Friday, December 23, 2011

අපි ලොකු පන්තියක ටිකට් අරගෙන පොඩි පන්තියක ගියාම අය්යලාට කහනවද?


අපේ ලපා පහුගිය දවසක එනවා නේද අපේ ගෙදර මූට යන්න ඔනෑ කියලා ක්‍රිස්මස් බලන්න කියලා ඉතින් බලන්නකෝ ඒකෙත් හැටි වෙන උන් ජොඩු දාලා කෙල්ලත් එක්ක ක්‍රිස්මස් බලනවා අපිට මේ රැවුල වවා ගත්ත ගෝන තඩියෙක් එක්ක ක්‍රිස්මස් බලන්න යන්න වෙලා ඉතින් අපි ජනතාවගේ වාහනය වන කෝච්චියට නැග්ගා හරිම සාධාරන අපි ටිකටුත් ගන්න අමතක කලේ නෑ නැග්ගා කෝච්චියට අප්පා හරිම සීතලයි ඒසී වල හිටපු අපිට මේ සීතල දරන්න බෑ නේද? ගුනේ අය්යා ලපා දිහා බලලා කිව්වේ නෑ හිතුවා දැන් දාඩිය බේරෙනවා ඒ මදිවට කෙල්ලෝ ඇවිත් ජැක් ගහනවා චී ලැජ්ජයි මුන්ගේ අහවල් එක කපන්න ඕනේ ටිකකින් තවත් සෙට් එකක් නැග්ගා කෝච්චියට දැන් ඉතින් සැමන් අනේ අය්යා මගේ අත කෝ මගේ කලිසම, කෝ මගේ දිය රෙද්ද, මගේ සපත්තු දෙක අරූ දා ගෙන, වගේ කතා ගොඩක් ඇහුනා  ගුනේ අය්යගෙත් අත වෙන එකෙක් අරන් වගේ තේරුනා. ඉතින් මේ කරදරෙනුත් බේරෙන්න එපැයි එහා පෙටිටියේ හිස් දෙතුන් දෙනයි ඉන්නේ ඉතින් ලපයි ගුනේ ගියා එහා පෙට්ටියට අනේ සීටුත් තියනවා ඉදගෙන පොඩි මනෝ පාරකුත් ගහගෙන යනවා. ටිකට්..ටිකට් කියාගෙන බාප්පලා දෙතුන් දෙනෙක් පැන්නා නේද අපේ පෙට්ටියට අපිත් ඉතින් සුපුරුදු විදියට බය නොවී වැඩ්ඩෝ වගේ දුන්නා ටිකට් දෙක මල්ලි මේ පලවෙනි පන්තිය ඔයගොල්ලෝ අරන් තියෙන්නේ තුන්වෙනි පන්තියේ ටිකට්නේ දඩය 750/= කරුනිකව බාප්පලා කිව්වා ... .අය්යා අපිට බලපෑම් කරන්න එපා අපි ටිකට් අරගෙන තියෙන්නේ. ඉතින් අපි තුන්වෙනි පන්තියේනේ අපි ලොකු පන්තියක ටිකට් අරගෙන පොඩි පන්තියක ගියාම අය්යලාට කහනවද? ගුනේ අය්යා කිව්වා නෙමේ කියවුනා (ඇත්තනේ කතාව මොකාට බය වෙන්නද ). පිස්සු කෙලින් නැතිව දඩේ ගෙවනවා අනේ රු 750/= හේ දෙකක් බාප්පලා කට්ටියට හැපි ක්‍රිස්මස් කියලා ලපයි ගුනේයි ගෙදර ගියා ................හැමෝටම හැපි ක්‍රිස්මස් ඈ.................

Wednesday, December 21, 2011

ආදරය කරන ඔබට විශේෂ කරුනු නවයක්.............

කෙල්ලෙක් කියන්නේ උපතින්ම තමන් ගැන විතරක් හිතන සන්තෝස කරන්න බැරි ජාතියක්නේ ඉතින් එයලට ආදරය කිරීමත් හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් ඉතින් අද අපි කෙල්ලෙකුට ආදරය කිරීමේදී සැලකිය යුතු විශේෂ කරුනු කීපයක් අපි සලකා බලමු..

01. ආදරය කියන්නේ දෙදෙනෙකු අතර ඇතිවන බැදීම. මේ බැදීමට එක එක ජාතියේ හෙනහුරෝ ඉන්නවා. එකෙක් තමයි හොදම යාලුවා තමුන්ගේ හොදම යාලුවා තමයි ආදරයේ පලමු වැනිම හෙනහුරා වෙන්නේ මෙකද ආදර වන්තයන්ගේ නිදහසට වැඩියෙන්ම බාදා කරන්නේ හොදම යහලුවා හා යෙහෙලිය නිසා එමනිසා ආදරයෙදි මේ මල යක්කු ඈත් කරන්න අමතක කරන්න එපා.

02. සමහරු පුරුදු වෙලා ඉන්නවා තමන්ගේ ආදරය ලොවට සගවන්න නියෝජිතයකු පත් කර ගන්න. සමහර වෙලාවට ඒ කෙල්ලගේ මල්ලි, අල්ලපු ගෙදර අක්කා වුනත් වෙන්න පුලුවන් ඉතින් ආදර සම්බන්දයක් ඇති කර දීමේදී මේ කපුකම කරන ඈයන් වැදගත් වෙනවා. නමුත් මේ කපුකම කරන මල්ලි නOගි අක්කම පස්සේ ආදර‍යට ලොකු බාදාවක් වෙන්න පුලුවන් එමනිසා ඔවුන්ව හලන්න අමතක කරන්න එපා..

03. ඔබට ඔබේ ආදරය රැක ගැනීමට අවෂ්‍ය නම් මුලින්ම පෙම්වතියගේ අය්යව අල්ල ගන්න පෙම්වතියගේ විවාහ වී නොමැති අක්කලා සිටීනම්  හිතවත් කර ගැනීම ඔබගේ ඇගට ඉතාමත් ගුනදායක බව සලකන්න.

04. පෙම්වතා හෝ පෙම්වතියගේ දෙමවුපියන් සමග කටයුතු කලයුතු ආකාරය ආදරයේදී ඉතාම වැදගත් මොකද ඔබේ දෙවන දෙමව්පියෝ වෙන්නේ එයාලා ඒක හින්දා පොඩි මොත්තයක් දාගෙන වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. නැත්තම් ලොකුම ලොකු බෝල එන්නේ ඒගොල්ලන්ගෙන්ම තම්යි.

05. අනික් වැදගත්ම කාරනය තම්යි තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය ඇය හෝ ඔහු තමයි වැඩියෙන්ම තමුන්ගේ ජීවිතයට බලපෑම් කල හැකි කෙනා ඉතින් එයාව සතුටු කරන්න සැදී පැහැදී සිටීම අවශ්‍යයි.. හැමදාම තමුන් කෑවත් නැතත් තම පෙම්වතියට හෝ පෙම්වතාට කෑවද කියලා අහන එක හොද මානසික බැදීමකට කෑම වැදගත්. 

06. හොද්දක රස වැඩි වෙන්න ලුනු ඇබුල් පදමට වැටෙන්න ඕන ඒවගේම ආදරය වැඩි වෙන්න ටිකක රන්ඩු වෙන්නත් ඕනේ ඉතින් මාසෙකට වතාවක්වත් දෙන්න හොදට ලුනු ඇබුල් ඇතුව බැන ගන්න.. කෙහෙවලු පටල ගැනීමත් ආදරය වැඩි වෙන්න ඉතාම වැදගත් කාරනයක් එම නිසා පෙම්වතාව සැක කරන්න ඔහුට බනින්න පෙම්වතාට මල පැන්නේ නැත්තම් තවත් ඔබට ආදරය කරාවි...  

07. මේ කාරනය වැදගත් වැස්සේ ආදරය කරද්දි, මොකද ඇක්ටි ඔප් ගෝඩි විදියට නාකපන, මොර සූරන, සිහින් පොද වැසි වැටෙන්න පුලුවන් මේක ආදර‍යට ආශිර්වාදයක් ඉතින් ඒදවස් වලට කුඩ පාවිච්චි කරලා ඒ සොමිය නැති කර ගන්න හදන්න එපා. එදාට දෙන්නටම එක කුඩයක් තිබුනාම හොදටෝම ඇති. තෙමෙන් නැතුව යන්න
08. මේක පෙම්වතියගේ අම්මා ගැන ප්‍රේමයකදී ඉතාම සීරුමාරුවට කටයුතු කල කෙනෙක් තමයි පෙම්වතියගේ අම්මා. එම නිසා මවුතුමිය ප්‍රවේෂමෙන් කටයුතු කල යුතු බව සලකන්න මක්නිසාදයත් පෙම්වතිය සහකාරිය කිරීමට මවගේ දායකත්වය උපරිමයෙන්ම තිබෙන නිසා...

09. අන්තිම උපදේෂය තමයි මේක කොටින්ම කියනවා නම් ආදරය කියන්නේ ජOජාලයක් ඒක නිසා මේ ජOජාලයට පැටලෙන්නේ නැතුව ශේප් එකේ ඉන්න බලන එක තමයි වැදගත්ම කාරනය මොකද මේ කිසිම බැදීමක් නෑ ඔය බැදීම නැත්නම්..........තූ......විතරක්