Friday, July 29, 2011

අනේ මලේ මම එක එක ජාතියේ මේකවල් නම් දැකලා තියනවා හැබැයි ඔය රාමු කරපු එකක් දැක්කමයි.


අපේ ගමේ ටිකක් විතර වයසක බුවෙක් හිටියා. ජාතක කතාවම පොතක ලියලා තියන ඉතාම වටිනා කියන සුනක පෝතක රාජයෙක් ඇති කලා. ඉතින් ගමේ මහ උජාරුවට මේ බුවා බල්ලවත් අරගෙන උදේට හවහට ජොගින් එහෙම කලා. මේ බලු නාම්බගේ නම තමයි. මේකර් (Meker) ඉතින් දවසක් මේ බ්ල්ලෝ දෙන්නා ගියා ගගට නාන්ට කියලා. මේකර්ව නාවපු අපේ බුවා එයාව වේලෙන්න පැත්තකින් තියලා. ඔක්කොම ඉවත් කරලා පැන්නා (පැකින් කඩලා උපන් ඇදුම පිටින්) ජබොo ගාලා පැන්නේ නැතෑ ගගට මේ වැඩෙන් කුලප්පු වෙච්ච මේකරුත් පන එපා කියලා. දිව්වේ නැතෑ ආතක් පාතක් නොබලා ගම හතර වටේම. දැන් ඉතින් ස්වාමියට මල බලු නාම්බා දුවනවා. ස්වාමි බුවත් දඩින් බිඩින් ගාලා තුවාය පටය පටලෝ ගෙන බල්ලා පස්සේ පන්නනවා. අනේ ඉතින් ටික දුරක් යනකොට මේ අoකල් බුවගේ තුවාය පටය ලිහුනා මේක නොදන්න බුවත් මේක මේක කියකිය දුවනවා බල්ලා පස්සේ ඔහොම දුවන කොට කෙල්ලෝ සෙට් එකකට මැදි උන බුවා අoකල් අනේ දුවාලා මගේ මේක දැක්කද? කියලා ඇහුවලු. කෙල්ලේ සෙටි එක අoකල්ට කුඩ, ඉලපත්, මල්ටි බැරල්, පාරවල් කීපයක් දීලා සලකලා තියෙනවා අපිට මේකා මේක පෙන්නන්න ආවා කියලා. මුසලය, හිවලා, ඇට ගෙම්බා, ගොලු බෙල්ලා, තිලාපියා, හකු දිග රිලා මොටා කියලා කියන ගමන්..) කාරනය වටහා ගත්තු අoකල් බුවා කාරනය තෙරුම් අරගෙන ලග පාත තිබුන බේසමකින් වටිනා කියන දේවල් කවර් කරගෙන ආය දිව්වා මේකර්ව හොය හොය.(වටිනා බල්ලනේ ඉතින්) ඔහොම යනකොට මෙන්න ඉස්සර හට එනවා වයසක පහේ ගෑනු කෙනෙක් හතිදාගෙන ආපු බුවත් මේ ගෑනු කෙනා දිහා බලලා අනේ සිරිපිනා අක්කේ ඔබතුමියවත් දැක්කද මගේ මේක කියලා ඇහුවලු. උඩ ඉදලා පහලට දෙතුන් විඩක් මේ විජ්ජුම්බරය බලපු සිරිපිනා හාමිත් අනේ මලේ මම එක එක ජාතියේ මේකවල් නම් දැකලා තියනවා හැබැයි ඔය රාමු කරපු එකක් දැක්කමයි.
බැලින්නම් බේසමේ රවුම විතරයි මැද තිබිලා නෑ. මේ බුවට ගුනේ අය්යලා තවම කියන්නේ රාමු කරපු මේක කියලා

Thursday, July 28, 2011

මේ ටික හිතට ගන්න........


විනාශ නොකල යුතු කාරනා තුනකි..
කාලය- මුදල් - ශක්තිය

පිටුපෑ යුතු කාරනා තුනකි...
කම්මැලිකම- වාචාල කම- ඉක්මන් තීරන

සුරැකිය යුතු කාරනා තුනකි......
හොද පොත්- යහගුන- හොද මිතුරන්

පාලනය කල යුතු කාරනා තුනකි......
ආසාව- කට- කෝපය

අගය කල යුතු කාරනා තුනකි......
නුවන- යහගුන- නිදහස

ආදරය කල යුතු කාරනා තුනකි......
ආදරය- සොබාදහම-සදාචාරය

Tuesday, July 26, 2011

මුව අයා, දත් විලිස්සා, දිව අල්ලා, හොකු පුම්බා, දත් හපා බඩ අතගා, නලල රැලි ගන්වා, ඉල පහරවා, නහර උලුප්පා

සිනාව මෙසේ නම් වේ...
සිනාව පැනි මෙන් සුමිහිරි වුද, මල මෙන් සුන්දරවූද, රල මෙන් ආනන්ද ජනක වූද, සද මෙන් ප්‍රියන්කර වූද, සියලු ලෝක සත්වයා විසින් මහා අනර්ඝ ලෙස සලකන්නාවු වස්තුවක් වේ.
හිනාව මනා ලෙස කරන කල්හි එය මනා සිනාවක්ම වෙයි.
   දත් කැකුලු පාලා..
   සුරතල් සිනා සීලා...
   බොලද බස් දීලා...
   කෙලී සියොලග දූලි නාලා...
කාව්‍ය ශේඛර පද්‍යාවලියෙහි ශ්‍රී රාහුල හිමියන් විසින් බිලිදු සිනාව එලෙස දන්වා ඇත.
තවද සමහර දේෂපාලක උත්තමයන් ඡන්දය දුන් ඡන්ද දායකයන්ට කොකා පෙන්වා සිනාවෙන විට ගුනේ අය්යාට එයට කොක් හඩලා හිනා යයි..
තවද කාන්තාවන් අතර කැකිරි පලා සිනාසීම ප්‍රචලිතය. ඒ ලිද ලග සoගමය රැස්වූ විට ඕපයක් සොයා ගෙන එය මාධ්‍යට නිරාවරනය කරන් විට සොපි අක්කා ඇතුලු අගනුන්ට ඇති වන්නේ කැකිරි පලා සිනාසීමකි.
තවද කඩමන්ඩියේ ඇතිවන සිනාද සුලු පටු කොට සැලකිය නොහැකිය. සමහර ගමේ ගොඩේ උදවිය කරන කියන දෑ වලට බඩ අල්ලාගෙන සිනාසීමටද බැරිය...
තවද නොයෙක් නොයෙක් ආකාර රූපදිය දක්වා කරන හිනාවන් ඇත. මුව අයා, දත් විලිස්සා, දිව අල්ලා, හොකු පුම්බා, දත් හපා බඩ අතගා, නලල රැලි ගන්වා, ඉල පහරවා, නහර උලුප්පා, කරන්නාවූත් හිනාවන් ඇත.
තවද සිනාව පිටකරන ආකාරය අනුවද නෙක නෙක හිනාවන් ජනනය කල හැක. සමහරක් හහ්...හහ්...හා කියා සිනසෙන විට තවත් අයෙක් හිහ්....හිහ්...හී.. කියා සිනාසෙයි. හොහ්...හොහ්..හෝ ලෙස ගොඩ නැගෙන සිනාව හික්...හික් ..හී ලෙස අවසන් කිරීමට සින්හලයා සමත් වී ඇත.
තවද කෙල්ලක පිටුපස යන ගැටවරයකුට ඇත්තේ මනමාල හිනාවය. ගැටවරයා තම ආලවන්ත කම ප්‍රකාශ කලවිට ගැටිස්සියට ඇති වන්නේ මන්ද   ස්මෘතිය හෙවත් මද සිනාවය. එය හොර හිනාව ලෙසද හැදින්විය හැකිය. ඇය ගැටවරයා හා එකගවේ නම් ගැටිස්සියගේ හිසේ මලක් පිපී ඇති වන්නේ මල් සිනාවය. එය මල් මල් හිනාව ලෙසද ප්‍රචලිතය.
ඉහත මෙකී නොකී හිනාවන්ට වඩා මහා අනර්ඝ හිනාවක් ඇත. එය හතර හිනාවය. තරුන තරුනියන් අතර මදන හිනාව, මනමාල හිනාව, හීO හිනාව, පමනක් නොවේ. ගිරිය කඩාගෙන දක්වන සිනාවද අන්තර්ගතය.
තවද පුරාන ආචාර්ය වරුන්ගේ මතය නම් සිනා නොමසෙන් දසන් දක්වා යන්නයි. නූතන ශ්‍රී ලාoකිකයන් පරීක්ෂන පවත්වා සොයාගත් තවත් අපූරු හිනාවක් ඇත. ඒ පස්චාත්භාගයෙන් සිනාසීමයි.
මෙනයින් බලන විට ඕනෑම අයකුට සිනාසීමට හැකි හිනාවක් ඇත. ඒ නම් මෝල් හිනාවයි. මොලේ ඇති නැති ඕනෑම මෝල් වහන්සේ කෙනෙකුට වුවද මේ මෝල් හිනාව වැටහෙනු ඇත.....

