Thursday, December 15, 2011

පරමාධිප්‍ය බලය...බවුමික අකන්ඩතාව හා ජිල් බෝල...


දේෂපාලනය කියන්නේ දේෂය ගලා යායුතු ආකාරය පිලිබද තීන්දු තීරන ගන්න ක්‍රමවේදය කිව්වොත් මම නිවැරදියි. ඉතින් මේ ක්‍රමවේදය අත්තනෝමතික නොවන්න ජනතාවගේ ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරන යන ජනතාවගේ පරමාධිප්‍ය බලය පාවිච්චි කල යුතු ආකාරය පිලිබදව කටු සටහනක් සකස් කරන්නෙත් දේෂපාලකයෝමයි. මේකට කියන්නේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා. ඉතින් මේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පොඩි හිඩසක් අල්ලගෙන දේෂපාලකයෝ තමුන්ගේ අරමුන ඉටුකර ගන්න එකයි සාමාන්‍ය සම්ප්‍රධාය. පිල්මාරුවත් මේ දේෂපාලනයේ තියන එක්තරා ජුගුප්සාජනක සිදුවීමක් මෙතනදි තමුන්ගේ දේෂපාලන දර්ෂනය කුමක්ද කියන කරුන තමයි වැදගත් විය යුත්තේ වරදාන වරප්‍රසාද බලාගෙන පිල්මාරුව කවුරු හරි දේෂපාලකයෙක් කරනවා නම් එතන ප්‍රෂ්නයක් තියනවා. අනිත් කාරනය තමයි තමුන්ගේ දේෂපාලනය කියන්නේ තමුන්ගේ රට වෙනුවෙන් කලයුතු යහපත් කාර් ය භාරය කියන කාරනය යන්න දේෂපාලකයින් අවබෝද කර ගත යුතුයි. ඉතින් මහජනයා විදියට මේ කාරනයෙදි අපේ වගකීමක් තියනවා. ඒ තමයි වඩා හොද කාර් ය ශුර යහපත් දේෂපාලකයන් පත්කර ගැනීම. යහපත්වූ දේෂයක් සදහා තීරනය ඔබට බාරයි.

පලල වියත් දිග දෙවියත් නැකති මලේ හොදට වියත්...


ඔන්න අලුත්ම කතාවක් අපේ රටේ කුරුනෑගල පැත්තේ බුවෙක් ගැන දැනට අවුරුදු 50-60 විතර ඉස්සර ගම්බාර දෙයියන්ට බාර දෙකක්ම තියපු පොරක් ගැන තමයි කතාව. මේ බුවා මහත්තයක් හෙනම කුකුලා කුකුලා කියන්නේ ඉතින් කුකුලාටනේ මෙයාට ගෑනු ලමයෙක් තියා වැලක වනලා තියන අබුඩ ලේන්සුවක් පේන්න බෑ. ඒ තරම්ම දරුනුයි කුපාඩිකම සියලු අOගයන්ගෙන්ම බේරෙනවා. මේක හොද හැටි වටහා ගත්ත මේ බුවාගේ මෑනියෝ අහල පහල ගෑනූ උදවිය බේර ගන්නත් එක්ක මෙයාට ගෙනාවා හිරයක් හිරයක් කිව්වේ ලස්සන කෙල්ලෙක් හරිය. ගෙදර වැඩපල කිසිම දෙයක් දන්නේ නැති බූරු දෙනකට මේකත් කර ගැහුවා ගොO අලියා වගේ ඉතින් ටික කලක් ගියා ලමයි නෑ. මේ බුවාට ලම්යිත් හදන්න ඕනේ. ඉතින් ගෙනාවා තව බිරියක් මවගේ විරෝදය නොතකා මේ ගෑනු එක්කෙනා ලස්සන නෑ හැබැයි වැඩකරු හැම වැඩේම තිතට උයන පිහින ගෙවල් දොරවල් වල වැඩ සියලු වැඩ කිඩ දාලා කරනවා විතරක් නෙමේ අවුරුදු පහට ලම්යි පහකුත් හැදුවා. පේනවා නේද දක්ෂකම හැබැයි ගෙදර නිතර දෙවේලේ රන්ඩු මොකද මොන ගෑනු දෙන්නද ඉතින් එකට තියන්න පුලුවන් නේද? මොකක් හරි කෙහෙ වල්ලක් පටලවා ගෙන රන්ඩු.... අපේ බුවාට මේක ඉවසන්න බැරුව කල්පනා කලා කොරන්ට ඕන උපා‍ය.. බුවා ගමනක් යනවා කියලා ගෑනු දෙන්නටම වැඩ පැවරුවා මේ අතර හේන් කෙටීම, දර පැලීම, ගෙදර දොර වැඩ හා රෙදි විවීම පවා ඇතුලත්  ඇතුලත් ඉතින් ගෑනු දෙන්න වැඩ බාර ගත්තා පලමු වෙනි ගෑනු එක්කෙනා කුබුරට යනවා වැඩ බෙදාගෙන ( අද මෙතන කරනවා, හෙට මෙතන කරනවා, අනිද්දා මෙතන කියලා) නමුත් වැඩ කරන්නේ නෑ. නමුත් දෙවෙනි ගෑනු කෙනා උදේ නැගිටලා ලමයින්ට කවලා පොවලා කුබුරට යනවා. හැම දේම පිලිවලට කරලා රැට රෙදි වියනවා කොහොම හරි අපේ කතා නායකයත් මාසෙකට විතර පස්සේ ගෙදර ආවා දැන් තමයි ගේම ගෑනු දෙන්නාගේ වැඩ බැලුවා අපේ පුරුශ බුවා ලකුනු දානවා. පලමු බිරිය මුකුත්ම කරලා නෑ. දෙවන බිරිය හොදට වැඩ කරලා. දැන් ඇදුම් මහන වෙලාව නැකති කියන්නේ ඇදුම් මහන කෙනාට මෙයා ගෙදරට ආවා පලමු බිරිය දැන් වියපු රෙදි දෙනවා ලොකු බබාට මේක මහන්න, මද්දුමයට මේක මහන්න, පොඩි බබාට මේක මහන්න කියලා මහත්තයට මේක මහන්න කියලා නැකති මලයත් හොදට ඇදුම් බර ගත්තා.. දැන් මාර වැඩේ පලමු ගෑනු එක්කෙනාට දෙන්න වියපු රෙද්දක් නෑ පටස් ගාලා පොඩි රෙදි කෑල්ලක් වියලා දුන්නා මෙහෙම කියලා

