Friday, October 28, 2011

බහිරව පූජාවක් තියනවා මලේ යකා ඉන්නවද?

මේ කතාව ටිකක් වෙනස් ගුනේ අය්යාත් ඉතින් නොකරන දෙයක් නෑනේ. බහිරවයට පූජාවක් දෙන්න තමයි අද ලෑස්තිය. මේක හරි අපූරු කතාවක් තාර බර ඇරලා කියන්නේ ස්වාධීනව මද්යස්ථ මතදාරියෙක් විදියට ඕන නම් Oවාදයට බාජනය කරන්න පුලුවන්...

අපේ ගෙවල් ගාව ගෙදරක තිබුනා පොඩි පූජාවක් කපු නෝනෙක් තමයි මේ වැඩේට සම්බන්ද උනේ අපිත් ඉතින් ඕන කුනු ගොඩක් එකෙම්ම බාර අරගෙන සෙට් වෙන නිසා ගියා මේ වැඩ සටහනටත් අනුග්රහය දක්වන්න... වෙලාවේ රෑ 10.00 විතර ඇති මුලින්ම කපු නෝනා කීවේ මේ මුද්ද පැලද ගන්න කියලා. ඒක පන්සලේ පිරිත් නූල් වලින් හදාපු මුද්දක් ඒක පැලද ගත්ත අපිට මතුරපු දෙහි ගෙඩි කිහිපයක් දුන්නේ පිටිපස්ස නොබලා විසි කරන්න කියලා. මම නම් ඉතින් කටයුත්ත විදියටම කලා හැබැයි මේ කාරනාව ගැන විවුර්තව මම බැලුවා. අපේ අනිත් යාලුවා දෙහි ගෙඩිය විසි කරන ගමන් පිටි පස්ස බැලුවා.. එයාගේ අත් දැකීම තමයි විස්තර කල නොහැකි පිරිසක් ඔහු පසු කරගෙන හෝ යන සබ්දය  නගාගෙන දිව යෑම.

කොහොම හරි රෑ අපි වැඩේට බැස්සා ...කපු නෝනා මුලින්ම අපිට නියම කලා කලුවර අදුන හදන්න. අපිත් පීරිසියකට පොල් තෙල් ගාලා පහන් දැලි අල්ලලා කලා වැඩේ තිතටම, පස්සේ ඉතින් මේ නෝන කියනවා වදුරෙක් වගේ කෙනෙක් (හනුමා) යනවා කියලා මේ වත්ත වටේ අවOකව මමත් බැලුවා මටනම් අදුනෙන් කිසි දෙයක් පෙනුනේ නෑ.. පස්සේ මේ වත්තට බැල්ම දාගෙන ඉන්න කෙනා හම්බ උනා කියලා මේ කපු ගෑනු කෙනා පිරිත් නූලකුත් අරගෙන හී..හී... කිය කිය දුවන්න පටන් ගත්තා අපිත් දිව්වා පස්සෙන් බෝතලයකුත් අරගෙන  එතන පස් පුරෝල තියන පොඩි කන්දක් තියනවා කපු නෝන මෙතනදි ගැටේ දැම්මා, ගැනු එක්කෙනාව ඉහලට ඇදිලා යන නිසා මම ඇල්ලුවා මට වත්තම් කර ගන්න බැරුව ගියා කපු නෝනත් ගැටේ අමාරුවෙන් දාගත්තා දැන් හතර දෙනෙක් කපු නෝනව අල්ලගෙන එයාව වත්තම් කරන්න බෑ. කොහොම හරි බෝතලය අමාරුවෙන් ගැම්මා ගැට ගහපු නූල් කෑල්ල දාලා මූඩියත් වැහුවා. මමත් පොඩ්දක් බෝතලේ අල්ලලා බැලුවා අපිටත් ඕන නැති දෙයක් නෑනේ. බෝතලය රස්නෙම රස්නෙයි..

මේ වැඩෙන් පස්සේ ගගේ වතුර, ඇලේ වතුර , මූදු වතුර, ලිදේ වතුර වලින් කපු නෝනව නෑවුවා. එදා වැඩසටන්හන එතනින් ඉවරයි.

