Friday, June 24, 2011

වනින් ලෙටර් එක....

මෙක ගුනෙ අය්යටම වෙච්ව දෙයක් එයගෙ වැඩපොලෙ කතාවක් ගුනේ කියන්නෙ ඉතින් වැඩ හරියට (අ.)වන්කව කරපු දේව කාරිය රජකාරියට වඩා උතුම් විදියට සලකපු එලකිරි කොල්ලෙක්නෙ. ඉතින් බලන්ඩකො එයටත් එන අබ්යොග. වාද බයිලා නැතුව විස්තරේ කියන්නම්කො. හොදට අහගන්න හොදේ.

එදා හරිම මුසල දවසක්. ගුනේ අය්යාගේ බොස්ලාදෙන්නම හිට්යේ නැහැ. ඉතින් දන්නවා අතිනේ එදා බොස් කවුද කියලා. ට්කකින් කතා කලා call  එකක් අවා.
එහා කොනින් : හෙල්ලො මම තල්වත්ත කතා කරන්නෙ.(ගුනේ අය්යා හිතුවෙ මොකෙක් හරි අලුගුත්තේරුවෙක් කියල)
ගුනේ අය්යා   : අනේ පල යන්න කියලා කොල් එක කට් කලා 
තප්පරයක් වත් ගියේ නැහැ තව කොල් එකක්
එහා කොනින් : හෙල්ලො අය් ඇම්. තල්වත්ත ස්පිකින්ග් 
මෙන්න මෙ යකා කඩ්ඩෙනුත් කොටනවා. (වස ලැජ්ජාව.) දන්න උපරිම සින්හල දාලා තල්වත්ත කුඩුවෙන්නම මල්ට් බැරල් පාරවල් කිහිපයක් එල්ල කරපු ගුනේ අය්යා. පෝන් එක කට් කරලා සැනසුම් සුසුමක් හෙලුවා විතරයි.මෙන්න ආය පෝන් එක වදිනවා.
එදවස් වල ගුනෙ අය්යාගෙ ඇසිස්ටන්ට් විදියට කටයුතු කරපු ලක්මාලිට පෝන් එක ආන්සර් කරන්න කිව්වා. ලකිත් ඉතින් ගුනෙ අය්යා වගෙම පොඩි ගොන් පාට් එකක් දාලා පෝන් එක කට් කලා විතරයි. කර්යාල කර්ය සහයක කෙනෙක් ඇවිත් අපිව එක්කගෙන ගියෙ නැතැ හතරවන තට්ටුවට
(එ අපේ තල්වත්ත සර්නෙ කතාකරලා තියෙන්නෙ අපේ ලොකුම ලොක්කා) ඉතින් මොනා කරන්නද ලකිටයි ගුනෙටයි වර්නින් ලෙටර් දෙකකින් සැහිමකට පත්වෙන්න වුනානෙ.

