Thursday, March 27, 2014

පතිනිය පති කුලයට පැමිනේයා

පතිනිය පති කුලයට පැමිනේයා
http://commentslk.blogspot.com/

නොයිදුල් නොකැලැල් වත    කමලායා
සූ සැට බරණින් ඇත               සරසායා
මිහි බට සුරගන මැයද?            සිතේයා
පතිනිය පති කුලයට             පැමිනේයා

රුසිරින් සරු මල්සර                පරදායා
නුවණින් ඝනපති හා              සමවේයා
දුටු අය හැරි හැරි නැවත            බලායා
පතිනිය පති කුලයට             පැමිනේයා

තෙරුවන් වැද දෙවියන්           පුදලායා
සුමියුරු මව් පදවිය                 පතලායා
ජය මිණි රජ ගෙයි කිරුල           දරායා
පතිනිය පති කුලයට            පැමිනේයා

සරසවි කුමරිය තුරුලු               කරායා
අත වන වන සිරිකත             කැදවායා
සත් මිණී වැස්සක් මිදුලේ         ගලායා
පතිනිය පති කුලයට            පැමිනේයා

දෙව්ලොව දෙවියන් බිමට          බසීයා
පතිණිගේ ගුණ දම් ලොවට       කියායා
පතිදම් සුරකින බව                  දිවුරායා
පතිනිය පති කුලයට            පැමිනේයා

ගහ කොල අඩ දින දෙඩමලු       වේයා
පතිනිට සුභ මඔගලම්                කියාය
මදනල හිමිහිට පවන්                සලායා
පතිනිය පති කුලයට            පැමිනේයා

සසරෙත් ඔබ අප ලගම             සරායා
මත්කෙට එන විට පෙමින්      බැදේයා
දෑතම එක්කොටලයෙහි        හොවායා
පිලිගමි සුභ මoගලම් කියා            මා...

කවි පබැදුම : සීතා මැණිකේ හේරත් 
                     දැතවවත්ත දීකිරිකෑව