Monday, June 13, 2011

කතරගම ගිය පැනි මූනා..

අනේ ඉතින් අපේ සෙට් එක පොසොන් පෝය වෙනුවෙන්  කතරගම යන්න යොදා ගත්තේ කම්මැලිකම යන්නත් එක්ක ඇති වෙච්ච බුද්දාලම්බන ප්‍රිතිය නිසානේ. මේකට කවදත් අනුග්ග්‍රහය දක්වන පැනි මූනා, තිබ්බට්ටා, ඩොOකියා, සිප්පියා, පිට්ටුවා ඇතුලු අපේ සෙට් එකේ මෙකී නොකී සම්බාවනීය රොත්ත බුරුත්ත එක්ක ගුනෙ අය්යාත් ඉතින් ලාවට වගේ කතරගම යන වැඩේට සෙට් උනා. 
    හැම දෙනාගේම ඒකමතික තීරනය අනුව උදේ පාන්දර 9.30 ට කුකුලවත් අතින් අරන් මෙන්න සිප්පියා ගුනෙ අය්යලැ ගෙදරට වැඩම කරනව අතින් කතින් එල්ල ගෙන සිප්පියා හරිට කිරිකොරහා නැටුමට සෙට් වෙච්චි වන්නිල ඇත්තෝ වගේ තැනින් තැන ඉරිච්ච ඩෙනිම වහ ගන්න පැච් ගොදක් දාලා. කලිසමේ ච්කන් වැඩ කෝටියයි. අනේ අම්මපා තර්කයක් නැහැ මුගේ මොලේ තියෙන්නෙ හැදි මිටේ තමයි..... මුන්ගෙ තාත්තා වැඩ කරන්නේ වරායේ නෙදකින් විතරක් සර්වාන්ගයම වහගන්න ගවුමක් (සමාවෙන්න කලිසමක්...) ගන්න බැරි හැටි එහෙම හිතාගෙන ගුනේ අය්යත් එලියට බැස්සා.
    මෙන්න යකෝ තිබ්බට්ටා උදේ පාන්දරම පුදුමයි!!!!!!!!!! වෙනදට මූව ඇහැරවන්න ආචාර වෙඩිමුර 21 ක් තියලා තව ඩය්නමයිට් කරල් 12 කුත් පත්තු කරන්න ඕන ගෙවලයා නැගිටලා ඒ කරදරෙත් ඉවරයි. තිබ්බට්ටා පොට්ටනි දෙකක් බැදගෙන එකක් ඉතින් උගේ කූතාඩි පොට්ටනියනේ (ඒකේ නැති දෙයක් නැහැ බබාලට අන්දන නැප්කින් එකේ ඉදලා උගේ බුරියට දාන කරාබුව දක්වා...) අනික් පොට්ටනිය පඩුරු ටිබ්බට්ට කතරගම යනවා කියලා ගමේ උදවිය පඩුරු දීලානම් නෙමෙයි මේ ඔක්කොම උගේ අහල පහල ග්‍රහ අපල වලට උගේ අම්මා දුන්න ඒවා කියලා තමයි තතු දත් පිට්ටුවා පැවසුවේ.
    කොහොම කොහොම හරි ගුනේ අය්යාගේ අර්ද සුපෝකබෝගී, ෆුල් ඔප්ෂන් පැසෝ එකට නැගපු කට්ටිය දම්ම පදය, බුදුගුන අලOකරය වැනි ගීත කිය කිය (ඒ ගැන කතා කරලා අනවශ්ය අකුසලකර්ම රැස් කර ගන්න ගුනේ අය්යා කැමති නැහැ ) කතරගම බලා දාවනය කලා කියමුකෝ. එතනින් එහාට වැඩසටහන ආරම්බ කලේ කවදත් අචාර සම්පන්න, සමාජසීලී පිට්ටුවා තමයි. ඌත් ඉතින් කතරගම කියලා නැහැ නොදන්න එකෙක් නැහැ දෙඹරෙකට ගල් ගැහුවා වගේ හෝමෝ ඉරක්ටස්ලා සෙට් එකක් ඇවිත් මූව ඉබගෙන ඉබගෙන යනවා හරියට කාලෙකින් දැක්කා වගේ ටිකක් ලැජ්ජාෂිලී පිට්ටුවා හතර අතින්ම ලොකු පයිට් එකක් දීලා බේරුනත් උගේ පූජා වට්ටියට නම් වදුරෝ ටික වැඩේ නියමෙටම දුන්නා. බලන්න ආදර්ෂමත් පිට්ටුවා උගේ ජාතියට සලකන්න කොහේ ගියත් අමතක කරන්නේ නැති හැටි....
    පූජා වට්ටිත් තියපු අපේ ඈයො මැනික් ගගට ගියේ නාන්න කියලා හරිය. පැනි මූනා තමයි මුලින්ම වැඩේට එන්ටර් උනේ ඌ ඉතින් බිකිනියක් එහෙම ඇදගෙන දන්න ටැලන්ට්ස් ඔක්කොම දාලා උගේ සිලිම් ඇටකටු සෙට් එක පද්දලා පැන්නේ නැතැ ජබුන් ගාලා මැනික් ගගට. අනේ මේ බකමූනා පැනලා තියෙන්නේ දාරානිපාත ගල් ගෙඩියක් උඩටනේ පෙරේතයා පොලවේ ගැහුවා වගේ පැනි මූනාගේ මූන රට අල ගෙඩියක් සයිස් උනා. එක පාරට මැනික් ගග රතුපාට උනා හරියට ආස්චර්යයක් වගේ තූඋ..... නෙදකින් කාල කන්නියා දැන් ඉතින් පලකො හොස්පිටල්.. මේ  ඔන්න ඔහොම තමයි අපි පොසොන් සැමරුවේ හරිය.... හරී පන් තමයි..  


Sunday, June 12, 2011

ගුනෙ අය්යාගෙ කිරි කොස් ඉස්ටුව....

මේක ගුනෙ අය්ය වැඩියෙන්ම ආසා කරන් කෑමක්. ඔය ගොල්ලන්ගේ රස වින්දනය වෙනුවන් ගුනෙ අය්යා කෑම වට්ටෝරුව මේ පොස්ට් එකෙන් එලිදක් වන්න හිතුවා. හදලා බලන්න රසවත් වගේම ගුනවත් කෑමක් .
අවශ්ය දැ....
01. ලොකු කොස් ගෙඩි 12 හෝ 13 ක්.
02. හීනියට කපාගත් අබ ස්වල්පයක්...
03. තුනපහ  ස්වල්පයක්...
04. මිරිස් කුඩු පොල් කටු හැන්දක් පමන...
05. සුදු ලූනු බික් දෙකක්...
06. කුරුදු ගස් දෙකක පොතු...
07. තම්බා ගත් කොස් කටු ( අවශ්ය නම් කොස් ඇට පොතු සමග )_
08. හතරට පලා ගත් ලූනූ ගෙඩි 25 ක්...
09. ගම් මිරිස් වැල් කබලි කිහිපයක්..
10. කෝන් ප්ල්වර් මේස හැන්දක්...
සාදා ගන්නා ආකාරය.....
කපාගත් කොස් කහ සමග මීශ්රකර වන්ඩුවේ බැද තම්බා ගන්න. සුදු ලූනු බික් දෙකද, කුරුදු පොතුද, හතරට පලා ගත් ලූනූ ගෙඩි 25, පොඩි තාච්චියට දමා තෙම්පරාදු කරගන්න. කෝන් ප්ලවර් හැන්ද වතුර දමා දියකර තෙල් තාච්චියට දමන්න. ඉන්පසු වන්ඩුවෙ දමා තම්බාගත් කොස් ටික තාච්චියට දමන්න. විනාඩි 25 ක් තද ගින්නේ ලා කලු පැහැ වනතෙක් හින්දන්න. නිවෙන්නට පෙර ලුනු දමා පිලිගන්වන්න.
සැ.යු :-
ගුනේ අය්යා වෙජිටෙරියන් කෙනෙක් නිසා තමයි මෙහෙම හැදුවෙ මස් මාලූ කන අය ගෙම්බෙක්, මැස්සෙක්, දියනයෙක්, කැරපොත්තෙක්, නීල කොබෙය්යෙක්, සුවද රස වැඩි වෙන්න උරුලෑවෙක් එහෙම දාගත්තට කමක් නැහැ..  


පුද්ගලිකයි රහසිගතයි..
ගුනේ අය්යාගේ පියා ලන්කාවේ නම ගිය සුප වේදියෙක්. එම නිසා බැරි වෙලාවත් මේ වට්ටෝරුව ගුනේ අය්යාගෙ පියාට අහු වෙන්න නම් තියන්න එපා. ඒක ගුනේ අය්යගේ පේටන්ට් අය්තියට අතිශය හානිකර වේවි. (පියාට හැර අනිත් ඕන එකෙකුට Copy Right Not Reserved)