Friday, January 20, 2012

කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...අත්දුටු ක්‍රම 10 ක්


කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...
කෙල්ලෝ කීවහම හිතේ ඇදෙන්නේ ලාමක සූකිරි ලද බොලද, මනෝහර ලාමක ටින් ටින් එකකටනේ හැබැයි ඒ අසූව දශකයේ බුල්ටෝ එකක් ගැන කරපු ලාමක නිර්වචනයක් කියලා හිතෙන්නේ, අලුත් පරම්පරාවේ රියල් ගල් ටික් කෑලි දිහා බලනකොටනේ. දැන් කෙල්ලෝ ඔය ඕන ජිල් බෝලෙකට ඔට්ටුයි.. මෑත අතීතයේ සOක්‍යාලේකන පරිශීලනය කරද්දි වැඩිපුරම බූට් දීලා දිරාමාර්  වෙලා තියෙන්නේ කෙල්ලෝ. ඉතින් අද හිතුවා කොහොමද කෙල්ලෙක්ගේ හිත දිනා ගන්නේ කියලා කියලා දෙන්න. මෙය අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි වැර දුනොත් මුදල් ආපසු...

(01) උපතින්ම කෙල්ලෝ බයයි. ඒගොල්ලන්ට හැම තිස්සෙම රැකවරනය කියන එක අවශ්‍යයි. ඒ නිසා ඔබ හොද  රැකවලෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබේ පෙම්වතියට ඔබ හොද රැකවලෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබේ පෙම්වතියට ඔබ හොද රැකවරනයක් දෙන්න උත්සාහ කලොත් ඈ ඔබව විස්වාස කරාවී..
(02) කෙල්ලෙකුට ආදරය කරද්දි හැම තිස්සෙම බලන්න ඇය ගැන උනන්දු වෙනවා කියලා පෙන්නන්න, විශේෂයෙන්ම ඔබේ පෙම්වතිය හෝ ඔබ ඇයගෙන් වෙන්ව පිට පලාතක වාසය කරනවා නම් ඒක ගෑනු ලමයට තදින්ම බලපානවා. එම නිසා හැම විටම උත්සාහ කරන්න වචනයෙන් සOග්‍රහ කරන්න. ඔයා කෑවද, ඔයාට පාලුද, අද සතුටින්ද කියන වචන කීපයකි පුලුවන් ඇයට ඔබේ ආදරය ප්‍රකාෂ කරන්න.
(03) ඔබ වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න අද ඔයා විනාඩි 5 ක් පරක්කුයි, කියන කාරනය උනත් ඇති ඔබේ සබදතාව පලුදු කරන්න, හැබැයි මේ කාරනය කෙල්ලන්ට නම් වලන්ගු නෑ මොකද කෙල්ලෝ කරන හැම සුකුරුත්තමකටම කාලය ගත වෙන නිසා.
(04) කෙල්ලෙක් සමග සාප්පු සවාරි යනවා කියන එක ඇත්තටම කොල්ලෙකුට ලොකු හිසරදයක්. ඒ මුදල් නිසාම නෙමේ කෙල්ලෝ උපතින්ම තෝරනවා කියන එක කරන නිස. ඒ ගොල්ලන්ට රු 250/= ඇදුමක් ගන්න ගියත් පැය 4ක් 5ක් ගතවෙන නිසා ඒ කෙල්ලන්ගේ හැටි ඔබට මේ අත්දැකීම ඉවසිය නොහැකි නම් ඇය සමග සාප්පු සවාරි යාම කාරුනිකව ප්‍රතිෂේප කරන්න...
(05) කොල්ලෝ කැමතියි තෑගි දෙනවට වඩා තෑගි ලබන්න ඒක නිසා මාසකට වරක් වත් පොඩි තෑග්ගක් දෙන්න අමතක කරන්න එපා. ඒක පොඩි චොක්ලට් එකක් මලක්, හෝ වෙනත් කුඩා දෙයක් වෙන්න පුලුවන් හැබැයි ඒ පොඩි දේ ඔබ ගැන ඇයට ලොකු ආදරයක් ඇති කරාවි
(06) හැම විටම ඔබ හොද අසන්නෙක් වෙන්න උත්සාහ කරන්න. මේ කාරනයෙදි ඔබට හොද ඉවසීමක් අවශ්‍ය වෙනවා මොකද ගෑනු ලමයින්ට තියන ප්‍රශ්න පිරිමි ලමයින්ට වගේ නෙමේ සමහර වෙලාවට ඒක ඇගේ යෙහෙලියගේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ඔබ එයට පිලිතුරු දී විසදන්න උත්සාහ කරන්න එය ඔබේ පෙම්වතිය සතුටට පත් කරාවි
(07) ඔබේ පෙම්වතිය ඉදිරියේදි හෝ පිටතදී වෙනත් ගෑනු කෙනෙකු දෙස බැලීම පෙම්වතියට පිහියෙන් අනිනවා වගේ වැඩක්. ඒම කිසිම විටක වැරදිලාවත් එහෙම කරන්න එපා මොකද ගෑනු කොහොමත් ඉරිසියයිනේ..
(08) ඔබ ප්‍රිය සම්භාශනයකට හරි වෙනත් විශේෂ අවස්ථාවකට පෙම්වතිය සමග සහභාගි වෙනවා නම් එතනදි ඇයට ගොඩක් ගරු කරන්න වෙනවා මොකද පිරිසක් ඉදිරියේ ගරු සම්මාන ලබන්න ගෑනු උදවිය හරි කැමතියි..හැමවිටම ඇයගේ කැමත්ත අකමැත්ත විමසන්න අමතක කරන්න එපා
(09) ඔබගේ පෙම්වතිය ඉදිරියේ ඔබ වෙන අගනුන්ගේ ගුන දොස් දක්වන්න එපා ඇයගේ ගුන දොස් උනත් කාරුනිකව පැහැදිලි කිරීම හොද සම්බන්දතාවකට හේතු වේවී
(10) අද ඔයා ලස්සනයි, මේ ඇදුමට ඔයා හැඩයි වගේ විතරක් නෙමෙ ආදර බර වචන කීපයකට පුලුවන් ඔබේ සබද තාව තව අලුත් කරන්න. හැම විටම උත්සාහ කරන්න ආදර බර වදනයකින් ඇයව කුල්මත් කරන්න ඇය ඔබට සදහටම ආදරය කරාවි කොන්දේසි රහිතව.
මේ ටික කරලත් ඔබට ඇයව සතුටු කල නොහැකි නම් ඔබ වෙන අතක් බලා ගන්න ඇය හා විවාවවීම වදක භාර්‍යාවක් හා පවුල් කෑම හා සමානයි. එසේ නොවන ඔබට තෙරුවන් සරනයි


සැ.යු:-
යාලුවනේ මගේ වෙබ් එකටත් ගූගල් ඇඩ්සෙන්ස් ලැබුනා.. ඉතින් මම ගොඩක් කල් ට්‍රයි කරලා තමයි වෙබ් එකට ඇඩ්ස් දා ගත්තේ කොහොම හරි ඒකත් ගොඩ ගියා ඔය ගොල්ලන්ට ඔන්න මට දැන් උදවු කරන්න වෙනවා

පහත තියන ලින්ක් එක ක්ලික් කරලා මගේ වෙබ් එකට ගිහිල්ලා මයි ඇඩ්ස් කියන තැන තියන ඇඩ්වර්ටීස්මන්ට් එකක් ක්ලික් කරලා මටත් උදවු කරන්න


http://faceact.blogspot.com/


ස්තුතියි..
නුවන් සම්පත් කුමාර

Thursday, January 19, 2012

අම්මේ මට ප්‍රව්‍රති නිවෙදනයක් නිකුත්කරන්ට ඔනේ..ගෑනු මට එපා කියලා


පහුගිය සතිය පුරාම ගෙදරට වෙලා වැල් ගස් ලබු ගහේ කොම්බුට්ටෝ ගැන ගැන ඉන්න කොට තමයි පත්තර ම්ල්ලිගේ ගන්ටාරේ ටිලිO ..ටිලිO ..ගැවේ මේ මීමින්නත් නැට්ට වනාගෙන එන්නෙම ගානට මනෝපාරකත එන්ටර් වෙනකොටමනේ පත්තර මල්ලිගේ අම්මිලැ ඇත්තෝ අප්පිලැ ඇත්තෝ විතරක් නෙමේ කිරි අප්පිලෑ ඇත්තනුත් මතක් කොරලා ගුනේ අය්යා නැගිට්ටා පාන්ඩුකම්බල සයිලාසනයෙන් පත්තරේ ගන්ට කියලා.

පත්තර මල්ලී: ආ..... ගුනේ අය්යා අද මොනපත්තරේද? ඕනේ (අනේ අම්මපා ඉතින් අද පත්තරේ නැතුව ගිය සුමානේ පත්තරේ ගන්ඩද? මුගේ ටිලිO ටිලිO ගාන ගන්ටාරෙන්ම දෙන්න හිතෙනවා පොල්වලක් හෑරෙන්න..ගුනේ අය්යා කිව්වා නෙමේ හිතුවා..)
ගුනේ: මට දෙන්න මල්ලි තරුනයා..
පත්තර මල්ලී: ගුනේ අය්යා තවම බලන්නේ තරුනයාද දැන් හැට පැනගෙන හොටත් බිම ඇනීගෙන එනවා නේද?
මූටත් ඔන නැති තල් අලයක් නෑ ගහන්න හිතෙනවා මුගේ බොල්ලෑව පීරි ගෑවිලා ඔන්ද ස්පොට් සෙත්ත පෝච්චි වෙලා මක බෑවිලා යන්නනරක සමනලයා වල් සලබයා ගුනේ අය්යා කිව්වා නෙමේ ආයෙත් හිතුවා

කොහොම කොහොම හරි පත්තරේ අරගෙන හෙඩ් ලයින්, ඇඩ් ලයින් කියවගෙන යනවා තියන ඒවලට උර්දවපතනය වෙලා අයෙත් සුලුදියත් චාජ් වෙනවා

 නීච කුල ස්ත්‍රි පුරුෂ වශී ගුරුකම් අවශ්‍යයි
 බොරුනම් පොලිසි යන්න සති දෙකෙන් ඉන්ග්‍රීසි
 අසරන සරන ට්‍රවල්ස්
 යුග දිවියට නවෝදයක්
 අඩු මුදලට (O/L)(A/L) පාස් කර දෙනු ලැබේ
 වැඩ පලේ සිම් එකෙන් ස්ව‍යo රැකියාවක් කරගන්නේ මෙහෙමයි

 නාසා ආයතනයෙන් පරිඝනක පාඨමාලා හදාරන්න
මෙකී නොකී ඇඩ්වටිස්මන්ට් පරිෂීලනය කරන කොට තියනවා මෙන්න මOගල යෝජනා රෙදි නැතුව ගුනේ අය්යටත් හිතුනා මOගල යෝජනාවක කනවැන්දුම් කෑල්ලකට හරි ලවු කරන්න

මෙන්න යෝජනාව
දකුනේ බොදු කුබල් වයස නොපෙනෙන උස අඩි 2' අගල් 8" අගනුවර සමාගමක සේවය කරයි. සුදු නැතත් පැහැපත්ය. පලමු විවාහය අසාර්ථක නැගනියට සුදුසු වල්ලබයකු 64 හැවිරිදි වැන්දබු අක්කා සොයයි. (නොමිලේ ආහාර ඉදුම් හිටුම් දීමනා සැපයේ )
ඔන මගුලක් වෙන්න බදිනවා, මේක බැදලා හරි ලවු කොරන්න බැරියෑයි.
ඒ දවස්වල නම් ගුනේ අය්යගේ සිකුරා නලලේ කරීනා කපුර්වත් වැඩ කලා දැන් නලල පිහ දාලම සිකුරා නලලෙන් වැටිලා, මෙහෙම පරිනත මොලෙන් කල්පනා කරපු ගුනේ අයියත් දැම්මා ඇප්ලිකේෂන් දහයක්ම ඕන කෙහුරක් වෙන්න කියලා.

සතියයි ගියේ මෙන්න ලියුමක් එනවා මOගල යෝජනාව සම්බන්දවයි කියලා. ඔය වගේ ලියුම් කඩන්න බයයිනේ කතා කලා පැනි මූනටත් දැන් දෙන්න එකතුවෙලා කුලුදුල් මOගල ලියුම කඩනවා ආසාවේ බෑ...

ඈබොල වාමනයෝ මගේ ගෑනිට ම්Oගල යෝජනා ගෙන්න තේ කවුද ..තොගෙ ලබු ගෙඩි දෙක කුඩු කරලා ඉබ්බන්ට කන්න දෙනවා තෝ දන්නේ නෑ මම කවුද කියලා තෝ මගේ ගෑනිට ආය ලියුම් ලියලා තිබුනොත් තෝව මරලා රජයේ අනුමත සුසාන බූමියක කරෝල කරනවා විතරක් නෙමේ තව ගෙඩක් කැත කතා ලියලා තිබුනා ගුනේට විතරක් නෙමේ පැනි මූනටත් සුලු දිය චාජ් උනා සරමෙම මදෑ රෙදි නැතුව හනිමුන් ගියා
බලද්දි මේ ගෑනිගේ පරන මිනිහා ආය සෙට් වෙලානේ ....හුට පරින්නO


සැ.යු:- 
යාලුවනේ මගේ වෙබ් එකටත් ගූගල් ඇඩ්සෙන්ස් ලැබුනා.. ඉතින් මම ගොඩක් කල් ට්‍රයි කරලා තමයි වෙබ් එකට ඇඩ්ස් දා ගත්තේ කොහොම හරි ඒකත් ගොඩ ගියා ඔය ගොල්ලන්ට ඔන්න මට දැන් උදවු කරන්න වෙනවා

පහත තියන ලින්ක් එක ක්ලික් කරලා මගේ වෙබ් එකට ගිහිල්ලා මයි ඇඩ්ස් කියන තැන තියන ඇඩ්වර්ටීස්මන්ට් එකක් ක්ලික් කරලා මටත් උදවු කරන්න


http://faceact.blogspot.com/

ස්තුතියි..
නුවන් සම්පත් කුමාර

Sunday, January 15, 2012

ශක්‍ර දෙවියෝ චන්දෙට වැඩ...





