Thursday, September 1, 2011

පරිවාස කාලයකට යටත්ව ලවු ලෙටර් නිකුත් කරනු ලැබේ..

ලවු ලෙටර්....

බත් නැති රැයේදී..
නො: 152/12
නයා ගීය වත්ත
කටුනායක.

දයාබර ෂානි oගී වෙත.

2011.08.29 දින සිට ඔබ හා ආදරයෙන් බැදුනු බව සතුටින් දන්වා සිටිමි.

2011.08.24 වන දින පස්වරු 13.00 පැවැත්වූ රැස්වීමට ප්රකාරව මම ම්බට මාගේ පිවිතුරු ආදරය ප්රකාශ කිරීමට කැමැත්තෙමි. ත්වද එකගවූ පරිධි මාස හයක පරිවාස කාලයකට යටත්ව අපගේ ආදරය ගලා යනු ඇත. යම් හෙයකින් පරිවාස කාලය තුලදී අප දෙදෙනාගේ ගැලපීම් ප්රෂ්න මතු උවහොත් දෙපාර්ශවයේ කිසිදු අනුදැනුමකින් තොරව සම්බන්දය නතර කල හැකි බවද ආදරයෙන් ප්රකාශ කරමි. යම් හෙයකින් එසේ නොවුන හොත් ඔබට සම්බන්ධතා මැනවින් පාලනය හා කලමනාකරනය ගේදොර මනා පාලනය පිලිබද වැඩමුලු වලට සහභාගි වීමට සිදුවන අතර අවසානයේදි මාගේ ස්ථිර පෙම්වතිය ලෙස පත් කර ගැනීමටද බලාපොරොත්තු වෙමි. පරිවාස කාලය තුලදී අප දෙදෙනා විසින් තේ කෝපි සහ අනෙකුත් දෑ සදහා දරන වියදම් සමානව දැරිය යුතු අතර පසුව ඔබගේ දක්ශතා මත මාවෙත වැඩි කොටස පැවරිය හැක.
මේ පිලිබද ඔබගේ අදහස දින 30 ක් තුල ලියාපදින්චි තැපෑලෙන් දන්වා එවන මෙන් ඉල්ලා සිටිමි. ඔබ මේ පිලිබදව අදහස් නොදැක්වුවහොත් මා පූර්ව දැනුම් දීමකි තොරව වෙනතක් බලා ගන්නා බවද දන්වා සිටිමි. තවද ඔබ මේ පිලිබදව කැමැත්තක් නොදක්වන්නේ නම් මෙ අවස්ථාව ඔබේ අක්කාට ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි
මෙයට ව්ශ්වාසී


.............
(අවOක ආදර වන්තයා )
ගුනේ අය්යා

2 comments:

අරුණ හෙට්ටිආරච්චි said...

මෙ ඉස්සර පත්තරෙ ගිය පොඩි එකාගෙ ලියුමද?

Unknown said...

නෑ බO ඔක කොපියක් නෙමෙයි....
ගුනේ අය්යා