Monday, July 4, 2011

අපේ උන්ගෙ හක්කේ බුදුරැස් බොක්කෙ දඩමස්....

   05.ඌරු මසුයි කේකුයි...
මේකත් ඉතින් අපේ කාලකන්නි අපත වල්බුරු හිවල් සෙට් එක කරපු වැදගත් වැඩක් තමයි. අපේ උන්ට කැම කිව්වොත් මැරෙනවා. කුබියාගෙ ඉදලා අලියා දක්වා ඔනම මසක් උන් ගිලින්නෙ උන්ගෙ ඇටකටුවත් අයින් නොකර. අපේ උන්ගෙ හක්කේ බුදුරැස් බොක්කෙ දඩමස් කතාව අහන්නකො ඉතින්, ට්‍රිප් ගිහාම අපේ උන් නාගන්නව ඇරෙන්ඩ වෙන වැඩක් නැහැ. කැම කන්න ඉස්සර පොඩි ෂොට් එකක් දාගත්තෙ ඇගේ හිරිගතිය යන්නත් එක්කලු. කොහොම කොහොම හරි කට්ටිය කඩෙකට ගොඩ උනේ බමන මතින් පොඩි පොඩි කබරයි පැටව්ත් එක්කලු. මෙහෙම ගිය කට්ටියගෙ නඩේ ගුරා මෙහෙම කිව්වලු
නඩේ ගුරා : මුදලාලීඊඊ.... අපිට කෑම ගේන්න.
මුදලාලි     : කෑම නැහැ මස් හොදි විතරයි තියෙන්නෙ
නඩේ ගුරා :ගේනවා.. ගේනවා.. 

මස් තිබුනට ඉතින් නිකන් කන්නයැ පානුත් ගේන්න එක කිව්වෙ විජිත අය්යා.
මුදලාලි     : පාන් නැහැ.....
කියලා කට ගන්න හම්බුනෙ නැ එහෙනම් කේක් ගේනවා එහෙම කිව්වෙ නඩේ ගුරාලු.

කොහොම කොහොම හරි මෙයාලා ඌරු මසුයි කේකුයි කෑවෙ සුර් පිටලු. කාලා එලියට ආවා විතරයි කක්කල් කැස්ස, ගල පටලය, උර්දවපතනය, ඔස්ටියෝ පොරොසිස්, මී උන වැනි මෙකි නොකි සර්වාන්ග ගත සියලු රෝග වලට නිට්ටාවම සුවය ලැබුනා කියලා තමයි අරන්චි.නොමිලේ බාගත වන බහිස්‍රවිය ද්‍රවය බූගත කරගැනීමේ ප්‍රෂ්න පවා ඇති උනා කියලා තමයි තතු දත් ආරන්චි මාර්ග පවසන්නේ.       

2 comments:

..ChAnDiKa.. said...
:D :D :D :D
චාටර් කොල්ලා said...
ලොල්ය ලොලේ ලොල් ය :)))

No comments: