Friday, July 15, 2011

රීප්ප බාලා දෙයි -

මේ කතාවත් අපේම ඈයෙක් ගුනේ අයියට දුන්න රියල්ම ගේමක්. පොර හරීම ලැදියාවක් දක්වපු දෙයක් තමයි අර රට බීම  සෝඩා එහෙම දාලා බොන්නේ දන්නවා ඇතිනේ ඉතින් සින්හලෙන්ම කියනවනම් අඩියක් ගැහුවොත් ඕනම රීප්ප  බාලා දෙයි (තේරෙන්නෙ ඇතිනෙ නේද?) ඉතාම සුවච කීකරු බුවෙක් තමයි බීපු වෙලාවට අනුන්ගේ බහිස්‍රාවිය වලක් හරි තමුන්ගේ වගේ ඉහලා දෙයි. දවසක් ඉතින් බුවා ගියා මගුල් පාටියකට දෙකක් තුනක් නෙමේ හතරක් පහක්ම නවා ගත්තු මේ මූසලයා දැන් වැනෙනවා ඔලුව සාක්කුවෙ කද තව අහක බුවාට ටිකක් වැදිලා වගේ. දන්න සින්දු ඔක්කොම විතරක් නෙමේ අපි නොදන්න කැත කතා ගොඩාරියක් කියාගෙන කියාගෙන යනවා. (ඊයා හරී නරකයි ) ඒ අතර සමහරුන්ගේ ජාතක කතා (ඒ අයගේ සැබෑ දෙමව්පියන් වගේ දේවලුත් තිබුනා) ඉතින් මේ කතා වලින් මගුල් ගෙදරට වෙන හානිය දැන ගත්ත ගුනේ අය්යා ඩොoකියා සමග ගියා මෙයාව ගෙදර ඇරලවන්න පවුනේ ඉතින් පොඩි ඈයන්ට ඔය වගේ වැඩ කරපුහාම උතුර දකුන මාරු වෙනවනේ. කොහොම කොහොම හරි මහත් පරිශ්‍රමයක් දරලා පොලිස් අOකල්ලගෙනුත් බේරිලා ගෙදරට ගෙනාවා කියමුකෝ. මෙන්න බොලේ යාලුවගේ මායියා කෑල්ල තඩි මෝල් ගහකුයි අලවoගුවකුයි උදැල්ලකුයි අරගෙන (හරි තමයි අද මුව මරලා වලලනවා බලන්න ගෑනුන්ගේ හැටි තමුන්ගේ මිනිහව මරලා වලලන්න තරම් බීම වැරද්දක්ද? ) ගුනේ අය්යා හිතලා නoගි මූව ගෙට දාලා දෙහි ටිකක් අතුල්ලන්න කියලා කිව්වා. මේ මල යකින්න කිව්වෙ නැතෑ තොපි මූව ගෙනිච්චෙ නැත්නම් මම තොපිව මරලා වල දානවා...........( ඩෝo..පටෝo, චර බරස්.... ඩොoකියාට දුන්නා නේද මේ මේ අර මෝල් ගහෙන්ද කොහෙද ) දැන් ඉතින් මොනා කරන්නද හනිකට යාලුවව පටෝගෙන අපි පන එපා කියලා දිව්වා. දැන් මොකද කරන්නේ මග හිටියොත් පාටි නෑ ගෙදර ගියොත් පොලු පාර ගුනේ අය්යා කල්පනා කරා. හරි ඩොoකියෝ ඔන්න ඕකව අල්ලපන් කියලා යාලුකම පැත්තකින් තියපු අපි යාලුවව පාර අයිනේ නිදි කරලා පාටියට අපි ගියා හරිය. ඉතින් මෙයත් එහාට මෙහාට එහෙම කැරකිලා කානුවටත් වැටිලා බලු කිස් විතරක් නෙමේ. බල්ලෝ කකුල් උස්සලා කරන ආචාර සමාචාර වලටත් මූන දෙන්න සිද්ධ උනා තමා කියලා කියන්නේ..   

 

1 comment:

Diamond said...

paw wada karanna epa ban