Sunday, February 5, 2012

කිරි කොන්ඩොට් පාට අරන් බැස්සා ඇගත් නලෝලා

සුදු කොටු කොටු රෝස පාට ලේන්සුවත් නවලා
පුන්චි මගේ පුන්චි ගවුමේ හරි හැඩයට ගසාලා
තෙල් බේරෙන කිරි කොන්ඩොට් පුන් හැඩයට පීරලා
රෝස පාට ගවුම හැඩයි නෑනේ ටීච ඇවිල්ලා

මාශ්මෙලොස් පාට තියන කාර් එකක් ඇවිල්ලා 
අපේ පුන්චි ගුරුතුමියට් බැස්සා ඇගත් නලෝලා
ටකස් ටකස් සද්දෙ ඇසෙයි වටත් පිටට් බලාලා
උදැසනම ආයුබොවන් අපේ ටීච ඇවිල්ලා

සටස් පටස් චරස් බරස් පොතෙත් පිටුව පෙරලිලා
බැනුම් තමයි අදට් මටත් පොතක් නෑනේ ගෙනල්ලා
ලෙසන් නම්බ වනුයි අදත් රිදී වලලු සලාලා
කීව ඇයත් මුකුලු පාලා මටත් එකක් තලාලා

ටිලින් ටිලින් ටාන් ටාන් ගන්ඨාරෙට් හැඩවිලා
සිනා කටයි සටස් බටස් හැමෝම කලබල වෙලා
කුටුස් කුටුස් පටස් ගාලා කෑම පෙට්ටි ඇරීලා
අම්මා හදපු පිට්ටු රසයි කිරි හොද්දත් දමාලා

සැ.යු:-


 
ෆේස් ඇක්ට්

ස්තුතියි
ගුනේ අය්යා