Friday, July 29, 2011

අනේ මලේ මම එක එක ජාතියේ මේකවල් නම් දැකලා තියනවා හැබැයි ඔය රාමු කරපු එකක් දැක්කමයි.


අපේ ගමේ ටිකක් විතර වයසක බුවෙක් හිටියා. ජාතක කතාවම පොතක ලියලා තියන ඉතාම වටිනා කියන සුනක පෝතක රාජයෙක් ඇති කලා. ඉතින් ගමේ මහ උජාරුවට මේ බුවා බල්ලවත් අරගෙන උදේට හවහට ජොගින් එහෙම කලා. මේ බලු නාම්බගේ නම තමයි. මේකර් (Meker) ඉතින් දවසක් මේ බ්ල්ලෝ දෙන්නා ගියා ගගට නාන්ට කියලා. මේකර්ව නාවපු අපේ බුවා එයාව වේලෙන්න පැත්තකින් තියලා. ඔක්කොම ඉවත් කරලා පැන්නා (පැකින් කඩලා උපන් ඇදුම පිටින්) ජබොo ගාලා පැන්නේ නැතෑ ගගට මේ වැඩෙන් කුලප්පු වෙච්ච මේකරුත් පන එපා කියලා. දිව්වේ නැතෑ ආතක් පාතක් නොබලා ගම හතර වටේම. දැන් ඉතින් ස්වාමියට මල බලු නාම්බා දුවනවා. ස්වාමි බුවත් දඩින් බිඩින් ගාලා තුවාය පටය පටලෝ ගෙන බල්ලා පස්සේ පන්නනවා. අනේ ඉතින් ටික දුරක් යනකොට මේ අoකල් බුවගේ තුවාය පටය ලිහුනා මේක නොදන්න බුවත් මේක මේක කියකිය දුවනවා බල්ලා පස්සේ ඔහොම දුවන කොට කෙල්ලෝ සෙට් එකකට මැදි උන බුවා අoකල් අනේ දුවාලා මගේ මේක දැක්කද? කියලා ඇහුවලු. කෙල්ලේ සෙටි එක අoකල්ට කුඩ, ඉලපත්, මල්ටි බැරල්, පාරවල් කීපයක් දීලා සලකලා තියෙනවා අපිට මේකා මේක පෙන්නන්න ආවා කියලා. මුසලය, හිවලා, ඇට ගෙම්බා, ගොලු බෙල්ලා, තිලාපියා, හකු දිග රිලා මොටා කියලා කියන ගමන්..) කාරනය වටහා ගත්තු අoකල් බුවා කාරනය තෙරුම් අරගෙන ලග පාත තිබුන බේසමකින් වටිනා කියන දේවල් කවර් කරගෙන ආය දිව්වා මේකර්ව හොය හොය.(වටිනා බල්ලනේ ඉතින්) ඔහොම යනකොට මෙන්න ඉස්සර හට එනවා වයසක පහේ ගෑනු කෙනෙක් හතිදාගෙන ආපු බුවත් මේ ගෑනු කෙනා දිහා බලලා අනේ සිරිපිනා අක්කේ ඔබතුමියවත් දැක්කද මගේ මේක කියලා ඇහුවලු. උඩ ඉදලා පහලට දෙතුන් විඩක් මේ විජ්ජුම්බරය බලපු සිරිපිනා හාමිත් අනේ මලේ මම එක එක ජාතියේ මේකවල් නම් දැකලා තියනවා හැබැයි ඔය රාමු කරපු එකක් දැක්කමයි.
බැලින්නම් බේසමේ රවුම විතරයි මැද තිබිලා නෑ. මේ බුවට ගුනේ අය්යලා තවම කියන්නේ රාමු කරපු මේක කියලා

4 comments:

Anonymous said...

kello set eka gahuwe gune aiyatada ubatada

Unknown said...

එම්බල මෝඝ පුරුෂය ...ගුනේ අය්යා වැදගතෙක් බව තා නොදන්නෙහිද?

Blogger said...

ඔය කතාව කලින් අහලා තියෙනවනෙ? මේ ලඟදිත් බ්ලොග් එකක කියෙව්වා.. ගුණේ අයියා සම්බන්ධ කරගන් නැතුව කතාව ලියුවා නම් තමයි ලස්සන..

Anonymous said...

එසේය නුවන් කුමරැනි මම එය නොදත්තෙමි මාගේ අතින් වරදක් වූවානම් සමාව දුන මැනව.