Wednesday, June 29, 2011

බලද්දි මේ යකා ජොකෙක් දාලා ඉදලා නැහැනෙ....

බූරුවා ගහන එක ලන්කාවේ තියන ජන(අප්‍රියම ) ක්‍රිඩාවක්නේ ඉතින්.මේ කතාව බූරු ගහපු අපේ uncle කෙනෙක් ගැන. අපේ එරියල් එකේ ඉන්න බූරු රජා තමයි මෙයා. හරි අහින්සක විදියට උපරිම සාදාරන විදියට තමයි බූරු ගැහුවෙ. බූරු ගැහීම කියන්නේ ඉතින් ලන්කාවේ පනතකින් නීතීගත කරපු, බවුද්ද අබවුද්ද ජාති බේද ආගම් බේද මුකුත් නැති සිරා ක්‍රිඩාවක්නෙ.ආගිය කතා පැත්තකින් තියලා කතාව අහමුකෝ ඉතින්. අනේ ඉතින් වෙනදා වගේම සෙට් එක එකතු කරගත්තු අපේ මේ Uncle  බූරුවා බූරු ගහන්න පටන් ගත්තා. හැබයි ඉතින් ආරක්සාවටත් පියවර අරන් තිබුනේ. වැඩේ ජයටම යනවා. සද්ද බද්ද නැති පොලීසියත් මේ අතර වඩේට එන්ටර් උනේ පගාව ගන්න අදහසින් නම් නෙමේ. කොහොම කොහොම හරි එකෙක් දෙන්නෙක්ව ආන්ඩුවෙ බෝඩිමට යවන්න. රාලහාමිලා, දෙතුන් දෙනෙක්ව කුදලාගත්තෙ කිසිම අනුකම්පාවක් නැතුව, කෙසේ වෙතත් අපේ කතානයකයා නම් පන එපා කියලා කම්බි වැටවල්, බඩවැටි, බෝවිටි , මෙකී නොකී වනදුර්ග ගිරිදුර්ග පසුකරමින් නියම රනක් දුන්නා. බැරිම තැන ගෙදරකට පැන්නේ හැන්ගෙන්න බලාගෙන අපොයි ගෙදර ගෑනි ටැන්කිය පුරෝගෙන නාන්න හැදුවා විතරයි. බූරු අන්කල්ට ගනදෙවි නුවන පහල උනා.  මෙන්න බූරු අන්කල් සරම පන්නලා නාගෙන නාගෙන යනවා. හරියට අවුරුදු ගානකින් නානවා වගේ ගෙදර ගෑනි බය වෙලා කෑගැහුවෙ නැතැ. බුදු අම්මෝ??!! කියලා. බලද්දි මේ යකා ජොකෙක් දාලා ඉදලා නැහැනෙ ඉතින් තුන් සූත්‍රයම එලියෙ. කාට කියන්නද වැරදි දෙකයි බූරු ගැසීම, ගැනුන්ට...........පෙන්නීම මාස ගානක් කූඩුවේ හිටියා කියලා තමයි අරන්ච් උනේ.

4 comments:

පන්සල් හංදිය said...

ඔය ගිය අවුරුද්දෙ පච ගුනේ බූරු ගහන්න ගිහිල්ලා වෙච්ච සිද්ධිය නේද, අර මාස හතරක් ඇතුලෙ ඉඳල ආවෙ .........

නුවන් සම්පත් කුමාර-Sampath Kumara said...

අඩේ තුන් සූත්‍රයම එලියේ දාගෙන නෑවමත් ඩඩ ගහනවද බොලේ. කොහොමහරි අරූ මාට්ටු නේ

මධුරංග has left a new comment on your post "බලද්දි මේ යකා ජොකෙක් දාලා ඉදලා නැහැනෙ....":

චාටර් කොල්ලා said...

හුටා...ඕක උබේ අත්දැකීම් ලේබලයට කැටගරයිz කොරාපන් :))

prasanna86k said...

අමතක වෙන්න ඇතිබං. ඊටත් අරගෑනි මොකට කෑගහනවද?හරියට නිකං හප්පෙක් දැක්කමයි වගේනේ බං.