Friday, July 8, 2011

හොදම විත්තිවාචකය .....ෂාමි ඕ මුරුගා

මේකත් ඉතින් ගුනේ අය්යගේ බූරු කතාවක්. අපේ සුන්දර ග්‍රාමය ලෝසුපතල වෙන්න මේවත් බලපාන්න ඇති. අහලත් ඇතිනේ බුරු ගැසීමට උචිත මහා සාමකාමී වතාවරනයක් තමයි ඇපේ ගමේ තියෙන්නේ ඒ වගේම ඉතාම ආරක්ෂාකරී විදියටත් මේ බූරු පිටි සකස් කරලා තිබුනේ ක්‍රීඩකයන්ගෙ ආරක්ෂාව ගැනත් හිතලා. කතාව අහමුකො ..ඉතාම අන්‍යන්ය සුහද තාවයක් සහිත සාහිත්‍යකාමී ක්‍රීඩාවට ලැදි  නාකි බුවාලා හතර දෙනෙක් බූරුවා ගැහුවා කාටත් හොරෙන්. ( කොච්චර සුහදද කියනවනම් බුවාලා හතර ජාති හතරක ආගම් හතරක ) මේ අන්‍යන්‍ය සුහදතාව නොහදුනන අපේම අපතයෙක් දුන්නා මේ වැඩසටහන ගැන රියල් ඔත්තුවක් පොලිසියට ඔයාලට කියන්න පොලිසියට ඔත්තුව දුන්නා විතරයි. ජීප් එක එතන සිවිල් පිට ආපු පොලිස් අය්යලා ටික මෙන්න මෙහෙම කියනවා.
ආනේ හොරා වගේ සද්ද නැතුව මල්ලිලා ටික සෙට් වෙලා ඉන්න හැටි? වෙනසකටත් එක්ක යන්ද පොලිසියේ පැත්තේ රවුමක් දාලා එන්න. කියලා අතපය හිරි ඇරගත්තු පොලිස් අය්යලාත් අOකල් බුවාලා ටික ජීප් එකට පටෝ ගෙන ගියා පොලීසිය බලා. දැන් ඉතින් බුවලා පොලිසියේ. එකත් හරි දැන් ඉතින් ඊලග වටය ඉතින් ප්‍රෂ්න වටයනේ. මේ වටයටත් තේරුනු අOකල් බුවාලා ගෙන් පොලිස් නිලදාරියා ප්‍රෂ්න කරනවා.
පොලිස් නිලදාරියා             : තමුසේ බූරු ගැහුවා නේද?
පලමු බූරුවා (ස්ට්වන්)    : අහසට අත් දෙක ඔසවා නැහැ සර් දෙය්යන් වහන්සේ පල්ලා මම බූරු ගැහුවෙ නැහැ කියලා ජේසුනී මාව බේරගන්න කියලා හිතුවා
පොලිස් නිලදාරියා           : තමුසෙත් බූරු ගැහුවේ නැද්ද දෙවන විත්තිකරු දිහා බලපු පොලිස්නිලදාරියා ඇහුවා
දෙවන බූරුවා (සුල්ෆික්)  : රෙදි කෑල්ලක් බිම දාගත්තු සුල්ෆික් අOකලුත් අල්ලා දෙය්යන් පල්ලා මම ඔය ජරා වෙඩ කරන්නෙ නේ.. පෙරිය තලේවර් කියලා කිව්වා.
පොලිස් නිලදාරියා            : තමුසේ මොකද කියන්නේ?
තෙවන බූරුවා (සුදාගරන්): අම්මා සෑර් .... ෂාමි ඕ මුරුගා පල්ලා බූරු ගහනවා කියන්නේ මොකද... කියලවත් මා දන්නේ නේ සේර්
පොලිස් නිලදාරියා           : සිරිපාල උබට මොනාද කියන්න තියෙන්නේ උබ බූරු ගැහුවද?
හතරවෙන බූරුවා (සිරිපාල): කාත් එක්කද? සිරිපාල අත්දෙක එකතු කරලා වැදලා කිව්වාලු.
අපිට වැරදීමක් වෙලා තියෙන්නේ කියලා තව Additional කනේ පාර පාර දීලා සිරිපාලව විතරක් නිදහස් කලාලු හොදම විත්තිවාචකය වෙනුවෙන්.....

කවුද අපේ ජබූට පාට් එක දාන්නේ...



