Poems

ගුනේ අය්යාගේ සය්බර් කවි
===============================================================
ආදරනීය චුට්ටන් බට්ටිච්චිට
ට්ක් බෝල දෙකක් වගේ ඔය චුටි ඇස් දෙකට
මම වෂි උනා
කිචිබිචි ගගා මා ලග අතොරක් නැතුව  දැවටෙනකොට
මේ මුලු ලොකෙම මගේයි කියල හිතුනා
අපේ කුඩුව සතුටින් පුරවනවා කියලා
ඔයා කියපු දවස මට අද වගේම මතකයි
එ ... චුටි හිනය සැබැ කරගන්න
මම මග බලගෙන ඉන්නවා
අපේ චුටි පැටව් තුරුලු කරගෙන  නිල් අහස පුරාවට
කරනම් ගහන කාලෙ වැඩි ඇතක නැහැ
එතකම් පරිස්සමින් ඉන්න
මීට චුට්ටන් බට්ටිච්චිචා
===============================================================
මාවතේ නැගනිය.......
නිරුවත්ව දෙපා පොඩි
රලු පොලව මත වැටී
මOමුලා වූ සෙයක්
සOසාර සයුර තුල
ගිනි ගහන මද්දහන
සීතලවු මැදියමත්
එක ලෙසම විදගනියි
කඩමලුව පොරොවගෙන
මාවතේ නැගනියනි
බෙලෙක්කය අත දරන
කුසගින්න ගින්දරකි
නුඹට මෙන් මට දැනෙන
===============================================================

එහේ බැලුවත් හිල් මෙහේ බැලුවත් හීල්


මොකුන්ද අම්මේ සත්තු ජාතියක්
කොපි පොත් ටික ඔක්කොම කාලා
මොනුන්ද අම්මේ ඒවා කන්නේ
කොපි පොත් සේරම හිල් කරලා

පුතා දන්නේ නෑ වැඩ නැති කාලෙට
පුන්චි සත්තු හරි වැඩ කරතෙ
ලොකු ගුල්ලන් පෙම් කතා කියද්දී
පොඩි ගුල්ලන් කොපි පොත් ගිලිතී

එහේ බැලුවත් හිල් මෙහේ බැලුවත් හීල්
මට නැහැ මොකවත් තේරෙන්නේ
කාවෝ කෑවද ගුල්ලෝ ගැහුවද
කවුරුද ඒවට වින කෙරුවේ

පාසල් යනකොට ආපසු එනකොට
කෑලි කෑලි විසි වෙනවනෙ දරුවෝ
කාවොත් වැරදියි වේයොත් වැරදියි
කෝවා කෙරෙන්නෙත් හොර පාරේ

කාවෝ විතරද ගුල්ලෝ විතරද
මේ පොත් වල හිල් කර යන්නේ
පොත්වල ඇතුලේ මේවා කෙරෙන බව
උන්ගේ දෙමව්පියො නැතිවද දන්නේ

නෑ මගේ සූකිරි පුන්චි පුතේ නැහැ
ගුල්ලන් ඔහොමයි තරුන වියේ
මවි පිය වරු නිතරම සෙව්වත්
ඕවා කෙරෙන්නේ හොර රහසේ ===============================================================