ සිදුවන  බව පෙනෙයි. මෙතෙක් වැඩ නිම නොවු නිවසේ වැඩ කටයුතු නිම නොකර පදිංචි විය හැකි කාලයකි. දරුඵල නැත. දරුවෙකුගේ චාටර් වැදක් පිලිබඳ සතුටු විය හැකි කාලයකි.
ජය වර්නය : ගොන් කොල පාට
ජය අOකය: 1131341

කුම්භ
ගුනේ අය්යාගේ ලග්නයයි කුම්භ ලග්න හිමියන්ගේ තුන්වැන්නට ගුරු පැමිණීම කෙටි ගමන් බිමන් බහුලව යෙදෙන කාලයක් බව පෙන්වයි. එවැනි ගමන් බිමන් වලින් වාසි ලැබේ. අසල්වැසියන්, ඥාති හිතවතුන් සමග වෙනදාට වැඩි ඇසුරක් පවත්වයි. ඔවුන්ගෙන් ඔබට උදව් උපකාර ලැබේ. කෙටි විදේශ චාරිකාද යෙදිය හැකි කාලයකි. කරන කියන කටයුතු සාර්ථක වෙයි. සමස්තයක් වෂයෙන් සුබම සුබයි.
කුම්භ ලග්න හිමියන්ට ඉරිසිය නොකරන්න ඉතාම හොද බව සලකන්න.
ජය වර්නය : සුදු පාට
ජය අOකය: 113455


මීන
මීන ලග්න හිමියන්ගේ දෙවැන්න වු ධනස්ථානයට ගුරු පැමිණීම සුබයි. ඔබට නොසිතු අවස්ථාවල ධන ලාභ ලැබේ. ආදායම් තත්ත්වය ඉහළ යයි. අතමිට මුදල් ලැබීමෙන් සරුවෙයි. ස්විප් ලොතරැයි දිණුම් ලැබෙන කාලයකි නමුත් ඒවා හොරුන් ගෙන් ප්‍රවෙසම් කර ගත නොහැකි වේ. රැකියාවේ පහත් වීම් ලැබේ. ව්‍යාපාර දියුණුවට පත්වෙයි. පවුලට අලූත් සාමාජිකයෙකුගේ පැමිණීම බලාපොරොත්තු විය හැකි කාලයකි. එය දරු සම්පතක් විය නොහැකියි.
ජය වර්නය : කිරි සුදු පාට
ජය අOකය: 13444322

Monday, September 5, 2011

බූරු පුත්‍රයන්ගෙනුත් නොයෙක් ගල් මුල් එල්ල උනානේ.......


සදරේනු  පුවත් පත ගුනේ අය්යා සමග කල කතාබහ..

ගුනේ අය්යා කියන්නේ නවක පරපුර අතර ජනප්රිය බ්ලොග් කරුවෙක් අපි අද ඔහුව ඔබවෙත ගෙන ඒමට අදහස් කරනවා. සදරේනු පත්රයේ ඔපදූප කෝලම විශේෂාoගය මගින්.

*
මොනවද මේ දවස්වල ඔබ නිරතවෙලා ඉන්න කටයුතු?
මේ දිනවල වෙබ් සයිට් එක ලියනවා සහ ෂානි නoගී සමග තුන්වන කඩුල්ල ටෙලි නාට්යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා.

*ඔබේ උපන්දින උත්සවය පසුගිය දිනෙක ජයටම පැවැත්වුණා නේද?
ඔව්, ජුලි 31වැනිදා මගේ 21 වැනි උපන් දිනය යෙදිල තිබුණා. 21 වැනි උපන් දිනය හැම තරුණයකුටම් සුවිශේෂ උපන් දිනයක්නෙ. නිසා ටිකක් ලොකුවට සාදය සූදානම් කළා. කලා ක්ෂේත්රයේ මගේ හිතවතුන් හිතවතියන් වගේම මගේ පවුලේ උදවිය නැදෑයින් එකතු කරගෙන උපන් දින උත්සවය ගත්තා. ඒක තිබුණේ ගල්කිස්සේ බීච් හවුස් එකේ. මට ආදරය කරන මගේ ළඟින් හපා, සිප්පියා, පැනි මූනා, මාලුවා, චාටර් කොල්ලා, දේවා, සහ හිම කුමාරිත් සහභාගි උනා. අපි හැමෝම විනෝද වුණා. එදා මට හරිම සතුටු දවසක්.

*ඔබ කලා ක්ෂේත්රයට හැටි සිහිපත් කළොත්...?
ඇත්තටම මම කලා පවුලකට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. මම හිතන්නේ මම හරි වාසනාවන්තයි. මෙච්චර පොඩි වයසකදි මම ආපු දුර ගැන  මම මුලින්ම ලිව්වේ ප්‍රියා මෙරේ ප්‍රියා කියන කතාව. ඊට පස්සේ මම කතා ගොඩක් ලිව්වා. අද මට හරිම සතුටුයි මම මේ දක්වා කතා පනහක් ලියලා තියනවා. සමහරු බැන්නත් ගුනේ අය්යා කියන්නේ බ්ලොග් ලොව නමක් දිනා ගත්ත කොල්ලෙක් කියලා මට හිතෙනවා මට එතකොට සියුම් සතුටක් දැනෙනවා. ඊට පස්සේ මම ගොඩක් බ්ලොග් වලට කතා ලියන්න කියලා ආරාධනා ආවා නමුත් මගේ මුල් නිර්මාන වලට හානියක් නොවෙන්න මම ඉල්ලීම ප්රතික්ශේප කලා මොකද මුදල් නෙමේ මම හම්බ කරන්නේ මිනිස්සු නිසා. අද මම ගුනේ අය්යා විදියට නිහතමානීව සන්තෝස වෙනවා.

 *ඔබගේ බොහෝ නිර්මාන වලට අබියෝග වලට මුහුන දෙන්න උනා නේද?
ඇත්තෙන්ම ඔව්. ගෙදරින් වගේම බ්ලෙග් එක නරබන බූරු පුත්රයන්ගෙනුත් නොයෙක් ගල් මුල් එල්ල උනා නමුත් මම නොසැලී ඒවාට මුහුන දුන්නා අද මම සාර්ථක වෙලා ඉන්නවා.

*”අනේ මේ ෂානි මට උබේ ලවු එපා පුරුදු තනිකම හොදා..... ලිපියට ලැබෙන ප්රතිචාර කොහොම ?
‘”අනේ මේ ෂානි මට උබේ ලවු එපා පුරුදු තනිකම හොදා..... වෙනස්ම තේමාවක් සහිත ලිපියක්. ගොඩක් දෙනෙක් නරඹන බව මට ලැබෙන ප්රතිචාරවලින් පේනව.

*මොනවද ඔබේ පවුලේ තොරතුරු?
මට ඉන්නෙ නංගි කෙනෙක් සහ අක්කා කෙනෙක්. මගෙ තාත්තා ව්යාපාරිකයෙක්. අම්මයි තාත්තයි අක්කායි, නංගියි මමයි තමයි අපේ පවුල.

*ඔබේ අනාගත සහකාරිය ගැන සඳහන් කරන්න කැමති ?
තවම දෙමව්පියෝ හොයනවා. දැන්ම විවාහ වෙන්න නම් මගෙ අදහසක් නෑ . තවම මට අවුරුදු 21 ලැබුව විතරනෙ. තව අවුරුදු 4 කින් විතර අපේ විවාහය සිදු වේවි. විවාහයෙන් පසු මම ලිවීමෙන් ඉවත්වෙනවා. මම ලියනවට මම බදින කෙනා වැඩි කැමැත්තක් දක්වන එකක් නෑ

*ඔබේ විවේකය ගතවෙන්නෙ කොහොමද?
විශේෂ වැඩක් නැති වෙලාවට මම ගොඩක්ම කැමැති පවුලේ අය එක්ක කාලය ගත කරන්න. වගේම විවිධ රටවල නිපදවන ලද චිත්රපට නැරඹීමත් මගේ ප්රධානම විනෝදාංශයක්.

*විලාසිතා පිළිබඳ ඔබේ මතය කුමක් ?
විලාසිතා මගෙ ජීවිතයේ ප්රධානම අංගයක්. තරුණ වයසෙ අය විලාසිතා කිරීම වරදක් නැහැනෙ. තරුණ කාලෙ නැතිව මොන කාලෙ විලාසිතා කරන්න ? හැබැයි අපි විලාසිතා කරන්න ඕන තැනට ගැළපෙන විදියට.

*ආදරය ගැන ඔබට හිතෙන දේ...?
යමෙකු තව කෙනෙකුට ආදරය කරනවානම් ඒක අවබෝධයකින් යුතුවයි කරන්න ඕන. වගේම ආදරය සදාකල් පැවතීමට විශ්වාසය අවශ්යමයි. විශ්වාස තුළින් තමයි ආදරය නිසා දෙදෙනෙක් අතර ඇතිවන බැඳීම වැඩි වන්නේ.