Friday, July 22, 2011

සීරීයස්ම සීරියස් කතාවක්.

අද සමාජය දෙස බලන විට වෙනදාට වඩා අභියෝගයන්ට මිනිසාට මුහුනදී ඇත. ගුනේ අයියාටද මේ ධර්මතාවයන්ට අඩු වැඩි වශයෙන් මුහුනදීමට සිදුවී ඇත.. මේකත් බලන්න.


ජිල් එක සහ බුම් එක රැගෙන ඒමට කරුනික වන්න

තවද ආතල් නැත්තවුන්ගේ ආතල් වඩනට නිසිවු තවත් බහුබූත කතාවක් දක්වන්නමෝ යම් සේ ගුනේ අය්යා අපත සOගමයේ සභාපතිව වෙසෙන කල්හි චාටර් නැමැති විෂම මග නොදැන, ආතල් නැමැති ඉදුරා මග දැන පිස්සු පීකුදු විකාර වීම අරඹයා මේ විනෝද චාරිකා වස්තුව දක්වම්හ.

සියලු දෙනාගේම දැන ගැනීම පිනිසයි
සියලූ අපත සOගමයේ ක්‍රියා කාරී වාසීන්ගේ වාර්ෂික විනෝද චාරිකාව මෙම මස එනම් 2011.07.31 ඉරිදා දින උදා පැය 10.30 ට ලබන්නවු අවතුදුස්වක තිතියෙන්ද, බාලව කරනයෙන්ද, අපේ පොට් එක වන පබ්ලික් බෝක්කුව අසලින්  ගමන් ආරම්බ කිරීමට සියලු කටයුතු හිරිකිතයකින් තොරව සූදානම් කර ඇති බව චාරිකාවට සහභාගී වන බුවාලා බුවීලාට මේයින් දැනුම් දෙනු ලැබේ..
තවද මේ සදහා සහභාගි වන්නන් නිර්වස්ත්‍ර වස්ත්‍රය හැර ඕනෑම නා නා විද වස්ත්‍රයන්ගෙන්ද නෙක නෙක පැහැයන්ගෙන්ද සැරසී පැමිනීම අනිවාර්ය බව කාරුනිකව සලකන්න.
තවද ජාතක කතා, රස කතා, අබ්ලික් කතා, සාටර් කතා, (මල පනින කතා හැර ) මෙකී නොකී සියලු කතා බතා වලින් සන්නද්ධව පැම්නෙන ලෙස සකල බුවී බුවීලාගෙන් ගුනේ අය්යා ඉල්ලා සිටි.
චාරිකාව රසවත් හරවත් කිරීම සදහා තබ්ලා, ඩොල්කි, උඩැක්කි, සර්පිනා, බටනලා, සැක්සපෝන් යනාදී අනේක විද මදුර්ය ඕනෑම වාද්‍ය බාන්ඩයක් රැගෙන ආ හැකී අතර ( ජිල් එක සහ බුම් එක  රැගෙන ඒමට කරුනික වන්න )
තවද බවලත් බුවා බුවීලාට සමාවෙන්න බුවීලාට දිවා අහාර කිස පිලියල කිරීමට සිදුවන බැවින් හට්ටි, මුට්ටි, මූඩි ඇතිලි, කලගෙඩි, ගුරුලේත්තු, බෙලෙන්ඩර්, අවන් ඇතුලු සියලු මුලුතැන්ගේ උපකරන  රැගෙන එන ලෙස ගුනේ අය්යා බෑගෑපත්ව ඉල්ලා සිටියි. තවද හිරමන තලය ගුනේ අය්යා සෑපයීමට කටයුතු කරන බැවින් පොල් ගා ගැනීම ප්‍රෂ්නයක් කර නොගන්නා ලෙස ඉල්ලා සිටිමු.
පරන අවුරුද්ද සදහා ස්නානය කිරීම චාරිකාව අතරතුර යෙදෙන සුබ නැකතින් කිරීමට කටයුතු සම්පාදන‍ය කර ඇති බැවින් බවලත් සියලු දෙනාම චීත්තය බැගින් රැගෙන ඒමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි. පිරිමි පාර්ෂවය චීත්ත රැගෙන ඒම අවශ්‍ය නොවන අතර ඔබගේ ජොකා පටය රැගෙන එන ලෙස කරුනිකව ඉල්ලා සිටිමි. තවද චීත්ත නැති අයට ගුනේ අය්යාගේ චීත්තය සමාවෙන්න ජොකා පරිහරනය    කල හැකි අතර බවලත් පාර්ශවය සදහා ජොකියෙක් ගුනේ අය්යාට නැති බව කරුනාවෙන් සලකන්න. (ඔනම නම් ජොකා දෙන්නම් හරිය..)
තවද දුම් දැමීම, මල් ගැසීම, අබින් කෑම, හෑන්ස් දැමීම, සහ සෑර සුවදයන් මුවින් වහනය කිරීම සපුරා තහනම් බවද, විස්වස වන්ත එක් අයකු පමනක් සහභාගි කරවා ගැනීමට හැකි බව සOවේගයෙන් උවද දැනුම් දීමට සිදුවන බව කාරුනිකව සලකන්න.  

ස්තුතියි
මීට සභාපති
අපත සOගම‍ය


....................
ගුනේ අය්යා.

සැ.යු:- චාරිකාව අතර තුර සිදුවන සියලු අපබ්බ්‍රOශ වාර්තාකර ගැනීමට ඔබගේ කෑමරාව රැගෙන එන ලෙසද Oන් එකේ තබා ගන්නා ලෙසද ඉල්ලා සිටිමි...  

Thursday, July 21, 2011

බම්බු දල සැලැස්ම!!!??? තමුසේ ඇද ගන්නවා සරමකුයි කමිසෙකුයි, 11 කොටස

පෙරදා පෝස්ට් එක හා සබෑදේ. ඒක බලන්න ඕන නම් යට පෝස්ට් එක බලන්න...

ඒ රාත්‍රියෙහි ගුනේ අය්යාද චාරිකාවට අඩුම කුඩුමදකුදු මහත් කර්තව්යන් පසෙකලා මාර චාරිකාව සදහා දල සෑලැස්මක් පිලියල කල අතර මාර චාරිකාව සදහා සුදුසු ස්ථාන ලෙස පින්නවිල, සීගිරිය, අනුරාධපුරය, පොලොන්නරුව, බොධිරතනාරාමය, හා මෙකී නොකී ස්ථාන ලැයිස්තුවක් පිලියෙල කලේය.
ගුනේ අය්යාද යමයා කීද්දුවේ ගමන පාන්දරම යාමට ඇති උනන්දුව හා නොනිමි ආසාව නිසාමය. මට තවම ඔලුව කකියනවා තමුසේ මට දුන්නෙ මාර ලෝදිය පාරක්නේ තමුසෙලෑ රටේ බඩු වලින් පාර්සලයක් ලෑස්ති කරනවා මට ගෙනියන්න. යම පල්ලොත් ඒවලට කැමති වෙයි.
ගුනේ අය්යාද රාත්‍රිය පුරා වෙහෙසී පිලියල කරනු ලැබුවාවූ චාරිකාවේ දල සැලැස්ම යම රාජෝත්තමයා හට පෙන්නුවේය.
බම්බු දල සැලැස්ම!!!??? තමුසේ ඇද ගන්නවා සරමකුයි කමිසෙකුයි, මටත් දෙනවා තමුසෙගේ ගද නැති සරමකුයි කමිසෙකුයි නැත්නම් මේ නිරුවස්තරේ හැටියට තමුසේගේ රටේ පොරවල් හිතයි මම දැන් ඉපදුන සුර දූතයෙක් කියලා.
රත්‍රිය පහන් වීමට පෙර අප නගරයට ලගා ඌයේ යාචකයන්ගේ නිද්‍රා සුවය නැතිවේදෝයි යන කම්පනයෙනි. ඔවුන්ගේ සුවපහසුව දුටු මාරයා ගමන අඩල කරමින් තම කැමරාව මෑනුවේ සලු පිලි එහේ මෙහේ වීමෙන් නලගනන්ගේ විප්‍රකාර ඡායාරූප ගත කලේ තම FACE BOOK එකට FROFILE Akak lesa දා ගැනීමට බව මා හා සමග පවසමිනි. මේ දියුනු සිශ්ථාචාරය මනු ලොව තුල නොනැසී පවත්වා ගැනීම පිලිබදව ඔහු මට කෘතක්නතාව පල කලේය.
ප්‍රයිවට් බස් රථයක කිටි කිටියේ තද වී ගමනක් යෑමට ඔහු බලවත් ආසවක් දැක්වූ නිසා ඔහුව ප්‍රයිවට් බස් රථයක නැන්ගූ ගුනේ අය්යා ඔහුට සුර ලොව සැප සාදා දී පින් සිදු කර ගත්තේය. යමයාද තමාගේ නෝට් පොතේ සටහනක් දමා අපාය තුල මෙවන් බස් සේවාවක් ආරම්භ කිරීමට මූලික අඩිතාලම දමන බව ගුනේ අය්යා සමග පැවසීය. තවද බස් එකේ ත්‍රිල් එකෙන් කුල්මත්වූ යම රජු බිමට බැසීමට සැලැස්වූ ගුනේ අය්යා යමයාගේ පස්චාත්භාගයෙහි කහපාට පැල්ලමක් සමග මනා සුවදක් වහනය වනු දැක  සරම සෝදා දීමටද කටයුතු සම්පාදනය කලේ මහත් අපහසුවෙනි.
තවද කටු ඉබුල හා අසූචි වල වැඩිදියුනු කිරීමට අදාල යෝජනා රැසක් පබ්ලික් ටොයිලට් එකක් තුලදී ජනයාගෙන් ලබා ගන්නා ලදී.
තවද බයානක අපරාධ කරුවන් අපායට ඒමට විරුද්දව නීති සම්පාදනය කරන බවත් ඔවුන් ශ්‍රී ලoකාවට කෙලින්ම එවීමට අදාල නීති කෙටුම්පතක් කඩිනමින් නිර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු ප්‍රකෂ කල අතර ඔහුගේ නිෂේද බලය යොදා ගුනේ අය්යා නිර පාර්ලිමේන්තුවේ සාමජිකයකු කර ගැනීමටද, නිරය සoවර්ධනය කිරීමේ කමිටුවේ ප්‍රධානියා බවට ගුනේ අය්යා පත් කරන බව ඔහු ප්‍රකාෂ කලේය.
යමයා තම රට බලා පිටත් වීමට එයාර්පෝට් සමාවෙන්න පාරේ රියල් කානුවකට බට යමයා ගුනේ අය්යාට සැලුට් එකක් ද දමා පැවසූවේ ලoකාවේ කටයුතු අධ්‍යනය කිරීමට යම පල්ලන් සෙට් එකක් එවන බවට පොරොන්දු වෙමිනි.....

Wednesday, July 20, 2011

මාරයගෙයි මගෙයි පලමු රැය...(1 වෙලුම)

එක් දිනයකෑ මධ්‍යම රාත්‍රී කාලයෙහි නිදි නොලබා සිරි යහන් ගබඩාවේ වසන කලෑ වෙරම්භ වාතයක් හමන්නාක් මෙන් පොලොව පලා ගෙන බබුලුවගෙන නිලOකාර, ඔක්කාර දෑසින් යුතුව, පුන් ඝටයක හැඩයෙන් යුත් මහෝදරයකින්ද, රක්ත වර්න මුවකින්දමහා දල දෙකකින්ද, මුව අයාගෙනදනිර්වස්ත්‍ර වස්ත්‍රයකින්ද, සමන්විතවූ මහා තෙද බල ඇත්තකු ගුනේ අය්යාගේ සිරියහන් ගබඩාව පෙරලාගෙන ගුනේ අය්යා ඉදිරියේ එකත් පසෙකවෑ සිටියේය... ගුනේ අය්යාද හොල්මන් වු මනසින්, අවුල්වු කෙහෙරැලි වලින්, යුතුව මහා ආයසයකින් තෙපර බාමින් මෙසේ අසයි....
ගුනේ  : සොරි මචෝ උබ කවුද? (ගුනේ අය්යට ඒ දර්ෂනයෙන් උර්දවපතනය වෙන්නට අවත් මචO ලෙවල් එකේ කතා කලා හරිය )
මාර‍යා    : යකෝ මම මර ලොවට අධිපති මාර‍යා වන්නෙමි.
ගුනේ  : ඇයි මාර යකෝ... ඉතින් හය්යෙන් කියන්නේ මවුතුමිය ඇහැරුනොත් තොගේ ඔය දත් දෙක ගලවයි...
මාර‍යා : සොරි මචO.... මම ආවේ උබෙන් උදවුවක් බලා පොරොත්තුවෙන්
ගුනේ  : මොකක්ද වෙබ් එක ගැනනන් කතා කරන්න එපා... මට පහුගිය දවස්වල ශක්‍ර දෙය්යන්ට ඇඩ් එකක් දාලා දෙන්න ගිහින් ප්‍රශ්න ගොඩකට මූන දෙන්න උනා...
මාර‍යා : නෑ මචෝ මO ඔය විකාර කරන්නෑ... මට ඕනේ උබත් එක්ක ලOකාවේ රවුමක් ගහන්න...
(මුන්ටත් තියන මල විකාර දැන් ඉතින් නීවාඩු දාගෙන පලකෝ රෝන්දේ මාරයා නිසා ඉවසනවා, වෙන එකෙක්නම් මම මවුතුමියට ඇහැරවලා හොද පාඩමක් උගන්නනවා ගුනේ අය්යා කිව්වා නොව සිතුවාය....)
ගුනේ  : කැම ටිකක් කමුද?
මාර‍යා : අපෝ බෑ මෙහෙ කෑම වල ආසනික් තියනවා... මට මොනා හරි බොන්න තියනවා නම් හොදයි රත් වෙන ජාතියක් (ගුනේ අය්යා අමද්‍යප ව්‍යාපාරේ සාමජිකයෙක් උවද. ආගන්තුක සත්කාර හොදින් දනී. ඔහු වහ වහා පියතුමානන්ගේ සෑර ජාතියක් මාරයාට ගෙනවිත් දෙයි.
මාරයාද පලතුරු බීම බෝතලයක් බොන සයිස් එකෙන් කීචෝක් හිනාවක් දමා එක හුස්මට සෑර බෝතලය අහවර කරයි. නිර්වස්තරයෙන්ම හතර ගාතයේ දමා ගෙන බුදි..... යක්කුන්ට පෙරේතයන්ට බැන බැන.....

සැ.යු:- ඉතිරිය හෙට බලන්න මාර‍යා සමග සවරියක්.

Monday, July 18, 2011

මේ ගේමෙන් දිනන්නේ මුගටියම තමා...

මේක පාසලක සිද්ද වෙච්ච සිද්ධියක් අපේ යාලු බුවෙක් තමයි. මේ කතාව ගුනේ අයියට ලැබෙන්න සැලැස්සුවේ මුලින්ම අපි අපේ යාලුවට පින් දීලා එහෙම කතාව අහමු මෙකද මේ කතාවේ කතා නායකයත් ඉතින් පොරම නිසා.
මේ බුවා හරීම රැඩිකල් ආදරවන්තයෙක් පොරට ඕන උනා. පන්තියේ ගෑනු ලමයෙක් එක්ක හාද කමක් ඇති කර ගන්න. (ලව් එකක් හරිය ). ඉතින් අපේ යාලු බුවත් ඉතින් දන්න ශිල්ප ඔක්කොම දාලා තමුන්ගේ හිතේ තියන ආලවන්ත කම ප්‍රකාෂ කලා. පලමු පාර කෙල්ල ගනන් ගත්තේ නෑ. දන්නවනේ ඉතින් කෙල්ලේ පලවෙනි පරම හා.... කිව්වොත් ඉතින් එකී කෙල්ලෙක් නෙමෙයිනේ. ඉතින් මේ ගෑනු ලමයත් ඒ සම්ප්‍රධායම පාවිච්චි කරලා ගත්ත කටටම බෑ කිව්වා. අගේ කරලා මෙන්න මෙහෙම අනේ අයියේ මම බයයි ඔවලට. හරියට ලමිස්සියෙක් වගේ.
අපේ බුවා අධර්‍යමත් උනේ නැහැ. ඇහුවා දෙවෙනි පාරත් ........ නOගියෝ මම ඔයා ගැන පිලිබද සිතක් පහල උනා මම ඔයාගේ වල් අඹයා සමාවෙන්න වල්ලභයා වෙන්න කැමතී කියලා. කෙල්ල දෙවෙනි පාරත් සාටර් පාරක් දැම්මා (ඕවා කොහොමත් ගෑනුන්ගේ මායම්නේ ඉතින්)
කොහොම කොහොම හරි අපේ බුවා උත්සහය අත ඇරියේ මේ ගෝතකරුමේ කර ගැහුවොත් හැම දේම ගෙදරින් අහලා කරන්න වේයි කියන බයට ඌ වැඩේ අත ඇරියා වැඩේ...
නමුත් ඉතින් කෙල්ලගේ ආලවන්තකම මේරුවා කෙල්ල දැන් හිතින් ලවු අපේ බුවා දැන් මල ඉලවු ඌ ගෑනු ලමයා දිහා බලන්නේ වත් නෑ. ඉතින් ගෑනු ලමයත් කල්පනා කලා කොහොමද මූව දපනේ දා ගන්නේ කියලා. ඉතින් ගෑනු ලමයත් ස්කෝලේ අන්තිම දවසේ තමුන්ගේ අදහස මෙහෙම කවියකට ගොනු කලා. අහන්නකෝ කවිය........
සිවු වසරක සිට කරනා යම යුද්දෙන්..
දිනනට හැකි වේද අවසන A/L වලින්..
වසරෙන් වසර එන සොහොයුරු සිසු මැද්දෙන්..
පාසලේ ඔයා හට මා අමතක වෙද්දෙන්..
කියලා තමුන්ගේ අදහස ප්‍රකාෂ කලාලු කවියෙන්... සමරුවේ සටහනක් දාලා..
ඕකත් ඉතින් තේරුම් ගත්ත අපේ මෙ බුවත් මෙහෙම ලිව්වලු
මම මුගටියයි මෙම සභාව තුල සිටිනා...
ඇය හැපිනියක් බව කවුරුත් හැදින දනා...
නයයි මුගටියයි නිතරම ගේම තමා...
මේ ගේමෙන් දිනන්නේ මුගටියම තමා...

කොහොම හරි කොල්ලා ගොඩ ගියා....

කවි රචනා:- ප්‍රසන්න මහේෂ් ආරියරත්න
                  තෝඩා මඩුව
                  සිවලා කුලම
                  ගලෙන් බිදුනු වැව
කතාව      :- ගුනේ අය්යා.

එහෙන් මෙහෙන් පැලූ ඇදුම් වලින්, හැට හතර මායම් වලින් දිෂ්ටි දමා, බැල්ම හෙලා, දපනේ දමා මේ ආතුරයා

කොහෙද උඹ යන්නේ. අදත් අරකි හම්බවෙන්නද ?!? (මවු තුමිය ගෝරනාඩුවක ) ගුනේ අයිය ගේ  හිසට මල් වෙඩිල්ලක් පත්තු උනා වගේ ඔලුව කැරකැවෙන්න විය. මලා...... අම්මා ෂානි ගැන දැනගෙනවත්ද?!!!!
නෑ.... ගුනේ අය්යා පුටුවේ වාදිවී පත්තරයක් අතට ගත්තේ ඒක කියවන්න නම් නෙමේ ආත්මාරක්ෂව සදහා මූන වසා ගැනීමටය.
මව: මට උබේ හොරේ අහු උනා...
ගුනේ: මොකද මේ
මව: උබ කවුරු හරි කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවා.
ගුනේ: අම්මට පිස්සු
මව: මට පිස්සු නෑ උබට තමයි. තවම ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින්.
ගුනේ: ලියුමක් අහු උනාද.
මව: නෑ
ගුනේ: එහෙනම් කාගේ හරි බේගලයකට අහු උනාද?
මව: මම උබ වගේ ඔය එක එක තේ උඩිච්චියන්ට අහු වෙන්නේ නෑ. මෙන්න මේක ඇය කුඩා පෙට්ටියක බහා තිබූ යමක් එලියට ගෙන ඉතා සුරක්ෂිත ලෙස මා හට පෙන්නුවේ පරලවූ කපුවකු ලෙසිනි.
ගුනේ: ආ..... කේෂ දාතූන් වහන්සේ නමක්.
මව: ඔව් ........කේෂ දාතූන් වහන්සේ නමක් උබේ හොර වාහෙගේ. මම උබේ කමිසේ හෝදන කොට මේ දිග කෙස් ගහ කොලරයේ ඉදන් පල්ලෑහැට එල්ලිලා තිබුනා. තෝ මට බොරු කරනවා. මම හොයාගන්නම්...හොයාගන්නම්...!! හොයගෙන ඕකිව පෙති ගහලා, කීතු කීතු වලට ඉරලා, ඔකිගේ රීරී මාoශ බෙලෙන්ඩරේ දාලා කොටලා, ඇට ටික තම්බලා සුප් හදලා දන්සලක් දෙනවා (මව්තුමිය කිව්වොත් කිව්වා දැන් ඉතින් දන් සැලක් දෙන්න ලෑස්ති වෙන්න වෙයි. )
  මවු තුමියද නිකන් සිටියේ නැත.  ලoකාවේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිලිබද චිර ප්‍රසිද්ධියක් දරන කපු මහතකු ගෙන්වා මහා මැතිරිල්ලකට සූදානම් වූයේය.  මවද කොසු පොලු මුගුරු රැගෙන සිටියේ කෙස් ගස හිමි ලේලිය පිලිගැනීමටය.
කපුවා මැතිරිල්ල පටන් ගත්තේය.....
