Friday, July 1, 2011

උර්දවපතනය කරගත්තු සිරා සුරා....


සුරන්ග කියන්නෙ ගුනෙ අය්යාගෙ ගජ යලුවෙක් ඌව අපි ආදරෙන් හදුන්වන්නෙ කූඩු.....කූඩු..... කියල ඉතිත් උගෙ සීන් එකක් තමයි ඉගාවට කියන්නෙ මෙකත් ගල්බොරලු ඇරලා ගන්න නමුත් ඉතින් මඩ්ම නෙමෙ. සුරන්ග ගියා දවසක් POLICE  STATION එකට අනෙ හොර වැඩක් කරලා නෙමෙ. චරිත සහතිකයක් ගන්න.අනෙ ඉතින් අපිනෙ දන්නෙ උගෙ චරිතෙ ගැන. එවයින් වැඩක් නැහැ අපි කතාව අහමුකො.....
පොලිස් නිලදාරියා : තමුන් මොකටද?
සුරන්ග               : සර්, චරිත සහතිකයක් ගන්න.
පොලිස් නිලදාරියා : ඔහොම ට්කක් ඉන්නවා,
පොලිස් අන්කලුත් ටිකක් සැරෙන්  ඔලුව එහෙම අතගලා කිව්වා. මෙ අතරෙ අල්ල ගත්ත හොරු සෙට් එකකුත් පොලිසියෙ හිට්යෙ කූඩුවට යන්න ඇගිලි ගැන ගැන අනෙ අපෙ කතා නායකයත් ඉතින් මෙසෙට් එකට වැටුනෙ නොදැනුවත්ව.
පොලිස් නිලදාරියා :හරි දැන් තමුසෙලා කුඩුවට යනවලා.
කිව්වා විතරයි සුරන්ග කුඩුවට ගිහින් දොරත් වහගත්තෙ නැතැ.
පොලිස් නිලදාරියා :තමුසෙට කවුද කුඩුවට යන්න, කිව්වෙ කියලා ඇරියෙ නැතැ කනේ පාරක්. අනේ අසරනයා ඌට උර්දවපතනය උනපාර  කන අත ගගා ගෙදර දිව්වලු චරිත සහතික එපා කියලා.

චූටී බුවගේ..චූටි චූ පාර.....

කෝල් ඔප් නේචර්...
මේක තිලිනයට වෙච්ච දෙයක්, අපේ සෙට් එකේ තවත් හොද හිකනලෙක් තමයි. තවම කටේ කිරිසුවද ගිහින් නැහැ. එ උනාට පට්ට පච බෙබා කෙනෙක් තමයි. දවසක් ගියා මෙයා පාටියකට දන්නවනේ ඉතින් කටේ තරමට වැඩ නැහැ කියලා අරක්කු මුඩි දෙකක් ස්මෙල් කරපු මෙයට හොදටම වෙරි කබර ගොයි, තලගොයි, විතරක් නෙමේ කිබුල් පැටවුත් මෙයගෙ කටින් එලියට ආවෙ ෂොට් එකේ සැරට කියලා තමයි කියන්නෙ.  ඊට පස්සෙ හතර ගාතේ දාගත්තු මේ මල්ලියාව නැගිට්ට වන්න බැරි තැන මෙයාව නිදි කෙරෙව්වෙත් බොහොම අමරුවෙන් ජාතක කතා Stories  ගොඩාරියක් කියලාලු. කොහොම  කොහොම  හරි නිදාගත්ත මල්ලියාට වෙරි මරගාතෙම පොඩි චූ බරක් හැදිලා, ඉතින් වෙනදා පුරුද්දට මල්ලිත් දොර ඇරලා  බර සැහල්ලු කරලා දොයියගෙන තියනවා... පවු අහින්සකයා... හරි ස්විට්.... උදේ නැගිටලා මෙයා යන්න ලැස්ති වෙනකොට කාමරේ අතුලෙන් මුත්තරා සුවදක් වහනය වෙනවා. මේක යාලුවටත් ආරන්ච් වෙලා. යාලුවත් පොඩ්ඩක් සර්ච් කරලා බලලා තියනවා. සුවද වහනය වෙන ස්පොට් ගැන අල්මරියත් ඇරියේ නිකමට වගේ, හපොයි ගදේ බැ. අල්මරියත් හරියට Air freshners දාපු නැති වොශ් රූම් එකක් වගේ. මේ හිවලා චූ කරලා තියෙන්නෙ අල්මාරියටනෙ. යාලුකම පැත්තකින් තියපු යාලුවා මූව ගෙදර යවලා තියෙන්නෙ රෙදි ටික ඔක්කොම හේදුවයින් පස්සෙලු.

1 comments:

චාටර් කොල්ලා said...
:) ඕක තමා කියන්නෙ මූඩියක් පෑගුනත් වෙරි කියල :)

Wednesday, June 29, 2011

බලද්දි මේ යකා ජොකෙක් දාලා ඉදලා නැහැනෙ....

බූරුවා ගහන එක ලන්කාවේ තියන ජන(අප්‍රියම ) ක්‍රිඩාවක්නේ ඉතින්.මේ කතාව බූරු ගහපු අපේ uncle කෙනෙක් ගැන. අපේ එරියල් එකේ ඉන්න බූරු රජා තමයි මෙයා. හරි අහින්සක විදියට උපරිම සාදාරන විදියට තමයි බූරු ගැහුවෙ. බූරු ගැහීම කියන්නේ ඉතින් ලන්කාවේ පනතකින් නීතීගත කරපු, බවුද්ද අබවුද්ද ජාති බේද ආගම් බේද මුකුත් නැති සිරා ක්‍රිඩාවක්නෙ.ආගිය කතා පැත්තකින් තියලා කතාව අහමුකෝ ඉතින්. අනේ ඉතින් වෙනදා වගේම සෙට් එක එකතු කරගත්තු අපේ මේ Uncle  බූරුවා බූරු ගහන්න පටන් ගත්තා. හැබයි ඉතින් ආරක්සාවටත් පියවර අරන් තිබුනේ. වැඩේ ජයටම යනවා. සද්ද බද්ද නැති පොලීසියත් මේ අතර වඩේට එන්ටර් උනේ පගාව ගන්න අදහසින් නම් නෙමේ. කොහොම කොහොම හරි එකෙක් දෙන්නෙක්ව ආන්ඩුවෙ බෝඩිමට යවන්න. රාලහාමිලා, දෙතුන් දෙනෙක්ව කුදලාගත්තෙ කිසිම අනුකම්පාවක් නැතුව, කෙසේ වෙතත් අපේ කතානයකයා නම් පන එපා කියලා කම්බි වැටවල්, බඩවැටි, බෝවිටි , මෙකී නොකී වනදුර්ග ගිරිදුර්ග පසුකරමින් නියම රනක් දුන්නා. බැරිම තැන ගෙදරකට පැන්නේ හැන්ගෙන්න බලාගෙන අපොයි ගෙදර ගෑනි ටැන්කිය පුරෝගෙන නාන්න හැදුවා විතරයි. බූරු අන්කල්ට ගනදෙවි නුවන පහල උනා.  මෙන්න බූරු අන්කල් සරම පන්නලා නාගෙන නාගෙන යනවා. හරියට අවුරුදු ගානකින් නානවා වගේ ගෙදර ගෑනි බය වෙලා කෑගැහුවෙ නැතැ. බුදු අම්මෝ??!! කියලා. බලද්දි මේ යකා ජොකෙක් දාලා ඉදලා නැහැනෙ ඉතින් තුන් සූත්‍රයම එලියෙ. කාට කියන්නද වැරදි දෙකයි බූරු ගැසීම, ගැනුන්ට...........පෙන්නීම මාස ගානක් කූඩුවේ හිටියා කියලා තමයි අරන්ච් උනේ.

Tuesday, June 28, 2011

ත්‍රි ඉඩ්යට්ස්......

ගුනේ අය්යාගේ යාලුවො තුනක් ගැන තමයි. මේ කතාව එකෙක් ආට්ගල, අනිකා පේශල අනිකා නිලේන්ද්‍ර. මුන් තුන් දෙනා එකතු උනොත් අල්ලපු ගෙදර කක්කුස්සියක් කඩල හරි ගද ගස්සනවමයි. ඉතින් දවසක්  මේගොල්ලො ගමනක් ගියා. ගමනක් කිවෙ කොලොම්තොට සිරි නරබන්න හරිය...........
ගoගාරාමය, වරාය,........ මෙකී නොකී තැන් නරබපු මෙයාලා විහාරමදේවි පාක් එකත් වැද ගත්තෙ සාදු සාදු කියලා?! ඔහොම යනකොට ලාවට පොඩි බඩ ගින්නක් ආපු නිසා ලගම තියන හෝටලයට ගියා කැමට, වේටර් මෙනු එකත් අරගෙන ආවෙ නැතැ මල කෙලියයි.  මේවා ඔක්කොම කඩ්ඩෙන්නෙ. කොහොම කොහොම හරි බාශා ප්‍රශ්නෙත් විසදගත්තු අපේ වසලයො ටික චිකන් ප්‍රයිඩ් රයිස් දෙකයි බිරියානි එකයි ඔඩර් කරල තියනවා. කන ගමන් මෙයාලා Bill එකත් හැදුවේ ඇඩම් ස්මිත්ලා, දිසාපාමොක්ලා, අය්සැක් නිවුටන්, වගේම ගූනෙ අයියා වගේ මහා ගනන්කාරයෝ ගැන මතක් කරන ගමන්ලු........
(උපකල්පන මත ගානට තිතට රුපියල් 1,400.33 බිල හදපු මෙයාලා වේටර්ට  ශත  0.67ක්ම වෙන් කරේ. උගේ සේවාව ගැනත් හිතලාලු.)........
කෑම කාපු සහෝදරයෝ ටික වෙටර්ට බිල ගේන්න කිව්වෙ මහ උජාරුවටලු. වේටරුත් බිල ගෙනාවා. ගාන රු 10,237.63 බිල දැක්කහම අපේ තුන් පත් රැනගේ ඇස් ගෙඩි අල ගෙඩි සයිස් වෙලා, මයිල් ස්මයිල් වෙලා, බඩ බුරුල් වෙලා, කකුල් ටක ටක ගාන තත්වෙට පත් උනාලු. එ මදිවට ආරන්ච්යේ හැටියට ගුටි නොකා ඇටකටු ටික බේරගත්තත්, හෝටලේ පිගනුත්, ටොය්ලටුත් හේදුවා කියලා තමයි කියන්නේ.

ගරු සතර වරම් දෙවිවරුනි


එක් දවසකැ ගුනේ අය්ය රාත්‍රි කාලයේ සීමහල් කවුලුවෙහි හුදකලාව හැසිරෙන්නේ‍යැ. සලකුනු නොදැන යන පොරවල් දෙකක් දැක...
තොපි කවරෙහිද????!!!! හුදකලාව මේ මැදියම් රැයෙහි කොහි යෙහිදැයි ගුනේ අය්යා ඇසීය. ඉක්බිතිව රාත්‍රියෙහි සන්චාරය කරන මුන් ඩබල තුස්නිම්බූතව ගොස් එම්බා නර පනුව අපි ගුනේ සොයා දෙව්ලොව සිත ආවෙමු යයි තෙපලීය. තවද මා මාතලී වන්නෙමි. මේ දෙදෙව්ලොවට අදිපති ශක්‍ර දේවෝත්තමයා යයි ගාම්ඹීර ලීලාවෙන් පැවසීය.
තොප සොයන ගුනේ නම් මම වෙමි කවර අබිප්ප්‍රයක් සදහා මා කරා ආවුද? ගුනේ අය්යාද දේව භාෂවෙන්ම දෙවි ඩබලට ටෝකක් දුන්නා ඈ
කාරනය නම් මෙය වෙයි තාගේ ගුනේ අය්යාගේ සාටරය දෙව්ලොව අනෙක් නාලිකා අභිබවා ජනප්‍රියවී ඇත්තේයැ.. සුදොවුම් සබාවේ බොහෝ බිනුම් ඇත්තේයැ..මාගේ ශක්‍ර පැටියාගේ සිට ..සතර වරම් දෙවිවරු දක්වා තොපගේ සාටරයෙන් කුල්මත්වී ඇති අතර මාද ඉදහිට තොපගේ සාටරය හොරෙන් බලමි.
එබැවින් කාරනය නම් මෙයැ වේ මා ඉදිරී සයවසර සදහාද ශක්‍ර පදවිය සදහා නාම යෝජනා බාර දුනිමි. එබැවින් ඉදිරි චන්ද ව්‍යපාරය සදහා ඇඩ් එකක් දමා ගැනීමට ආමී....ශක්‍ර තොමේ පැවසීය.
මම ඔය දේෂපාලන ඇඩ් දාන්නේ නැහැ..ගුනේ අය්යා තදින් කීවේය...
ශක්‍ර තොමෝද ගුනේ අය්යාට දන්ඩ නමස්කාරය කරමින් හඩමින් වලප්පමින් පෙරැත්ත කල නිසා ඇඩ් එක දැමීමට තීරනය කලේය.
ඉතින් ඔන්න ඇඩ් එක ක්ලික් කරලා ශක්‍ර දෙය්යන්ටත් සපෝට් එකක් දෙන්න හොදද.....(පවු අහින්සකයා පින් ඉවර වෙලාද කොහෙද?)

මෙන්න ඇඩ් එක
…………………………………………………………………………………………….
සියලු දෙනාගේම දැන ගැනීම පිනිසයි
ගරු සතර වරම් දෙවිවරුනි, මහේශක්‍ය දෙවිවරුනි, දෙවිවරුනි, නරපනුවනි....
දෙදෙව් ලොවට අදිපති ශක්‍ර දේවෙන්ද්‍රයානන් වහන්සේ ඉදිරී මැතිවරනය සදහා ශක්‍ර පදවිය සදහා නාම යෝජනා භාරදී ඇති අතර පසුගිය සය වසර පුරා ඔහු තවුතිසා බවන බ්‍රහ්ම ලෝකයක තත්වයට පත් කිරීමට කටයුතු කර ඇත.