ගුනේ අය්යාට ඉතින් ගෙදර ඉන්න බැරි ලෙඩක් තියනවා කියලා හැමෝම දන්නවා ඇතිනේ කාගේ හරි ඕපයක් නොහොයා දවසක් වත් ගෙවුනොත් හරියට ඇටයක් (ඇගෙන්) ගැලවුනා වගේ. ගියා එකෙන්ම සිප්පියලෑ ගෙදර සිප්පියලෑ සුනක පෝතකයත් අපේ බූරු බල්ලට වැඩියෙ වෙනසක් නෑ. නැත්නම් සිප්පියගේ ඩේලි කස්ටමර්ස්ලා වෙන අපිට බුරනවද? යකෝ අපිට පාස් තියනවා. අනික මේවා අපේ ගෙවල් වගේ තමයි සිප්පියා නැති උනත් ෂානී නOගි මට පාස් එක දීලා තියෙන්නේ. මාමගේ ගෙදර එන්න මට බලපත්‍ර ගන්න ඕනදඑහෙම හිතපු ගුනේ අය්යා පතෝල මැස්සක් වගේ හිටපු සුනක උන්නැහේට දුන්නා ගඩොල් පාරක් දුප් බල්ලා කියලා බල්ලා නැට්ට කලිසම අස්සේ සමාවෙන්න දෙපරන්දේ අස්සේ ගහගෙන දුන්නා රනක් නන්නත්තාර් වෙන්න. කොහොම කොහොම හරි බල්ලගේ ප්‍රෂ්නෙත් විසද ගත්ත ගුනේ අය්යා ගෙදරට ගොඩ උනා විතරයි. හානේ මේ ගුනේ අය්යානේ මO බැලුවා කවුද මේ අපේ ජබූට පාට් එක දාන්නේ කියලා. ගුනේ අය්යත් ෂානී දැක්කා විතරයි ගොඩාක් හෑගීම් බර උනා වගේම ගොඩාරියක් පරිස්සමුත් උනා. ගුනේ අය්යත් හරි සීරියස් විදියට භාෂාව පාවිච්චි කලා නOගි අය්යා ඉන්නවද? ඔව් එයා වෝට්ස් කරනවා. හුටා මේ හිවලා  දැන් වෙට්සුත් කරනවද? ගුනේ අය්යා කෙලින්ම ගියා සිප්පියා ගාවට අනේ සිප්පියත් පෑන් බටේකට මාරි බිස්කට් දෙකක් දාගෙන දාර හැන්ඩ් එකට ආම් එක්සසයිස් කරවනවා. වී එක බලන්න බෑ වමනෙට එනවා හරියට සෝමේ මාමගේ කිරි කිරි ගාන පතෝල මැස්සට ඌරෝ පැනලා වගේ. කොහොම කොහොම හරි වී එක හරි X එක හරි ගහපු සිප්පියා කිරි බාගෙකුත් බීලා සෙට් උනා අපත සOගමයේ ඉදිරි කටයුතු ගැන සාකච්චා කරන්න ගියා පබ්ලික් බෝක්කුව ගාවට.
ආ....... කියන්නත් බැරි උනානේ දන්නවද අපත සOගමයේ වාර්ෂික මහ සභා  රැස්වීම ලබන සතියේ එනම් 17 ජූලී 2011 රවිදා පස්වරු 6.32ට යෙදෙන සුබ නැකතින් ආරම්භ කිරීමට කටයුතු සOවිදානය කරලා තියෙන්නේ.
මෙදා සැරේ ගුනේ අය්යත් සභාපති පුටුවට ඉල්ලනවා SMS එකක් දාල ගුනේ අය්යටත් සපෝට් එකක් දෙන්න.


ඔබ කැමති සිප්පියට නම්
http හිස්තැනක් SIPPI ටයිප් කර 7788
SMS කරන්න


ඔබ කැමති පැනි මුනාට නම්
http හිස්තැනක් PANI ටයිප් කර 7788
SMS කරන්න


ඔබ කැමති ගුනෙ අය්යාට නම්
http හිස්තැනක් GUNE ටයිප් කර 7788
SMS කරන්න

 
දන්නවා ඇතිනේ පහුගිය දවස් වල පරන සභාපති සිප්පියා ගහපු ගැහිල්ල. සOගමයේ මුදල් අයතා පරිහරනය කරපු සිප්පියාට නම් SMS කරන්න අපා සහෝදර වරුනී. ගුනේ අය්යටම කරන්න හරිය...

ඔබට සුභ අනාගතයක්......   

Thursday, July 7, 2011

රාජ රාජ මහා මාත්තයාදීන්ගෙ ප්‍රසන්සාවට බාජනය උන මොලයා



මොලයා කියන්නෙ අපේ එලකිරි සෙට් එකේ හිටපු එලකිරි කොල්ලෙක් ඌගේ මොලේ ගැන කතා කරොත් ඌගේ චූට්ම චූටි තන්තුවෙ ඉදලා උන්ඩුක පුච්චෙ තියන වැලි කැටේ දක්වා විසිරි පැතිරි පවතින මහා නුවනක් තමයි මෙයාට තිබුනෙ. ඉතින් අපි අහමු මොලයාගේ නුවනේ තරම. ඉතින් මෙයා දවසක් තීන්ත ගාන්න කියලා නැග්ගා පලන්චියට ටික වෙලාවක් ඔහොම තීන්ත ගගා ඉන්න කොට තීන්ත ටිකක් වැටුනෙ නැතැ මොලයගේ ඇහැට පවු අසරන්නයා ඇහැ කන වෙන්නයි යන්නෙ ටිකක් දැනුම් තේරුම් තියන මොලයා කල්පනා කරා ඇහැ බේරගන්න හැටි මූගෙ මොලේ තමයි මොලේ තීන්ත වල සැර බාල වෙන්න කියලා තිනර් ටිකක් අරගෙන ඇහැ හේදුවා. හරී සනීපයි.... ඉතින් මොලයව හොස්පිටල් නවත්වන්නත් වුනාලු. අපි අපේ යාලුවො මොලයාට තවමත් අදරේට කියන්නෙ ඉතින් මොලයා කියලා තමයි. මු මෞශද පන්ඩිතයටත් වැඩියෙ නුවන මුහුකුරා ගිය අපේ රාජ රාජ මහා මාත්තයාදීන්ගෙ ප්‍රසන්සාවට බාජනය උනා කියලා තමයි ආරන්චී.

2 comments:

prasanna86k said...
පොරගෙ ඇහැ ඊට පස්සේ පෙනුනද බං?
නුවන් සම්පත් කුමාර-Sampath Kumara said...
ඔව් මචෝ ඊයේත් දැක්කා උගේ ඇහේ ප්‍රෂ්නයක් නැහැ...

Wednesday, July 6, 2011

කෙයිලා ගාව කොස්මෝලොජි


ගුනේ අය්යා පාරට බැස්සේ අපත Oගමය  රැස් වෙන කචල් බෝක්කුව ගාවට යන්න කටුනායක, ඇවරිවත්ත අපතයෝ, අපතියෝ. ඔක්කෝම සෙට් වෙන්නේ එතනටනේ. එලියට බැස්සා විතරයි. හානේ ... ෂානී Oගියා පාර පුරාම කැට් වෝක් එක දාගෙන වැඩිහිටියන්ට පමනයි. සායක් ඇදගෙන එනවා නේද? කබය කඩා ගත්ත එල වැස්සියෙක් වගේ (සමාවෙන්න විශකාව වගේ ) වගේ වගක් නෑ හෑබැයි බාගයක්ම එලියේ.ගුනේ අය්යටත් මේක දැකලා හෙන ගහපු රට ඌරෙකුට වගේ Mannan උනා ගුනේ අය්යත් හිමීට ෂානි ගාවට කිට්ටු කලා.
ෂානි: හානේ මේ ගුනේ අය්යානේ...ෂනිගේ සුවීටි වොයිස් එක කනට මීකිරි දානවා වගේ සොරි ටෙන්ෂන් එකට ඔහොම වෙනවා කනට මී පැනී දානවා වගේ 
ගුනේ: ... Oගි එදා කතා කරන්නත් බැරි උනානේ (අර බයික් එකේ ආපු හිවල් මොටා නිසා) 
ෂානි:දැන් අය්යා මෙකද කරන්නේ 
ගුනේ: මොනවද ඉතින් වෙනදා වගේම එකවුන්ට්ස් කරනව, උගන්නනවා, වෙබ් එකට ලියනවා, කඩේ ඉන්නවා ගුනේ අය්යත් ලකුනු 100 එක පාර දාගත්තා. 
ෂානි: අනේ හරී ස්වීට් කියලා ගුනේ අය්යගේ නිකට මිරිකුවා ගුනේ අය්යට උර්ධවපතනය වෙන්න ආවා ඔය කෙල්ලෙක් ගුනේ අය්යාගේ නිකටෙන් ඇල්ලුවාමයි (බොරු නෙමේ ශක් දෙයියන් පල්ලා). ෂානී Oගිත් ටිකක් ඇබරුනා අත් දෙක පද්ද පද්ද .... ගුනේ අය්යාත් ටිකක් ඇබරුනා... 
ගුනේ: ගුනේත් ඇරියේ නෑහෑ Oගි ඔයා දැන් මොකද කරන්නේ . 
ෂානී: මම දැන් කෙයිලා මිස් ගාව කොස්මෝලොජි කරනවනේ. 
ගුනේ: ආනේ බර ගානක් යනවා ඇති නේද? ලොජික් කරන්න ගුනේ අය්යත් කොස්මොලොජී ස්පැෂලිස්ට් කෙනෙක් වගේ කියලා දැම්මා තේරුනේ නැති උනාට 
ෂානි: අනේ විහිලුවට ගන්න එපා ලොජික් නෙමේ කොස්මොලොජී කියන්නේ හෙයා ඩිසයිනර් කියන එක. 
ගුනේ: හානේ හරී ස්වීටි කියලා ගුනේ අය්යත් ෂානිගේ නිකට මිරිකුවා විතරයි. කොහෙද යන හාල් පාරුවෙක් ඇවිල්ලා ගුනේ අය්යට දුන්නා නේද කනේපාරක් චටාස් පටාස් ඩෝO පටෝO ගුනේ අය්යා පෙරේතයා පොලේ ගැහුවා වගේ ඇදෙන් බිම එතනින් ඉවර නම් සෝක්...සෝක්..
මවුතුමිය ආවා මාරවේෂයෙන් මෙහෙම කියාගෙන 
ඊයේ රෑ ඔබ හීනෙන් දෙඩවූ ෂානී කවුදෙඔ... 
දැන් ඉතින් බැදපන්කෝ උත්තර? නිදහසේ හීනයක් වත් දකින්න බැරි හැටි....... චික් විතරක්..

Tuesday, July 5, 2011

උබෙන් කාට හරි කෙල්ලෙකුට වැරැද්දක් උනාද


Oදේෂය
දියවි දියවි අපට දියවි....
දියවි දියවි අපට දියවි....
පාර මැද්දේ මහා කාල ගෝටිටියක් සිප්පියලෑ අම්මා මුලින්ම  ඊට පස්සේ පැනි මූනගේ නැන්දා මේ වගේ ගමේ හැමෝම බලවත් (සොරී බවලත්) උදවිය සෙත්වෙලා බෝඩ් කෑලී උස්සගෙන එකම කාල ගෝට්ටියයි. මුලු මහිලා සOගමය, ලිද ලග සOගමය, බියුටි කචල් සOගමය. සහ මෙකී නොකී සOගම් සියල්ල රැස් වෙලා උද්ඝෝශනයකට...
ගුනේ අයියත් කිට්ටු කලා සිප්පියලැ තාත්තා මාටින් මාමා ගාවට
ගුනේ: ඈ බොල මාටින් මාමෙ මොකෝ මේ සද්දේ ගෙදර උයන්න බෑ කියලද?
මාටින්: නෑ
ගුනේ: එහෙනම් ගෑස් මිල පොල් මිල ඉහල ගිහින්ද?
මාටින්:නෑ ‍යකෝ
ගුනේ: එහෙනම් පුරුෂධිපත්‍යට විරුද්ධව වෙන්න ඇති නේද?
මාටින්:තමුසෙට පිස්සුද? දැන් කොහෙද? පුරුෂධිපත්‍යක් දැන් ඉතින් ගෙදර පුරාම තියෙන්නේ උන්ගේ ආධිපත්‍යනේ
ගුනේ: එහෙනම් මොන රෙද්දකටද ඕයි උද්ගෝෂනය. ටිකක් උර්ධවපතනය පැන්න ගුනේ අය්යා ඇහුවා.
මාටින්:නෑ ඕයි. ගෑනුන්ට සම තැන දෙන්න කියලා. තමුසෙට සන්දේෂයක් භාර දෙන්න.
ගුනේ: මට ... මම සමතැන දෙන්න මම කවුද? අනිත් එක ඔය එක එක එලිච්චියන්ට සම තැන මම දෙන්න ගියොත් අපේ මව් තුමිය මාව ගෙදරිනුත් එලවයි.


මාටින්: නෑ ඕයි. තමුසේ පහුගිය දවසක ශක්‍ර දෙය්යන්ට ඇඩ් එකක් දාලා දීලා චන්දෙට උදව් කලා නේද?
ගුනේ: ඔව් ඉතින් ඒකේ වැරැද්දක් නෑනේ. අසරනයකුට උදව් කරන එක වැරැද්දක්ද?
මාටින්: නැහැ...නැහැ... ඕයි ගෑනුන්ට සම තැන දෙන්න කියලා තමුසෙට කියලා ශක්‍ර දෙය්යන්ගෙන් සපෝට් එකක් ගන්න
තමයි ඔය දගලන්නේ... බෝඩ් උස්සගෙන.....
ඒක දැන ගත්තා විතරයි . ගුනේ අය්යා සරම පිට පට ගහගෙන සුරේකා සුරේකා කිය කිය ගෙදර දිව්වා.
ගෙදරට දොර වහගෙන ඇතුල් උනා විතරයි. අම්මෝ මවු තුමිය මොකද මොකද මේ.
කවුරු හරි මාව හම්බ වෙන්න ආවොත් මම නෑ කියන්න. ගුනෙ අය්යා කාමරේට ගිහින් දොර වහ ගත්තා.
මෙන්න බොලේ බවලත් සෙට් එක ගුනේ අය්යාගේ ගේ වට කරලා
අනේ ගුනේ පුතේ....
අනේ ගුනේ අය්යේ....
අනේ ගුනේ මල්ලියේ....
මේක බාර ගන්න. කිය කිය කෑ ගහනවා. මව් තුමිය කලබල වෙලා උබෙන් කාට හරි කෙල්ලෙකුට වැරැද්දක් උනාද ඇත්ත කියපන්. මම උබව හැදුවෙ එක එකාගෙන් (රටේ ලෝකයගෙන්) කතා අහන්නද. ගුනේ අය්යගේ මව්තුමිය වැලපෙනවා...
බලහන්කෝ අපිට හොද වැඩක් කරලත් සැනසිල්ලේ ඉන්න නැති හැටි කියල හිතපු ගුනේ අය්යා . මේ ඔන මගුලක් උන්ගෙන්ම අහගන්න. මට වද නොදී.. කියලා කිව්වා.
ගුනේ අය්යගේ අම්මත් ගියා උද්ඝෝෂනය පැත්තට මල කෙලියයි අම්මටත් ඔන නැති කජු ලෙල්ලක් නැහැ. දැන් ඉතින් උද්ඝෝෂනය දිනලා ඉවරයි. මව්තුමිය ඉල්ලා සිටියොත් නොකරත් බෑනේ.
ටිකකින් මවු තුමිය ඇවිත් අනේ පුතේ ඕක කරලා දීපන්
මොකක්ද?
සන්දේශය ශක්‍ර දෙය්යන්ට භාර දීපන්..
අනේ මේ මාව ඔවලට ගාව ගන්න එපා මම ඔය ගෑනුන්ගේ වැඩ වලට සම්බන්ධ වෙන්නේ නැහැ.
ආ..... එහෙමද එහෙනම් අද සිට කෑම බීම ඉදුම් හිටුම් ඔක්කොම නැති වෙයි..(ගුනේ අය්යාගේ අම්මා ඔලුව අතගා කීවාය )
බලහන්කෝ දැන් ඉතින් ගෑනුන්ගේ හැට්ටේ කට්ට ගහන්නත් ගුනේ අය්යට සිද්ධ වෙලා.
ගුනේ අය්යා වදෙන් පොරෙන් සOදේෂය භාර ගත්තා.
මෙන්න සOදේෂය
දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවිදුනි. 
නරලොව සමජය තුල ගැහැනියට ඉතාම තුච්ච, නින්දිත, අසභ්‍ය ජීවිතයක් ගත කිරීමට සිදුවී තිබේ. කෑම ඉවීමේ පිහීමේ සිට, දරුවන් හැදීම වැඩීම, රෙදි සේදීම නම් පමනක් නොවේ. ප්‍රසව වේදනාව පවා ගැහැනුන්ට පමනක් විද දරා ගැනීමට සිදුවී තිබේ. තවද රාත්‍රී කාලයේ කාලයේ බීමත්ව පැමිනෙන සැමියන්ගෙන් අප්‍රකට හිරිහැර විදීමටද සිදුවී ඇත්තේ අපගේ කරුමයටම නොවේ. එබැවින් මේ පිලිබදව සිතා බලා ඉහත කටයුතු ගැහැනියට හා පිරිමියාට සමානව බෙදා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිට්මූ.
                                        ස්තුතියි
                                        මෙයට විශ්වසී
                                        මහිලා සමිතියේ ගරු සභපතිනිය
                                        සිප්පිගෙ අම්මා 
                                        කෝකිල දේවී
ප. ලි:-
ඔන්න ඉතින් ප්‍රසව වෙදනාව එහෙම ගෑනු පිරිමි බෙදා ගනිද්දී අල්ලපු ගෙදර මිනිහට එහෙම ප්‍රසව වේදනාව ඇති උනෙත් එහෙම මට නම් මුකුත් කියන්න අපා.... මO පවු.............
මීට ගුනේ අය්යා
ත. ප.ලි:-
සියලු පුරුෂ වර්ගයා ගුනේ අය්යට අනුකම්පා කරත්වා. මේ සOදේෂය බාර දුන්නේ සකල ගෑහැනු වර්ගයා පිලිබද අනුකම්පාවෙන් නොවේ.මව් තුමියගේ බලවත් බල පෑම නිසා බව සලකන්න..  සොරි අනේ සෝ සොරී...