ප්‍රියා...... මෙරේ ප්‍රියා

පහුගිය සති අන්තය ගුනෙ අය්යාට නිවාඩු නමුත් වැඩ ඉවර වෙන්න නම් වලකජ්ජ ගහන්නම වෙනවා. උදේ පාන්දර 10.00 විතර කුකුලවත් අරන් ඇග මැලි කඩල නැගිට්ටෙ නිලානයාව හම්බෙන්න හිතගෙන මොනා කරන්නද.... අම්මෝ මව්තුමිය උදේ පන්දරම දෝස් මුරයක් ...මට පොල් ටිකක් ගාලාදෙනවා බලන්න ඉතින් ගුනේ අය්යා ගෙන් ගන්න වැඩද මේවා.. බලන්නකො ස්ත්‍රින් විසින් පුරුෂ අය්ති වාසිකම් උල්ලන්ගනය කරන හැටි අම්මත් එක්ක අය්ති වාසිකම් කතා කලොත් කොපි පොතක් පිරෙන්න බැනුම් විතරක් නෙමෙයි. පොල් බැවෙනුත් කාලා පොල් බැ මූනෙක් වෙන්න වෙනවනෙ. ඉතින් හිතින් පිරිත් කිය කිය පොල් ටික ගැවා කියමුකො...හා ඉවරද? එහෙනම් ඕක මිරිකලත් දෙනවා. මේක මල Wedding එකක්නෙ අම්මා නිදිය ගන්න මම උයලා ඉවරකරලා කතා කරන්නම් එහෙම කිව්වා නෙමේ හිතුව ගුනේ අය්යා, හිමීට ලිස්සලා කඩේ පැත්තට ගියා..........
ගුනේ අය්යෙ මගෙ බඩු දෙන්නකො චුටි නOගි කෙනෙක්....
පොල් ගෙඩියයි.......
සීනි 100.......... 
අනේ අම්මපා කඩේට අවෙ සැනසීමෙ ඉන්න මුන්ට දියවැඩියවම හැදෙන්න ඔන මට දෙන වද වලට  නOගිගේ සීනිත් කිරපු ගුනෙ අය්යා.
එච්චරද?
කියලා අහුවෙ බඩු අරන් ඉවරද බලන්න. හීනි හිනාවක් දැම්ම නoගියත් ටිකක් ඇබරුනා. අනේ ඉතින් කඩේ ඉන්න එකත් නරකම නැහැ ....නoගිලා කී දෙනෙක් නම් එනවද? සුදු පාට, කලු පාට, රතු පාට, පාට පාට, කොන්ඩෙ දිග, කොන්ඩෙ කොට, පෝනි ටේල්, රීබොයින්ඩින්ග්, රීවයින්ඩින්, රී කන්ඩිෂන් නOගිලා කී දෙනෙක් එනවද කඩේට.... අනේ අම්මපා මුන්ට තියන දේවල් තනිකරම ප්ලාස්ට්ක් ගොඩක් කපලා පොටි දාලා තෙම්පරදු කරලා තමයි හදලා තියෙන්නෙ.... වැස්සොත් සොරි තමයි..

මෙහෙම ඉන්න කොට තමයි නිලානයා ගෙදර ආවෙ හූවකුත් කියාගෙන. මොකද යකෝ හූ කියන්නෙ..  ගුනේ අය්යා ඒ මාරකෙනුත් පැන්නා (කඩෙනුත් එලියට )...
  මුජෙ ආබ්කේ කෙහෙතා හේ.....
  පයර් නහී හොතාහේ...
  ජානේ මන් ආබ්කේ සින්දගි...
  තප් තප් දරන්හේ....
  ප්‍රියා.... මෙරෙ ප්‍රියා...
මේ මොන මගුලක්ද?/// නිලානයට හින්දි UNICODE එකක් කැවිලා වත්ද?//
මම නම් කිව්වා ඔය ජරාව කනකොට තොට හොයා ගන්න බැරි ලෙඩක් හැදෙයි කියලා. මේ පෙරේතයා ඕවා අහන එකෙක්ද? මැටි රිලවා... ගුනේ අය්යා එහෙම කිව්වා නෙමෙ හිතුවා ...

මදුරුවා... සහ පාපතරයා


මදුරුවා වනාහී අපට ඉතාමත් ප්රයෝජන සහිත සත්වයෙකි. තම සියුම් හොටෙන් අපට අනවශ් රුධිරය ඔහුට පාරවිලනය කර ගන්නේ පුද්ගල සමාජ තත්වය, කුනු ලේ, වයිරස්, ලෙඩරෝග, සමාජ රෝග කිසිදෙයක් තඹ පයිසෙකටවත් මායිම් නොකරමිනි. තවද උගේ තුඩේ ඇති ආතලේ නොදන්න ජගතෙකු මේ ලෝකය තුල නැති තරම්ය. ඇත්ත වසයෙන්ම මදුරුවා ලෝකයේ සමානාත්ම තාවයට ලැදි මානවහිතවාදියෙකි. අපිට ලේ දන්දී පින්සිදු කර ගැනීමටද අවකාශ සපයා දෙයි.
නමුත් අපගේ රාත්රී කාලය කාලකන්නි කරන පාපතර ලේ පිපාසිතයකුගේ තත්වයට මදුරුවාව අප පත් කර ඇත. ගුනෙ අය්යාගේ හැගීමට අනුව නම් මිනිසුන් වන අපතයන් මදුරුවාගේ රාත්රි කන්කලු නාදයට ඉතාමත්ම ප්රිය කරන බැවිනි. තවද, රාත්රි මුර සන්චාරය සදහා ඔවුන් අප අසලට පැමිනි විට ඔවුනට චටාස් පටාස් යන දැඩි ප්රහාර එල්ල කිරීමටද ප්රියකරන නිසාය. තවද මේ අපතයන් කරන ඉතාමත් විලිලැජ්ජා සහගත අපරාදය වන්නේ මදුරුවන් බිහිකිරීමට අවෂ් ගර්භාෂයන් තම බාල්දිය, කෝම්බය, පොල්කට්ට, ටයරය...... තුල බිහිකර දීමයි. අතර මදුරු දගර මුදලාලිට කඩේ යන පිරිසක් නැත්තේද නොවේ. එසේ මෙසේ කෙසේ කතා කලද මදුරුවා මදුරුවාය ඇනෝපිලස්, ඩෙන්ගු, යනාදී මෙකී නොකී නම් වලින් අප මදුරුවාවද හොල්මන් කර ඇත. වයිද්යචාරීන් මදුරුවාට සමජයේ ඉහල පිලිගැනීමක් ලබාදී ඇති නිසාය....
ඉතින් අපි මදුරුවාට අත උස්සලා සපොට් එකක් දෙමුද? මල්ලියේ නOගියේ... තව ජීවිත බිලි ගැනීමට පෙර මෙන්න මේ විදියට චටස්, පටස්, ...ඩෝO පටෝO, දඩින් බිඩින් දොඩO..


සැ.‍යු :-
ගුනේ අය්යාගේ Oවේගය මදුරුවා විසින් මරාදැමු ජීවිත වෙනුවෙන් නොවේ. තත්වයට අහින්සක මදුරුවා පත් කල අසමජ්ජාති කාලකන්නි සමාජයටය.

Thursday, June 23, 2011

ඉටි කිරි කෑල්ල.......

ගුනේ අය්යා පාරට බැස්සේ කොලඹ යන්න හිතාගෙන අනේ මේ බස් නැවතුම ගුනේ අය්යගේ පරන සීන් කියක් කියයිද? පන නැති හින්දම හොදයි. ඔහොම ඉන්නකොට දුකේ බැරි අහින්සක, හුතරල්, කිරිකෝඩු, සුවීට්, ටූටි නoගි කෙනෙක් බස් හොල්ට් එකේ එහා පැත්තෙ ඉදලා හරි හීනී මනමාල හිනාවක් දැම්මා ගුනේ අය්යා දිහා බලලා ඇබරි ඇබරි . ගුනේ අය්යාට සබකෝලෙ බැරුව ගියා. සර්වාන්ගයම සීතල වෙලා ඇගේ උෂ්න බිබිලිත් මතු වුනා. මේන් මෙකිත් ගුනේ අය්යා ගාවටම එනවා. ගුනේ අය්යාට හීන් දාඩිය දැම්මා. ගුනේ අය්යාගේ ආදර හැගුම් මෝදු උනා. කොහොමද ගුනේ අය්යේ. මල කෙලියයි මේකි මගේ නමත් හොයාගෙන ඒ ටිකට. ගුනේ අය්යාත් ටිකක් ඇබරුනේ නoගි දැකලා පුරුදුයි වගේ නිසා කෝකටත්කියලා ගුනේ අයියා මෙහෙම ටෝකක් දැම්මෙ විචිකිච්චවට වගේ.
ගුනේ අයියා : නoගිව දැකලා පුරුදුයි වගේ
නoගි           : අනේ ගුනේ අයියා.. ඔයාට මාව මතක නැද්ද?
මල කෙලියයි ගුනේ අය්යාට මතක නැහැ පරන කෑල්ලක් වද්ද?!!!!! ඉදකින් විතරක් මේ මොලේ බේරෙ ඇලට දාලා හෝදලා ගත්තත් හරියන පාටක් නැහැ Memory එක පුල් අවුල්...
ගුනේ අයියා : අනේ Sorry නoගි.. මට ඔයාව  මතක නැහැනේ?
නoගි           : මම ඔයාගෙ නoගිගේ යාලුවා ශානිනේ.
කිව්වා ව්තරයි කවුද උන හපුලුවෙක් ඇවිත් බයික් එකක් නැවත්තුවා නැතැ. ඉතින් මේ චූටි සුදු නoගිත් බයික් එකේ නැගලා ගියේ නැතැ ටටා කියලා. එදා තමයි ගුනේ අය්යාට තෙරුනේ ගුනේ අය්යාගේ නOගි එයත් එක්ක කොච්චර ඉරිසියද කියලා. නැත්තන් ඉතින් ගුනේ අය්යා බැදලා ලමයි කි දෙනෙක්ගෙ තාත්තෙක්ද?!!! නේද? නිකමට වත් කියන්න
එපැයි අය්යෙ තමුසෙ ශානිට කැමති නැද්ද කියලා.........අපි ඉතින් වලකට බැස්සොත් ඒකේ කුකුලෙක් නැත්තම් කකුලුවෙක්. තූඌඌඋ........විතරක්.

