Monday, September 5, 2011

බූරු පුත්‍රයන්ගෙනුත් නොයෙක් ගල් මුල් එල්ල උනානේ.......


සදරේනු  පුවත් පත ගුනේ අය්යා සමග කල කතාබහ..

ගුනේ අය්යා කියන්නේ නවක පරපුර අතර ජනප්රිය බ්ලොග් කරුවෙක් අපි අද ඔහුව ඔබවෙත ගෙන ඒමට අදහස් කරනවා. සදරේනු පත්රයේ ඔපදූප කෝලම විශේෂාoගය මගින්.

*
මොනවද මේ දවස්වල ඔබ නිරතවෙලා ඉන්න කටයුතු?
මේ දිනවල වෙබ් සයිට් එක ලියනවා සහ ෂානි නoගී සමග තුන්වන කඩුල්ල ටෙලි නාට්යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා.

*ඔබේ උපන්දින උත්සවය පසුගිය දිනෙක ජයටම පැවැත්වුණා නේද?
ඔව්, ජුලි 31වැනිදා මගේ 21 වැනි උපන් දිනය යෙදිල තිබුණා. 21 වැනි උපන් දිනය හැම තරුණයකුටම් සුවිශේෂ උපන් දිනයක්නෙ. නිසා ටිකක් ලොකුවට සාදය සූදානම් කළා. කලා ක්ෂේත්රයේ මගේ හිතවතුන් හිතවතියන් වගේම මගේ පවුලේ උදවිය නැදෑයින් එකතු කරගෙන උපන් දින උත්සවය ගත්තා. ඒක තිබුණේ ගල්කිස්සේ බීච් හවුස් එකේ. මට ආදරය කරන මගේ ළඟින් හපා, සිප්පියා, පැනි මූනා, මාලුවා, චාටර් කොල්ලා, දේවා, සහ හිම කුමාරිත් සහභාගි උනා. අපි හැමෝම විනෝද වුණා. එදා මට හරිම සතුටු දවසක්.

*ඔබ කලා ක්ෂේත්රයට හැටි සිහිපත් කළොත්...?
ඇත්තටම මම කලා පවුලකට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. මම හිතන්නේ මම හරි වාසනාවන්තයි. මෙච්චර පොඩි වයසකදි මම ආපු දුර ගැන  මම මුලින්ම ලිව්වේ ප්‍රියා මෙරේ ප්‍රියා කියන කතාව. ඊට පස්සේ මම කතා ගොඩක් ලිව්වා. අද මට හරිම සතුටුයි මම මේ දක්වා කතා පනහක් ලියලා තියනවා. සමහරු බැන්නත් ගුනේ අය්යා කියන්නේ බ්ලොග් ලොව නමක් දිනා ගත්ත කොල්ලෙක් කියලා මට හිතෙනවා මට එතකොට සියුම් සතුටක් දැනෙනවා. ඊට පස්සේ මම ගොඩක් බ්ලොග් වලට කතා ලියන්න කියලා ආරාධනා ආවා නමුත් මගේ මුල් නිර්මාන වලට හානියක් නොවෙන්න මම ඉල්ලීම ප්රතික්ශේප කලා මොකද මුදල් නෙමේ මම හම්බ කරන්නේ මිනිස්සු නිසා. අද මම ගුනේ අය්යා විදියට නිහතමානීව සන්තෝස වෙනවා.

 *ඔබගේ බොහෝ නිර්මාන වලට අබියෝග වලට මුහුන දෙන්න උනා නේද?
ඇත්තෙන්ම ඔව්. ගෙදරින් වගේම බ්ලෙග් එක නරබන බූරු පුත්රයන්ගෙනුත් නොයෙක් ගල් මුල් එල්ල උනා නමුත් මම නොසැලී ඒවාට මුහුන දුන්නා අද මම සාර්ථක වෙලා ඉන්නවා.

*”අනේ මේ ෂානි මට උබේ ලවු එපා පුරුදු තනිකම හොදා..... ලිපියට ලැබෙන ප්රතිචාර කොහොම ?
‘”අනේ මේ ෂානි මට උබේ ලවු එපා පුරුදු තනිකම හොදා..... වෙනස්ම තේමාවක් සහිත ලිපියක්. ගොඩක් දෙනෙක් නරඹන බව මට ලැබෙන ප්රතිචාරවලින් පේනව.

*මොනවද ඔබේ පවුලේ තොරතුරු?
මට ඉන්නෙ නංගි කෙනෙක් සහ අක්කා කෙනෙක්. මගෙ තාත්තා ව්යාපාරිකයෙක්. අම්මයි තාත්තයි අක්කායි, නංගියි මමයි තමයි අපේ පවුල.

*ඔබේ අනාගත සහකාරිය ගැන සඳහන් කරන්න කැමති ?
තවම දෙමව්පියෝ හොයනවා. දැන්ම විවාහ වෙන්න නම් මගෙ අදහසක් නෑ . තවම මට අවුරුදු 21 ලැබුව විතරනෙ. තව අවුරුදු 4 කින් විතර අපේ විවාහය සිදු වේවි. විවාහයෙන් පසු මම ලිවීමෙන් ඉවත්වෙනවා. මම ලියනවට මම බදින කෙනා වැඩි කැමැත්තක් දක්වන එකක් නෑ

*ඔබේ විවේකය ගතවෙන්නෙ කොහොමද?
විශේෂ වැඩක් නැති වෙලාවට මම ගොඩක්ම කැමැති පවුලේ අය එක්ක කාලය ගත කරන්න. වගේම විවිධ රටවල නිපදවන ලද චිත්රපට නැරඹීමත් මගේ ප්රධානම විනෝදාංශයක්.

*විලාසිතා පිළිබඳ ඔබේ මතය කුමක් ?
විලාසිතා මගෙ ජීවිතයේ ප්රධානම අංගයක්. තරුණ වයසෙ අය විලාසිතා කිරීම වරදක් නැහැනෙ. තරුණ කාලෙ නැතිව මොන කාලෙ විලාසිතා කරන්න ? හැබැයි අපි විලාසිතා කරන්න ඕන තැනට ගැළපෙන විදියට.

*ආදරය ගැන ඔබට හිතෙන දේ...?
යමෙකු තව කෙනෙකුට ආදරය කරනවානම් ඒක අවබෝධයකින් යුතුවයි කරන්න ඕන. වගේම ආදරය සදාකල් පැවතීමට විශ්වාසය අවශ්යමයි. විශ්වාස තුළින් තමයි ආදරය නිසා දෙදෙනෙක් අතර ඇතිවන බැඳීම වැඩි වන්නේ.

5 comments:

ඉන්දික said...

හොඳයි හොඳයි ;)

අරුණ හෙට්ටිආරච්චි said...

ගුනේ අයියා බැන්දට පස්සේ ලියන එක නවත්තනවා කියන්නේ බදින්න කලින්ම වයිෆ්ට බය වෙලා වගේ

සාටර් said...

ඒක තමයි යකො මූ බදින්න අවුරුදු 4කටත් කල්යෙන් ගෑනිට බයවෙලා :O
ගුනේ අය්යගෙ තීම් එකේ ලෙඩක් ඇති හැඩයි..මයෙ එකේ ස්ලොව්.

Nishan de siva said...

ela

Unknown said...

මචෝ දන් නැද්ද ඔය එක එක නලු නිලියෝ කියන්නේ මම බැන්දහම රගපෑමෙන් අයින් වෙනව කියලා ඒ වගේ බොරුවක් තමයි ඕක මම ලියන එක නවත්තන්නේ නෑ බO