මේකෙන් පැහැදිලි වෙනවා.. අපට ඉන්ද්රිය ගෝචර නොවන පෙරේත, යක්ෂ, බූත, වගේම ස්පිරිට්ස්, ගේ දේවලුත් තියනවා. විද්යාවේ බාශාවෙන් කියනවා නම් පරීක්ෂනයට බාජනය නොකල හැකි තත්වයන් වලදි විද්යාව සහ ආගම අතර ගැටීමක් තියනවා

අද
විද්යාක්නයෝ සොයාගෙන තියනවා කල්පය කීයන්නේ අපේ සූර්යා ක්ෂිර පතයේ අපි ඉන්න ස්තානයේ ඉදලා මද්ය ලක්ෂය වටා යන්න යන කාලය කියලා ( 2.7* 10 යේ 27 බලය වගේ මතක හරියටම සුවර් නෑ) අතර මහා යුග, කලි යුග යුගයන්ගේ මිනිස්සුන්ගේ. බුද්ධි මට්ටම, හැකියාවන් , අද්යාත්මික බලය පවා වෙනස් වෙන්න ස්තානය (විෂ්වයේ) අනුව වෙනස් වෙනවා කියලා පාරිසරික සාදකයින් අනුව ඉතින් දෙවියන්, බ්රහ්මයන් ගැන අපිට දැන් තියන අදහසට වෙනස් විදියට බලන්න වෙනවා... (ඉන්ද්රිය ගෝචර බුද්ධියෙන් එහාට යන්න වෙනවා )

දැන්
මනේ විද්යාව පිලිගන්නවා සිද්දීන් නැවත නැවත සිද්ධ වෙනවා. ඉතින් හෙට අනිද්දා කර්මයත්, පුනරුප්පත්තියත් ඔප්පු වෙයි. නමුත් දුක් සහගත කාරනාව තමයි. යමෙක් ආගමික ප්රතිපදාවේ යෙදෙනවා නම් ගැරහීම ( කවරකු හෝ අරමුනු කර ගෙන නොවේ ) මේ සමාජයේ හැටියි.

Tuesday, October 25, 2011

මිනිබිරීට ආච්චි වැහුනා

මේක එක උදාහරනයක් ආගමික සිද්දස්තාන වලට නොයන අයට.... අපේ පැත්තේ හිටියා නැන්දා කෙනෙක් එයා පවු වැඩ කිසිම දෙයක් කලේ නෑ.... හැබැයි එයා පන්සල් ගියේ නෑ. මෙයා මැරුනා ඉපදුනේ පෙරේතියක් වෙලා... අනේ දැන් ඉන්න මිනිස්සුන්ටත් කරදරයි. ආච්චි වැහුනා මිනිබිරීට ගෙදර උදවිය දන්න තොවිල් පවිල් කලා හරි ගියේ නෑ පන්සල් එක්කගෙන යන්න හැදුවාම බෑම කියනව. ගේ වටේම දුවනවා ආච්චිගේ කට හඩින් කතා කර කර බැරිම තැන හාමුදුරුවෝ ගෙදර ආවා. ඇවිත් ඇහුවා මේ කවුද? ඇගට රිOගලා ඉන්නේ කියලා. මේ දරුවගේ ආච්චි කියලා කිව්වා ඊට පස්සේ ඇහුවා කොහෙද ඉන්නේ. කියලා. උත්තරේ ලැබුනේ පෙරේතියක් වෙලා කන්න බොන්න නෑ. මේ ලමයගේ බඩ වැලේ එල්ලිලා ලේ බොනවා කියලා. මෙකක්ද පෙරේතියක් වෙන්න හේතුව කියලා ඇහුවාම දුන්න උත්තරේ තමයි. මම පොඩි කාලේ ගාතාවක් වැරදුනාම හාමුදුරුවෝ බැන්නා ඉතින් මම මැරෙනකම් පන්සල් ගියේ නෑ කියලා. දැන් යන්න කිව්වහම මට යන්න තැනක් නෑ කියලා කිව්වා  පස්සේ හාමුදුරුවෝ පිරිත් කියලා වේවැලකින් එහෙම ගහලා. බෝධි පූජා 21 තියලා ලොකු දානයක් දෙනවා කියලා. මේ ආච්චිව පොරොන්දු කර ගත්තා පන්සලේ බෝධිය ගාවට යන්න එතනදි වෙන උදවිය කරන් පින්කම් බලලා පින් සිද්ද කරගන්න පුලුවනී. නමුත් බොරුවට හා කියපු ආච්චි ඒ වෙලාවේ යන්න ගියාට ඇගෙන් පිටට ගියේ නෑ.. බලන්න පින් ගන්නවත් පින් නැති හැටි සතියක් විතර නිශ්සබ්දව හිටපු ආච්චි නැවත වැහුනා. මිනිබිරියත්  බෝධි පූජාවට පන්සල් යන්න බෑ කිව්වා. ඉතින් ආය විකාර වැඩ කරන්න පටන් ගත්තු නිසා හාමුදුරුවන්ව ගෙන්නලා මේ ආච්චිව බැන්දුවා ආච්චිට තව අවුරුදු දහස් මනුස්ස ආත්මයක් ලබන්න බෑ. කොහොමද පන්සල් නොගිය අකුසලය පල දුන්න ආකාරය. බලන්න යාලුවනේ මේ පොඩි උදාහරනයක් විතරයි. තව ඕනෑ තරම් උදාහරන ඇත.