පලල වියත් දිග දෙවියත් නැකති මලේ හොදට වියත්...

තේරුම
පලල වියතයි, දිග දෙවියතයි, ඇදුම් මහන මල්ලියේ හොදට මහපන් කියලා

කොහොම කොහොම හරි මෙ නැකති මලයත් රෙදි මහලා ගෙනාවා. දෙවන ගෑනු එක්කෙනට රෙදි මල්ලයි. පලමු ගෑනු එක්කෙනාට පොඩි රෙදි කෑල්ලක් ලෙන්සුවකින් බාගයක් විතර ඉතින් අපේ බුවත් මේ කතාව තේරුම් අරගෙන පලමු බිරිය එලෙව්වලු ගෙදරින් අර පොඩි රෙදි කෑල්ල අලවලා..... කොහොමද ටිකිරි මොලේ...  

Tuesday, December 13, 2011

කෙල්ලන් ගැන කොල්ලන් දැන ගත යුතු කරුනු 18 ක්....

 
1. ගමනක් යන්න ලෑස්ති වෙනකොට කෙල්ලන්ට අඳින්න හරියන ඇඳුමක් නෑ. රැක් පිටින්, අල්මාරි පිටින් ගොඩගහලා තියෙන ඇඳුම් ගැන අහන්න එපා කෙල්ලගෙන්. එහෙම ඇහුවොත් කියාවි ඔයාට ඕව තේරෙන්නේ නෑ කියලා 

2. කෙල්ලෝ අඬන්න හරිම දක්ෂයි, ඒ වුණාට එයාල අඬන්නෙ කවුරුහරි එයාල අඬන බව අහගෙන ඉන්නවා නම් විතරයි, තනියම ඉන්නවා නම් කෙල්ලෝ අඬන්නේ නෑ 

3. කෙල්ලෝ කෘමියන්ට බයයි, චණ්ඩිම කෙල්ලෙක්ට වුනත් මකුළුවෙක් හරි කැරපොත්තෙක් හරි ආවාහම කොල්ලෙක්ව ඕනේ වෙනවා ඌව පන්නාගන්න

4. කෙල්ලෝ toilet යන්නෙත් කණ්ඩායම් විදියට. එහෙම කරන්නේ ඒක ඇතුලෙදිත් එයාලට කයිවාරු ගහන්න පුළුවන් නිසා. කොල්ලෝ කවදාවත් කියන්නේ නෑනෙ "මචං අපි දෙන්නා toilet ගිහින් එන්න යමුද ?" කියලා

5. ජීවිතේට දැකලාවත් නැති කෙල්ලෝ දෙන්නෙක් toilet එකට ගියාම ඒ දෙන්නෙ ජීවිත කාලෙම දන්න යාලුවෝ දෙන්නෙක් වගේ එළියට එන්න ඉඩ තියෙනවා. ඒ කෙල්ලන්ගේ හැටි 

6. කෙල්ලන්ට තේරෙන්නේ නෑ කොල්ලෝ සෙල්ලම් බඩුවලට කැමති ඇයි කියලා, ඒ වුණත් කෙල්ලෝ දන්නේ නෑ කෙල්ලන්ට on/off ස්විච් එකක් තිබ්බනම් කොල්ලන්ට සෙල්ලම් බඩු ඕනේ නෑ කියලා

