Monday, May 7, 2012

O+ වර්ගයේ වකුගඩුවක් බද්ද



සීදුව දබඩුරය අOක 175/C ලීපිනයේ පදින්චි ඒ ශ්‍රියානි මල්කාන්ති පෙරේරා (ජා. හැ. අ: 660991370V වන මාගේ ස්වාමි පුරුශයා නිහල් ෆොන්සේකා දරුනු වකුගඩු රෝගයකින් පෙලෙන බැවින් ඔහුට O+ වර්ගයේ වකුගඩුවක් බද්ද කිරීමට අවශ්‍ය බව මාලිගාවත්ත රෝහලේ විශේස වෙද්‍ය අනුර හේවා ගිගන මහතා නිර්දේශ කර ඇත මේ සැත්කම සදහා  රු ලක්ශ 15 ක් පමන මුදලක් වැය වන බව වෙද්‍ය වරුන් පවසා ඇත. මේ පිලිබද ඔබගේ කාරුනික අවදානය යොමු කොට ඔබගේ නොමසුරු ආදාරය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. 

දු.ක : 072-2182198
         011-2242631

Commercial Bank AC No : 8250069299


Saturday, April 21, 2012

ලෝකයේ ලොකුම බොරු හත


ලෝකයේ ලොකුම බොරු හත

(01) එදින කොතරම් ශීතලද යත් අදහා ගන්න බැරි දෙයක් මම දුටිමි. පෙරකදෝරුවන් දෙදෙනෙක් තමන්ගේම සාක්කු දෙකට අත දමාගෙන සිටි අයුරුයි...

(02) මාගේ බිරිද කොතරම් කැතද කියනවානම් මම කොහේ ගියත් ඇය සමග යන්නෙමි. එසේ කරන්නේ තනිව පිටව යාමට සිදු වුවහොත් ඇයට හාද්දක් දී සමුගැනීමට සිදුවන නිසා...

(03) පසුගිය ශීතෘතුව මොනතරම් ශීතද කියනවා නම් මගේ දත් රෑ එලිවෙනතුරු කට කට ගාමින් එකට ගැටුනා. හැබැයි ඒවා තිබුනේ මේසේ උඩ වීදුරුවකයි.

(04) මගේ බල්ලා පුදුම කම්මැලියි මිදුල උඩින් හාවෙක් දිව්වත් කම්මැලි කමට බුරන්නේ නැ. බලාගෙන ඉන්නවා අල්ලපු ගෙදර බල්ලා හාවට බුරන කල් බ්ල්ලා හාවට බිරුවාම මගේ බල්ලා හිස වනලා වැඩේ හරි කියලා හිමින් සැරේ ඔලුව වනනවා..

(05) පසුගිය සීත සෘතුව කෙතරම් උෂ්නද කියනවා නම් මගේ දෙනුන්ගෙන් මට ලැබුනේ පිටිකල කිරි..

(06) කිතුල්ගල පෙදෙස සුලo සහිත විය. එම සුලග දිනක් හදිසියේම නතරවූ විට සෑම දෙනාම හරහා වැටුනි..

(07) එදින උෂ්නත්වය දරන්න බැරි තරම් සිරිපාල තම ජනේල වලින් පිටත බැලූ විට ඔහුගේ බල්ලා බලලකු පසුපස පන්නා යනු දුටවා හොදින් බැලුවාම පෙනුනේ උෂ්නය නිසා දුවන්න අමාරුවට සෙමින් ඇවිද යන බලලා පසුපස ඇවිදිමින් යන බලලා පසුපස ඇවිදින් යන බලලා පසුපස ඇවිදිමින් එලවා යන බල්ලායා.

Tuesday, March 13, 2012

ඩොම් පටමO ඩොO, කරපටමO ටොO, ඉමිස්ගතන් හුම්..