.....o නමෝ  නමෝ අසoකෙය්ය කල්ප ලක්ෂ ගනන් මුලුල්ලේ මේ ආතුරයාට වින කටිමින් පැමිනෙන්නාවු, අනවින කරමින්, සූනියම් කරමින්, ඇස් ගසමින්, ඔලුව රැහැනින් බදිමින්, මේ නර පනුවාගේ රීරී මාoශ උරා බොමින් පැමිනෙන්නාවූ යම් යක්ෂනියක් වේවා, කෑල්ලක් වෙවා, සක්කර වට්ටමක් වේවා, අල්ලපු ගෙදර කෙල්ලක වේවා, වැඩකාරියක වේවා, පුද්ගලික ලේඛම් වරියක වේවා. සිටීනම් මේ ආතුරයාගේ කුනු ගද ගහන පoචස් කන්දයට, අටලොස් රියනක් සන්ධි වලට, තෙසැත්තෑ බඩවැල් වලට, කෙල කෝටියක් තන්තු වලට, අසූ තුන් කෙලක් රෝම කූප වලට මෙකී නොකී දෙතිස් මහා කුනූප කොටස් වලට තෘෂ්නාවෙන්, එහෙන් මෙහෙන් පැලූ ඇදුම් වලින්, හැට හතර මායම් වලින් දිෂ්ටි දමා, බැල්ම හෙලා, දපනේ දමා මේ ආතුරයා සමග වන්නම් දහ අටම නටා, දහ අට සන්නිය නටා, දහ අට වන්ගු දමා ඒ කේශ කල්යානය මේ නර පනුවාගේ පoචස්කන්දයෙහි දමා ගිය නර දූතිකාව හෝ වේවා, හොර ගෑනියක හෝ වේවා, චූටි කෑල්ලක හෝ වේවා, රතු මුහුදින් එපිට සිටියත්, අල්ලපු ගෙදර සිටියත්, හද්ද වන්නියක සිටියත්, සක්වල ගලෙන් එපිට සිටියත්, කොන්ඩෙ කඩගෙන වර, පර්වත පෙරලාගෙන වර, පයින් වර, ස්කූටරෙන් වර, බඩගාගෙන වර, ඔලු පලාගෙන වර,.....වර... වර ඕ බන්ධ ඕඩු... ඕඩු...  ඒස්වාහO....!!!!???
 ෂානි නoගි ගෙදරට කඩාගෙන පනීදේ බයින් ගුනේ අය්යාද වික්ෂිප්තව බලා සිටියි. කිසිවකු පෙනෙනතෙක් මානයේ නැත.
මේ වෙලාවේ තමයි සිප්පියා ඔලුව දන්වෝ කියාගෙන ගෙදරට දුවගෙන ආවේ යක්ෂාවේෂයෙන් වගේ දොඩවමින්....
මලා හුටා ගුනේ අය්යට වැඩේ තේරුනේ දැන්නේ සිප්පියා කොන්ඩේ වවලා දැන් කෙල්ලෙකුට වැඩියේ දිගයි. මේ මැටි රිලවා නිසා තොවිල් කරන්නත් උනා.... කොහොම කොහොම හරි ගුනේ අය්යා ඒමරාලෙනුත් බේරුනා....
ප.ලි: 
ගුනේ අය්යා කිසිම කෙල්ලකුගේ හෝ කොල්ලකුගේ අතින්වත් අල්ලා නැති පිවිතුරු, නිකලැල්, නිර්මල කොල්ලෙකි. එමනිසා සිප්පියාගේ කොන්ඩ ගහ කොහොමද කොලර් එකේ රැදුනේ කියලා නම් අහන්න එපා.....හොදේ ඌ දන්නෙත් නැතුව ඇති....

Sunday, July 17, 2011

මොකක්ද ඉතින් කාලකන්නිකම මිසක්

පච ගුනේ

CEO ගෙ කාලකන්නිකම..... 
 
මෙක ගුනෙ අය්යගෙ වැඩපොලෙ වෙච්ච වැඩක් කතා නායකයා තමයී ඉතින් කපිල කියන්නෙ හොදම ඇම්ඩෙක් විදියට කා අතරත් ප්‍රසිද්ද‍යි. වැඩපොලෙ පාට්ය දවසක තමයි මෙක උනෙ පාට්ය දවසට තියන පලමු වැඩෙ තමයි ඉතින් කවුරුත් එකතුවෙලා බොන එක මෙ ඉතින් කාපු බ්පු වෙලවට කියන කතානේ
CEO   : බලපන් බන් කපිල කොච්චර බීවත් වදින් නැහැනෙ.
කපිල : ඔකනම් නම් සර් බලන් ඉන්න හොද දෙයක් නෙමෙයි.  බෙහෙතක් ගන්න වේයි
CEO    : නැහැ බන් මට ඇති ලෙඩක් නැහැ.
කපිල  : එහෙනම් සර් වෙන මොකක්ද ඉතින් කාලකන්නිකම මිසක් කපිල ඇගට පතට නොදැනි කිව්වලු.