Tuesday, January 31, 2012

මහින්ද බොක්ෂින් ශුරයාගේ කන අත ගායි


හැබෑවටම බොක්ෂින් කියන්නේ බොහොම ජව සම්පන්න ක්‍රීඩාවක් මොකද බොක්ෂින් වලල්ල තුලට ගිහාම ප්‍රතිවාදී ක්‍රීඩකයාව කොහොමද මෙල්ල කරන්නේ කියන එක ඉතාමත් ආසාවෙන් බලා සිටින්නට සමහරුන්ට නම් පුලුවන්. අද කතාවට හේතු බූත වෙන කාරනාව උඩින් තියන පින්තූරයෙන්ම ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ පින්තූරයෙන් පෙනෙන්නේ ලෝක බොක්ෂින් ශූර ඉවැන්ඩර් හොලිපීල්ඩ් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුන ගැසුනු අවස්ථාවක් මතක ඇතිනේ ලෝක බොක්ෂින් ශූර මයික් ටයිසන් මහත්තයා තමා මෙයාගේ කන කෑවේ ඉතින් කන අරගෙන නැවත ප්‍රතිසOස්කරනය කරන්න දොස්තරලා ඒ දවස්වල සෑහෙන වෙහෙසක් දුන්නා. දැන් මෙන්න හොලිපීල්ඩ් මහතා මහින්ද මහත්තයව මුන ගැහිලා. අපේ රජතුමත් නිකන් හිටියේ නෑ කල්ලගේ උනත් කන අත ගාන්න අමතක කලේ නෑ. ලෝකයේ ඔනම දාමරිකයකුගේ කන අතගාන්න පුලුවන් කියාලා මහින්ද මහත්තයා මේකෙන් අපිට නොකියා කියනවා...
 
සැ.යු:-

යාලුවනේ මගේ ෆේස් ඇක්ට් කීයන බ්ලොග් එකට ඇඩ්සෙන්ස් ලැබුනා. ඉතින් මම මෙතන ලින්ක් එක දාන්නම් ඔයගොල්ලෝ මේ පහත තියන ලින්ක් එක උඩ ඔබලා මගේ වෙබ් එකට ගිහිල්ලා මයි ඇඩ්ස් වලට යටින් තියන ඇඩි එකක් උඩ ඔබලා සහයෝගයක් දෙන්න

 
ෆේස් ඇක්ට්

ස්තුතියි
ගුනේ අය්යා

Monday, January 30, 2012

අපි බැOකු වල සල්ලි දාන එක වාසිදායකද?


රටේ සOවර්දන ක්‍රියාවලියේ වැදගත්ම අoගයක් ලෙස රටේ ඉතුරුම් සැලකිය හැකියි මේ කාර්යයේදී  රටේ වානිජ බැoකු පද්දතිය දක්වන කාර්ය භාරය ඉතා වැදගත් මොකද මහජන මුදල් රටේ සoවර්ධනය උදෙසා කෙසේ පාලනය කල යුතුද යන්න  මහ බැoකුව විසින්මෙම වනිජ බැoකු හරහා ක්‍රියාත්මක කරනු ලබයි. නමුත් මේ වානිජ බැoකු ක්‍රියාත්මක විය යුතුද යන්න යන කාරනය මෑතක සිට අබියෝගයට ලක්වී ඇත. මක්නිසාදයත් බැoකු පද්දතිය පිලිබද විශ්වාසය මහජනයා තුල බිද වැටීමට හේතු බූත වන කාරනා ගනනාවක් බැoකු වලින් පාරිබෝගිකයා වන අපහට සිදුවී ඇත. මේ මෑත අතීතයේ මා දන්නාවු උදාහරනයක් දැක්වීමට කැමැත්තෙමි ඒ බැoකුවක් විසින් තම පාරිබෝගිකයාගේ තොරතුරු සියල්ල ආදායම් බදු දෙපාර්ථමේන්තුවට ලබා දීමයි. මෙහිදී වඩාත්ම සැලකිය යුතු කාරනය වන්නේ එම පාරිභෝගිකයාගේ DEPOSIT SLIP පවාඅදාල බැoකුව මගින් ආදායම් බදු දෙපාර්ථමේන්තුවට ලබා දී ඇත. ඉතින් මෙය මා ලිවීමට අදහස් කලේ එක්තරා කරුනක් සම්බන්දව ඔබගේ අවදානය ලබා ගැනීමටයි. 

මේ අමුනා ඇති බැoකු තැම්පතු පත බලන්න එහි පහතින්ම දක්වා ඇත්තේ අරමුන යන්නයි මෙහි අදහස බැoකුවේ මුදල් තැම්පත් කරන්නේ කුමන අරමුනක් සදහාද යන්නයි. අපේ රටේ ඉතිරි කරන්නන් නොයෙක් අරමුනු සදහා ඉතිරිකරනු ලැබේ සමහරු ඒ දුවගේ දෑවැද්ද සදහාය සමහරු ඌරු කොටුවක් කුකුල් කොටෙවක් තනා ගැනීම සදහාය. සමහරු ව්‍යපාරය වැඩි දියුනු කර ගැනීමටද අනාගත සුරක්ෂිතතාව සදහාද ඉතිරි කරති. ඉතින් දැන් තැම්පත්කරු තම සැබෑ අරමුන තැම්පතු පතේ ලිවීම කල හැකිද? අනෙක් කාරනය නම් අපි අපේ සැබෑ අරමුන මෙහි සටහන් කලා යයි සිතන්න. එවිට තැම්පතු පත අස්ථාන ගත වුවහොත් අපගේ අරමුනු ඉහත සදහන් පරිදි සැගවිය යුතු පාර්ෂවයන්ටද නිරාවරනය වනු ඇත. තවත් වැදගත් කරුනක් වන්නේ බැoකු තම විශ්වාසය රැකෙන ආකාරයට මහජන සම්බන්ධතා පවත්වාගෙන යා යුතු බවයි. මක් නිසාදයත් ගණකාධිකාරීවරයෙකු ලෙස මා දකින්නේ  8% පොලියට බැoකුවල මුදල් තැම්පත් කිරීමම වාසිදායක ආයෝජනක් නොවන බවයි. උද්දමනය 20% වන රටක 8% බැoකු පොලියකින් කවර පලයක්ද? ඔබගේ දෑස් විවර වේවායි පතමි.......



සැ.යු:-

යාලුවනේ මගේ ෆේස් ඇක්ට් කීයන බ්ලොග් එකට ඇඩ්සෙන්ස් ලැබුනා. ඉතින් මම මෙතන ලින්ක් එක දාන්නම් ඔයගොල්ලෝ මේ පහත තියන ලින්ක් එක උඩ ඔබලා මගේ වෙබ් එකට ගිහිල්ලා මයි ඇඩ්ස් වලට යටින් තියන ඇඩි එකක් උඩ ඔබලා සහයෝගයක් දෙන්න

 
ෆේස් ඇක්ට්

ස්තුතියි
ගුනේ අය්යා