එක් දවසකැ ගුනේ අය්ය රාත්‍රි කාලයේ සීමහල් කවුලුවෙහි හුදකලාව හැසිරෙන්නේ‍යැ. සලකුනු නොදැන යන පොරවල් දෙකක් දැක...
තොපි කවරෙහිද????!!!! හුදකලාව මේ මැදියම් රැයෙහි කොහි යෙහිදැයි ගුනේ අය්යා ඇසීය. ඉක්බිතිව රාත්‍රියෙහි සන්චාරය කරන මුන් ඩබල තුස්නිම්බූතව ගොස් එම්බා නර පනුව අපි ගුනේ සොයා දෙව්ලොව සිත ආවෙමු යයි තෙපලීය. තවද මා මාතලී වන්නෙමි. මේ දෙදෙව්ලොවට අදිපති ශක්‍ර දේවෝත්තමයා යයි ගාම්ඹීර ලීලාවෙන් පැවසීය.
තොප සොයන ගුනේ නම් මම වෙමි කවර අබිප්ප්‍රයක් සදහා මා කරා ආවුද? ගුනේ අය්යාද දේව භාෂවෙන්ම දෙවි ඩබලට ටෝකක් දුන්නා ඈ
කාරනය නම් මෙය වෙයි තාගේ ගුනේ අය්යාගේ සාටරය දෙව්ලොව අනෙක් නාලිකා අභිබවා ජනප්‍රියවී ඇත්තේයැ.. සුදොවුම් සබාවේ බොහෝ බිනුම් ඇත්තේයැ..මාගේ ශක්‍ර පැටියාගේ සිට ..සතර වරම් දෙවිවරු දක්වා තොපගේ සාටරයෙන් කුල්මත්වී ඇති අතර මාද ඉදහිට තොපගේ සාටරය හොරෙන් බලමි.
එබැවින් කාරනය නම් මෙයැ වේ මා ඉදිරී සයවසර සදහාද ශක්‍ර පදවිය සදහා නාම යෝජනා බාර දුනිමි. එබැවින් ඉදිරි චන්ද ව්‍යපාරය සදහා ඇඩ් එකක් දමා ගැනීමට ආමී....ශක්‍ර තොමේ පැවසීය.
මම ඔය දේෂපාලන ඇඩ් දාන්නේ නැහැ..ගුනේ අය්යා තදින් කීවේය...
ශක්‍ර තොමෝද ගුනේ අය්යාට දන්ඩ නමස්කාරය කරමින් හඩමින් වලප්පමින් පෙරැත්ත කල නිසා ඇඩ් එක දැමීමට තීරනය කලේය.
ඉතින් ඔන්න ඇඩ් එක ක්ලික් කරලා ශක්‍ර දෙය්යන්ටත් සපෝට් එකක් දෙන්න හොදද.....(පවු අහින්සකයා පින් ඉවර වෙලාද කොහෙද?)
මෙන්න ඇඩ් එක
…………………………………………………………………………………………….
සියලු දෙනාගේම දැන ගැනීම පිනිසයි
ගරු සතර වරම් දෙවිවරුනි, මහේශක්‍ය දෙවිවරුනි, දෙවිවරුනි, නරපනුවනි....
දෙදෙව් ලොවට අදිපති ශක්‍ර දේවෙන්ද්‍රයානන් වහන්සේ ඉදිරී මැතිවරනය සදහා ශක්‍ර පදවිය සදහා නාම යෝජනා භාරදී ඇති අතර පසුගිය සය වසර පුරා ඔහු තවුතිසා බවන බ්‍රහ්ම ලෝකයක තත්වයට පත් කිරීමට කටයුතු කර ඇත.
ඔහුගේ  පාලන කලය තුල කල කී කටයුතු සැකෙවින් මෙසේය
01. දෙවිවරුන්ගේ යහපත වෙනුවෙන් කිරි මුහුද දෙවරක් කැලඹවීම
02. සුර අසුර යුද්දයේදී අසුරයන් පරාජයකොට දෙවුලොවට සාමය උදාකර දීම.
03. කල්ප වෘක්ෂ 1000ක් දෙවුලොව පුරා රෝපනය කිරීම.
04. සුරබිදෙන ජාන තාක්ෂනය තුලින් දෙමුහුන් කිරීම.
05. Etc ........
මෙම නිසා ඉදිරි මැතිවරනයේදී සුරබි දෙන ඉදිරියේ කතිරය ගසා ශක්‍රයාට සපෝට් එකක් දෙන්න.
ස්තුතියි...
මෙයට ශක්‍ර දෙවියෝ (LLB, ACA, MAAT, දේව බන්දු, දේව ශක්ති )
…………………………………………………………………………………………….
සැ.යු:- 


යාලුවනේ මගේ වෙබ් එකටත් ගූගල් ඇඩ්සෙන්ස් ලැබුනා.. ඉතින් මම ගොඩක් කල් ට්‍රයි කරලා තමයි වෙබ් එකට ඇඩ්ස් දා ගත්තේ කොහොම හරි ඒකත් ගොඩ ගියා ඔය ගොල්ලන්ට ඔන්න මට දැන් උදවු කරන්න වෙනවා

පහත තියන ලින්ක් එක ක්ලික් කරලා මගේ වෙබ් එකට ගිහිල්ලා මයි ඇඩ්ස් කියන තැන තියන ඇඩ්වර්ටීස්මන්ට් එකක් ක්ලික් කරලා මටත් උදවු කරන්න


http://faceact.blogspot.com/


ස්තුතියි..
නුවන් සම්පත් කුමාර