1 comments:

prasanna86k said...
තෝ​ මොකද්ද බොග මේ කරපු වැඩේ තේරුම්‍. යකෝ දැන් උඹද අපේ ඈඳුම් හෝදලා දෙන්නේ.. අපිට කෑම උයලා දෙන්නේ... උඹ කරපු වැඩේ වැරදියි මචං්‍. අපි උඹව පිරිමි කමෙන් නෙරපාහරිනවා මචං. මීට පස්සේ උඹ ගැහැණුන්ගේ වහලෙක්..... :P

Monday, July 4, 2011

අපේ උන්ගෙ හක්කේ බුදුරැස් බොක්කෙ දඩමස්....

   05.ඌරු මසුයි කේකුයි...
මේකත් ඉතින් අපේ කාලකන්නි අපත වල්බුරු හිවල් සෙට් එක කරපු වැදගත් වැඩක් තමයි. අපේ උන්ට කැම කිව්වොත් මැරෙනවා. කුබියාගෙ ඉදලා අලියා දක්වා ඔනම මසක් උන් ගිලින්නෙ උන්ගෙ ඇටකටුවත් අයින් නොකර. අපේ උන්ගෙ හක්කේ බුදුරැස් බොක්කෙ දඩමස් කතාව අහන්නකො ඉතින්, ට්‍රිප් ගිහාම අපේ උන් නාගන්නව ඇරෙන්ඩ වෙන වැඩක් නැහැ. කැම කන්න ඉස්සර පොඩි ෂොට් එකක් දාගත්තෙ ඇගේ හිරිගතිය යන්නත් එක්කලු. කොහොම කොහොම හරි කට්ටිය කඩෙකට ගොඩ උනේ බමන මතින් පොඩි පොඩි කබරයි පැටව්ත් එක්කලු. මෙහෙම ගිය කට්ටියගෙ නඩේ ගුරා මෙහෙම කිව්වලු
නඩේ ගුරා : මුදලාලීඊඊ.... අපිට කෑම ගේන්න.
මුදලාලි     : කෑම නැහැ මස් හොදි විතරයි තියෙන්නෙ
නඩේ ගුරා :ගේනවා.. ගේනවා.. 

මස් තිබුනට ඉතින් නිකන් කන්නයැ පානුත් ගේන්න එක කිව්වෙ විජිත අය්යා.
මුදලාලි     : පාන් නැහැ.....
කියලා කට ගන්න හම්බුනෙ නැ එහෙනම් කේක් ගේනවා එහෙම කිව්වෙ නඩේ ගුරාලු.

කොහොම කොහොම හරි මෙයාලා ඌරු මසුයි කේකුයි කෑවෙ සුර් පිටලු. කාලා එලියට ආවා විතරයි කක්කල් කැස්ස, ගල පටලය, උර්දවපතනය, ඔස්ටියෝ පොරොසිස්, මී උන වැනි මෙකි නොකි සර්වාන්ග ගත සියලු රෝග වලට නිට්ටාවම සුවය ලැබුනා කියලා තමයි අරන්චි.නොමිලේ බාගත වන බහිස්‍රවිය ද්‍රවය බූගත කරගැනීමේ ප්‍රෂ්න පවා ඇති උනා කියලා තමයි තතු දත් ආරන්චි මාර්ග පවසන්නේ.       

2 comments:

..ChAnDiKa.. said...
:D :D :D :D
චාටර් කොල්ලා said...
ලොල්ය ලොලේ ලොල් ය :)))