Wednesday, June 8, 2011

අල්ලපු ගෙදර වොෂින් මැෂින් එක......

පහුගිය දවස්වල අල්ලපු ගෙදර හෝදනවා,.... ගුනෙ අය්යත් ට්කක් ඔලුව දැම්මා. 
ආ............ නදීර මල්ලි කාට හරි බඩ ගිහිල්ලාද??!!!
නදීර මල්ලිත් කීචෝක් හිනාවක් දැම්මා....
අනේ ඌ ඇබරෙනවා. නෑ අය්යෙ මම වොෂින් මැෂින් එකක් ගේන්න යන්නෙ...
අර කන්ග්‍රජුලේෂන්ද මොකක්ද කියන්නෙ ගුනේ අය්යත් තමුන්ගේ උපරිම ඉන්ග්‍රිසි දැනුම පවිච්චි කරල නදීර මල්ලිට සුබ පැතුවා. විතරක් නෙමෙ ගේ හෝදන්න, පොලිෂ් කරන්න පොඩි සහයෝගයකුත් දුන්නා.
මෙහෙම කියන ගමන්



"තනිකඩO ජීවිතO බයන්කාරO
  ඩබලO ජීවිතO අලන්කාරO"


ඉතින් නදීර මල්ලිගේ දවසත් උදාඋනා. ගෙදර මකර තොරනක් ගහලා. තැන් තැන් වල කූඩරම් ගහලා. අඩියෙන් අඩියට මල් වඩම්  දාලා සරසලා. හරියට දිව‍ය ලෝකෙට හෙන ගහලා වගේ බලන්න බැ සිරියාව.
බෙර කාරයෝ,. නැට්ටුවෝ,. හේවිසිකරයෝ,. නලා කාරයෝ මෙකී නොකී සබ්බ සකල වරිගයෙන්ම පිරිවරා ගත්ත නදීර මල්ලිත් වේරම්බ වාතයක් හබාගෙන යනවා වගේ තමුන්ගේ පාද පරිචරිකාවත් සමග මාර දූවරුත් පිරිවරා ගෙන (ආ..... Sorry .....කියන්න බැරි උනානේ මල් වඩමකුත් අතේ තිබුනා  ) ගෙදරට ගොඩ උනා.
සාදු..සාදු..සාදු..
ඉතින් එකත් ජයසිරි මOගලම් කිව්වලු...

සැ.යු :-
රටෙ එවුන් කොච්චර බැන්දත් අපේ එවුන්ට ගානක් නැහැ...ගුනේ අය්යා ගෙදරට නාකි වෙනවා. එහෙම හිතපු ගුනේ අය්යා මෙහෙම හිතුවා......ප්‍රාර්ථනා පහක්....
              01. අපේ ගෙදරටත් වොෂින් මැෂින් එකක් ගේන්න මව්තුමියට ණෑනස පහල වෙත්වා
              02. අක්කාට සහ නoගීට  ගුනේ අය්යාගේ දුක දැනෙත්වා......
              03. මස්සිනාලාටත් උන්ගේ නoගිලාව බන්දවන්න හිතේවා.......
              04. අහල පහල අන්කල්ලා ඇන්ට්ලාටත් තමුන්ගේ දූවරු ගෙදරට නාකි නොකරත්වා....
              05. අඩුම තරමේ ෂානි නoගිට වත් ගුනේ අය්යා එක්ක පැනලා යන්න හිතේවා.... 

සාදු..සාදු..සාදු..

No comments: