Monday, August 29, 2011

කුනු ගෝනි ලාබයි

කුනු ගෝනි ලාබයි
මේ කතාව අපේ බුවාලා දෙන්නෙක් තවත් අපේ බුවෙකුට කරපු වැඩක්. ඉතින් දන්නවනේ කොල්ලෝ වෙච්චහම කරන හුරතල් වැඩ හරී හුරතල් හරී ස්වීට් වැඩ කරලා නොදන්නවා වගේ ඉන්නවා. ඉතින් අපේ බුවාලා දෙන්නෙක් ගෙදර තියන කුනු ටික එකතු කරලා ගෝනියකට දැම්මේ රාත්‍රි කාලයේ කාගේ හරි ගෙදරකට ගිහින් දාන්නනේ, දන්නවා ඇතිනේ කොලු කාලෙට කරන වැඩ. ඉතින් මේ බුවා තව යාලු බුවෙකුත් එක්ක ගිහින් හිමින් සීරුවේ මේ කුනු ගෝනිය දැම්මා ප්‍රදීප් ලෑ ගෙදර. පස්ස නොබලා දුවපු මෙයාලා හිමින් සීරුවේ ගෙදරට ගොහින් මේලෝ හසරක් දන්නේ නැති රට හාවෝ දෙන්නෙක් වගේ දොය්ය ගත්තේ වගේ වගක් නැතුව. ප්‍රදීපයත් සර සර ගාන සද්දයක් ඇහිලා ඒලියට ඇවිත් බලන කොට අනේ කුනු ගද ගහන තෑගි පාර්සලයක් ගේ දොරකඩ. ගෙනාපු ඈයන්ගේ අම්මලා තාත්තලා විතරක් නෙමේ කිරි අප්පලා කිරි මවුන්ලා මතක් කරපු ප්‍රදීපයත් මේකට මොකද කරන්නේ කියලා කල්පනා කලා. ඌටත් ඉතින් යාලුවෝ ඉන්නවනේ. ටිකක් වෙලා කල්පනා කරපු මෙයත් තීරනයක් ගත්තා මේක සුරක්ෂිතව තැම්පත් කරන්න ඕන තැන මෙහෙම හිතලා. කුනු ගෝනියත් අරගෙන ගියා යාලුවෙකුගේ ගෙදර හිමීට ඒක තැම්පත් කරලා බලු කරදරේ මැද්දෙ හීන් සීරුවේ ගෙදර ඇවිත් සැපසේ දොය්ය ගත්තා.
ඉතින් අනිත් දවසේ උදේ ඇහැරලා නිදි ගැට එහෙම හැරලා ගෙදර ඉස්සරහට ආපු පලවෙනි බුවා ගේ දොරකඩ ගහලා තියන කුනු ගොඩ දැකලා හරියට සතුටු උනාලු තමුන් දැම්ම කුනු එක තමුන්ව ආය හොයාගෙන ආවම කාටද සතුටු නැත්තේ නේද? කොහොම හරි අපේ බුවාට කුනා කියලා නමකුත් වැටුනා යාලුවා නිසා.  

2 comments:

අරුණ හෙට්ටිආරච්චි said...

කළකම් පලදේ කියන්නේ ඕකට තමා

අරුණ හෙට්ටිආරච්චි said...
This comment has been removed by the author.