Sunday, June 12, 2011

ගුනෙ අය්යාගෙ කිරි කොස් ඉස්ටුව....

මේක ගුනෙ අය්ය වැඩියෙන්ම ආසා කරන් කෑමක්. ඔය ගොල්ලන්ගේ රස වින්දනය වෙනුවන් ගුනෙ අය්යා කෑම වට්ටෝරුව මේ පොස්ට් එකෙන් එලිදක් වන්න හිතුවා. හදලා බලන්න රසවත් වගේම ගුනවත් කෑමක් .
අවශ්ය දැ....
01. ලොකු කොස් ගෙඩි 12 හෝ 13 ක්.
02. හීනියට කපාගත් අබ ස්වල්පයක්...
03. තුනපහ  ස්වල්පයක්...
04. මිරිස් කුඩු පොල් කටු හැන්දක් පමන...
05. සුදු ලූනු බික් දෙකක්...
06. කුරුදු ගස් දෙකක පොතු...
07. තම්බා ගත් කොස් කටු ( අවශ්ය නම් කොස් ඇට පොතු සමග )_
08. හතරට පලා ගත් ලූනූ ගෙඩි 25 ක්...
09. ගම් මිරිස් වැල් කබලි කිහිපයක්..
10. කෝන් ප්ල්වර් මේස හැන්දක්...
සාදා ගන්නා ආකාරය.....
කපාගත් කොස් කහ සමග මීශ්රකර වන්ඩුවේ බැද තම්බා ගන්න. සුදු ලූනු බික් දෙකද, කුරුදු පොතුද, හතරට පලා ගත් ලූනූ ගෙඩි 25, පොඩි තාච්චියට දමා තෙම්පරාදු කරගන්න. කෝන් ප්ලවර් හැන්ද වතුර දමා දියකර තෙල් තාච්චියට දමන්න. ඉන්පසු වන්ඩුවෙ දමා තම්බාගත් කොස් ටික තාච්චියට දමන්න. විනාඩි 25 ක් තද ගින්නේ ලා කලු පැහැ වනතෙක් හින්දන්න. නිවෙන්නට පෙර ලුනු දමා පිලිගන්වන්න.
සැ.යු :-
ගුනේ අය්යා වෙජිටෙරියන් කෙනෙක් නිසා තමයි මෙහෙම හැදුවෙ මස් මාලූ කන අය ගෙම්බෙක්, මැස්සෙක්, දියනයෙක්, කැරපොත්තෙක්, නීල කොබෙය්යෙක්, සුවද රස වැඩි වෙන්න උරුලෑවෙක් එහෙම දාගත්තට කමක් නැහැ..  


පුද්ගලිකයි රහසිගතයි..
ගුනේ අය්යාගේ පියා ලන්කාවේ නම ගිය සුප වේදියෙක්. එම නිසා බැරි වෙලාවත් මේ වට්ටෝරුව ගුනේ අය්යාගෙ පියාට අහු වෙන්න නම් තියන්න එපා. ඒක ගුනේ අය්යගේ පේටන්ට් අය්තියට අතිශය හානිකර වේවි. (පියාට හැර අනිත් ඕන එකෙකුට Copy Right Not Reserved) 

No comments: