Wednesday, July 13, 2011

පැනි මූනා සමග පැනි සවුන්ඩ්ස්




මොකුන්ද අම්මේ සත්තු ජාතියක්
කොපි පොත් ටික ඔක්කොම කාලා
මොනුන්ද අම්මේ ඒවා කන්නේ
කොපි පොත් සේරම හිල් කරලා

පුතා දන්නේ නෑ වැඩ නැති කාලෙට
පුන්චි සත්තු හරි වැඩ කරතෙ
ලොකු ගුල්ලන් පෙම් කතා කියද්දී
පොඩි ගුල්ලන් කොපි පොත් ගිලිතී

එහේ බැලුවත් හිල් මෙහේ බැලුවත් හීල්
මට නැහැ මොකවත් තේරෙන්නේ
කාවෝ කෑවද ගුල්ලෝ ගැහුවද
කවුරුද ඒවට වින කෙරුවේ

පාසල් යනකොට ආපසු එනකොට
කෑලි කෑලි විසි වෙනවනෙ දරුවෝ
කාවොත් වැරදියි වේයොත් වැරදියි
කෝවා කෙරෙන්නෙත් හොර පාරේ

කාවෝ විතරද ගුල්ලෝ විතරද
මේ පොත් වල හිල් කර යන්නේ
පොත්වල ඇතුලේ මේවා කෙරෙන බව
උන්ගේ දෙමව්පියො නැතිවද දන්නේ

නෑ මගේ සූකිරි පුන්චි පුතේ නැහැ
ගුල්ලන් ඔහොමයි තරුන වියේ
මවි පිය වරු නිතරම සෙව්වත්
ඕවා කෙරෙන්නේ හොර රහසේ

පද රචනය : නන්ද එල්ලාවල ජින රතන හිමි
ගායනය    : ගුනේ අය්යා සමග ශාලිකා නදී සිරිතුoග
සoගීතය    : පැනි මූනා සමග පැනි සවුන්ඩ්ස් වාදක මන්ඩලය

1 comments:

sameera said...
පට්ටයි ඈ ........ , කොමෙන්ට් නොකර කොහොමද ?

2 comments:

``` Outsider``` said...

නියමයි ගීතය නියමයි...

Anonymous said...

niyamai!