Monday, July 25, 2011

''ගෝල්ඩ් ෆිෂ්ගේ බ්ලොග් ටැOකිය'' සොරා ගන්න ''රත්ගමයා'' එය ''කලුවර අඩවිය'' වෙත ගෙන ගොස් දමයි.


"හිම කුමාරි" පුOචි අසරන කෙල්ලකි. "පන්සල් හන්දිය" අසල ඇගේ නිවස පිහිටා ඇත. ඇය වැදගැම්මකට නැති ''චාටර් කොල්ලා'' සමග හාදකමක් ඇති කර ගනී. ''ගුනේ අය්යා'' කොපමන ගතු කීවත් ඈ එය මායම් නොකලේ ''නාකි විකාර'' යැයි කියමිනි. ඔවුන් ''ගොනයි මීමයි'' සේ නොපෑහෙයි.
ඇගේ අදහස වුයේ ''චාටර් කොල්ලා'' සමග එක්තැන්වී ''බ්ලොග් ගඩොල්'' වලින් නිවසක් තනා ගැනීමයි
නමුත් ''චාටර් කොල්ලා'' ''සූස්ති ගුනේ'' සමග ''ගුනේගේ තිප්පොලට'' යන
එන බව ''රත්ගමයා'' දකියි. ඔහු ''බ්ලොග් මල්ල'' ලිහා ''චාටර් කොල්ලා''ගේ ''සායම'' අරියි.
මේ ගැන දැන ගන්නා ''හිම කුමාරි'' ''චතූගේ පිටුවේ'' පෙලෙන ''ජීවිතයෙන් බිදක්'' ''කුරුටු ගී'' කර ''චාටර් කොල්ලා''ගේ ''ආදරනීය නවාතැනට'' යවයි. මේ අතර ''මාරයගේ හෝරව'' එලබෙයි. ''චාටර් කොල්ලා''ට අයත් ''ගෝල්ඩ් ෆිෂ්ගේ බ්ලොග් ටැOකිය'' සොරා ගන්න ''රත්ගමයා'' එය ''කලුවර අඩවිය'' වෙත ගෙන ගොස් දමයි. ''චාටර් කොල්ලාට''' ඉවසුම් නැති වෙයි. ඔහු ''සෝරෝ'' සමග ගොස් ''රත්ගමයාට'' පහර දී ''රත්ගමයාව'' ''ඇට මැස්සාගේ අඩවියට'' පන්නා දමයි.
මේ සිද්දියෙන් පසු ''මතවාද'' වෙනස් කර ගැනීමට ''චාටර් කොල්ලා'' උත්සාහ කරයි. ඔහු ''සිප්සල'' වෙත ගොස් ''තොරතුරු තාක්ෂනය සිOහලෙන් හදාරයි''
මේ අතර ''හිම කුමාරි'' ''චුටි මල්ලී'' සමග ''ජෝතිෂ්‍ය ලOකා'' වෙත යන්නේ කේන්දරය බලා ගැනීමටය. එහිදී ''දිවිය පුරා'' ''ආදරනීය නවතැනක'' නැවතීමට හැකි බව පැවසේ. මේ බව ''හිමකුමාරි'' ''බුවා'' අත ''චාටර් කොල්ලාට'' දන්වයි.
''චාටර් කොල්ලා'' ''101 වන පන්තියේ'' දුම් රිය මැදිරියකින් ''දේදුනු පාලම'' වෙත පැමිනෙයි. ''මගේ සද'' කියමින් ''බිගු නද'' පතුරුවා ''මකරන්දයක්''  මෙන් ''හිම කුමාරිව'' සිප ගනියි
උන්ගේ "වෙලාව ලගයි"....
''ගුනේ අය්යා'', ''පූසා'' අත්පුඩි ගසයි..........