ඔහුගේ  පාලන කලය තුල කල කී කටයුතු සැකෙවින් මෙසේය
01. දෙවිවරුන්ගේ යහපත වෙනුවෙන් කිරි මුහුද දෙවරක් කැලඹවීම
02. සුර අසුර යුද්දයේදී අසුරයන් පරාජයකොට දෙවුලොවට සාමය උදාකර දීම.
03. කල්ප වෘක්ෂ 1000ක් දෙවුලොව පුරා රෝපනය කිරීම.
04. සුරබිදෙන ජාන තාක්ෂනය තුලින් දෙමුහුන් කිරීම.
05. Etc ........
මෙම නිසා ඉදිරි මැතිවරනයේදී සුරබි දෙන ඉදිරියේ කතිරය ගසා ශක්‍රයාට සපෝට් එකක් දෙන්න.

ස්තුතියි...
මෙයට ශක්‍ර දෙවියෝ (LLB, ACA, MAAT, දේව බන්දු, දේව ශක්ති )

…………………………………………………………………………………………….

සැ.යු:- මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් නොවන බව කරුනාවෙන් සලකන්න

Sunday, June 26, 2011

දෙරන තුල තුඹසයා

ගුනේ අයියා ඉතින් සති අන්තය යොදා ගන්නේ සුබ වැඩ වලටනේ. ඉතින් එක්තාරා  සුබ ඉරිදාවක මවු තුමිය එහෙම නැති සුබ මූර්තයක් එහෙම බලලා අවතුදුස්වක තිතියෙන් බාලව කරනයෙන් උතුරු දිසාව බලලා දකුනු කකුල තිබ්බා විතරයි. ටොමියා කම්පට ගහලා අචාර කලා. නෙදකින් මූටත් ඕන නැති ජිල් බෝලයක් නැහැ. බල්ලගේ හත් මුතු පරම්පරාවම මතක් කරපු ගුනේ අයියා ඒ බල්ලන්ට පින් දුන්නේ ටොමියා වගේ බුරු බල්ලෙක්ව ජාතක කරන්න ලබා දුන්න දායකත්වය ගැන කුතක්නතාව පල කරන ගමන්, ඌත් පාරට ගිහිලා අන්ඩ උස්සලා ගුනේ අය්යටත් කුතක්නතාව පල කරන්න අමතක කලේ නැහැ.
ගුනේත් ඉතින් පාරට බැස්සේ ටොමියගේ සාටරේ ගැනත් හිත හිත. මලා මේ එරා මලයා නේද? එරා කියන්නේ ගුනේ අය්යාගෙ ඕනම වැඩකට ඉරාගෙන බකප් එක දෙන  සිරා පොරක් තමයි. ගුනේ අයියයි එරා මල්ලියයි ඉතින් ඇවරියවත්තේ පබ්ලික් බෝක්කුව ගාවට සෙට් උනේ අපත සන්ගමයේ මහ සභා රැස්වීමටනේ. සිප්පියා සුන්දරී පාත්තරේ සමාවෙන්න න්‍යය පත්තරේ  අතේ තියාගෙන වට පිට බලනවා. කවුරුත් නැ වගේ හැබැයි සභපති විදියට ඌ නම් අපත සOගමයේ ඕනම කුනු ගොඩක් එකෙන්ම අදිනවා. ගන පූරනය මදි. (ඝන පූරනය කියන්නේ කෝරම් එක හරිය )
සිප්පියා පැනි මූනට කතා කලේ ඝනපූරනය සපුර ගන්ඩ. හෙලෝ පැනි මූන කිව්වා විතරයි. එහා කොනින් අනේ මගේ කුක්කු පැටියා උම්මා ඔයා මාව බලන්න එනවද? කීයටද සුදූ ඇයි මට ...... නොකලේ පැනි මූනලාගේ ආච්චි ලොහ් ලොහ් කියකිය කියනවා. ආච්චි හිතලා තියෙන්නේ ආච්චිගේ පරන ලවු එක සීයා කියලා. හනේ අම්මපා පරන ලව එහෙම කියපු සිප්පියා පෝන් එක කට් කලා.
එක පාරටම සද්දයක්
සරස් බරස් සර බරස් සස් සස්
සරස් බරස් සර බරස් සස් සස්
දෙරන තුල තුඹසයා_ තුඹස තුල නාගයා
විසඝොර සර්පයා    _ දැක නෑර මෝඩයා

සැ:යු :- ඉතිරි කොටස ලබන සතියට..............