Tuesday, August 16, 2011

මේ මාවවත් බැදපන්කෝ මටත් ලොකු දෑවැද්දක් තියනවා...



H.W. පොඩිහාමිනේ
නො:672/72
"මැණිකක්"
ලුනු මිදෙල්ල ගහ පාර
කටුනායක.

....සදරේනු පත්‍රයේ31.05.2012 දිනැති මOගල යෝජනාව සම්බන්ධවයි.....

අප බස්නාහිර පලාතේ බොදු ගොවි වැඩිහිටි කෙල්ලන් දෙදෙනෙකු සහ මදාවි කොල්ලකුගෙන් සමන්විත පවුලකි.

පියා                 : වසර 30 ට අධික කාලයක් රා මදින්නන්ගේ ස0ගමයේ පයිලට් තනතුරක් දරන අතර  හවසට හැලිවලන් බිදීම පිලිබදව මනා හැකියාව ඇත්තෙක්.

මව                       : හැකර කටීලගේ සOගමයේ පුර්න කාලීන ක්‍රියාකාරි සාමජිකවකි. ගෘහනියකි. 

වැඩිමහල් දියනිය: කැලනිය විශ්ව විද්‍යාලයේ අගර  දගර පිලිබද උපාධිදාරිනියකි. දැනට ව්‍යාපාරිකයකු සමග විවාහවී වෙන්ව සිටී ටිකක් කටකරය.

බාල දියනිය         : කැලනිය විශ්ව විද්‍යාලයේ උපාධිදාරිනියකි එහි විවහය ස්ම්බන්ධ මනෝ වෙය්ද්ය වරියක ලෙස කතයුතු කරයි. රජයේ ගුරුවරයෙකු හා විවාහවී වෙන්ව සිටී.

යෝජිත පුතු      : පවුලේ එකම පිරිමි දරුවාය. නම MR. K.R.N. PACHA GUNE. අයතා සම්බන්ධතා කීපයක්ම ගෙදරට මාට්ටු ඌවත්  තවම පලමු වරට විවහවී නොමැත.  වරලත් ගනන් කරයන්ගේ  සOගමයේ   අවසන් අධියර සමත්ව අගනුවර පිලිගත් ආයතනයක ගණOකාරයකු ලෙස සේවය කරයි. සුරා සූදුවෙන් තොර නිහතමානී කාරුණික දරුවකුවන ඔහු සිගරට් අරක්කු හොරෙන්වත් නොබොන්නෙකි. හරී විනීත දරුවකු වන අතර හොරයින්, ගන්ජා, අබින් පිලිබද ඉහල දැනුමක් ඇත්තෙකි. නවීන මෝටර් රථයක් ආදායම් ලබන ව්‍යාපාරික තේක්ක ඉඩමක්ද ඔහුට දෑවැදි වශයෙන් දීමට අදහස් කර ඇත,  වයඹ, දකුන යන පලාත් වල දේපල ඔහුට හිමි නැතත් ඇත.
 
අතර අප සොයනුයේද ගුන යහපත්කම් වලින් පිරිපුන් යහපත් දියනියකි. කොල්ලෙක් අතින් අල්ලාවත් නැති නිකලැල් ස්වීට් චූටි කෑල්ලකි. වැන්දඹු වුවද කම් නැත. දරුවන් අවුරුදු 18 ට වැඩි නම් කලින් පුරුෂයාගේ චරිත සහතිකයක් සමග ඔබේ දුවගේ කේන්දර පිටපත සමග විමසන්න.  මේ පිලිබද ඔබ සෑහීමකට පත් වන්නේ නම් පිලිතුරු සැපයීම අගය කොට සලකමි.

මෙයට විශ්වසී


………………….
පුතුගේ මව
H.W. පොඩිහාමිනේ

දු.ක: 011-1111011
රාත්‍රි 7.32 පසු කතා කරන්න..

10 comments:

anil_lasantha said...

නියමයි ආහ්

සාතන් said...

මගේම කියල නංගියෙක් හිටියනම් අනිව උඹට බන්දල දෙනව... මොනා වුනත් ඇත්ත කියන පවුලක්නෙ...

Unknown said...

අඩෙ එහෙම උනා නම් කොච්චර ආඩන්බරද? මම බැදලා ඉන්නේ සාතන්ගේ නOගිව කියලා කිව්වැහැකි....

නදී said...

හෙහෙ මරු

පිලේ පැදුර said...

උඹට එන අදහස් නං මාරයි බං.
දිගටම ලියාගෙන පලයං.

Weni said...

ඉක්මනින්ම ගුන යහපත් කතක් ලැබේවා !

Anonymous said...

මේ ඕනෙම නම් එකක් හොයලා දෙන්නම්

දේව් ගේ අඩවිය said...

ඔය වරලතේ පලවෙනි පාර මම එකවුන්ට් ඩවුන්නේ මේ සෙප් කරන්න ඕනා.. කලින් මැත්ස් කරපු මට ඕක ටිකක් කරගන්න එක අවුල් වගේ ගුනේ අය්යේ.. බැරිද පොඩි හෙල්පක් දෙන්න

Unknown said...

දේවෝ උබ කලින් AAT කරපන් ක්ලාස් යන්න එපා නිකන් විභාගේ කොරපන් එතකොට එකවුන්ට්ස් අමාරු නෑ.

නැත්තම් ACCOUNTS අමරු නැ කියල හිතපන් කොකටත් හිතනෙ බන්. .

උබට ජය පතමි

BLOG ගඩොල් said...

හික් හික්!! සිරාවට ලියලා තියෙනවා