Wednesday, June 22, 2011

ගුනේ අය්යාගේ පියා මාධ්‍ය වාර්ථාකරනයට.....

සියලු දෙනගේම දැන ගැනීම පිනිසයි.
ගුනේ අය්යාගේ මාධ්‍ය ජාලය දිනෙන් දින ජනප්‍රිය වන බැවින්ද ඒ පිලිබදව සියලු තීන්දු තීරන ඔහු විසින්ම ගනු ලැබීමත් මධ්‍ය ජාලයේ සියලු බරපැන මවු තුමිය විසින් දැරීමත් මාධ්‍ය ජාලයේ විනිවිද භාවය සම්බන්දයෙන් රහස්‍ය තොරතුරු සැපයීමට විශේෂ කමිටුවක් මවු තුමිය විසින් පත් කර ඇත.  එහි සභපති හා මවුතුමියගේ රහස්‍ය ලේකම් ලෙස නව පත්කිරීමක් ලෙස පියතුමාව පත් කොට ඇති අතර මධ්‍ය ජාලය සම්භන්ද සියලුම ලිපි ලේකන මාධ්‍ය ඔස්තාර් කෙනෙකු වන පියතුමා විසින් නැවත කියවා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඔහුට පවරා ඇත. පියාගේ සහයට අතිරේක ලේකම් කෙනෙකු ලෙස හොද හැකර් කෙනෙකු වන කුමාරි (අක්කා) යෝජනාවී ඇති අතර ඇය කම්පියුටරය හැක් කිරීමෙන්ද ඉOග්‍රීසි මධ්‍ය ලිපි කියවීමෙන්ද විධායක කමිටුවේ නිල නොවන තොරතුරු මවට ස්ජුවම සැලකිරීමටද (012-3124511 දුරකතන අOකය ඔස්සේ ) පවරා ඇති අතර ඇයට ඉවෙන් සහාය දැක්වීමට ගුනමකු ටොමි‍යාද (බලු කුක්කාද )යොදා ගෙන ඇති බව ඉතාම  රහසිගත මාර්ගයකින් ගුනේ අයියාට දැන ගැනීමට ලැබී ඇත
තවද ඒකපාර්ෂික ත්‍රිපුද්ගල විනය පරීක්ෂනය අනුව ගුනේ අයියා චෝදනා වලට වැරදි කරු වුවහොත් පහත සදහන් දන්ඩනයන්ට අනුකම්පා විරහිතව යටත් කරනු ලැබේ
01. ගුනේ අය්යාගේ මාධ් ජාලය 6 මසක වාරනයකට යටත් කිරීමටද...
02. ගුනේ අය්ය වැඩට යාමට පෙර මව්තුමියට පොල් ගෙඩියක් ගාදී ඉවුම් පිහුම් වලට උදව් කිරීමටද...
03. සති අන්තයේ කාල නියමයකින් තොරව කඩේ බඩු කිරීමටද..
04. ගුනේ අයියාගේ පෙට්රල් වියදම් කපාහැරීමටද.. කටයුතු යොදන බව....

සැ.යු:-
ස්වාධීන මධ්යවේදියකු වන ගුනේ අය්යාද මේ අධිරාජ්යවාදී බලල් හස්තයන්ට එරෙහිව පහත පියවර ගැනීමට අදහස් කරයි
01. ඔහුගේ පරිඝනකයට නව මුර පදයක් (.......) භාවිතා කිරීමටද.
02. ඔහුගේ සම්බන්දීකරන ලේඛම් දූරයෙන් යකඩය (නිලානයා) ඉවත් කිරීමටද...
03. මධ් මර්දනයට එරෙහිව කැම්බල් පිටියේ දැවන්ත උද්ඝෝෂනයක් Oවිදානය කිරීමටද .... ගුනේ අය්යා අදහස් කරයි..
කටයුතු වලට මධ් නිදහසට ලැදි ඔබගේ කරුනික සහය ලබා දෙන්න

ස්තුතියි
මීට අසරනවු ගුනේ අයියා

/ලි:
මේ කුමන පියවර අනුගමනය කලද මවගේ තීරනය අවසන් තීරනය බව පාඨකයෝ කරුනාවෙන් සලකත්වා................ 

Sunday, June 19, 2011

ගුනෙ අය්යාගෙ කතාව

ගුනෙ අය්යාගෙ කියන්නෙ තවත් අය්යා කෙනෙක් නෙමෙයි. ගුනෙ අය්යා  O/L කලා A/L කලා   පස්සෙ CHARTERDUTH කලා. ජොබ් ඵ්කකුත් කලා. ඉතින් ඔහොම කොම්බුත්තො අල්ල අල්ල ඉන්න වෙලාවෙ තමයි වෙබ් ඵ්කකට් අත ගහන්න හිතුනෙ.
මේකට ඉතින් නමක් දාන්නත් එපැයි???? අනේ ගුනේ ඉතින් හැමදේම අම්මගෙන් අහල  කරන හැදිච්ච සිලාචර ගුනගරුක හැමදාම බෝ පැලවල පන්චාන්ගයම කොටල බොන විනීත කොල්ලෙක් නිසා ගියා අම්මා ගාවට බ්ලොග් එකට නමක් අහගන්ඩ.   ගිහිල්ලා අදහස දැම්මා විතරයි.
අම්මා කියාපි "පල යකෝ යන්න කියලා"?????!!!!!!බැ බැ ඒ නම දාන්න බැහැ සැර වැඩියි ගුනේ අය්යට හිතුනා. මේක හරි වැඩක්නෙ ගියා පියානන් වහන්සේ ගාවට. තාත්තේ මගෙ බ්ලොග් එකට නමක් කියන්නකෝ හිO අඩියකින් සප්පායන් වෙලා හිටපු  පියානන් වහන්සේ ගත් කටටම කියාපි ලෝකයේ "උතුම්ම මිහිර බෝතලේ" කියලා. ඔවා දැම්මොත් බ්ලොග් එක වැඩිහිටියන්ට පමනයි වෙනවානේ ගුනේ අය්යාට සැටිස් නැහැ.  අනිත් එක අමද්යප වියාපාරෙ තදබල පොරක් වුන ගුනේ අය්යාට පුලුවන්ද ඔය වගෙ අලුගුත්තෙරු නමක් බ්ලොග් එකට දාන්න. ගියා අක්කා ගාවට අක්කෙ කියනවකො බ්ලොග් එකට නමක්,.... දානවා ඕකට කුමරි කියලා. ච්කේය්යා ගුනේ අය්යාට සබකෝලෙ බැරුව ගියා. ගැනු ලමයෙක්ගෙ නමක් දාන්න පුලුවනැයි මේ ආදරනීය බ්ලොග් එකට. ඔහොම චාටර් වෙවී ඉන්න කොට තමයි. ගුනේ අය්යා බීඩීයකුත් උර උර අපේ ගේ පැත්තට ආවෙ ගුනේ අය්යෙ මගේ බ්ලොග් එකට නමක් කියනවකෝ,....  ඉතින් මල්ලියෙ දාපන්කො මගේ නම. පිස්සු හැදෙනවා. මාර ත්‍රිල්!!!!!!!! ඊටත් පස්සෙ තම‍යි සම්පත් අය්යා ගුනෙ අය්යා උනේ. එකත් එසේ මෙසේ නමක් නෙමේ සම්පුර්න නම කිව්වොත් කම්පන රාලගේ නිවිච්ච පච ගුනේ .....( K.R.N.P. Gune)


වෙබ් එකේ තියන ගොඩක් කතා සත්ය සිදුවීම් අහලින් පහලින් අහුලගෙන සන්ස්කරනය කරපු හා නොකරපු හැම කතාවක්ම මේකේ තියනවා. හැබැයි මඩගහන අදහසින් නෙමෙ ලියලා තියෙන්නෙ. ඒකත් මතක තියාගෙන වෙබ් එක බලන්න කියල ඉල්ලා සිටිනවා. ඵ්දා ඉදලම ගුනෙ අයියට් තිබුනෙ මාරම මාර අදහස් වගෙම ආගම දහමට් ලොකු බක්තියකුත් තිබුන. ඉතින් දෙය්යන් බුදුන් සිහිකරලා වෙබ් අඩ්විය නරබන්න කියලා ඔය නන්ගිලා මල්ලිලා අය්යලා අක්කලා  ගෙන් කාරුනිකව ඉල්ලනවා.