ප.ලි :-
මෙය මා පුද්ගලිකව ලැබූ අත් දැකීමකි... මේ කතාව නිසා එක් පාථකයකු හෝ සන්සාරය පිලිබද යථා අවබොදය ලබා ගැනීමට උත්සාහ කරයි නම් ඉන් ජනනය වන කුසල ශක්තීන්  2011.08.01 දින මිය ගිය මාගේ පියානන් වහන්සේට නිවන් සුව ලැබීමට. හේතු වාසනා වේවා..

නිතින් මෙත් සිතින් මම වෙසෙම්වා
ගතින් මෙන් සිතින් රෝ මුදම්වා
බැතින් තුන් රුවන් ඔප් නගම්වා
මෙතින් නෙත් පියෙම්වා නිවෙම්වා..

ඔබට නිවන් සුව...

Monday, October 24, 2011

මේකිට දැම්මම බබෙකුත් හම්බ වෙලාද?


පහුගිය සතියේ ග්‍රීස් යක්කු පිස්සු යක්කු කරදර නොකරපු නිසා මෙලෝ රහක් නෑ මව් තුමිය ගෙදරින් එලියට බහින්න දෙන්නෙත් නෑ අම්මපා ගුනේ අය්යව ගෙදර තියාගෙන ගෙදරට නාකි කොරන්නද කොහෙද උන්දැගේ කල්පනාව. ඔහොම හපන් කම් මෝ කම් එක්ක මනෝ පාරක් ගහ ගහ ඉන්න කොට අල්ලපු ගෙදර අක්කා එනවා බීඩියක් ගහගෙන සමාවෙන්න ලොකු පාර්සලයක් ඔතාගෙන අම්මපා ඒක බරයි. වගේ ඇයි අක්කේ බරටම උස්සගෙන නOගිවත් කොටහලු උනාද? ගුනේ අය්යා ඇහුවා නෙමේ ඇහුනා. අනේ නෑ මල්ලි මේ ලකී බබාට උන හැදිලා අනේ මේකිට දැම්මම බබෙකුත් හම්බ වෙලාද? අපි දන්නෙත් නෑනේ එහෙම හිතලා ලකී බබාගේ ජාතෙ ජාතකේ හොයන්නේ නැතුව ඉතින් මම මොකද කරන්නේ කියලා ඇහුවා.. අනේ මල්ලි බබාට බේත් ටිකක් ගේන්න යන්ද? බලහල්ලකෝ අපිට වෙන වැඩ අල්ලපු ගෙදර වැඩ වලට අපි වග කියන්න... අනේ අම්මපා මුන්ට ලැජ්ජා නැති හැටි ලැජ්ජා නැති වැඩ කරලා තව මගේ කන්‍යාබාවයත් නැති කරන්න එනවා. ගුනේ අය්යා කිව්වා නෙමේ හිතුවා... ඈ. කොහොම කොහොම හරි ගුනේ අය්යත් ඉතින් ලෑස්ති උනා.. අනේ මල්ලි ලකී බබාට සහ ලෝලා උන මෙයාව පොඩ්ක් වඩා ගන්නෙ කියලා අතේ තිබුන පාර්සලය අතට දුන්නා. හානේ හරී හුරතල් කියලා ගුනේ අය්යත් ලකී බබාගේ නහය මිරිකුවා විතරයි. ලකී බබා බුහ් බුහ් කියලා බුරන්න පටන් ගත්තා... ඉදකින් මේ ගෑනි ලකී බබා කියලා වඩාගෙන පාර්සල් කරගෙන අරගෙන ඇවිත් තියෙන්නේ ගෙදර ඉන්න වල්ටේෂන් වලට ඉමිටේෂන් දාලා හදපු පර බල්ලාව...