Tuesday, August 9, 2011

පියානනි ඔබට නිවන් සුව.....

ඔබ සෙවනේ ආදරය විදිමින් සදාකාලිකවම අපට ජීවත් වෙන්නට බැරී යථාර්තය අපට පසක් කරමින් ඔබතුමා අපෙන් වෙන් උනා (ඒ 01.08.2011 දින ). මේ සOසාරය නැමැති කතරේ ඔබ අපට සෙවනැල්ලක් මෙන් පසුපසම සිටිමින්  ලෝකය විවරනය කරන්නට අපට මහා අත්වැලක් උනා. මිනිසුන් විදියට ලෝකේ හැමෝම අත වැරදි ඇති බවත් වැරදි අඩුපාඩු සකස් කරගෙන එක්ව ප්‍රෂ්න වලට මුහුන දියයුතු බව අපට ඔබ හැමදාම පසක් කරලා දුන්නා. හරිම සැහැල්ලුවෙන් වගේම ධෙර‍යයෙන් ජීවිතයට මුහුන දිය යුතු බව අපට වටහා දුන්න ඔබතුමා එයා ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුවා. ඒවගේම ඔබගේ සාමාජ සම්බන්දකම් ගැන සාක්කි කිවුවේ අවමගුලට සහභාගී උන පිරිස ඒ අයගේ මුවින් පිටවුනේ ජයේ අය්යා හරිම නිවිච්ච මනුස්සය කියන වචන ටික. ඉතින් පියානනි අපට නැවත හමු වෙන්න බැරි විදියට කුරිරු දයිවය අපිව වෙන්කරලා ඉවරයි. මේ ලෝකේ මායාවක්, රැවටීමක්, බොරුවක් කියන කාරනය අපට අන්තිම වතාවට පැහැදිලි කරලා දුන්න ඔබතුමාගේ වැඩ කටයුතු ඉදිරියට සාර්ථකව කරගෙන යන්න හිතනවා. පියානනි ඔබතුමා අප වෙනුවෙන් පැතූ ලෝකය තව තවත් සුන්දර කලා ලස්සන කලා. අපිට ඔබ ආඩම්බරයක් මගේ බුදු තාත්තේ...

ඉතින් ඔබට නිවන් සුව පතමි......


5 comments:

sameera said...

ඔබේ පියා ගේ මරනය ස්ම්භන්දව අපගේ කණගාටුව .

නුවන් සම්පත් කුමාර-Sampath Kumara said...

නොහිතපු වෙලාවක නොහිතපු විධියකට තාත්තා අපිව දාලා ගියා......

MADUKA virajith perera said...

ඔබගේ පියාට නිවන් සුව පතමි

නාකියා said...

හෙනම අන්දොස් ගියා බං පොස්ට් එක දැකලා. මොනවා කරන්නද නේද? වෙලාව ආවහම හැම කෙනාටම යන්න වෙනවා. ඒකනෙ ස්වභා ධර්මය...
"ජයේගෙ කොල්ලා" කියලා ගමම උජාරුවෙන් උඹ ගැන කතා කරන දවසක් උඹට හදන්න පූළුවන් නම් ඒක තමා තාත්තා වෙනුවෙන් උඹට කරන්න ඉතිරි වෙලා තියෙන එකම දේ. හිත හදාගෙන ඒ ටාගට් එක පනින්න බලහන්.. (තාත්තා උඹෙන් බලාපොරොත්තු වුන එකම දේත් ඒකම වෙන්න ඇති සමහරවිට..)

මාත් උඹේ ආදරණීය තාත්තට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා!!!

හිම කුමාරි said...

ඔබගේ පියාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!!!