Friday, July 15, 2011

පොලිස් කාරයෝ 35යි බැරියර් 5යි ආතල් 3යි විනාඩි 35 යි

දිනය  : 2011.07.09
වේලාව: 13.15
ස්ථානය: කොල්ලුපිටිය
කවදත් ඉතින් පැනි මූනයි සෙට් උනොත් අහක යන මයින පෑටියෙකුට හරි ආතල් එකක් දෙනවාමයි. ඉතින් මේ දවසෙත් එක හෙල්මටුවයි කොල්ලුපිටිය හන්දියේ සිට කටුනායක බලා දඩුමොනර යන්තරයෙන් යාත්‍ර කරන්නත් ඕන කම දෙන්නට තිබුනා. ගුනේ අය්යා කියන්නේ ඕනම අභියෝගයක් බාර ගන්න සැදී පැහැදී සිටින ආවදානම් කලමනාකරනය පිලිබදව පස්චාත් උපාධිදාරියෙක්. පැනි මූනත් දෙවෙනි නෑ ඔනම ගඩෝල් බාගයක් කාගෙන යන්න පුලුවන් එලකිරි වානරයෙක් තමයි.
ඉතින් සෙල්ෆ් ස්ටාට් බටන් එක එහෙම ඔබලා කකුලෙන් පැඩල් එකත් ගහලා කොහොම කොහොම හරි ස්ටාට් කරලා ගමන ආරබ්භ කලා විතරයි. කොල්ලුපිටිය හන්දිය. ගුනේ අය්යා පොලිසියෙන්??!!
පැනි මල්ලි බය නැතුව යo ගුනේ අයියත් කීචෝක් හිනාවක් දාලා තුන්වෙනි ජියර් එකට දැම්මා ඒ මරකෙනුත් පැන්නා. කොහොම කොහොම හරි කොම්පන්න වීදිය, රීගල් ,...... පහුකරන කොටත් තව අවoක පොලිස් නිලදාරීන් කීප දෙනෙක්ම පහු උනා.
ගුනේ අයියේ දැන් පොලිස් කාරයෝ 5යි බැරියර් 1යි. වරාය පැත්තට ගියේ ඇසල දන්සැල වෙනුවෙන් අවශ්‍ය කලමනා අරගන්න කියලා බඩු ටිකත් අරගෙන කඩෙන් එලියට බැස්සා විතරයි. පොලිස් මාමා කෙනෙක් එනවා නේද හොරා වගේ!!!
බැහැපන් පැනියෝ උබ හෙල්මට් එක දාගත්තේ නැද්ද ආ..... කියලා ඔලුවේ අත ගලා කාරනය වටහ ගත්තු පැනි මූනත් කඩේට දිව්වා හෙල්මට් එක බැරිවෙලානේ කියාගෙන (මුගෙත් රිලා මොලේ................) පොලිස් අoකලුත් කීචෝක් හිනාවක් දාලා යන්න ගියා අහින්සක අපි 6 වන පොලිස්පති තුමාගෙනුත් බේරුනා. කොහොම කොහොම හරි තව පොලිස් බුවාලා කීප දෙනෙක්ම පහුකරේ හෙල්මට් නැතුව යන්නේ අපි නෙමේ වගේ. ඔහොම ඔහොම වත්තල හන්දියට සෙට් උනේ සුද්දෝ හදපු අතුරු පාරවල් වලට පින් සිද්ධ වෙන්න. ජොඩුව වත්තල හන්දියට ජොයින්ට් උනා විතරයි. මලා හුටා.........පොලිස් කාරයො දෙන්නයි. පාර මැද්දේ එකයි. පාර අයිනේ තව එකයි. දැන් ඉතින් බස් අoකල් කෙනෙක්ගෙ පිහිට තමයිo. බස් බස් කියලා බසි එක පිටිපස්සෙන් ජියර් එකයි ඇස්ලරේටරෙයි තදින් අල්ල ගෙන පැනියෝ උබ තදින් අල්ල ගනින් කියලා ගුනේ අය්යා හිතට දහිරිය අරගෙන බස් දෙය්යන්ගේ පිහිටෙන් ඒ මාරකෙනුත් පැන්නා අයියෝ තවම පොලිස්කාරයෝ 20යි බැරියර් 2‍යි නේ  පැනි මූනා කයිය කෙලිනවා ගුනේ අය්යා එතනදි නම් ටිකක් විතර රත් උනා. නැවැත්තුවා නම් උර්දවපතනය වෙන්නත් තිබුනා. කොහොම  කොහොම හරි රාගම කදාන පහුකරගෙන අපි යනවා රජ ගමනේ පැනියා ගනිනවා 21, 22 , 23, ..25...30 යකෝ වරද්දන්න එපා. තෝ ඉන්ජිනියර් කෙනෙක් නේද? එකවුන්ටන් කෙනෙක් වෙච්ච ගුනේ අය්යාත් වරින් වර තමුන්ගේ ගනිත දැනුම පාවිච්චි කරලා වරින් වර පැනි මූනව නිවැරදි කලා (මේ ගමන ගියත් නැතත් අපි පොලිසියට අහු උනත් නැතත් හරියට ගනින්න එපැයි. නැත්තම් මේක බලන බුවාලා හිතයි අපි ගනින්නවත් දන්නෑ කියලා නේද? ) කොහොම කොහොම හරි ජාඇල පහු කරා විතරයි ගුනේ අයියේ දැන් පොලිස් 34යි බැරියර් 4යි පැනි මූනා වෙඩින් එකක් කතා කරනවා මම එපැයි අහු උනොත් දඩ ගෙවන්න කොහොම නමුත් දැන් අපේ එරියල් එක දන්නවා ඇතිනේ අපේ එරියල් එකේ පොලිස් කාරයෝ, නීතීක්නයෝ,ඩොක්ටර්ස්ලා දේෂපාලක්නයෝ ඉතින් ඔක්කොම අපිනේ කිසි බයක් හැකක් නැතුව සීදූව පහු කරා දැන් 34යි බැරියර් 4යි පැනි මූනා ගනිනවා පැනි මූනට චූන් වෙලා අන්තිම බැරියර් එක කටුනායක 18 කනුව දැන් නම් වැඩ වරදින්න යන්නේ දෙපත්ත බැලුවා බස් දෙයියෙක් වත් නෑ පැනී මූනා කෑ ගහනවා අඩෝ පුලුවන්නම් අල්ලපන් මට හෙල්මට් නෑ කියලා.
මේක දැක්ක පොලිස් අOකලුත් ලස්සනට ගස්සලා පද්දලා විසිල් එක ගැහුවා.  පීප්.... පීප්...කියලා.
 (නොදෝමකින් හිකනලා, බූරුවා, ගොනා, අහිකුන්ටකයා, බෝදිලිමා, මයිනා, ඇට ගෙම්බා, හොට දිග පිලිහුඩුවා ගුනේ අය්යා එහෙම කිව්වෙ නෑ හැබැයි හිතුවා)
ඩබලම බයිසිකලෙන් බැස්සා. කෝ තොගේ හෙල්මට් එක පොලිස් අOකලුත් දන්න සුද්ද සින්හල විතරක් නෙමේ හින්දි, ජමන් , ජපන්, වගේ නොදන්න හැම භාශාවකම ව්‍යකරන හොදට හැසිරුවේ හරියට භාෂා වියතෙක් වගේ. දැන් මොකද කරන්නේ ගුනේ අයියට ඝන දෙවි නුවන පහල උනා. සර් මූ පිස්සෙක් මගදි මට කෝල් එකක් ආවා මූ පැනලා ගියා කියලා. මම මේ බය්සිකලේ දාගෙන එනවා. සොරි සර් කියලා බොරුවට ගෙදරට කෝල් එකක් ගත්තා තාත්තේ මම මල්ලිව අල්ල ගත්තා. අපිව පොලිසියෙන් අල්ල ගත්ත හෙල්මට් නැතුව ටික වෙලාවක් පොඩි CFL ටියුබ් ලයිට් එකක් පත්තු කර කර හිටපු පැනි මූනත් තාත්තේ මේ යකා මට යන්න දෙන්නේ නෑ කියලා අඩන්න පටන් ගත්තේ නැතෑ හොටු පෙරා ගෙන පොලිස් අOකලුත් තමුන්ගේ වැරැද්ද නිවැරදි කරගෙන පුතාලා පරිස්සමට යන්න කියලා පැනි මූනගේ පිටටත් තට්ටු කලා ..... හොදේ.  ඒ මාරකෙනුත් පැන්නා මූ තවම ගනිනවා ගුනේ අය්යේ පොලිස් කාරයෝ 35යි බැරියර් 5යි ආතල් 3යි විනාඩි 35 යි. අපි ගෙදර, බය්සිකලේ නවත්තන්න හම්බ උනේ නැහැ සුදු වෑන් එකක සුදු පොතක් අරගත්ත සුද්දෙක් සමග ලෝකල් බුවාලා කීප දෙනෙක් බැස්සා.???
මල්ලී අපි උබලව ෆලෝ කලා. උබලානම් සුපිරි කොල්ලෝ දෙන්නෙක් අපි තීරනය කලා උබලව ගිනස් පොතට ගෙනියන්න කියලා අපේ පින්තූර ටිකක් අරගෙන අපිව ඉන්ටවිව් කලා නේද!!!!!
දැන් ඉතින් පලකෝ ඇමරිකා බලාන්ඩකෝ අපිට දෙන ආතල් වැරදි වැඩක් කරලවත් සැනසිල්ලේ ඉන්ඩ බැරි හැටි

3 comments:

www.ceylonlanka.info said...

යකෝ හෙල්මට් තියෙන්නේ උබලගේ අරක්ශාවටනේ

Unknown said...

හරි බන් ඉතින් එක නම් තියෙන්නේ මොනා කරන්නද?

Diamond said...

maxa kollo dennek ne ban dapan jinas pothata