ඩොම් පටමO ඩොO
අද ඔයාලට කියලා දෙන්න යන්නේ පරිසර දූෂනය අවම වෙන ආකාරයට පඩයක් අරින්නේ කියලා.. පඩ ගත්තහම පඩ කියන එක ටිකක් හරි මදි නිසා අපි පොඩි වාතයක් පිට කිරීම කියලා කියමු..පුද්ගලයින් වාතයක් නැත්නම් පඩයක් යවන ප්‍රදාන ආකාර තුනක් තියනවා ඒවානම්
01. මහා පඩ
02. මධ්‍යම පඩ සහ
03. සුලු නොහොත් ශුන්‍ය පඩ කියලා
මහා පඩ
මහා පඩ කියන්නේ බොහොම විශාලෙට සද්දෙට අරින පඩ මේවලට ඩෝO ගාන සද්දේ වැඩිපුර පිට වෙන නිසා මේවලට  ඩොO පටමO ඩොO කියලා හදුන්වනවා. සාමාන්‍යයෙන් මේ පඩ අරින්න ලොකු වෙහෙසක් දරන්න ඕනේ නෑ. ඉබේම යන පඩ විදියට මේවා හදුන්වන්න පුලුවන්.. බහුතරයක් දෙනා මේ පඩ වලට ගොඩක් ප්‍රිය කරනවා මොකද මේ පඩ අරින්නේ දිගු වැලක් විදියට තමයි. මෙහම මහා පඩ අරින අයට කියන විශේෂ නම තමයි ඩොOගා කියලා කියන්නේ..
මධ්‍යම පඩ
මේ පඩ වල සද්දේ ටිකක් මධ්‍යම ප්‍රමාන සහිතයි. ගබ්දය පිටවෙන්නේ හරියට කරපටමO ටොO කියනවා වගේ ඉතින් මේ පඩ වල සද්දේ මහා පඩ වලට වඩා ටිකක් අඩුයි. ටිකක් පරිසර හිතකාමී මේ අයට පොදුවේ හදුන්වන නම තමයි චූසා කියලා.
සුලු පඩ නොහොත් ශුන්‍ය පඩ
මේ පඩ වර්ගය ඉතාම සූක්ෂමයි. හරියට හොරෙන් කරනවා. වගේ මේ පඩය අරින කොට ටිකක් ඇඹරිලා බොහොම අපහසුවෙන් තමයි අරින්න ඕනේ.. සාමාන්‍යයෙන් කාන්තා උදවිය මේ ශුන්‍ය පඩ වලට ගොඩක් කැමතියි. මේවලට කියන්නේ ඉමිස්ගතන් හුම්.. කියලා මොකද මේක ටිකක් සOවේදී සහ හරි හුරතල් පඩයක් නිසා මෙහෙම යවන අයට පොදුවේ හදුන්වන නම තමා මානසිකා  කියන නම..

Monday, March 12, 2012

මහ සෙවලයා ඌ හදන්නේ අපේ සම්බන්දය නතර කරලා. ඔයාව මගෙන් උදුර ගන්න.

ආදරනීය සුදු නoගී වෙත ඉතාම ආදරයෙන් ලියමි. ඉතින් සුදු පැටියෝ සැප සනීප කොහොමද? මම නම් ඔයා ගැන සිතමින් කාලය ගත කරනවා. නoගි ඇයි ඔයා ඊයේ ස්කෝලේ ආවේ නැත්තෙ මම හරි පාලුවෙන් හිටියේ ඔයා නැති පාලුව නිසා මම ඊයේ දවල්ට කෑවෙත් නෑ රෑට කෑවෙත් නෑ. වතුර බිව්වෙත් නෑ.. මට ඔයා දකින් නැතුව එක මොහොතක් වත් මේ ලෝකේ ඉන්න බෑ. මට හිතෙන්නේ මේ ලෝකේ මවපු කෙනා ඔයාව මවලා තියෙන්නේ මටමයි කියලා. මට ඔයාව දකින් නැතුව එක මොහොතක් වත් ඉන්න බෑ... ඒකයි මේ වෙදනාව මට දරා ගන්න බැරි.. නoගී මට අට වසරේ අර සුපුන් කියන ප්‍රිපෙට් කාරයා කියනවා මේ සම්බන්දය නතර කලේ නැත්නම් ඌ මේක ප්‍රින්සිපල්ට කියනවා කියලා. ඌ මහ සෙවලයා ඌ හදන්නේ අපේ සම්බන්දය නතර කරලා. ඔයාව මගෙන් උදුර ගන්න. ඔයා උගේ ගැට වලට අහු වෙන්න එපා ඌ මහ නරක කෙනෙක් කියලා මට ආරන්චියි. මට ඒ ගැන හිතත්දිත් බය හිතෙනවා. අපේ ආදරය ඇත්ත නම් කාටවත් අපිව පරාද කරන්න බෑ..
නoගී මට ආසයි ඔයාව අතින් අල්ලගෙන ස්කෝලේ පිච්ච මල් ගහ වටේ කැරකි කැරකි හින්දි සින්දුවක් කිය කිය නටන්න. එතකොට අපි දෙන්න ප්‍රියන්කා නැන්දා රිතික් මාමාත් එක්ක නටනවා වගේ ෂෝක් එකට තියෙයි නේද? මම අපේ අම්මිටත් වැඩියේ ගොඩක් ඔයාට ආදරෙයි..මම ඔයාට දුන්න ලේන්සුව ඔයා අරන් ස්කෝලේ එනකොට මට පුදුම සතුටක් දැනෙනවා. ඔයා හතර වසරෙන් පහ වසරට පාස් උනාම මම හරියට සතුටු උනා. දැන් ඉතින් ශිෂ්‍යත්වෙට ලෑස්ති වෙන්න ඔයා ශිෂ්‍යත්වෙ පාස් උනොත් මම ඔයාට පෑනක් අරන් දෙන්නම් දැන් හොද බබා වගේ පාඩම් කරන්න. අපේ අම්මිත් දැන් ගෙදර එන වෙලාව. මම නවතිමි
මම ඔයාව ගොඩක් ආදරය කරන




........................
නිපුන් අය්යා

සැ. ‍යු:-යාලුවනේ පහත තියන වෙබ් ලින්ක් එකත් මගේ තවම ඒක ජනප්‍රිය නෑ. නමුත් මේකෙන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ලෙටර්ස් කොපි කර ගන්න පුලුවන් මේකටත් ගොඩවෙලා ඇඩ් එකක් ක්ලික් කරලා මටත් උදව්වක් දීලා යන්න කියලා ඉල්ලා සිටිනවා... ඇඩිස් මයි ඇඩිස් කියන තැනට යටින් ඇති..

මෙන්න ලින්ක් එක

බොහෙම ස්තුතියි
ගුනේ අය්යා 

Friday, March 9, 2012

කාන්තාවන්ට සැමියෙක්, බබාට පියෙක්, තාරුන්‍යට නොනිදන රැයක්, වැඩිහිටියන්ට සුරා ජයක්



ගරු සOගයා වහන්ස, පිය තුමනි, දරුවනි, දැරියනි, මා හිතැති රට වැසියනි..
2012.04.01 දින පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරනය සදහා නාම යෝජනා බාර දීමට මමද තීරනය කලෙමි..ජාතික නායකයකු ලෙසද ජාතිමාමකු ලෙසද විටක වෙඩි කෑ ඌරකු ලෙසද ජනතා හදවත් තුල සදා ලැගුම් ගන්නට සමත්වීම මම ලද බාග්‍යක් ලෙස සලකනවා.. තවද දගම් පාසල් ශිෂ්‍ය නායකයකු ලෙසද, ගමේ සුපතල චන්ඩියකු ලෙසද නායකත්ව කුසලතා මනාව ඔප් නOවා ගෙන තිබෙන මා දේෂපාලනයට පිවිසෙන්නේ බඩ වඩා ගැනීමට නොවන බව ඔබ හොදාකාරවම දන්නවා ඇති තවද කටුනායකට නව ජවයක් නිවහල් එලියක් ලබා දීමට බලා පොරොත්තු වෙනවා.. ගමේ සුරා පොල වැට්ලීමේ කාර්යයට උර දීම. සහ හොර සුරා ව්‍යප්ත වීම වැලැක්වීම සදහා ඒ සියල්ල මා නිවසේ සුරක්ෂිතව තැම්පත් කිරීම හා මාගේ පරිහරනයට ගැනීමෙන් ගෘහ ආශ්‍රිත ප්‍රෂ්න ගනනාවක් විසදීමට මට හැකි විය..
තවද මා පහත දෑ ඔබගේ අවදානය සදහා යොමු කිරීමට කැමැත්තෙමි
01. වසර 2 ක් ඇතුල තුල කුඩා ලමුන් 1221 ක් වඩා ගත්තෙමි..
02. වසර 5 ක් ඇතුල තුල වෙහෙර විහාර 84000 ගෙඩ නැගූ අතර ඒ අවස්තාවලදී මල් වට්ටි 840 පූජා කෙලෙමි...
03. වරින් වර පැවති දේෂපාලන රැස්වීම් වලදී ප්‍රතිවාදී දේෂපාලකයන්ට කරටි කැඩීමට පහර දුනිමි..
04. පාලම් බෝක්කු බඩවැටි බෝවිටි සහ නිවාස 100 ව්‍යාපෘතිය සදහා ඉහල නායකත්වයේ දෑත ශක්තිමත් කලෙමි..
05. වසර 30 ක් තිස්සේ පැවති දේෂපාලන යුද්දය තුරන් කොට ප්‍රතිවාදී අපේක්ෂකයා මෙලොවින් තුරන් කෙලෙමි..
06. ක්‍රියාශීලී අනාගත පරපුරක් දායක කිරීමට සක්‍රියව දායක උනෙමු.. කොටින්ම ජාතියේ ජාතක පියා වීමට හැකිවුනෙමි..
07. තාරුන්‍යට නොනිදන රැයක්, වැඩිහිටියන්ට සුරා ජයක්, කාන්තාවන්ට සැමියෙක්, බබාට පියෙක් යන වැඩ සටහන් තුලින් ග්‍රාමීය ජනතාවගේ සමාජීය තත්වය උසස් කිරීම තුලින් සමාජය තුල නොනැසෙන නමක් තබා ගතිමි

එබැවින් ඉහත කටයුතු සලකා බලා මාගේ ජනතාව සේවය අකන්ඩව පාරිශුද්දව පවත්වා ගෙන යාම සදහා ඉදිරි සය වසර සදහාද මා පලාත්සබාවට පත්කර සිටිමි. තවද මාගේ අවOක නිකැලැල් සේව‍යට ඔබගේ නිහතමානී ආචාරය හරකා ඉදිරියේ අO9 ඉදිරියේ ඔබේ බයානක කතිරය ගසා මා නැවත පත් කරන ලෙස ඉල්ලා සිටිමි..

මීට
ඔබේ අවOක සේවක


..........................
ගුණේ පුතා
(කටුනායකට යෝද ශක්තියක්)


.ලි ‍:- 
යාලුවනේ පහත තියන වෙබ් ලින්ක් එකත් මගේ නමුත් මේකෙන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ලෙටර්ස් කොපි කර ගන්න පුලුවන් මේකටත් ගොඩවෙලා ඇඩ් එකක් ක්ලික් කරලා මටත් උදව්වක් දීලා යන්න කියලා ඉල්ලා සිටිනවා... ඇඩිස් මයි ඇඩිස් කියන තැනට යටින් ඇති..

මෙන්න ලින්ක් එක

බොහෙම ස්තුතියි
ගුනේ අය්යා 

Wednesday, March 7, 2012

පස්චාත් බාගය ඉරා ගැනීම නොහොත් XXX ඉරා ගැනීම.



පස්චාත් බාගය ඉරා ගැනීම නොහොත් XXX ඉරා ගැනීම.
මේ කතාවත් අපේ ඔඩිට් කතාවක් දැනටමත් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ පුබ්බා ගැන මේ පුබ්බා ඉරා ගත්ත තවත් අවස්ථාවක් මේ හිවල් මොටත් නා ගන්නවා කියන එකේ සීමාවක් නෑ.. මේත් ඉතින් පුබ්බා ෂැම්පු ගාලා නාගත්ත තවත් රසබර ස්ටෝරි එකක්. ඔන්න අපේ ඔඩිට් ෆර්ම් එක ලොක්කා තමා රත්නපාල මහත්තයා හරි හොද මනුස්සයා උනාට ලිවු ගැනිලි නම් බොරු මොකද නිවාඩු දානවට මෙයා වැඩියේ කැමති නෑ.. ලමයි මේ රත්නපාල මහත්තයව හදුන්වපු කෙටි නම තමා රැට් නැත්නම් රැටා ඉතින් මේ නම ලමයි අතර හරි ජනප්රියයි.. අද මම රැට්ව හම්බ වෙන්න යනවා. මට රැටාට කියලා ලිවු එකක් ගන්න ඕනේ.. වගේ කතා ලමයින්ගේ කටවල් වලින් පිට වෙනවා..
ඉතින් පුබ්බටත් ලිවු එකක් ගන්න ඕන වෙලා පුබ්බා ඔපිස් එකෙන් පිට ඔඩිට් එකක මෙයාට ඕන උනා මිස්ට රත්නපාලගේ මූඩ් එක ලිවු එකක් ගැනීම සදහා සුදුසුද කියලා දැන ගන්න. පුබ්බා ගත්තා කෝල් එකක් ඔපිස් එකට ඇහිල්ලක් බැලිල්ලක් නෑ ඇහුවා මචO රැට්ගේ මූඩ් එක කොහොමද කියලා. අනිත් පැත්තෙනුත් හිනා වෙලා නෑ කිසිම ප්රෂ්නයක් නෑ මූඩ් එක හොදයි කියලා කිව්වලු..
කිසි ප්රෂ්නයක් නෑ පුබ්බා ගියා ඔපිස් එකට ලිවු චිට් එකත් ලියාගෙන ගියා රත්නපාල මහත්තයව හබ්බ වෙන්න ලිවු චිට් එක අතට ගත්තු රත්නපාල මහත්තයා ඇහුවලු පුබුදු රැට් කියන්නේ කාටද කියලා.. පුබ්බට හීන් දාඩිය, හීනියට දැම්මලුනෑ මේ කෙනෙක් මගෙන් ඇහුවා රැට්ගේ මූඩ් හොදද කියලා මම කිව්වා ඔවු කියලා කියලා රත්නපාල මහත්තයා කිව්වලු..
කලබල වෙච්ච පුබ්බා ඇහුවලු අප්පට හුඩු මිස්ට රත්නපාලද කියලා... ඔන්න ඔහොම තමා පුබ්බා පස්චාත් බාගය ඉරා ගත්තේ පැනලා දීලා..    


සැ. ‍යු:-යාලුවනේ පහත තියන වෙබ් ලින්ක් එකත් මගේ තවම ඒක ජනප්‍රිය නෑ. නමුත් මේකෙන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ලෙටර්ස් කොපි කර ගන්න පුලුවන් මේකටත් ගොඩවෙලා ඇඩ් එකක් ක්ලික් කරලා මටත් උදව්වක් දීලා යන්න කියලා ඉල්ලා සිටිනවා... ඇඩිස් මයි ඇඩිස් කියන තැනට යටින් ඇති..

මෙන්න ලින්ක් එක


බොහෙම ස්තුතියි
ගුනේ අය්යා