Sunday, July 24, 2011

ශක්‍ර මුත්තාට පොට කැපීමට දරමිටිය බඩේ බැදි චිoචී


ගැහැනිය මේසේ නම් වේ.....

ක්‍රිස්තුස් වහන්සේ විසින් වැරදීමකින් ආදම්ගේ ඉල ඇටයක් කඩා බිහිකල, එපා කියන දේම කර තහනම් ගහේ ගෙඩි කා දෙවියන්ටද කොකා පෙන්වු, බුදුහිමි පරාජයට සපැමින බලි තොවිල් නටා නොයෙක් ආල වට්ටම් දැමූ තන්හා, රතී, රගා, ශක්‍ර මුත්තාට පොට කැපීමට දරමිටිය බඩේ බැදි චිoචී, ජසයාට කිට්ටුවු නොoචි, සාමවතියට පාට් එක දැමූ මාගන්දි, සාලිය රජුට රජකම අහිමිකල අසෝක මාලා., රාමාට දස වදදී ලoකාව විනාශ කල සීතා, ලපේ නිසා දස්කොන් ගස් යවා ගද ගැස්සවූ ප්‍රමිලා, කුස රජුට අලි බෙටි වලින් සoග්‍රහ කර වලo හේදවූ පබාවතී, ස්වාමියන් හතක් මරා රජකම් කල අනුලා යන මෙකී නොකී චරිත වලට පන පොවා ඇනගත්
රෙදි, හැට්ට, ගවුම්, චීත්ත, සාරි, බ්ලවුස්, කිමොනා, සල්වාර්, කකුල් දෙකේ කලිසම් ඇද හෝ නොඇද මාර‍යාට පිරිමියා ලoකරන.
චේන්, මුදු, මාල, කරබු, ඔරලෝසු, හැබිලි, පනා, හවරී, ඝන්ටර එල්ලා ගෙන පිරිමියාගේ සේසතම ගසා කන
ස්ටේර්ට්, රීබොන්ඩින්ග්, රීවයින්ඩින්ග්, ටින්ට්, ගොක් කොල, පොල්කොල, පොල්මල් යනාදියෙන් හිස සරසා ගන්නා.
උකුලු, මුකුලු, කැකුලු, කොමල, ස්වීට්, සුරතල්, කෙප්ප කෙලිමින් හැට හතර මායමින් පිරිමි වසගයට ගන්නාවු.
නීල, පීත, ලෝහිත, oජේස්ථ, ප්‍රභාශ්වර, යන නෙක නෙක පැහැයන් ගෙන් තොල අදුන් ගාන්නාවු,
සිසිවන උවන ඉග සුග ගත හැකි මිටින.... නිසි පුලු ලුකුලරිය සකයුරු තිසර තන.....ඇසිපිය හෙලන නිසා යකගන නොවන... එහෙත් බයිලා නිසා අල වෙන, හැදි මිටේ නුවනින් ලොවම එලිය කරන, මුහුනේ රැවුල නොවැවෙන, නැකපුට වීමෙන් පුරුශයන් සලෙලුන් කරන සෑම අපරදයකටම, කුමන්ත්‍රනයකටම, සමූල ඝාතනයකටම, විනාසයකටම මුලින්ම සිටින සoකර වර්න උරචක්‍ර මාලා විශේෂයකි.


සැ.‍යු:- ගුනේ අය්යාගේ පවුලේ අය, වෙබ් අඩවිය නරඹන අය, ගුනේ අය්යාගේ නෑදෑ හිතවතුන්, හිතවතියන් වන අය හා ඔවුන්ගේ පවුල් වල ගැහැනු උදවිය ඉහත සදහන් නිර්වචනය අදාල නොවන බව පාථකයෝ කරුනවෙන් සලකත්වා....