තූ නොදකින් මටත් ගෙරි බල්ලෝ වඩාගෙන පාරේ චාටර් කන්න තරම් පවක් කරලා කරවපු මේ ගෑනිව කොටියම කාපිය කියලා හිතාගෙන ගුනේ අය්යා ගියා මග දිගට හැමෝම අහන්නේ ගුනේ උබ බැන්දද කියලා කීචෝක් එකට, අනේ උබේ බබාද ඔය කියලා උබේ කපාපු පලුව කියලා ඒ වෙලාවට තමයි හිතෙන්නේ මේ ගෑනිගේ පලුවක් කපලා හිරේට යන්න.. මොන නවනින්ගිරාවක්ද ගුනේ අය්යා එහෙම තැන තැන පච වෙලා තියනවද? ඔහොම ටික දුරක් යන කොට හීනියට බටේකින් වතුර විදිනවා වගේ තේරුනා ටිකක් සුවදායකයි. මේ පෙරේත බල්ලා මෙන්න ඇගේ චූකරලා. මුගේ අහවල් එක කපන්න එපැයි. යකෝ මO වැඩිමල් කියලවත් හිතුවද? මූ නම් අසීලාචාර තුච්ච, පෙරේත හිවල් මොටක්... කොහොම කොහොම හරී අපි ගියා පශු වෙද මහාතා ගාවට ගිහින් ලෙඩේ කිව්වා ලකියාත් ඩොකා ගාවට ගියාම බබා වෙන්න යනවා ඊට දෙවෙනි නැ අක්කා ඒකී හරියට බබාගේ බබා වගේ අනේ අම්මපා මේ ලකියවා හදා ගන්න වෙන්නේ නෑ ඒ කෝලO වලට කොහොම හරී පසු පාද‍ය උස්සලා ලොකු ඉන්ජක්ෂන් එකක් විදපු ඩොකා අOකලුත් ඔතලා දුන්නේ නැතැ මේ හිවල් මොටාව මගේ අතට හරියට මම උගේ මහ එකා වගේ... අම්මපා මුගේ හත්මුතු පරම්පරාවටම මේවා පල දෙන්න ඔන මට කියලා බල්ලෝ වඩා ගත්තට. ඒ කත් ඉවරයි කියමුකෝ දැන් අපි ගෙදර එනවා පාරේ බල්ලෝ බුරනවා මේ මල කෝලO දැකලා ( ඒක බල්ලෙක් ගුනේ අය්යට කියනවත් ඇහුනා අර බල්ලව වඩාගෙන යන යෝදයට නම් පිස්සු කියලා බලහල්ලකෝ බල්ලO ගෙනුත් පදිරි වෙන්න වෙලා ) කොහොම හරි ටික දුරක් යන කොට පාරේ බල්ලෙක් ඉදලා බුරාගෙන පැන්නේ නැතෑ ලකියගේ ඇගට ලකියත් නැට්ට පස්චාත්බාගයේ ගහගෙන ආරක්ෂාකාරී පියවරක් අරගෙන දිව්වා නේද? හතර අතේ අනේ ගුනේ ඉවරෝයි.. බල්ලා ගුනේ අය්යව පතුරු ගහලා මෙන්න මෙහෙම කිව්වා අහක යන බල්ලෝ රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්න එපා කියල.. අම්මෝ තාම දනවෝ