7. කෙල්ලෝ ෂැම්පූ ජාති තුනක්වත් සහ කන්ඩිෂනර් ජාති 2ක් විතර නාන්න ගියහම පාවිච්චි කරනවා, කෙල්ලෙක් නාල ඉවර වුනාට පස්සෙ බාත් රූම් එක පුරාම ඝර්ම කලාපීය වැසි වනාන්තරයක් වගේ සුවඳ ගහනවා, ඇයි ඉතින් ගාන ඔක්කොම දේවල් හර්බල් නේ

8. සාමාන්‍යයෙන් කෙල්ලන්ට පඩි ගෙවන්නේ කොල්ලන්ට වඩා අඩුවෙන්, ඒ වුණත් ඒක් තැනකදී ඒක වෙනස් වෙනවා, ඒකට තමයි මොඩ්ලින්ග් කියන්නේ

9. කෙල්ලෝ පූසන්ට ආදරෙයි, කොල්ලොත් ඉතින් කෙල්ලෝ ඉන්න තැන්වල කියනවා එයාලත් පූසන්ට ආදරෙයි කියලා, ඒ වුණාට කෙල්ලෝ නැති වෙලාවට කොල්ලෝ පූසන්ට ගහන්නේ පයින් 

10. කෙල්ලෝ ෆෝන් එකෙන් කතාකරන්න මාර ආසයි, ඇත්තටම ඒක එයාලගෙ සහජ හැකියාවක්. යාළුවෙක්ගෙ ගෙදර සති දෙකක් නැවතිලා ඉඳලා ගෙදර ආවගමන් වුනත් ඒ යාලුවා එක්ක ෆෝන් එකෙන් පැය තුනක් කතාකරන්න දේවල් කෙල්ලෙක්ට තියෙනවා

11. කෙල්ලෙක්ට කඩේ යන්න, ගස් වලට වතුර දාන්න, ගේ අතුගාන්න, ෆෝන් එකට ආන්සර් කරන්න, පොතක් කියවන්න, ඊ මේල් බලන්න කලින් ඒ ඒ වැඩේ සඳහා සුදුසු ඇඳුමක් ඇඳගන්න ඕනා. කොල්ලන්ට නම් ඔය ඕන එකක් කරන්න ඇඳුමක් විතරයි ඕනා

12. කෙටි පාරක ගිහින් අතරමං වෙයි කියන බයට කෙල්ලෙක් හැතැම්ම ගාණක රවුමක් ගහන්න වුනත් සූදානම්

13. කෙල්ලෙක්ට මැප් එකක් කියවන්න බැහැ මැප් එක තමන් මුහුණලා ඉන්න පැත්තට හරවගන්නේ නැතුව

14. කෙල්ලෝ හැමතිස්සෙම හිතන්නේ තමුන් හරිම මහතයි කියලා, කෙට්ටුම කෙල්ලෙක් වුනත් පුලුවන්නම් බර අඩුකරගන්න වේට්ස් කරාවි

15. කෙල්ලෝ කොල්ලෝ එක්ක සමතැන ගන්න කතා කරනවා, ඒවුණට පුදුම වැඩේ කියන්නේ අල්මාරියෙන් බාගයක් කොල්ලට දෙන්න, පාරට කුණුගෙනිහින් දාන්න, බුස් එකෙ ෆූට්බෝඩ් එකෙ යන්න වගේ අවස්ථාවලදි විතරක් එයාලට සමතැන එපාලුනේ.

16. ගමනක් යන්න ලැහැස්ති වෙනකොට කෙල්ලො ලෑස්තිවෙන්න පැය ගාණක් ගන්නවා, කොහොම හරි අන්තිමට ලෑස්තිවෙලා අදාල තැනට ගියාට පස්සෙ කරන්නේ අනික් කෙල්ලන්ගෙ ඇදයක් හොයන්න පරීක්ෂාවෙන් බලන් ඉන්න එක.

17. කෙල්ලෝ කොච්චර වෙන කොල්ලෝ දිහා හොරෙන් බැලුවත් කොල්ලට මීටර් වෙන්නෙ නෑ, ඒ වුනාට බොහොම කලාතුරකින් හරි කොල්ලා වෙන කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා කෙල්ලට අහුවෙනවාමයි.

18. කෙල්ලෙක්ට තැනකට ගියාම වෙන්න පුලුවන් චාටර්ම වැඩේ තමුන් ඇඳන් ඉන්න ඇඳුමම තව කෙල්ලෙක් ඇඳන් ඉන්න එකයි, කොල්ලන්ට ඕකේ ගාණක් නෑ, ඔයාල කවදාවත් අහලා නෑනේ කොල්ලෙක් කියනවා, "අයියෝ අන්න අරූ මගෙ ජාතියෙම ඩෙනිමක් ඇඳලා, මට නම් බෑ තවත් මෙතන ඉන්න කියල කියනවා " 

මෙය ගුනේ අය්යාගේ නිර්මානයක් නොව උපුටා ගැනීමක් බව පාථකයෝ කරුනාවෙන් සලකත්වා....